Katha Ahura

මේ ගෑනි යක්‍ෂණියක්‌ද? දෙව්දුවක්‌ද?| ගන්දර කලපුව -6 || නවකතාව||

5/5 - (1 vote)

මෙතෙක්‌ කතාව

ගන්දර කලපුව -5 || නවකතාව||

උපසේන ගන්දර කලපුව අසබඩ පිහිටි අද්භූත නිවසේ නවාතැන් ගත් මොහොතේ සිට මුහුණ පෑවේ ත්‍රාසය හා භීතිය මුසු අමතුම ආකාරයේ අත්දැකීම් කිහිපයකටය. පසුදින උදැසන එළිවන මොහොතේ හෝ අද්භූත මන්දිරයෙන් පිටව යා යුතු යෑයි සිතන උපසේනට තමා නවාතැන් ගෙන සිටි කාමරයට පැමිණි අමුතුම කාන්තාවක්‌ නිසා ජීවිතයේ එතෙක්‌ නොලද අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවේ. අද එතැන් සිට

උපසේන අත පත ගාමින් මෙන් ඇවිද වුත් ඇඳ කෙළවර හිඳ ගත්තේය. ඔහුගේ උගුර කට වියෑළී ගියේය. ඔහුට සුභා හා බිමල් පුතා සිහිපත් විය. මේ අවස්‌ථාව ඔවුන් දැසින් දුටුවා නම් මොනවා වේවිද? මේක නම් හැබෑ වෙන්න බෑ. මේක නම් සිහිනයක්‌. මේක නම් සිහිනයක්‌.

රතු ලැකර් පෙට්‌ටිය දෑතින් ගත් පංචිමා පුටුවෙන් නැගිට්‌ටාය.

“මට – මට තිබහයි..” උපසේන ගොත ගසා කීවේය. පංචිමා පෙට්‌ටිය මේසය මත තබා ඉතා සන්සුන්ව වීදුරු ජෝග්ගුවෙන් වීදුරුවකට වතුර පුරවා උපසේනට දුන්නාය. උපසේන ඒ සිහිල් වතුර සියල්ලම බී දැම්මේය. පිපාසාව මඳක්‌ අඩු විය.

“මට නිදිමතයි” උපසේන ගැලවීමේ මාර්ග සොයමින් කීවේය.

“ඔහොම ඇලවෙන්න” පංචිමා කීවාය.

උපසේන ඇඳෙහි දිග ඇදුනේය.

ඉතිපිසෝ ගාථාව කියන්නට සිතුවත් ඔහුට වචන සියල්ලම අමතක විය.

“උපා” ඇඳ අසලට ආ පංචිමා සන්සුන් හඬින් කීවාය. “උපා…. මං ඔයාගෙ යටි පතුල් දෙකට ශක්‌තිය දෙනවා. ඒ ශක්‌තිය මුළු ශරීරෙටම යනවා.”

“ඒ කොහොමද?”

“ඔයා චීන කටු වෙදකම ගැන අහල තියෙනවද?”

“මොකද නැත්තෙ?”

“හොඳයි ඔහොම ඇලවෙලා ඉන්නකො. චීන කටු වෙදකමට කියන්නෙ ඇකියුපන්චර් කියලා.”

“මං දන්නව – ඇකියුපන්චර්”

“හොඳයි. ඒ ඒ තැන්වලට කටු ගැහුවාම ඒ ඒ තැන්වලට සුවය දැනෙනවා. අපේ යටි පතුලේ, අත්තලවල, දෙකනේ තියෙනවා. මුළු ශරීරයටම සුවය ශක්‌තිය දෙන තැන්. ඒ වගේම ඇකියුපන්චර් කටු වෙනුවට ඇකියු ප්‍රෙෂර් තැන් තියෙනවා. කටු ගහනවා වෙනුවට ඒ ඒ තැන් සම්බාහනය කළාම ශරීරයේ එක්‌ එක්‌ අවයවවලට සුවය දැනෙනවා.

පංචිමා උපසේනගේ දෙපා අසලින්ම ඇඳ කෙළවර හිඳ ගත්තාය. “ඒ වගේම අපේ ලිංගේන්ද්‍රියෙත් තියෙනවා මුළු ශරීරයටම සුව දෙන තැන්”.

“මං අහල තියෙනවා” උපසේනට නිදිමත ගතියක්‌ දැනුණි. පංචිමාගේ කටහඬ නිද්‍රdජනක ඖෂධයක්‌ මෙනි.

“මං. උපා ඔයාගෙ දෙපතුල් සම්බාහනය කරනවා. බලන්නකෝ සුවය දැනෙන හැටි”.

