Katha Ahura

බඹර ඉසව්ව | 63 කොටසට | නවකතාව

5/5 - (1 vote)

අයියා නෙමේ විභූ සර් දෙන්නැතී අයියා කඩේ අක්කාව දන්න නිසා එහෙන් තියන්න ඇත්තේ….

සෙව් එහෙම කිව්වම මට විභූ ගැන දැනුනේ ලොකු ආදරයක්
කෙල්ල මගේ අතින් වෙරලු මල්ල තිබ්බේ මන් වෙරලු කන්න පෙරෙත කමේ බලන් ඉන්න බව දන්න නිසා ….

”අම්මෝ පෙරෙතී ”

” උබට නෙමේ මේවා එව්වේ මට ”

”අනේ හා උබම කාපන් …”

ආය කියාගෙන වරෙන්කෝ අරක ඕනේ මේක ඕනේ කියලා ගෙනත් දෙයිද බලන්න …

උබ ගෙනත් දෙනවා තමයී මන් දන්නවානේ ඒක

සෙව් එලියේ ඉදන් කනුවකට පිට දීලා එහෙම කිව්වම මම ග්ගනක් වත් නැතුව එහෙම කිව්වේ සෙව් මට නොකරන උදව්වක් නෑ කියලා මන් දන්න නිසා ….

” ඒ.. ඒ .. උබ නම් … මහ පැහිච්ච ආච්චියේක් … කපටි නෑ .. ”

සෙව් එහෙම කියලා හිනාවුනා …

*************

විභූ නාරා අයියා එක්ක ගිය ගමන් … දැන් ගොඩක් වෙලා ගියත් …. තවම ආවේ නෑ …
හිතට දැනුනේ බයක් …

මෙච්චර වෙලා ….
නිකමටවත් කෝල් එකක් දුන්නෙ නැනේ මට …

මන් එහෙම හිතලා මැද සාලේ මේසෙ උඩ තියලා තිබ්බ ෆෝන් එක අතට ගත්තේ විභූ ට කෝල් එකක් ගන්න ….

ඒත් රින්ග්ස් ගියත් විභූ අන්සර් කලේ නෑ …. කීප පාරක් ම මන් එක දිගටම ගත්තත් … ආන්සර් කලේ නෑ ….

” ඔච්චර බය වෙන්න එපා බන් … නාරද අයියා කිව්වා .. ඉක්මනට එනවා කියලා .. උබට බය නොවී ඉන්න කියන්නත් කිව්වා …

සෙව් මන් පිටිපස්සෙන් ඇවිත් එහෙම කිව්වෙ මන් මෙච්චර වෙලා ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා දැකලා ….

ඒක ඇත්තටම හිතට සහනයක් …

මේ ඒක නෙමේ …. ඉස්සර වගේ තිබ්බනම් ජොලී නේ ….

සෙව් එහෙම කිව්වේ ඇහැකුත් ගහන ගමන් …

” ඒ කිව්වේ …”

අම්මෝ තොත්ත බබා ,… ඇයී මතක නැද්ද … ඉස්සර උබෙයී සර් ගෙයී මුකුලුව …
අපි නොදන්න දෙන්නාගේ ලව් එක …

එහෙම කියද්දී නම් හිතට මොකද්දෝ හැගීමක් ආවේ … ඉස්සර විභූගේ ක්කාමරේ කොනක ඉදගෙන විභූගේ ආඩම්බර දිහා බලන් වෙවුලපු දවසකුත් තිබ්බා කියලා හිතද්දී ඒ අතීතේ හරිම සුන්දරයී නේද කියල හිතුනා …

” අම්මෝ මේන්න බලකෝ මේකිගේ හිනාව …”

අපොයී දෙයියනේ ඇත්තටම මන් හිනාවෙලාද … මගේ මූන එක පාරම රතු වෙන්නැතී සෙව්ගේ කතාවට …

හරි හරී බන් මන් නොදන්න එකක් ද … මන් ඉතින් කිව්වේ උබේ ප්‍රේම බ්ෘන්ගයා ගැන …..
***************************
දැන් රෑ අටටත් ලග ඇතී තවමත් නෑ

එකපාරම මගේ අවධනය බිදුනේ අඩි සද්දෙට …

”නන්ගී මොකද මේ පින්නේ ඉන්නේ …”

”අයියේ ….කෝ …. විභූ …”

මට නාරා අයියා විතරක් තනියම දැක්කම බයක් දැනුනේ හිතට …

මන් නාරා අයියාව මගෑරලා පාර බැලුවා ….

”අද එන්න වෙන්නේ නෑ කිව්වා … අද මෙහෙ ඉමු අපි එක්ක ….”

මගේ ඔලුව ගිනි අරගෙන වගේ බයක් දැනුනේ …

” අයියේ මට ඇත්ත කියන්න …. කෝ විභූ … ”

මගේ ඇස් වලට කදුලු පිරුනේ මට හිතාගන්නවත් වෙලාවක් නොදී ….

