Katha Ahura

මට ඕනෙ ඔයාට සුවයක්‌ දෙන්න | ගන්දර කලපුව -7 || නවකතාව||

කතාව කොහොමද?

මෙතෙක්‌ කතාව

ගන්දර කලපුව -6 || නවකතාව||

අද්භූත මන්දිරයේ නවාතැන් ගෙන සිටි උපසේන වෙත පැමිණි කාන්තාව උපසේනගේ සිරුර සම්භාහනය කරන්නට වූවාය. ඒ සමඟම කොහේදොa සිට හමා ආ රෝස මල් සුවඳක්‌ සමග තද නිදිමත ගතියක්‌ ඔහුට දැණුනි. මේ කාන්තාව දෙවඟනක්‌ ද යක්‍ෂණියක්‌ දයි සිතමින් යහනින් නැඟී සිටින්නට උපසේන උත්සාහ දැරුවේය. තමා සිටින්නේ නිරුවතින් බව ඔහුට දැණුනේ එවිටය.

අද එතැන් සිට

එක්‌වනම කාමරය විදුලි ආලෝකයෙන් ආලෝකවත් විය. මේසය මත තිබූ පහනත්. සිවිලිමෙහි වූ පහනත් දැල්වුණි. “ලයිට්‌ එන්නැති” උපසේන සිතුවේය.

නාන කාමර දොරකඩ සිටි පංචිමා තුවා කඩකින් ඇගේ නිරුවත වසා ගත්තාය. ඇගේ කෙස්‌වැටිය තවම තෙතය.

උපසේනට තම කලිසම බිම වැටී ඇති සැටි පෙනුණි. ඔහු කඩිනමින් නැමී එය හැඳ ගත්තේය. දෙදෙනාම හරියට ඒදන් උද්‍යානයෙන් පිටමං කරන ලද ආදම් සහ ඒවා මෙන් – නිරුවත වසාගත් ඉක්‌මන· අන්ධකාරයේ සිටි යක්‍ෂයා පලා ගොසිනි.

උපසේන කමිසය හැඳ ගනිද්දී පංචිමා යළිත් තුවාය ගලවා ඇගේ ගවුම හැඳ ගත්තාය.

ඈ දෙස බලන්නට උපසේනට උවමනා නොවීය.

“මේ පංචිමා. මම ගෙදර යන්න ඕනෑ·” ඔහු කීවේ අහක බලාගෙනය.

“ඔයා කටු ටික ඇදල දැම්මනේ?”

“මට කටු ගහන්න ඕන නෑ පංචිමා” ඔහු නැඟිටිමින් ඈ දෙස බැලුවේය. “මේ සෙල්ලම ඇති මම දැන් යන්න ඕනෑ”

“ඔයා කොහේ යන්නද උපා?” කී පංචිමා ඇඳ කෙළවර හිඳ ගත්තාය. “මං ආවෙ ඔයාට උදව් කරන්න. ඔයට සුවයක්‌ දෙන්න.”

“දැන් ඉතින් සුවය ලැබුණනේ?”

“ඔයා කොහේ යන්නද මේ රෑ වැස්‌සෙ?”

“මේ ඔයාගෙ බොස්‌ කාලිංගට කියල මාව මෙතැනින් පිටමං කරන්න.”

“මට ඒක කරන්න අයිතියක්‌ නෑ. උපා. මං මෙතැන සේවිකාවක්‌ විතරයි.”

“ඒ වුණාට මට ඒ මිනිහට කතා කරන්න ඕන.” උපසේන මඳක්‌ සැරෙන් කීවේය.

“මං මොනා කරන්නද? “ඈ හැඬුම් බර වූවාය. “මං ආවෙ ඔයාට උදව්වක්‌ කරන්න. ඇයි දෙයියනේ. වඳින්න ගිය දේවාලෙ මගේ ඉහටම කඩා වැටෙන්නෙ..”

“මේ මේ ඔය කිඹුල් කඳුළු ඕන නෑ ඕවා පිහදාගෙන..”

“පිරිමි ඔහොමමයි”

“ඔන්න කිව්වා කතාවක්‌·”

“මං ඔයාට වැරැද්දක්‌ කළාද? ඔයාට ශක්‌තිය දුන්නා – සනීප කෙරුවා.”