“හා” උපසේන කීවේ අඩක්‌ නිදිමතේය. අනේ මන්දා ඇයි මේ නිදිමත”? ඔහුට සිතුණි. “අර කිරි වීදුරුව හින්ද ද?”

පංචිමා උපසේනගේ පාවහන් උනා අනතුරුව මේස්‌ දෙක ද ඇද ගලවා දැමුවාය.

“උපා. මේකට කියන්නෙ රිµaලෙක්‌සොලොජි කියලා.”

“මොන ලොජියක්‌ උණත් කමක්‌ නෑ..” උපසේන සිතුවේය. මේ රාත්‍රිය ගෙවාගන්නත් විදියක්‌ එපැයි. අර කාලිංගයා නැතුව මේ දෙවඟනන් ඉන්න එක හොඳයි. ඈ කරුණාවයි. බේත් හේත් දන්නවා. හෙදියක්‌ අත් ගුණේ තියෙනවා.

ඇගේ දෑතැඟිලි ඔහුගේ දෙපතුල මත කඩිනම් විය.

ඇත්තෙන්ම ඇගේ තෙරපුමෙන් ඔහුගේ මුළු ශරීරයටම සුවයක්‌ දැනුණි. හරියටම වළාකුළක පුළුන් රොදක පාවී යන විලාසයකි. උපසේන දෑස්‌ පියාගෙනම සිටියේය. අද නම් ග්‍රහ මාරුවක්‌ වෙන්නැති. නැත්නම් මේ කොහෙන් කඩා වැටිච්ච අවස්‌ථාවක්‌ද? සිකුරු ග්‍රහයා උච්ච වෙන්න ඇති. මේ වගේ සුව පහසු දෙන කාමරයක්‌, සයනයක්‌ තරුණ සාත්තු සේවිකාවක්‌. ඇගේ දැනුමෙන් යුහුසුළු වෙන දෑත.

මොහොතකට ඔහුට බිරිඳ සුභා හා පුතා බිමල් මතක්‌ විය. එහෙත් මොහොතකට පමණි. ඒ දෙන්නා කොහේ යන්න ඇතිද? දුරකතනයේ පණිවුඩයක්‌වත් තියන්න බැරි හැටි·

සුභාට අමාරුවක්‌වත් උනාද? ඇයව රෝහලකට ගෙනයන්නට සිද්ධ උනාද? ඒත් පණිවුඩයක්‌ පටිගත කරන්නට දුරකථනය ක්‍රියාකාරීව තබන්නට හදිසිය නිසා අමතක වුණාද? තමාට වූ අකරතැබ්බය ගෙදර ගිය සැනෙන් ඔවුන්ට කිව යුතුයි.

ඒ හා සමඟම දෙපතුලේ සුවය ඔහුගේ මුළු සිරුරටම දැනෙන්ට විය. අමුතුම පුබුදුවීමක්‌, බොහෝ කලෙකින් සිදු නොවූ ඉඳුරන් අවදි වීමක්‌, අප්‍රාණික අලසකමක්‌ සමගම පුබුදවීමක්‌ එය කෙසේ විස්‌තර කරන්නද? කෙනකුගේ ලිංගේන්ද්‍රිය අවදි කරන්නට පංචිමා දන්නවා ඇති. යටිපතුලේ ස්‌පර්ශ ස්‌ථාන ඇති.

එහෙනම් තමාට මේ තරම් නිදිමත ගතියක්‌ ඇයි? කෙනෙක්‌ නින්දේදී කෙනකුගේ සාරය උරාගන්නා ඉන්කියුබස්‌, සකියුබස්‌ වැනි අද්භූත බලවේග ඔහුට මොහොතකට මතක්‌ විය. මෝහිනී, කළු කුමාර දිෂ්ටිය… උපසේන දැස්‌ පියාගෙනම සිටියේය.

පංචිමා නැගිට උපසේනගේ උදරය කොටසට විත් කමිස බොත්තම් ගලවා දැමුවේය. ඇගේ දෑත් ඔහුගේ පපුතුර, මස්‌පිඬු අතගෑවේ මකුළු අඬු දුවන ආකාරයකිනි. ඊළඟට ඈ ඔහුගේ කලිසම් හිණපටියේ ගැස්‌පරය ගලවා, කලිසම බුරුල් කොට දෙකකුලෙන්ම පහතට ඇද්දාය. අනතුරුව යටි කලිසම……

“මේ ගෑනි කවුද? යක්‍ෂණියක්‌ද? දෙව්දුවක්‌ද? සුරඟනක්‌ ද? මනමෝහිනියක්‌ද? මළ හොල්මනක්‌ද? ආශාවේ නළඟනක්‌ද?

පහනේ දැල්ල සෙමින් නැටවෙයි. එය පණ අදින්නට පෙර ගැස්‌සෙන්නාක්‌ මෙනි.

