Katha Ahura

බඹර ඉසව්ව | 56 | නවකතාව

5/5 - (2 votes)

අදින් පස්සේ මටවත් විභූගෙන් ඈත් වෙලා ඉන්න බැරිවෙයී … මෙච්චර ආදරය දීලා මාව ආය තනි කරන්න එපා විභූ …

මන් හිතින්ම විභූගෙන් ආයාචනා කලේ …..

@@@@

මන් විභූගේ උනුහුමට වෙලා කොච්චර වෙලාවක් හිටියාද කියලා මට මතක නෑ …අවුරුර්දු ගානක පිපාසෙකින් හිටපු සතෙක් වගේ … මන් විභූ ලග හිටියේ ඒ ආදරේට ලෝබ කමේ …විභූගේ හැසිරීමත් ඒ වගේ කියලා මට දැනුනා … හිතේ තියෙන හැම හැගීමක්ම දෝරෙ ගලා යන්න නොදුන්නට … ආදරේ අඩුවක් මන් විභූගෙන් දැක්කේ නෑ ….

”දේදූ කන්න යමූ …. ”

විභූ මට කතා කලේ මන් විභූ ලග අතොරක් නැතුව උනුහුම හොයද්දී … ඇත්තමයී මට බඩගින්න් අහලකවත් නැ …ඒ උනාට මන්වෙනුවෙන් කෑවේ නැතත් අපේ දරු පැටියා බඩගින්නේ තියන්න හිත ඉඩ දුන්නෙ නෑ …
විභූ එක්කම ඇදෙන් නැගිට්ටේ කන්න යන්න හිතාගෙන …

“මහත්තයා … කෑම ලෑස්තී … ”

අපි එනවා දකිද්දීම සෝමේ මාමා කිව්වේ එහෙම
විභූ මගේ එක අතක් එයාගේ අතට තද කරගෙන ..මට ඒක නුහුරුයී වගේ .. ඒ උනාට ඒ ආඩම්බර මූන දිහා බලන් ඉන්න තියෙනවානම් කියලා හිතුන වාර අනන්තයී …
දවසින් දවස අපේ ජීව්ත ලස්සන වෙයී කියන බලාපොරොත්තුව මගේ හිත ඇතුලේ පැලපදියම් වෙන්න ගත්තා ..
මෙච්චර දවසක් නීතියෙන් අයිති නොවිච්ච අපි දෙන්න …
හෙට ඒ බැදීමෙනුත් අයිති වෙනවා කියලා දැනෙද්දී .. මගේ හිත පිරිලා ගියා ….

මොනා උනත් මේ ඉපදෙන්න බලන් ඉන්න දරු පැටියාට ඒ බැදීම ඒ විදියට ඕන …
අනාථ. කෙල්ලෙක් වෙච්ච මට ..
මගේ දරුවටත් එහෙම වෙන්න දෙන්න ඕනේ නෑ …

මන් විභූ ඉදගන්න ඇදලා දුන්න පුටුවේ වාඩි වුනේ .. එක අතක් කුසට තියාගෙන …

“මහත්තයාටම ගැලපෙන නෝනා ”

සෝමේ මාමා .. රෙදී කෑල්ලක් අරගෙන අත පිහදාන ගමන් ඒහ්ම කිව්වේ හිනාවෙලා …

“ඒ මොකද සෝමේ .. එහෙම කියන්නේ … ”

“නෑ ඉතින් මහත්තයත් ඉදලා ඉදලා එන හැමදවසම. දුවන් එන්නේ .මෙහෙම කන්න නේ ..
ඔන්න ඉතින් නෝනෙත් එහෙමනේ … ”

සෝමේ මාමා එහෙම කිව්වම මන් විභූ දිහා බැලුවේ හොරෙන් …
සමහර විට විභූ හිතන්න ඇති .. පුරුද්දට වගේ සෝමේ මාමා මෙහෙම හැදුවා කියලා ..
ඇත්තටම … විභූගේ රුචි අරුචි කම් දන්නේ නැති උනත් ..මාත් කැමතී ඉස්සරට වඩා හරී අමුතූ කෑම වලට …
ඒ ඇයී කියන්න මටවත් තේරුමක් තිබ්බේ නෑ ..
ඒ උනාට .. ඒත් මොකද්දෝ අහේතුවකට විභූගේ ආසම කෑම .. මගෙත් ආසම කෑම වෙලා …

ටිකක් වෙලා රැදුනු සෝමේ මාමා එතනින් යන්න ගියේ අපින්දෙන්නට නිදහසේ කන්න දීලා …

“සු…ද්..දී ….”