“හරි – හරි දැන් ඒවා සේරම හරිනෙ? ඔය කඳුළු ටික පිසදාගෙන මාව මෙතැනින් එළියට අරන් යන්න¾”

“මට ඒක කරන්න බෑ උපා” කී ඈ හිස නමාගෙන හඬන්නට වූවාය.

අනේ ඒ පාර මේ ලස්‌සන ගෑනි අඬනවා. මායම් හැට හතරක්‌ තියෙනවා කියනවනෙ. ඈ හික්‌ හික්‌ ගාමින් දෙඋර ගස්‌සමින් හඬන්නේ දැත්තලවලින් දැස්‌ වසා ගනිමිනි.

හදිසියේම ඈ කෙරෙහි අනුකම්පාවක්‌ ඔහු තුළ උපන්නේය. ඈත්a තමා මෙන්ම මේ වළේa වැටුණුq ගැහැනියක්‌. තමා ඇගේ සිත දිනා ගත යුතුයි.

ඔහු ඈ අසලින් ඇඳ මත හිඳ ගත්තේය. ඇගේ කතාව කුමක්‌ විය හැකිද? ඈ මෙතැනට ආවේ කෙසේද? ඈ නරක ගැහැනියක්‌ විය නොහැකිය. ඇයත් තමාත් එකට පැටලුණේ අවස්‌ථාවට අනුවය. ඔවුන්ව පෙළැඹවූයේ මේ තනිවූ කාමරයයි. වැස්‌සයි අඳුරයි. තමා හෝ ඈ ඒ පිළිබඳ වරදකරුවන් නොවේ. එය ස්‌වාභාවික සිදුවීමකි. ඈ මෙතැනට ආ හැටි දැනගත්තොත්. ඇය හා කුළුපගව ඇය හඳුනා ගතහොත් තමාට ඈ හා පලා යා නොහැකිද? ඈ මෙතැනින් යන එන වේලාවක්‌ ඇති නොවැ…

ඈ අසලින් හිඳගත් උපසේන පංචිමාගේ ඉකියෙන් ගැස්‌සෙන පිටට අත තැබුවේය.

“පංචිමා . පංචිමා.. හඬල වැඩක්‌ නෑ. මට ඔයත් එක්‌ක තරහක්‌ නෑ. ඔයා මට ශක්‌තිය දුන්නා. ඔයා හෙදියක්‌.”

පංචිමා හැඬුම නවතා එක්‌වනම උපසේන දිහා බැලුවාය. ඒ දෑසේ අවිහිංසකත්වයක්‌, අසරණ භාවයක්‌ විය. එහෙත් ඈ තවම නිහඬය.

“පංචිමා ඔයා කොහොමද මේ වගේ තැනකට ආවෙ?”

“ඇයි මෙතන නරකද?”

“නෑ.. නරක නෑ”

“මෙතන උපා මට හැම සැප පහසුකමක්‌ම තියෙනවා. මට වෙන කොහේවත් යන්න ඕන නෑ.”

“ම්.. ඔයා මෙහේට එන්න කලින් කොහේද හිටියේ?” ඇගෙන් අසන්නට දහසක්‌ ප්‍රශ්න වෙයි.

“මං හිටියෙ මං හිටියෙ වාද්දුවෙ. මං වැඩ කළේ කළුතර හොස්‌පිටල් එකේ….”

“ඉතිං? කොච්චර කල්ද මෙහේ ඇවිල්ලා?”

“අවුරුදු තුනක්‌.” ඈ කීවේ සැකයෙනි.

“අවුරුදු තුනක්‌?”

“මට මතක ඒ වගේ¾”

“මතක ඒ වගේ?”

“උපා මට දැන් කාල වකවානුවක්‌ මතක නෑ.” සමහරවිට අවුරුද්දක්‌ දෙකක්‌ වෙන්නැති. අවුරුදු පහක්‌ වෙන්න ඇති.”

“ඇයි එහෙම කියන්නේ? ඔයාට මෙහේ ආව අවුරුද්ද මතක නැද්ද?”

“ම් හරියට මතක නෑ. මං ඒවා අමතක කරල දැම්මා.”

