Katha Ahura

මරණයේ දියකදක් | 01කොටස | මරණයේ දියකඩ | හොල්මන් කතා

4.8/5 - (120 votes)

මරණයේ දියකදක් ? 01කොටස

“හෙට්ටිපොල ස්ටෑන්ඩ බහින අය බහින්ඩ….”

කොන්දොස්තරවරයාගේ හඩ ඇහෙද්දියි මලිත්ට ඇහරුනේ. ඔහු තමාට එහාපැත්තෙ වාඩිවී සිටින නංගී චන්දුලී දෙසට හැරුනා. ඇයත් හිටියෙ හොදටම නින්දේ.

“නංගී ,, නංගී නැගිටිනවා අපි බහින්ඩ ඕනා “

මලිත් කීවේ චන්දුලීව හොලවා. ඇයගේ ඇස් ඇරෙන්ඩ එය ප්රමානවත්.

“ඉක්මනට බහින අය බහින්න “

කොන්දොස්ටරවරයා යලිත් කෑ ගැසුවා.

මේ වනවිට කීප දෙනෙක් බසයෙන් බැහලත් ඉවරයි. කලබලවූ චන්දුලිත් මලිතුත් ගෙදර ඉදන් ගෙනාපු දේවලුත් අරගෙන බසයෙන් බැස්සේ අන්තිමේටමයි. එදා හොදටම වැස්ස දවසක් , ඒ වැස්ස හෙට්ටිපොලටත් තිබ්බා. චන්දුලීත් මලිතුත් ඉන් බේරෙන්ඩ සිතා ඉක්මනින්ම තෙමෙන්නැති තැනකට දිවගියා.

ඔවුන් දෙන්න බහිනකම් හිටියා පමනයි. බසය වේගයෙන් ඉස්සරහට ඇද්දුවා. දවල් කාලේනම් බස් ස්ටෑන් එකේ පැය කාලක් පමන බස් එක නවතා හිටියත් රාත්රී 08න් පස්සේ එහෙම බස් බොහෝ වෙලාවක් බස් නැවතුම් පලේ නවතා තියන්නේ නැත. මගින් බැස්සුවා විතරයි බසය ඉස්සරහට අද්දයි. මේ වනවිට රෑ 08 පහුවෙලත් පැය දෙකකුත් ගිහින් ඉවරය.#

“දැන් මොකද කරන්නේ ,, මටත් නින්ද ගියානේ., මට කිව්වේ බහින්ඩ කලින් පොඩි බාප්පට කෝල් එකක් දෙන්ඩ කියලා.”

මලිත්ගේ හඩේ තිබුනේ කනස්සලයක්.

“එහෙම කෝල් එකක් දුන්නනම් පොඩි බාප්පා මෙලහකටත් අපිව එක්ක ගෙන යන්ඩ ටවුමට ඇවිල්ලා ,, ශික් මටත් නින්ද ගියානෙ, දැන්වත් ඉතින් කෝල් එකක් දෙන්ඩ “

චන්දුලී කිව්වා.

මලිතුත් චන්දුලිත් මේ ගමන ආවේ ,, ඔවුන්ගෙ තාත්තාගේ අම්මා නැතිවුන පුවත අසලයි. තාත්තාගේ මහගෙවල් තිබුනෙ හෙට්ටිපොල නගරයට ඇතුලට වෙන්න ගමක වුවත් මලිත්ලා ජීවත් වුනේ ගාල්ලේ බද්දේගමයි.ඊට හේතුවුනෙ ඉතා අවාසනාවන්ත සිදුවීම් පෙලක්.

මලිතුත් චන්දුලිත් කුඩා කාලේ ජීවත් වුනේ තාත්තාත් සමග මේ පෙදෙසේයි. ඒත් මලිත්ට අවුරුද් අට ලැබුවා විතරයි ඔහුගේ පියා මෙලොවින් සමුගෙන ගියා. එතකොට චන්දුලීටත් යන්තම් අවුරුදු පහයි. පියා මියගොස් සිටියේ ඉතාමත් අවාසනාවන්ත විදිහටයි. ඒ ගංවතුර ගලන සමයක ඔයක ගසා ගොස් දියේ ගිලී , එදා මලිත්ගේ තාත්තා විතරක් නෙමේ මලිත්ගේ තාත්තාගේ හොදම යාලුවෙකුත් දියේ ගිලී මිය ##ගොස් සිටියා. ඒ දවස්වල කට්ටිය කතාවුනේ මේ දෙන්නාගෙන් එක්කෙනෙක් දියේ ගහන් යද්දී ඔහුව බේරගන්ඩ ගොස් දෙන්නාම දියේ ගිලී මියයන්ඩ ඇතැයි කියා.

මලිත්ගේ තාත්තා මියගොස් මාස පහක් ගතවෙන්ඩ ඇති. මලිත්ලාට මුහුන දෙන්න සිදුවුනේ තවත් ලොකුම ලොකු අවාසනාවන්ත සිදුවීමකටයි. නිවස පිටුපස තිබූපාලුන් ලිදට වැටී එක්තරා රැයක මලිත්ගේ අම්මා දියේ ගිලී මියගොස් සිටියා.