මන් බිම බලාගෙන ඉද්දී .. විභූ මගේ නිකටෙන් ඔසවලා එහෙම කතාකලේ .. විනාඩි කීපයක් අපි අතර කිසිම කතාවක් නැතුව ඉද්දී ….

“හ්ම්….”

“මන් හින්දාමද … මේ හැමදේම … ”

මගේ ඇස් දෙක දිහා බලාගෙන විභූ එහෙම අහනකෝට … ඇස් වලින් කදුලු පුරෝගෙන ..වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී. රැදුනා …

“දෙ….න්නා….ම ….”

මන් වචන එකතු කරලා එහෙම කිව්වම .. කෑම කන ගමන්ම විභූ මට බර වෙලා මගේ නලල සිප ගත්තේ ආදරෙන් …
එහෙමම ..මගේ පිගාන අතට අරගෙන .. මගේ පැත්තට හැරුන විභූ … මන් මෙච්චර වෙලා අත ගගා හිටපු කෑම් එහෙන් මගේ අත අයින් කරලා මට කවන්න ගත්තා … .

මන් ඒ මූන දිහා බලන් හිටියේ .. කව්ව්දාවත් .. මෙච්චර ආදරයක් වින්ද නැති මට …
ඒ දේවල් ඇස් පනාපිටම ලැබෙද්දී. දැනෙන සතුට දරාගන්න බැරුව

❤️

අලුත් දවසක් …
කාමරේට වැටුන එලිය එක්ක …
මම් එකපාරම ඇහැරුනේ … මුලු රෑම මාව තුරුල් කරන් නිදාගත්ත විභූ මන් ලග හිටියේ නැති නිසා …

ලාවට ඇහෙන .. මිදුල අතුගාන සද්දේ …
සෝමේ මාමා වෙන්නැති කියලා හිතුනා …

“වි….භූ…”

මට ඉබේටම කිය වුනේ ..
මොකද්දෝ පාලුවකින් …
මන් ඇගට දාලා තිබ්බ පොරෝනය අතින් අයින් කරලා ඇදෙන් බහිද්දී යී දැක්කේ .. ස්ටූල් එක උඩ තිබ්බ …ලොකුම ලොකු මල් බොකී එක …
සුදු රෝස එක්ක මිශ්‍ර උන රෝස පැහැතී රෝසත් එකතු උන ..ලොකු මල් බොකී එකක් …
මන් ඒක අතට ගත්තේ ලෝබ කමකින් …

“දෙ…යි..යනේ … විභූගෙන් මෙච්චර ආදරයක් ”

සත්තයි මගේ හිත පිරුනා

එතනම තිබ්බ පුන්චී කාඩ් එක මන් අතට ගත්ත ගමන්ම පෙරලුවේ .. විභූ ගේ අකුරක්වත් ඇති කියන විශ්වාසෙන් …

” congratulations my bride … ”

අනේ කොහොමද මට මේ ටිකට ඒක අමතක උනේ …
අද විභූගෙයී මගෙයී දවස …
මන් ඒ කාඩ් එක පපුවට තියාගෙන තුරුල් කරගත්තේ .. හිතට දැනුන සතුටට් තද කරලා බදාගන්න වත් සෙව්වා ලග නැති නිසා …

එතනම තිබ්බ ..විනිවිද පේන කවරයක තිබුනේ …
රෝස පැහැති ගවුමක් ..මන් ඒක අතට අරගෙන .දිගෑරියා .. කන්නාඩියෙන් එහෙට මෙහෙට හැරිලා බැලුවාම .විභූ මෙච්චර හොදට කොහොම මේක තේරුවද කියලා හිතුනා …

???
මට ඒ ඇදුම ඇදගන්න තිබ්බේ ලොකු උනන්දුවක් …
විභූ කොහෙ හරී යන්න ඇතී .. සමහර විට මේ හැමදේම තියන්න ඇත්තේ ඒ හින්දා…