“ඇයි?”

“මට දැන් ඒවා වැඩක්‌ නෑ. උපා ඒවා පහුගිය අතීතයක්‌ විතරයි. ඒවා මතක තියන් ඉඳල වැඩක්‌ නෑ.”

“ඇයි ඒ?”

“වැදගත් නෑ.”

“ඔයාට පවුලෙ කවුරුවත් නැද්ද?”

“නංගි . බැඳල මිඩ්ල්ඊස්‌ට්‌”

“අම්මා තාත්තා?”

“අම්මා මැරිලා. තාත්තා වෙන කෙනෙක්‌ බැන්දා”.

“එතකොට ඔයාගෙ යාළුවො කවුරුවත් නැද්ද?”

“නෑ. හිටියා. දැන් ඒ අය වැඩක්‌ නෑ”

“ඔයා බඳින්න හිතුවෙ නෑ.?”

“දැන් හිතන්නෙ නෑ”

“එහෙනං කලින් හිතුවා”

පංචිමා නිහඬය.

“කවුරු ගැනද හිතුවෙ?”

“කවුරුවත් ගැන හිතුවෙ නෑ උපා..”ඈ මඳක්‌ කල්පනා කරමින් දෙපා පැද්දුවාය.”

“කවුරුවත් හිටියද?”

“එක ඩොක්‌ට කෙනෙක්‌ මගෙ ඇඟටම ආවා බඳින්න නෙමෙයි. දන්නවනෙ? අතපත ගාන්න.”

“ඉතිං?”

“ඒ මිනිහට මං කැමැති වුණේ නෑ. ඒ නිසාම මං වෙන කෙනෙක්‌ එක්‌ක යාළු වුණා.”

“ඉතිං?”

“ඒ මිනිහා ඊටත් අන්තයි..”

“ඉතිං?”

“ඒ අතරේ මට කාංලිගව මුණ ගැහුණා”

“කොහේදීද”

“දවසක්‌ – ගඟසිරි හෝටලේදී”

“ගඟසිරි හෝටලේද?”

“ඔව්? ඇයි?”

“නෑ….. නෑ……” මටත් එයාව මුණගැහුණේ එතැනදීයි. එතැනදියි කියන්නට සිතුණත් උපසේන සිත වෙනස්‌ කර ගත්තේය. “ඉතිං ඔයා කාලිංගත් එක්‌ක මේ ගන්දර කලපුවට ආවා?”

“ඔව්. ඒක තමයි මගේ ජීවිතේ සතුටුම දවස. මං එදා ජීවිතය සැබවින්ම රසවින්දා. මට කවදාවත් නැති නිදහසක්‌ ලැබුණා.”

“නිදහසක්‌ ලැබුණා?” මෝඩියෙ උඹ දැන් ඉන්නේ හිරගෙදරක කියන්නට උපසේනට සිතුණි. “පංචිමා ඔයාට මෙතැනින් පිටවෙලා යන්න නිදහස තියෙනවද?”

“කොහෙ යන්නද? මේක මගේ මාලිsගාව. මං මෙතැන හැමදෙනාටම හෙදකම් කරනවා. වෙදකම් කරනවා. මට ඕනෑ විදියට සතුටු වෙනවා. කෑම බීම ගන්නවා. විනෝද වෙනවා.

“එතකොට වෙන කොහේවත් යන්න හිතෙන්නෙ නෑ.?”

“නෑ. උපා. මේක ලස්‌සන මාලිගාවක්‌. ලස්‌සන මල්උයනක්‌. කාගෙන්වත් මට කරදරයක්‌ නෑ. මට කැමැති කෙනෙක්‌ එක්‌ක මං.. ” කී ඈ නිහඬ වුණාය.

“මට තේරෙනවා ඔයාට හැම සැපම තියෙනවා.”

“හරියට හරි”

“ඉතිං ඔයාට පිටස්‌තර ලෝකය බලන්න ඕනෑ නැද්ද? නගරය – මුහුද……?”

“අපි කලපුවෙ ඔරු පදිනවා. මෙහේ සාද්‍ය උත්සව තියෙනවා. ළඟදීම තව එකක්‌ තියෙනවා. බලන්නකෝ….”

