Katha Ahura

බඹර ඉසව්ව | 54 කොටස | නවකතාව

5/5 - (1 vote)

බඹර ඉසව්ව – 54 කොටස

විභූ එහෙමම හැරුනේ ආපහු යන්න ….
මන් එහෙමම දෙපාරක් නොහිතා ඒ පපුවේ මූන හැනුගුවේ ..මෙච්චර කල් පපුවේ ඇතුලේ වේදනා වින්ද දුක් අදෝනා ඒ පපුව උඩ දියාරු කරලා.

”ව්…භූ …..”
වචනයක් වත් ගලපගන්න බැරිතරමට මගේ හිත ගොලුවෙලා ….
හැලහොල්මනක් නැතුව විභූ හිටියේ හිතක් පපුවක් නැති කෙනෙක් වගේ …ඇයිද කියන්න තේරුමක් දන්නේ නැතුව මන් ඒ පපුවට තද වෙලා ඇඩුවා හොදටම
.නිසොල්මනේ හිටපු විභූ ලොකු හුසමක් අරගෙන මගේ හිස අතගාන්න පටන් ගත්තේ මොකද්දෝ ලොකු දෙයක් හිතේ හන්ගගෙන වගේ

”සුදු …නෝ…නා…අඩන්න එපා …ඔහොම ….”

මන් අඩද්දී විභූ ගේ ගාම්බීර හඩින් මට ඇහුනේ එහෙම … ඒපපුව හරි උනුසුම් … ආදරේ නොදැනෙනෙවා වගේ හිටියාට මොකද විභූගේ පපුව ආදරේ නිසා අතරමන් වෙලා වගේ … ඒ අතැගිලි මාව ස්සිරුවට ලන් කරගන්න හදනවා වගේ මට දැනුනා තේජසට හිටපු විභූ මන් ඉස්සරහ පහු බැහැලා වගේ ….

”ඇදගන්නකෝ මේක .. මන් එන්නම් ….”

එකපාරම එයා මාව එයාගේ පපුවෙන් මෑත් කරලා මට පැත්තක නමලා තිබ්බ සරමක් අතට දීලා කාමරෙන් පිට උනා

මට හිතාගන්න බැරිඋනා විභූ ඇයී එකපාරම මට සරමක් දීලා ගියේ ….. මන් ටික වෙලාවක් ඒ සරම මගේ නහයට තුරුල් කරගත්තා … විභූගෙන් එන ආවේනික විලවුන් සුවද … මගේ නහයට හොදටම දැනුනා …

මන් ඇදුම් උනා දාලා විභූ දුන්න සරම පපුවට උඩින් ඇදගත්තේ විභූ කාමරේට එන්න පොඩි වෙලාවකට කලින් …. විභූ කාමරේට ආවේ තුවායකුත් අතින් අරගෙන

”ඇදෙන් වාඩි වෙන්න … ”

මට විභූගෙන් ලැබුනේ විදානයක් … මගේ මූන දිහාවත් හරියට බලන්නේ නැතුව ඒ ඇස් මාව මගාරින්න හදනවා ..ඊටත් මන් ඉස්සරහ උනත් එයාගේ හැසිරිම වෙනසක් කරගන්න අකමැතී වගේ

මටත් දැනුනේ අමුතු ලැජ්ජාවක් ..ඒත් මට විභූ ඉස්සරහා මෙහෙම ඉන්න නුහුරක් තිබ්බත් විභූ මන් දිහා බැලුවේ නෑ … මන් විභූට ආයෙම විදානයක් නොදෙන්න ඉඩ දීලා ඇදේ වාඩි උනා …

එහෙමම එයා මගේ ලග බිම වාඩි උනේ මාව තවත් පුදුම කරලා … විභූ මේ මොනාටද ලෑස්ති වෙන්නෙ කියලා මට හිතාගන්න් බැරිඋනා ….
මන් විභූ දිහා බලන්න හදද්දී දැක්කේ …
දණහිසට වෙනකන් ම ඉදිමිලා තියෙන මගේ කකුල …

දෙයියනේ … වි …භූ

මට දැනුනේ දුකක් ..විභූ මෙච්ච්‍ර මන් ගැන හිතනවාද ….

”කෝ දෙන්න මෙහෙට කකුල …. ”

එයා අතින් අල්ලලා මගේ එක කකුලක් එයාගේ කලව උඩින් තියගන්න හදද්දී මන් කකුල පිටිපසට ගත්තා ..ඇත්තටම මට හිතට එකගව විභූගේ කලව උඩින් මගේ කකුල තියන්න ඉඩ දුන්නෙ නෑ මට…

”මාගේ තරහා අවුස්සන්නෙ නැතුව දෙන්න මෙහෙට ….”