මන් එහෙම හිතලා … කණ්නාඩියෙන් ආයෙම මන් හිනාවෙන මූන දිහා බැලුවා …

අවුරුදු ගානකට පස්සේ මන් හදවතින්ම හිනා වුන දවසක් …කන්නාඩියෙන් මාව විනිවිද පෙන්නන්න ගත්තා …

මන් එහෙම විනාඩි ගානක් ඉන්න ඇති …

“නෝනා…”

“නෝ….නා…”

කාමරෙන් එලියේ ඉදන් සෝමේ මමා මට කතාකරන්වා ….
මන් ඒ ටික එහෙමම තියලා .. කාමරෙන් එලියට ආවා …

“මහත්තයා එන්න කලින් ලෑස්ති වෙන්න කිව්වා නෝනා ”

” අ…හ් හරි මාමා ”

මන් ඒ පිම්මෙම දොර වහලා .. අත් දෙකෙන් මූන වහගෙන .. හයියෙන් හිනා උනා ….
ඇත්තටම කෑගහලා නටන්න තරම් සතුටක් …
ඒත් …මගේ පුන්චි පුතා … අම්මාට බනී කියන ..සැකේ නිසාම මන් ඉවසගෙන. හිටියා …

❤️

පිට මැදට වෙන්න තිබ්බ කොන්ඩේ .. තාම .. වෙනදා විදියමයී …
මන් .. විභූ ලැස්ති කරපු ඇදුමින් .. මල් බොකි එකත් අරගෙන … මන් දිහාම බැලුවා මම …

එතකොටම දොරට ගහපු නිසා … මන් දෙපාරක් නොහිතම එන්න කිව්වේ .. කන්නාඩියෙන් ඇස් අහකට ගන්න ලෝබ කමට …
මන් ඒත් මගේ පාඩුවේ හැඩ බැලුවත් ..කාමරේට ආව කෙනාගේ සද්දයක් වත් නැති නිසා මන් එකපාරම හැරිලා බැලුවේ පිටිපස්ස …

“අ…නේ … ”

මන් හැරිච්ච ගමන් බදාගත්තා …

“කෙ….ල්…ල…”

මගෙම කියලා දැනුන ..මගේ එකම
සහෝදරී …

“සෙ…ව්….”
“උබ ආව එක …ම..ට…”

මට වචන කියවෙන්නෙ නැති තරම් …

“උබේ දවසේ මන් නෑවිත් ඉන්නවද කෙල්ලේ …
උබ මට කිව්වත් නැතත් … මන් එනවා ”

කෙල්ල මාව සනසවන්න වෙනදා වගේම. හිනාවෙවී කතා කියනවා ……

“මේ … ඒක…නෙමෙ ..
උබ අද හරි ලස්සනයී බන් … ”

සෙව් මාව එයාගෙන් ඈත් කරලා .. කම්මුල දිගේ මගේ රූටලා ගිය කදුලු අතින් පිහන ගමන් කෙල්ල හිනාවෙලා එහෙම කිව්වේ

“පොඩි මේකප් එකක් දාමු දේදූ .. උබට ලස්සනට තියෙයී …”
මම කෙල්ලට එකග වෙලා ඔලුව වැනුවා …

සෙව්ගේ මූනේ තියෙන සතුට …මන් .. මාව හැඩගන්වන වෙලාවේ මන් බලාගෙන හිටියා ..
කොච්චර උනත් කෙල්ල මගේ ඇස් මගාරිනවා …

දුකක්ද සතුටක් ද කියන්න දන්නේ නෑ ..ඒ උනාට .. අදින් පස්සේ මන් .. කෙල්ල ලග නෑ කියලා දැනෙන එකට කොච්චර උනත් දුක ඇතී ..මගේ හිතෙත් .. ඒක තිබුනත් මට සෙව් ව අඩවන්න ඕන උනේ නෑ …

