Katha Ahura

මරණයේ දියකදක් | 04කොටස| හොල්මන් කතා

3.2/5 - (4 votes)

මරණයේ දියකදක් ? 04 කොටස

” අනේ අයියේ “

චන්දුලී කනේ ගසා සිටි හෑන්ඩ් ෆ්රී එක ගලවා අයින් කෙරුවේ විදුලි සැරයක් වැදුන වගේ. මලිත්ගේ අත හයියෙන් අල්ලගත්තේ ඉමහත් භීතියෙන්.

“මොකද මොකද නංගි මේ ,, ඔයා බයවෙලා ඔච්චර “

නැගනියගේ හැසිරීම මලිත්ට එක්කලේ පුදුමයක්.

“මම phone එකෙන් සින්දුවක් අහන්ඩ හිතල සින්දුවක් දැම්ම විතරයි,,, ඒකෙන් ඇහුනේ , ගෑනු කෙනෙක් බය හිතෙන විදිහට හිනා වෙන හඩක්,,අනේ අයියේ මට බයේ බෑ “

“එහෙම දෙයක් වෙන්ඩ බෑනේ ,, ඒ ඔයාට හිතෙන හැටි වෙන්ඩ ඇති.,, අනික ඔයා මේ විකාර දේවල් හිතල හිටියෙත් බයෙන් බයේනේ “

“නෑ එහෙම දෙයක් ඇහුනමයි, “

“මෙන්න මේ වතුර බෝතලෙන්වතුර ටිකක් බොන්ඩ ,, ඔය බය අඩුවෙයි.”

මලිත් බෑගය ඇර වතුර බෝතලය ගෙන චන්දුලීගෙ අතට දුන්නා.

“අයියේ අපි මේ ත්රීවීල් එකෙන් බැහල පයින් යමු “
චන්දුලී එක කිව්වේ මලිත්ට විතරක් ඇහෙන විදිහට.

“මොකද නංගී බයවෙලා ,, මොනවද එයා කියන්නේ ” #

මලිත්ට පිලිතුරක් දෙන්ඩ ලැබුනේ නෑ.,,ඉස්සරහින් ඇහුනේ ත්රීවීල් කරුවාගේ හඩයි.

“ආ නෑ නෑ ,, මේ නංගිට phone එකෙන් අමුතු හඩක් ඇහිලා ,, ඒකට බයවෙලා “

“ඒකෙන් මේකෙන් මට අර කතාවත් කියන්ඩ පරක්කු වුනා නේද “

“ඒක දැන් කියන්ඩ එපා ,,, ඒක ඇහුවොත් නංගි දැන් බයවෙලා තියෙන හැටියට තවත් බය වෙයි.”

“අනේ ඔව් ඔය කතාව කියන්ඩ එපා “

චන්දුලී කියද්දී ත්රීවීල් කාරය හිනාවුනේ සුපුරුදු විදිහටම හඩ නගා.

“ඇයි හිනාවෙන්නේ “

මලිත්ට ඒ හිනාව ඇල්ලුවෙ නෑ.

“නෑ මට හිතෙන්නෙ කතාව අහන්ඩත් කලින් නංගි විතරක් නෙමේ , අයියත් හොදටම බයවෙලා වගේ. නේද නිලන්ති”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්”

නිලන්ති සුපුරුදු හඩ පිට කරද්දී මලිත්ට දැනුනෙ කෝපයක්.

“අනේ මමනම් ඔය බහුබූත කතාවලට බයවෙයි. ඒත් අපේ නංගි ඔය බහුභූත කතා විශ්වාස කරනවනේ. එයා බයවෙන හින්දයි මම කිව්වෙ ,, මම බයකරන්ඩනම් ඔය කතාවලට බෑ”

“පුරසාරම් කතා ඔයත් බයයි, නංගිගෙ මුවාවෙන් ඔයා හදන්නෙ මම කියන්ඩ හදන කතාව නතර ##කරන්ඩ හදන එක “

“හරි ඔය කතාව කියල ඉවර කරන්ඩ කොච්චර වෙලාවක් යනවද “

මලිත් ඇසුවේ ඒකතාව අහන්ඩ හිතන්.

“ඕන්නම් පැය කාලක් යයි. නේද නිලන්ති”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්”

නිලන්ති කියද්දී මලිත් බැලුවේ චන්දුලීගේ දිහා.

“නංගි ඔයා අර කියන්ඩ යන කතාව අහන්ඩ බයයිනම් ,කන් දෙකට ඇගිලි ගහගෙන ඉන්ඩ ,, එතකොට ඇහෙන්නෙ නෑනේ , “

ත්ර්රීවීල් කාරයායි නිලන්තියි එක්ක තියෙන තරහ මලිත් පිටකලේ චන්දුලීට.

“නියම කොල්ලෙක් , එහෙනම් මම කතාව කියන්ඩයි යන්නේ ,, බයවුනොත් ඔට්ටුව් පරාදයි. ඔට්ටුව මොකක්ද කියල බලන්ඩ පුලුවන් හරියටම රෑ දොලහට “

ත්රීවීල් කාරයා යලිත් වතාවක් එය මතක් කලා.

මලිත් phone එකෙන් වෙලාව බැලුවා තවත් වතාවක්. ඒ වෙද්දී වෙලාව සටහන් වෙලා තිබ්බේ රෑ එකොලහයි හතලිස් හතර විදිහට. ඔට්ටුව මොකක්ද කියල බලන්ඩ තව විනාඩි දාසායක් ඉන්න ඕනා.

දැන් කොයිහරියේද ගමන් කරන්නේ කියලා මලිත් ත්රීවීල් එකෙන් එබී බැලුවා. මේ යන පාර මලිත්ට දැන් ලාවට ලාවට වගේ මතකයි. මේ පාරේ කෙලින්ම ගියොත් වැටෙන්නෙ මදුල්ල ###කියන ගමේ තුන්මන් හංදියකට බව මලිත්ට සිහිපත් වුනා. ගනේගමට යන්ඩනම් ඒ තුන්මන් හන්දියෙන් දකුනට හැරෙන්ඩ ඕන් කියලත් ලාවට වගේ මතකයක් මලිත්ට නොතිබුනා නොවේ. සමහර විට ත්රීවීල් කාරයා හිතන් ඉන්නේ එහෙම ගනේගමට යන්ඩ වