Katha Ahura

බඹර ඉසව්ව | 58 කොටස | නවකතාව

5/5 - (1 vote)

“යමු …”

විභූ මන් කියන දේ එච්චර ගනන් නොගෙනම එහෙම කිව්වේ හොද හුස්මක් අරගෙන ..

මන් නොදන්න මොනාහරි තියෙනවා කියන එක මට දැනිලා පොඩි කාලයක් නෙමේ .. ඒත් විභූ ඇයී මට මෙච්චර හන්ගන්නේ …

මන් එහෙම හිතුවේ විභූගේ මූන දිහා බලාගෙන … මට ඕන උනේ ඒ මූනේ.. තියෙන දේ අදුනගන්න

තවත් මට විභූ කියන විදියට ඉවසලා ඉන්න වෙනවා … මගේ හිත පිච්චෙන්න ගත්තා …

”අනේ කිසිම ම කරදරයක් වෙන්න එපා දෙයියනේ ”

මගේ ඉරනම ගැන මට එච්චරටම් තිබ්බේ අවිශ්වාසයක් ..මෙච්චර දවසක් දුක් විදපු මට අද දවසවත් සතුටින් ඉන්න දෙන්න කියලා මන් හිතින් හිතුවේ

“සේනක වත් ..ද”

නොදැනුවත් කමට හෝ මගෙ හිතුවක්කර කම නිසා මට උන දේ ආයෙම මට මැවි මැවි පේන ගත්තා .. සේනක කියන්නෙ කාම ගින්නක් … මට ඉබේටම ලොකු හුස්මක් පහලට හෙලුනා …

අද මගේ ජීවිතේ ලස්සනම දවස .. මන් ආයෙම මතක් කරගත්තා විභූ එක්ක ඒසතුට විදින්නයී මට ඕන …ආයෙම අතුරු පාරෙන් හරවලා ඉස්සරහට ඇදේන කාර් එක සාමන්‍යෙ වේගෙකින් ගියේ ..විභූගෙයි මගෙයී අතර කිස්ම කතාවක් නෑ … විභූගේ තේජවන්ත ඇස් එක එල්ලේ ඉස්සරහා බලාගෙන … මන් ස්ටීටියන් වීල්ල් එකේ ඔහේ තියෙන එයාගේ අත උඩින් මගේ අත තිබ්බේ විභූගේ අවදානය මට ගන්න ඕන නිසා … මොන දේ උනත් අද මගේ වගේම විභූගෙත් ලස්සනම දවස වෙන්න ඕනේ …

”බබා”

විභූ ඉස්සරහ බලාගෙන එහෙම ඇහුවා … ඒ මූනේ කලබලයක් නෑ ….

”බයයිද ”

විභූ මගෙන් එහෙම අහපුවාම මට පුදුම හිතුනා .. ඔයා ඉන්න තැන මට බයක් නෑ කියලා කෑගහලා කියන්න හිතුනත් මන් විභූගේ අත හයියෙන්ම අල්ලගත්තා .

අපේ ගිවිස ගැනීමට තව පොඩි වෙලාවයී …විභූට ඒ නිසාම වාහනේ වේගෙ වැඩි කලේ වෙලාවට එතන ඉන්න ඕන බව නාරා අයියා මතක් කරපු නිසා

අපේ දරුවා වත් අද අපි එක්කම අපේ ගමන යන්න එකතු වෙනවා .මොනා උනත් මන් වාසනාවන්ත අම්මා කෙනෙක් ඒ වගේම අද ඉදන් විභූගේ බි‍රිද මන් ඒකම මට ලොකු සැනසීමක් නෙමේද …. .මන් මගේ කුස මත අත තියාගත්තේ එහෙම හිතලා ….

ටික වෙලාවකින් කාර් එක නැවැත්තුවේ ලස්සන සුවිසල් ගෙයක් ලග …

අපි එද්දිත් නාරා අයියලා ඇවිත් ….

විභූ කාර් එකෙන් බැහැලා මට දොර අරිද්දී වාහනේ පැත්තට ආවේ සෙව් ….