පුන්චි කාලේ ඉදන් අපි දෙන්නාගෙම අම්මා උනේ අපි දෙන්නා .. අපි අපි ගැන හොයලා දුක සැප බෙදාගත්තා .. එක ගාමන්ට් එකේ .. එකම තැන වැඩකලා .. අපි දෙන්නම .. එකම දුක .. එකටම වින්දේ .. අපේ නිවාසේ ලමයී කොච්චර හිටියත් අපි දෙන්නාගෙ තිබ්බ බැදීම නිසා …
ඉතින්
දුවෙක්ව බන්දන ..දවසේ අම්මාට දැනෙන දුක ..මෙච්චර කාලයක් මට අම්මා උන සෙව්ට දැනුනේ නැත්නම් …
ඒක පුදුමයක් …

මන් ඒ මූන දිහා බලන් හිටියත් .. ඒ ගැන අහලා කෙල්ලව අඩවන්න හිතුනේ නෑ ….

” න..ංගී ….. මගේ කෙල්ල හරිද ….”…

“අ..හ් …සර්….”

“අයියෝ ඕක ඉවරයක් වෙන්නෙ නැද්ද ..නන්ගී කොයි වෙලේ බැලුවත් සර් … ඒකට මෙයා .. කව්දා ඉදන් මට නමින් කතා කරනවාද මන්දා … ”

විභූ කාමරේට ඇවිත් ඇගට පතට නොදැනි එහෙම කියලා … කන්නාඩියෙන් බෙල්ලේ තිබ්බ බෝ එක හදද්දී මට මෙච්චර වෙලා දරාගත්ත දේවල් .. විභූ දැක්ක ගමන් දෝරේ ගැලුවේ … පපුවේ ඇතුලෙන් කැකෑරුන .. සතුටද දුකද කියන්න දන්නේ නෑ. මම ….

” සු…ද්….දී….”

අඩන්න බෑ .ංංං

විභූ එයාගේ පපුවේන් මගේ මූන ඈත් කරලා ..බලන්නයී හදන්නේ .. මන් ඉකමනට අතින් කදුලු පිහදාගෙන .. විභූගේ මූන දිහා බල්ද්දී .. සෙව් කාමරෙන් එලියට යන්න හැදුවේ … මම … එකපාරම සෙව්ට යන්න නොදී අතින් ඇදලා ගත්තේ මන් ලගට …

කෙල්ල කදුලු අස්සෙන් හිනාවෙනවා …
විභූ අපි දෙන්නම ලගට අරගෙන එයාගේ පපුවට තුරුල් කරගත්තේ …
සෙව්වත් .. එයාගෙම නන්ගියෙක්ට වගේ …

ඊලග කොටසට …

පියුමි සේනාදී …

22 thoughts on “බඹර ඉසව්ව | 56 | නවකතාව”

  1. Akkii katawa llassanama lassanai akki ammooo dn tamai sathutu hithenne vibuge hithe mechchara adarayak dedunu wenuven ammooo ane mtat e wage adarayak ammoooo ❤❤❤❤❤ akki parissamin inna budu saranaii all the best akkii katawa iwara wenna lagaida manda ?

  2. Duk gahata kadulu vindath
    E nube adare namen iwasannm
    Vibuuu ❤
    Ape punchi kadalla ada sampoorani❤
    Me nube adare namen
    Jiwithaya eliya unu mn nubema dedu ❤

    1. අයියෝ කේක් කෑල්ලක් කන්න බලන් ආවා මදැයි . අනේ හෙටත් අරන් එන්න හරිද .කතාව ගොඩක් ලස්සනයි

  3. හිතෙෂි මෙත්දරා

    Kathawa lassanai akki. E wage adarayak thiyena kolleknma shoiii ane. Kathawa iwara wenna lagaidaaa.parissamin inna akki. Budu saranai

  4. Ane shoi akkiyo. Kathawa ikamanta iwara karanna nm epa hada? Godak asawen me kathawa kiyawanne godaaak lassanai akkiyo kathawa.

    හීන මල් දම්
    අමුණ අමුණා
    පැතුම් පොදි
    මා හිතේ දැරුවේ
    නුඹේ උණුසුම
    මටම හිමි බව
    මගේ හිත
    මුමුණන නිසා❤️❤️❤️

  5. Rasikala Erandi

    Shoi appa kathwa.wibhunam shoi ane.dedunuta henatama adarei.ane duka widiyatanam awasan karanna apa appa dedunu pawne karadara godariyak dunnane ayata appa

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.