හදිසියේම කාමරය අඳුරු වී ගියේය.

රෝස මල් සුවඳ වඩාත් තියුණු විය.

එය උපසේනගේ දෙනාස්‌ පුඩු පුරවමින් පෙනහළු තෙරපන්නාක්‌ මෙනි.

තමා යම්කිසි දෙවඟනකගේ දෙවොලකට ඇතුල් වෙන්නාක්‌ මෙනි.

පිටත කෙටූ විදුලියක නිල් සුදු එළිය කාමරයේ පුරා මොහොතකට පැතිර යද්දී තමාට ඉහළින් මෙන් හිඳ සිටි පංචිමාගේ වුවන් උපසේනට පෙනී නොපෙනී ගියේය.

ඇත්තෙන්ම ඈ දෙවොලක දේව ප්‍රතිමාවක්‌ මෙන් නොවේද? සරස්‌වතී, පාතිමා, නාග කන්‍යා, කාලී නෑ… නෑ. මේ පංචිමා. පංචිමා දේවතාවිය. ඇගේ හිසදෙපසින් කළු කෙස්‌ කඩා හැලේ – දෙතොල රතුය. දැස්‌ විවරව සුදට පෙනෙයි.

“පං -චිමා . පං- චිමා” උපසේන කියෙව්වේය.

“උ- පා- උ- පා- උ- පා” පංචිමා තාලයකට මැතිරුවාය.

පිටත තවත් විදුලියක්‌ කොටා ගෙරවුමක හඬඇසිණි.

යම්කිසි උත්තේජිත උණුසුමක්‌ උපසේනගේ මුළු සිරුරම වෙලා ගත්තේය.

මොහොතකට අඳුර මැඳින් උපසේනට තම දකණු පා පතුලේ දැනෙන සිහින් කටුවක වේදනා පහස දැනුණි. ඊළඟට තවත් කටුවක්‌ – තවත් කටුවක්‌ – අනතුරුව වම් පා පතුලට කටුවක්‌ – තවත් සියුම් කටුවක්‌. ඒ සියලු වේදනා පහස තත්පරයක්‌ – තත්පරයක්‌ බැගින් පමණයි. ඒ වේදනාවේ යම්කිසි සුවයක්‌.

“රිදෙන්නෙ නෑ නේද?” පංචිමා අසන්නේ ඈත දෙව්ලොවක සිට මෙනි.

“නෑ… හ්”

“රිදෙන්නෙ නෑනෙ?”

“නෑහ්”

උපසේනගේ සිරුරෙහි සියලු වේදනා පහව යමින් සුවයක්‌ දැනෙන්නට විය.

පංචිමා අඳුරේම නාන කාමරයට ගියාය.

දිය මලේ වතුර ගලා යන හඬ උපසේනට ඇසුණි. ඔහු කඩිනමින් ඇඳෙන් නැගිටින්නට තැත් කළේය.

එක්‌වනම දෙපතුලේ කටු ඇනෙන ගතිය දැනුණි.

මේ ගෑනි මගේ පතුල්වල කටුගහලා නාන්න ගියා උපසේන තුළ කෝපයක්‌ උපන්නේය. මේ හද්දා කරුවලේ කෝ අර විදුලි පන්දම?

අපහසුවෙන් ඇඳෙහි හිඳගත් උපසේන ඉදිරියට නැමී දෙපතුල තමා අතට නවාගෙන දෙපතුලෙන් චීන වෙද කටු ඇද දමන්නට වුණේය.

එකයි – දෙකයි- තුනයි – කටු අටක්‌ම?

සුභා වෙත වූ පුළුන් බෝනික්‌කා උසේනට සිහි විය. සුභා මැහුම් මහනවිට ඇල්පෙනෙත්ති ඉඳිකටු ඇන තබන්නේ මේ බෝනික්‌කාගේ පුළුන් බඳේය. තමා දැන් පුළුන් බෝනික්‌කෙක්‌ බටව පත්වෙලා.

කටු ටික අත්ලකට ගත් උපසේන කවුළුව වෙතට ඉවෙන් මෙන් ගොස්‌ ඒ කටු මේසය මතට හෙලුවේය. තවමත් දිය මල ගලයි. චොර – චොර – චොර ඒ හා සමගම රිද්ම තබන වැස්‌ස. වරින්වර කොටන විදුලිය.

උපසේන නිරුවතින්ම දොර වෙතට ගියේය.

දොර අගුල්ලා වසා තිබුණි. තමා නිරුවතිනි!

මතු සම්බන්ධයි….!

භද්‍රජි මහින්ද ජයතිලක

ඉරිදා දිවයින පුවත්පතේ පළවූ සතිපතා කතාවකී

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.