විභූගේ මූනේ තිබ්බ හිනාව …මට වෙනදට දකින නපුරු මූන තරම් නෑ වගේ … විභූව මට පුරුදු ඇත්තටම දැන් එහෙමද මන්දා ..මට ඉබේටම හිනාවක් ආවේ ඒ හින්දා

එහෙමම කෙල්ල ඇවිත් මගේ අතින් අල්ලගද්ද් මන් බැලුවේ විභූගේ මූන …
මන් දිහා විභූ බැලුවේ ලොකු ආදරේකින් කියලා මට හිතුනා …

”අම්මෝ දෙන්නගේ මනමාල කම ”

සෙව් මගේ කනට කරලා එහෙම කිව්වා …

ඇත්තමයී මට දැනුනේ ලැජ්ජාවක් …

ඇත්තටම මටත් එහෙම හිතුනා ..ලස්සනට පිලිවෙලට ඇදලා ඉන්න විබූ වෙනදා දකින කෙනාම උනත් අද ලස්සනට නීට් එකට කපලා තිබුන රැවුල ඒ මූනට මොකද්දෝ එලියක් ඇවිත් …

අම්මා කෙනෙක් වෙන්න බලන් ඉද්දී මගේ මංගල ගමන යන්න සූදානම් වෙලා. දෛවයත් දෙන්නේ පුදුම ඉරනමක් … ලැබෙන දේ ඒ විදියට බාරගන්න මන් ලෑස්ති වෙලා ඉන්නේ … ලැබුන දේවල් එක්ක අද ඉදන් විභූ එක්ක මගේ දරු පැටියා එක්ක යන ගමන් මට ලොකු හ‍යියක් වෙයී ..

”දේදූ … වෙලාව ලගයී
දෙන්නා එක්ක එන්න ”

සෙව් මට හිමීට එහෙම කියලා මගේ අත විභූගේ අතට දීලා එයා අපිට ඉස්සර වෙන්න දුන්නා ….විභූ ඒ පරක්කුවෙන් මගේ අත අල්ලගත්තේ මෙච්චර කාලෙකට දැනෙන්න දුන්නෙ නැතී ආදරේකින් ….

” සුභ මංගලම් …”

ඇතුලට එන්නත් කලින් මැදිවියේ ගැහැනු කෙනෙක් අපි දෙන්නව පිලිගත්තා ..පෙනුන විදියට ඇය තමයී අපේ විවාහය ලියපදිංචි කරන්න හිටියේ …. මේ ඇගේ නිවස වෙන්න ඕන ….

”යන් සර් ඇතුලට එන්න මිස් …”

සිනාමුසුමූනෙන් කරපු ආරාධනය ඇත්තටම සුහදශීලී ..

”වෙලාවත් ලගයී ඉක්මන් කරමු ”

අතේ බැදපු වෙලාව බලන ගමන් ඒ ගැහැණු කෙනා ගැන කිව්වා…

ටිකක් එහාට වෙන්න හිටපු නාරා අයියා එක්ක සෙව් හිටියේ ලොකු සතුටකින් ,….

විභූ නාරා අයියා ලගට ගිහින් නාරා අයියාගේ අතින් අල්ලලා බදාගත්තේ ලොකූ බැදීමකින් වගේ …

මට දැනුනේ ඇත්තටම ලොකු සතුටක් … සමහර දේවල් එක්ක හැන්ගුන ලොකු කතා ඇතී ..

මට දෙන්නාගේ බැදීම දැක්කම ඇත්තටම කොයිවෙලාවකත් නැති ත‍රම් හිත පිරිලා ගියා …එහෙමම විභූ මාත් එක්කම මේසේ ලග පුටුවේ වාඩි උනේ

”සුබ මංගලම්”

”මන් කිව්වාට පස්සේ සර් කියන්න ..”

රෙජිස්ටාර් තුමිය කිව්වේ විභූට ..

විභූ මන් දිහා බලලා අපි දෙන්නම සීට් වලි නැගිට්ටා …

”විභූ තේජ් භාතිය සමරදිවාකර වන මම ”

”විභූ තේජ් භාතිය සමරදිවාකර වන මම ”

”මෙහි සිටින ”

‘මෙහි සිටින ”

”දේදුනු අහින්සා වික්‍රමසිඔහ වන අයව ”

”දේදුනු අහින්සා වික්‍රමසිඔහ වන අයව ”

”අද සිට ”

”අද සිට ”

”තමාගේ බිරිද හැටියට ”

”තමාගේ බිරිද හැටියට ”

විවාහයට පෙරාතුව ගන්න පොරොන්දුව එකින් එකට කියවද්දී .මගේ ඇස් වල දරාගෙන ඉන්න කදුලු බින්දු මන් හිර කරගත්තේ සතුට වැඩි කමට ….

විභූ සමාජේ මොන තරාතිරමක උනත් අද ඉදන් විභූ මගේ ස්වාමියා … ඒක දැනෙද්දී හිතට දැනුන ආදරය මට විභූව බදාගෙන විදගන්න ඕන උනත් විභූගේ පොරොන්දු ප්ත්‍රයෙන් පස්සේ මාත් විභූ වෙනුවෙන් මගේ පොරොන්දු පත්‍රය කියෙව්වා ….