මලිත්ගේ අම්මා මහරෑ නිවස පිටුපස ලිදට ගොස් ඊට පැන්නෙ ඇයිද කියා එය තවමත් අභිරහසක්.

දෙමව්පියන් අහිමිවුන මලිතුත් චන්දුලිත් තවදුරටත් ඒ නිවසේ නවතාතබාගන්නට මලිත්ගේ අම්මාගේ අම්මා කැමති වුනේ නෑ. ඒ හේතුව නිසයි මලිතුත් චන්දුලිත් මවගේ ගම්පලාත වූ බද්දේගමට පදින්වෙන්න යන්න සිදුවුනේ. ඊට කවුරුවත් විරුද්ද වුනේ ද නෑ. ඊට හේතුව වුනේ මේ පැත්තේ සිටියොත් මලිත්ගෙයි චන්දුලීගෙයි දෙමව්පියන්ට වුනා වගේ අවාසානාවන්ත දෙයක් ඔවුන්ටත්වෙයිද කියා කාගේ කාගෙත් යටි සිතේ බියක්තිබුන නිසා.

අවුරුදු පහලොවක් ගතවුනත් ඒ වගේ අවාසනාවන්ත දෙයක්නම් මලිත්ටයි චන්දුලීටයිනම් සිදුවුනේ නම් නෑ.###
**************************************
” පොඩි බාප්පෙ මමයි නංගියි හෙට්ටිපොලින් බැස්සා ,, අපි දෙන්නාව එක්කගෙන යන්ඩ බාප්පට එන්ඩ පුලුව්න්ද “

මලිත් බාප්පාට ඇමතුමක් දුන්නේ මොනවගේ දෙයක් කියයිදෝ සිතමින්.

“ඇයි බහිනක්ම්ම හිටියේ ,, මගින් කෝල් එකක් දෙන්ඩ තිබ්බානේ “

“නින්ද ගියා පොඩිබාප්පේ ,, කොච්චර වෙලාවක් බස්වල රස්තියාදුවුනාද? ටවුමට ආවට පස්සෙයි ඇහරුනේ.”

“හරි මම එන්නම් ,, හැබයි පොඩි අවුලක් තියෙනවා “

” ඒ මොකක්ද ඒ “

මලිත්ට දැනුනේ කුතුහලයක්.

“මේ වැස්සට කොලමුනු ඔය ගලලා ,, එතනින් බයික්වලට එන්ඩ බෑ, ඔයයි නංගියි ඔයෙන් එතෙර වෙලා අනිත් පැත්තට එන්ඩ වෙනවා.,, පුලුවන්ද ,, ටවුමේ ඉදන් කොලමුනුඔය ලගට හැතම්ම කාලක්වත් නෑනේ “

“අපිව ගහගෙන යයිද දන්නේ නෑ “

මලිත්ට දැනුනේ පුංචි බියක්. ඔහුගේ පියාද මියගියේ ඔය කියන ඔයේ ගසා ගොස් දියේ ගිලිලයි.

“ආ එහෙනම් ඔය දෙන්නා ඔයෙන් එගොඩ ####වෙන්ඩ එපා . මම එනකම් ඉන්න ,,,ඔය ලගට ඇවිල්ල ඉන්ඩ.”

“හා බාප්පේ අපි එහෙම කරන්නම් ,, ඉක්මනට එන්ඩ “

” හා”

මලිත්ගේ බාප්පා ඊට පසු කතා කලේ නෑ , මලිත් චන්දුලි දෙසට හැරුනා.

“නංගි අපි දෙන්නට පයින් ටිකදුරක් යන්ඩ වෙනවා “

“ඒ මොකද ඒ ,, පොඩිබාප්පා මොනවද කිව්වේ “

චන්දුලීට දැනුනේ කුතුහලයක්. මලිත් බාප්පා කියපුදේ නැගනියට විස්තර කලා.

” එහෙනම් ඉතින් මොනව කරන්ඩද , යමු”

චන්දුලී කුඩය ඉහිලුවේ තවමත් වැහි බිදු වැටෙන නිසා.

මහ රෑ සීතල වැස්සෙ නැගනියගේ කුඩය යටට මලිත් රිංගුවේ ඒ ඔයලගට පයින් යන්න අරමුනු කරගෙන.**************************************ඊලග කොටසට Maranaye Diyakadak

රාස් ( සාගර සම්පත් )

6 thoughts on “මරණයේ දියකදක් | 01කොටස | මරණයේ දියකඩ | හොල්මන් කතා”

  1. K.K.Damayanthi

    නියමයි… රාස්ගෙ කතාවක්….
    එහෙනම් ඉතින් නියම හොල්මන්ම තමයි……..
    ???????????
    බය එක්ක ලොකු පුදුමයක් ඉතුරු වෙයි හැම කතාවෙම….
    ??????????
    ආරම්භම පුදුමයක් තිබ්බා…..
    ??????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.