“නෑ මම ඉන්නේ නෑ. මම යනවා.”

“බලමුකො..”

උපසේන නිහඬ විය. මේ ගෑණිට තේරෙන්නෙ නැද්ද? මම හෙටම යනවා. කලපුවෙ පීනගෙන හරි යනවා.

“පංචිමා”

“ම්?”

“කලපුවෙ පීනන්න පුළුවන්ද?”

“පුළුවන්” කී ඈ සිනාසුණාය. ” හැබැයි කිඹුලො කන්න පුළුවන්.”

“ඇත්තටම කිඹුලො ඉන්නවද?”

“මං බොරු කියන්නෙ නෑ උපා.” කී පංචිමා “මං බොරු කියන මිනිසුන්ට කැමැති ම නෑ” කීවාය.

“එතකොට කාලිංග . කාලිංග බොරු කියන්නෙ නැද්ද?”

“කාලිංග මොනවටද බොරු කියන්නේ? කාගෙන් මොනව ගන්නද? එයා ළඟ හැමදේම තියෙනවා. එයා වටේ ඉන්න මිනිස්‌සු සේරම එයාට ආදරෙයි. එයා කාටවත් මොනවත් අඩුවක්‌ කරන්නෙ නෑ. ඔයාට තේරේවි උපා- පහුqවෙන කොට.”

“මං පහුවෙනකොට ඉන්නෙ නෑ.”

“පිස්‌සු දොඩන්න එපා”

“පිස්‌සු? පිස්‌සු නෙවෙයි මං ගෙදර යන්න ඕන”

“කොහෙද උපා ඔයාගෙ ගෙදර?”

“මිරිහානෙ.”

“හා කවුද ගෙදර ඉන්නේ?”

“මගෙ වයිµa – සුභා – පුතා බිමල්.”

“බිමල් – ලස්‌සන නම”

“බිමල්ට දහ අටයි”

“හා – ඉස්‌කෝලෙ යනවද?”

“විභාගෙ කළා. ගෙදර ඉන්නවා”

“හා”

මේ මොන මගඩියක්‌ ද? දැන් තමා පරීක්‍ෂණයක උත්තර දෙන්නා බවට පත්වෙලා·

“ඉතින් උපා. හෙට ගෙදර යන්න. අද රාත්‍රිය සතුටින් සුවයෙන් ගත කරන්න.”

“ඔයාට කියන්න ලේසියි.”

“ඔහොම ඇලෙවන්න උපා…” කී පංචිමා උපසේනව පසුපසට තල්ලු කළාය.

උපසේනට යළි නිදිමත ගතියක්‌ දැනුණි. මේ ගෑණි මායාකාරියක්‌ද?

පංචිමා ඇඳ කෙළවරෙන් නැගිට යළි කටු පෙට්‌ටිය අතට ගත්තාය. සිවිලිමේ විදුලි එළිය නිවී ගියේය. මේසය මත පහන පමණයි. එය සියුමැලි එලියකි.

උපසේනට යළිsත් දැනෙන්නේ තම සිරුර තුළ ඇතිවෙන උත්තේජනයකි. තමා නොයා යුතු තැනකට ඈ තමාව ගෙන යයි. තණ්‌හා- රතී – රඟා මරඟනන් තිදෙනාම ඈ තුළ. ඈ තමාව පොළඹවන සූක්‍ෂම ආකාරය ඈ කොතරම් දක්‍ෂද? තමාට මුදලක්‌ වැය නොවේ.

සිහින් සංගීතයක්‌ කාමරය පුරා පැතිර යයි. එය ඔහු නොදන්නා රාගයකි.

පංචිමා උපසේනගේ කලිසම ඉවත් කරන්නේ සංගීතයට අනුකූලවය. ඈ ඇගේ ඇඳුම් උනන්නේද සංගීතයට අනුකූලවය.

මුළු ලෝකයම තමාගේ යෑයි උපසේනට සිතෙන්නට විය. රෝස මල් සුවඳ ඔහුව වසා ගත්තේය.

මතු සම්බන්ධයි….!

භද්‍රජි මහින්ද ජයතිලක

ඉරිදා දිවයින පුවත්පතේ පළවූ සතිපතා කතාවකී

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.