අපි දෙන්නම අපේ විවාහා සහතිකය අත්සන් කලේ ඊට පස්සේ ….

රෙජිස්ටාර් තුමියගේ ආශිර්වාදේ වගේම සෙව්ගේ නාරා අයියාගේ ආශිර්වාදේ වෙනසක් නෑ … අපි දෙන්නටම සුභ පැතුවා ….

සෙව් ඇරුනම මටම කියලා තව දෙන්නෙක් ලැබිලා …විභූ වගේම එන්න බලන් ඉන්න දරු පැටියා මගේ ජීවිතේ කොටස් කාරයෝ වෙලා ….

මන් ඇස් බොද කරපු ඒ කදුලු විභූට හොරෙන් පිහ දැම්මා ….

”දේදූ …”

සෙව් මාව බදාගත්තේ ලොකු ආදරේකින් …

”මගේජීවිතේ සතුටුම දවස බන් ….උබේ දුක් කන්ද අදින් පස්සේ ඉවරයී ;”’

සෙව් මට එහෙම කිව්වම මටත් දුක හිතුනා ….

ඉතින් මේ ඇරබෙන්නේ අපේ වසන්ත කාලේ …. ඉඩෝරයේ ගස් කොලන් වියලිලා පොලව ඉරි තැලුනට මොකද .. පුන්චි පැලයක් වෙලා ඉඩෝරේ කාලේ කොහොම හරි බලන් හිටියේ වසන්ත කාලේ එනකන් .. අද ඒ වසන්තේ උදා උන පලවෙනි දවස ….

මට ඕන කලා විභූ එක්ක ඒ සතුට විදින්න … විභූටත් ඒ ආසාව ඇතී …

කවදා වෙනක්න මෙ වසන්තේ තිබුනත් කමක් නෑ මෙක මට ලොකු සතුටක් ….

”උබලා දෙන්නත් මෙහෙමම රෙජිස්ටර් උනානම් ඉවරනේ ”

විභූ නාරා අයියාට එහෙම කිව්වම සෙව් හයියෙන් හිනා උනා ….

.”ඉන්නකෝ ඉන්නකෝ ඒකට වැඩි දවසක් නෑ ….”

නාරා අයියාටත් කලින් සෙව් එහෙම කිව්වේ විභූට …

විභූ සේව් ගේ කතාවට හිනාවෙත්ම ඇදගෙන හිටපූ ශර්ට් එකේ උඩ බොත්තම් දෙකක් බුරුල් කරලා ටයී එකත් පහලට ඇද්දා ….

විභූ මෙච්චර වෙලා ඉන්න ඇත්තේ හරිම අමාරුවෙන් ….

පව් ….

මට ඉබේටම හිතුනා ..අතේ තිබ්බ බ්ලේසර් එකත් මගෙ අතට අරගෙන

අපි එතනින් පිටත් උනේ …. .

දුර ගමනක් යන්න හිතාගෙන ….