විභූ තරහෙන් කෑගහද්දී ඇත්තමයී මට නිතරම වගේ මේ වෙලාවෙත් බය හිතුනා ..ඒ නිසා මන් දෙපාරක් නොහිතා එයාගේ ඉල්ලිම ඉශ්ට කලා …

සීරුවට උනුවතුර පොගවලා ගත්ත තුවායෙ විභූ මගේ කකුල තවද්දී මට දැනුනේ පුදුම සනීපයක්

ඇත්තටම මෙච්චර කකුල ඉදිමිලත් මට දැනුනෙවත් නැති එක කොහොමද විභූ දැක්කේ

ඒ ආදරේ මට දැනුනා ..උද්දච්ච හිතක තියන ආදරේ දැනෙනකොට හරී ලෝබ හිතුනා … මෙහෙම හරි ඒ ආදරේ දැනෙද්දී අම්න් කොච්චර වාසනාවන්තද කියලා මට හිතුනා ..ඒක වෙන්නැතී ආදරේ .
ලෝබ හිතෙන්නේ ඒ ආදරේට වෙන්නැති

මගේ ඇස් වලට ඉබේටම කදුලු ඉනුවේ ඒ නිසා … පුන්චි කාලේ ඉදන් නොලැබුන ආදරේ අද මට දැනෙන්න පටන් අරන් ..
ඒක ඒ නිසාමදෝ මන්දා මට දරාගන්න අපහසුයී ..
විභූ කිසිම ගානක් නැතුව මගේ කකුල තවන්නේ … පුරුදු කාරයෙක් වගේ …

ඇත්තටම තවද්දී මට දැනුනේ සියුම් වේදනාවක් ..ඒත් ඒක විභූට කියන්නවත් හිත දුන්නේ නෑ මට …

ටික වෙලාවක් මගේ කකුල තවපු විභූ භාජනයත් අරගෙන කාමරෙන් එලියට ගියේ … මුකුත් කියනේ නැතුවමයී ..

මට ඉකිගහලා ඇඩුනේ ඊට පස්සේ … ඇත්තටම විභූ කාමරේ නැති එක මට සහනයක්
හන්ගගෙන තියාගෙන් හිටපු ආදරේ මෙච්චරක් ද කියලාවත් හිතාගන්න බැරිත‍රම්…
නපුරු හිත ඇතුලෙ තියෙන ආදරේ මට මෙච්චර දෙන්න ලෝබ ඇයී … විභූ ආදරේ මට …

ඒ ඇස් වලට බෑ මට බොරු කරන්න ඒත් ඇයි මෙගෙම

මන් මූන අත් දෙකින් තද කරගෙන ඇඩුවා හොදටම

විභූගේ ආදරේ මට තවත් දරාගන්න බෑ අම්මා
… මන් ඉකිය තද කරගත්තේ … විභූට ඇහෙයී කියලා බයට …
කවදාවත් නොදැකපු අම්මට මන් හිතෙන් කිව්වේ මට සැනසීමක් වත් ලැබෙන්න කියලා

”අඩලා ඉවර නැද්ද දේදුනු …. ”

කල්පනාවක හිටපු මාව එකපාරම ගැස්සුනේ විභූගේ ස්පර්ශය එක්ක විභූගේ කටහඩ ඇහුන නිසා …

අ…නෙ….හ් ….

මන් එහෙමම විභූට තුරුල් උනේ විභූගේ මූනවත් බලන්නේ නැතුව ….

”ම…ට ඇත්ත … කියන්න…කෝ …..”

මන් විභූගේ පපුවට ගැහුවේ වේදනාවෙන්මයී …

විභූ ආයෙම නිශ්ශබ්දයී ….
මට ඒක දරාගන්න බෑ …මන් තවත් හයියෙන් විභූගේ පපෞවට ගැහුවේ මේක තවත් ඉවසන් ඉන්න මට හයියක් නැති නිසා ,…

”අඩපන් සුදූ … මට අඩන්න එපා කියන්න බෑ … උබේ හිතේ ඔච්චර දේවල් දරගන්න ඉඩ හදපු එකට මට සතුටුයී ..”