”අයියේ ඔයා ආවාද කෝ සර් …”

සෙව් එකපාරම එලියට ආවේ නාරා අයියාගේ කටහඩ ඇහිලා වෙන්නැතී ……

”මට ඇත්ත කියන්නකෝ විභූ ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ …. ”
මගේ පපුවේ ගැස්ම වේගෙන් වැඩිවෙනවා මට දැනුනා .. මෙච්චර දුක් ම් මේ කාලේ හිතට ගන්න හොද නෑ තමයී ඒත් … මට මේ වෙලාවේ මාවම පාලනය කරගන්න බැරි උනා මට …

මං නාරා අයියාගේ කොලර් එකෙන් අල්ල ගත්තෙත් කේන්තියටමයි මගේ දුක කේන්තියකට පෙරලිලා මගේ අත්වලින් නාරා අයියාගේ බෙල්ල හිර වුණා….

”දේදු ඕක නවත්තපන්…. නාරා අයියට කතා කරන්න දීපන්…”

සෙව් එකපාරම කලබලෙන් වගේ මගේ ඉස්සරහට පැනලා මගේ අත් දෙක හයියෙන් අල්ලගත්තේ නාරා අයියාගේ බෙල්ල මගේ අතින් ලිහිල් කරන්න
කෙල්ල කෑගහලා මාව කොහොම හරී අයින් කරලා
එහෙමම මාව එක්කගෙන සෙව් ගියේ ගේ ඇතුලට
මං හොඳටම ඇඬුවා .හිතේ දුක දිය වෙලා යනකන් මන් ඇඩුවා … පපුව කට්ටකින් හුරලා පෑරෙන තුවාලෙන් ලේ එන්න ගන්නවා වගේ … මගේ හිතේ තියන දුක කදුලු වලට පෙරලුනා ..
මගේ හිත කිව්වෙම මගේ තිබූ ට කරදරයක් කියලා…

”අයියේ කෝ සර්.. සෙව් මං සාලේ ඉද්දි නාරද අයියගෙන් අහනවා මට ඇහුණා…

”මට තේ එකක් කඅරන් එන්න….”

නාරා අයියා කෙල්ලට උත්තර නොදීම එහෙම කියනවා මට ඇහුනා

සෙව් එහෙමම ගියේ කුස්සියට මං අත්දැකීම් මූණ වහගෙන හොඳටම ඇඬුවා..
විභූ මට කිසිම දෙයක් කියන්නේ නෑ… අඩුම තරමේ අද මගේ කෝල් එකක්වත් ආන්සර් කරේ නෑ….
කරදරයක් ද … නාරා අයියා ඇයි එයාව දාලා ආවේ එහෙනම්

මම හූල්ල හූල්ල සාලි මැද ඉඳන් පැය ගානක් ලද වෙන්නැති, සෙවූ මට කෑම එක බෙදලා අරගෙන ආව මට කන්නවත් පිරියක් තිබුණ් නෑ….

”අඬන්නේ එපා නංගී… සර් ගියේ හදිසිම වැඩකට ඒකයි මං විතරක් ආවෙ…. අනෙක් සර්ට කිසිම කරදරයක් වෙන්නේ නෑ බයවෙන්න එපා”

මන් එක දිගටම අඩන නිසා
නාරා අයියා එහෙම කියන්න ඇත්තේ

”ඕනවට වඩා හිතනවා වැඩි ඒකයි සර් වුණත් උඹට කිසිදෙයක් නොකියන්නේ උඹ ගැන තියන බයට මිසක් උඹට කිසිදෙයක් හන්ගන්න නෙමේ බං” …

සර් මෙච්චර දවසක් කරපු හැම දෙයක්ම කලේ උබ වෙනුවෙන් උඹේ ඔය කුසේ ඉන්න දරුවා වෙනුවෙන් ඒ හින්දා උඹ ඔච්චර විඳවන්නේ නැතිව හිටපන්….

සෙවූ මගේ ඔලුව අත ගාන ගමන් එහෙම කිව්වහම මගේ පපුවේ තියන බර හෑල්ලු වුණා වගේ දැනුනේ

කෝ මේ බත් ටික කාලා හිටපං….

ස්ව් මං ළඟ වාඩි වෙලා කෙල්ල ගෙනාපු බත් බත් එක මට එකින් එක මට කවන්න හැදුවත් මං අතින් කිව්වේ එපා කියලා…

ඇත්තටම කන්න පිරියක් තිබ්බේ නෑ මට ….

”ඕක නේ උඹේ මුරණ්ඩුකම…. මේ කියලා කට ගන්න උනේ නෑ… උඹ ආයෙත් ඒකම කරනවා….
උඹට කන්න බැරි උනාට ඔය බඩ ඉන්න කාටවත් කන්න දීපන්…”

ඒක නං සෙව් කිව්වෙ තරහින් වගේ..

එහෙම කියල කෙල්ල මට බත් කටක් කවන්න හදද්දි මං ඒක එපා නොකියා කෑවා …
සෙව් ගේ පෙරැත්තය නිසාම මං සෙව් කවපු හැම බත් ඔක්කොම කෑවේ කුස තුල ඉන්න මගේ දරු පැටියට මේ දුක් ගින්දර දෙන්න ඕනේ නැති නිසා…..