<<<<<<<<<<<<< එතනින් පිටත් උනු අපි හතර දෙනාම් අතරමගදි වෙන් උනේ අපි දෙන්නගේ මදූසමය වෙනුවෙන් … හරියටම කොහෙද යන්නේ කියලා දන්නේ නැති උනත් විභූ යන ඕනම තැනක යන්න මට ාඅසයී . ”අමාරුයී න්හ් ” ඇදගෙන හිටපු ගවුම මට බර වැඩි බව විභූටත් දැනිලා වෙන්නැති එහෙම කිව්වේ … ඇත්තටම වෙන හැදුම් තරම් මේ ඇදුම් වල පහසුවක් නැති බව අමුත්තක් නෙමේ ..ඒත් අද දවසේ අදින මේ ඇදුම මට අද දවසම ඇදගෙන ඉන්න තිබ්බේ ලොකු ආසාවක් ….මන්ගල දවස කෙල්ලෙක්ගේ හීනයක් ..ලොකු ලොකු දේවල් නැතුවට මොකද මේ ලෝකේ වටිනාම දේ මන් ඉස්සරහ ඉද්දී ඒ දේවල් වල අඩුපාඩුවක් දැනුනේ නෑ මට ..ඒ නිසාම මට ඒ අපහසුව දරාගන්න පුලුවන් කමක් තිබ්බා ”කමක් නෑ මෙහෙම යමූ ..” මන් විභූට එහෙම කිව්වම විභූට තේරිලා වෙන්නැති හිනාවෙලා ඉස්සරහ බලාගත්තා .. ” කොහෙද අපි යන්නේ ” විභූ එහෙම අහන්න ඇත්තේ මගෙන් කිසිම සද්දය්ක් නැති හින්දා වෙන්නැතී ”කැමති දිහාක ” ”ඕනෙම තැනක ”’ ”හ්ම් ” ”කොහෙ උනත් ” ”හ්ම් ” ”හ්ම් යමු එහෙනම් … ලස්සන තැනකට එක්කන් යන්නම් ” මන් ඇත්තටම මගේ හිතේ තිබ්බ් දේ කිව්වා විභූ එහෙමම මගේ එක අතක් අරගෙන හයියෙන්ම අල්ලගත්තා … ” මන් කැමතී ඔය අහින්සක කමට .. ඒකයී අයිති කරගන්න ඕන්උනේ …. කාගෙන්වත් හිරිහැරයක් නොවෙන්න ..ඒ උනාට හිතුවක්කාර කම අඩුවක් නෑනේ .. මට බය අපේ පොඩි එකාටත් ඔය හිතුවක්කර කම එයිද කියලා … සුදු මූන අස්සේ හන්ගන නපුරුකම එයිද කියලා … මෙහෙම හිටියාට කොච්චී කරලක් නේ …” විභූ කියවගෙන රේඩියෝ එකක් වගේ … ලෝබ නැතුව කිව්ව වචන වලට මගේ හිත පිරුනා ඇත්තමයී … කිව්ව හැමදේම ඇත්ත … මගේ හිතුවක්කාර කම නපුරු කම වහන් ඉන්න අහිංසක කම … විභූට ඒවා රහස් නෙමේ …. ” දැන් හොරෙන් හිනාවෙනවා …” ”මෝඩ ගෙම්බී ” කතාවෙන් කතාව විභූ මට හුරුපාරකින් හැරෙව්වේ … එච්චර මතකයක් නැති උනත් මේ ඇවීත් ඉනේ මට පුරුදු නගරේ කිට්ටුවටමයී …. ” කොහෙද විභූ මේ ..” ”ඇයි අහන්නේ ..ඕනම තැනක යන්න එනවා කිව්වා නේද ..” මගේ ප්‍රශ්නේට විභූගෙන් හම්බුනේ ආයෙම ප්‍රශ්නයක් … ඇත්ත බයක් නෑ දැනගන්න ඕන නිසා ඇහුවේ කියලා කියන්න ඕන උනත් මන් නිස්සද්ද වෙලා වට පිට බැලුවේ මන්ම අදුනගන්න හිතාගෙන ඊලග කොටසට … පියුමි සේනාදී …

18 thoughts on “බඹර ඉසව්ව | 58 කොටස | නවකතාව”

  1. පැතුවේ ඔබේ තුරුලේ ඉන්නට….
    කවුද පැමිණියේ බාධා කරන්නට…..
    නොහැක අද අප වෙන් කරන්නට……
    නුබ සිටී නම් මා ලගින් සැමදා…..
    හිතට සැනසුමකි සැමදා
    මට….
    කිසිම දෙයකින් නොසැලෙමි මා…..
    විභූ කවදාත් දේදුගේ බව
    දනිමි අප සැම අද……. ❤❤❤
    Akki katawa godaak lassanaiii hetat diga kotasak aran enna akkiyoo

  2. Rasikala Erandi

    ? විභූගෙන් ආදරණීය දේදුට…..?

    ???????????
    නපුරු දගකාරකම්
    නිමක් නැත තවමත්….
    අහින්සක මුව මඩල
    නොපෙන්වයි සියලු දගකම්…..
    නමුදු මන් ආදරෙයි
    මගේ දේදුනු නුඹට සැමදාත්…..
    මුලු ලොවයි මගේ ,
    ඔබත් කිරි කැටියත්
    දිවිය ඇති කල්…..
    ????????????

  3. නයෝ මධූ

    දේදු මෙච්චර දවසක් හීන දැක්කේ මේ දවස එනකල්නේ. කොච්චරනම් දුකක් ඉහිලුවද දේදු. පව් ඉතිං. අදින් පස්සෙවත් මේ වසන්තය හැමදාම කෙල්ලට හම්බෙනවනම් ඒ තරම් සතුටක් නැති වෙයි.

  4. Chamodya Madusanki

    කතාව ගොඩක් ලස්සනයි අක්කා.
    බුදුසරණයි අක්කියො
    පරිස්සමින් ඉන්න

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.