මට කේන්තියක් දැනුනේ .. මෙච්චර දුකක් දැනෙන්නේ මට දරුවා ඉන්නේ මගේ කුසේ … මේ අපි දෙන්නගෙම දරුවා … මේ ලෝකෙම එක්ක සටන් කරන්න ඕනේ මම …

”මන් විභූ දිහා බලන් හිටියේ කේන්තියෙන් … ආයෙම මන් එයාගෙ පපුවට ගැහුවේ වැරෙන්මයී ..ඒත් මන් ගහපු කිසිම පාරක් විභූට දැනුනේවත් නෑ වගේ ….

විභූ මන් දිහා එක එල්ලේ බලන් ඉද්දී මට දැනුනේ ලැජ්ජාවක් .. පපෞවට උඩින් නිරුවත් වෙලා තියෙන නිසා මට අපහසුතාවයක් දැනෙන්න ගත්තා විභූගේ බැල්ම එක්ක

මන් එහෙමම විභූගේ මූන මගෑරලා ඇදේ තිබ්බ මගේ ඇදුම මන් ඇගට දාගන්න හදද්දී විභූ මගේ අතින් අල්ලලා ඒක නැවැත්ටුවා …

එහෙමම අනිත් අතින් මාව එයාගේ මූනට හිටින්න හරවගත්තාට ..විභූ අමාරුවෙන් කෙල ගිලගන්නවත් බැරුව ඉන්නවා වගේ මන් දැක්කේ … ඊටත් වඩා ..මගේ මුලු ඇගම අඩපන වෙලා..ඒත් ාමාරුවෙන්ම බලාගෙන හිටියේ මට මූන හරවන්නවත් බැරි විදියට විභූට හිර වෙලා හිටපු නිසා

”ල…ස්…ස…න….යි”

ලාවට මගේ කනට ලන් කරලා එහෙම කිව්වම මන් දෑස් පියාගත්තා
මෙච්චර වෙලා හිතේ තිබ්බ කේන්තිය ඒ ඇස් අඩපන කරන්න හදනවා වගේ … මගේ ඇස් බර වෙන්න හැදුවේ

”ඇති…. එපා නවත්තන්න විභූ නවත්තන්න මගේ ජිවිතේ මේක … ” මට යන්න දෙන්න …”

මන් කෑගැහුවා …

”දේ…දුනු …නවත්තපන් ….”

එකපාරම විභූගේ අත මගේ කම්මුල ලගටම ඇවිත් නතර වුනේ හිතාගන්න වත් බැරිවෙද්දී …

මගේ ඇස් පිය උනා ..ඇස් වලින් කදුලු පැන්නේ මොකද්ද කියලාවත් හිතාගන්න බැරි උන නිසා …
මන් විභූගේ මූන දිහා හි පිල්ලමක්වත් නොගහ බලන් ඉද්දී

එහෙමම මගේ කම්මුල ලග නතර උන විභූගේ අත එයා ගසලා අරගෙන එකපාරම කාමරෙන් යන්න ගියා ….
මගේ හිතේ තිබ්බ කේන්තිය කොහෙදෝ ගිහින් … ජිවිතේ සැහැල්ලුවෙන් හිටපු මට මෙච්ච්‍රටම විදවන්න වෙයි කියලා මන් හිතුවේ නෑ … ඒත් මට විභූ එක්ක මේ කිසිම දේකට උත්තර හොයන්න අයිතියක් නැද්ද දෙයියනේ …

මන් අදින්න කියලා අතට ගත්ත ඇදුම අතේම හිර කරන් එහෙමම ඇදේ වාඩි උනේ මට මන් ගැනම ලොකු දුකකින් .

ඊලග කොටසට

පියුමි සේනාදි

11 thoughts on “බඹර ඉසව්ව | 54 කොටස | නවකතාව”

  1. කතාව ගොඩාරියක් ලස්සනයි අක්කි.???????තව කොටස් ගොඩක් තියේද. ඉක්මනට ඉවර කරන්න එපා.
    පරිස්සමින් ඉන්න. බුදු සරණයි

  2. Nadsha fernando

    දෙන්නා විවෘතව කතා කලා නම් හොඳයි නේ……??? රහස් රැක්කා මදැයි….. ????????❤❤❤❤?️?️?️?️

    1. අනෙ මන්දා දෙන්නා රන්ඩු කරගන්න එකමයි වැඩෙ. තෙරෙන්නෙ නෑ ඉස්සරහට මොනා වෙයිද කියලා .කතාව ගොඩක් සස්සනයි අක්කියො

  3. Chamodya Madusanki

    කතාව ගොඩක් ලස්සනයි අක්කියෝ??????අක්කියෝ??????
    අක්කියෝ??????
    බුදුසරණයි ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.