*****

ලී සිවිලිමේ තිබුණු මගුල දැන් දිහා බලාගෙන නින්ද නැතුවම මං ඔහේ බලාගෙන හිටියා..ලා එලියට ඒවා දිලිසෙනවා …සෙව් මට එහාපැත්තේ හොදටම නින්ද ගිහින් .. සැරින් සැරේ කුස තුළ දඟලන දරු පැටියටත් තාත්තා නැති අඩුව දැනිලා වගේ.. කීප සැරයක් ම තදින් මට ගැහුවා …. මගේ හිතට මොකක්දෝ අමුත්තක් දැනෙනවා … කියාගන්න තේරෙන්නේ නෑ … .. එහෙමම මං ෆෝන් එක් අතට ගත්තේ වෙලා බලන්න… පාන්දර දෙකටත් කිට්ටු වෙලා… එච්චර වෙලා ගිහින්ද …

විභූ කෑවද දන්නේ නෑ ….

පිට උනේ ලොකු සුසුමක්

”දේදූ උඹ නිදි නැද්ද බං…”

තද නින්දක හිටපු සෙවූ මගේ ෆෝන් එකේ එලියට ඇහැරෙන්න ඇති….

මං මොකුත් නොකියම ලොකු හුස්මක් පිටකරා

”උඹට මොනාද හිතෙන්නේ”

”විභූ ගැන බයක්”

”ඒක ද උඹ කල්පනා කරන්නේ”’

ඊලග කොටසට …

29 thoughts on “බඹර ඉසව්ව | 63 කොටසට | නවකතාව”

    1. සෙසඳි

      අනේ පියුමියෝ… අද නම් චුට්ටම චුට්ටයි කතාව… ????? ඇත්තටම විභූ කොහෙද ගියේ???? ??????? කෝ මෙයා???? පව් අනේ දේදූ… විභූට කරදරයක් නෑ නේද? ඒත් දේදුට ඇයි මෙහෙම දැනෙන්නෙ.. අනේ බං ඇති ඔය බකට් පෙරලුවා.. දැන් වත් සැනසිල්ලෙ ඉන්න දෙන්නකො අනේ… ?????? නඩු දානවා මං පවුල් කඩාකප්පල් කරනවා කියලා පියුමිට විරුද්ධව …. චන්දිම අයියේ ඔයා තමයි ඔය වගේ වැඩ වලට අත් වැල සපයන්නෙ… ????? දෙන්නටම තමයි මං කේස් 1 ෆයිල් කරන්නෙ… ඉන්නකෝ ළඟදිම ඒවී නඩු දිනේ කියලා ලියුම… ????

  1. හයියෝ මේ විභූ කොහෙ ගිහිල්ලාද? අනේ දැන්නම් කරදර ඇති අනේ…..

  2. Chamodya Madusanki

    අනේ විභූ කොහේ යන්න ඇත්ද..
    පව් අනේ දේදු… තාත්ති නැති අඩුව පැටියටත් දැනිලා වෙන්න ඇති සැරට අම්මිට ගහන්න ඇත්තේ…

    කතාවනම් ගොඩක් ලස්සනයි…
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න..

  3. නයෝ මධූ

    කතාවනම් මාරම ලස්සනයි නංගියෝ. ඒත් ඇයි අනේ හැමදාම දේදුටම හිතේ ගින්දර දෙන්නේ? විභූ ඇත්තටම කොහෙද යන්න ඇත්තේ? එක්කෝ දේදුට හැමදේම කිව්වනම් එකක් අනේ. ඒ කෙල්ල නිකන් දුක් විඳින්නේ නෑනේ එහෙනම්.

  4. Loku aiye oyta asanipai kiuwa neda tama hoda ndda ikmnta hoda wela ikmntama enna aiye beth bila e wagema asanipa wela inna hamadenama ikmnta hoda wela enna
    Budusaranai hamotama hamoma parissamata inna ??????????????????? adareii hamotama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  5. පාළුව තනිකම මට වද දෙන විට
    කෙලෙසද මාඑය ඉවසන්නේ
    ලඟින් නොසිටියත් දෙතැනක සිටියත්
    ඔබේ සුවඳ මා ලග රැදුනේ….

    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
    නොසඟවා පවසන්නම් ඔබට
    ආදරෙයි මං
    නැහැ ඉවසිල්ලක් සිත ඔබ
    විමසනවා දැන්
    කුමක් කරන්නද මං
    ඔබට ආදරෙයි මං……. ❤️
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    අනේ ඇයි අප්පා මෙහෙම දුක් ගින්දර පැකට් ගනන් දෙන්නේ පව් නේද.දුකයි දුකයි දුකා….යි.කතාව නම් ලස්සනයි ඉතින් .??

  6. ..Sandashen..

    මෙ විභූ නම් කරන්නෙ ඒ කෙල්ලට දුක් දෙන අකමනේ පවු අපේ දේදූ කෙල්ල..???????

    1. කතාව ලස්සනයි අදත්.. කොයි තරම් දුක දුන්නත් විභු දේදුට ගොඩක් ආදරෙයි.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.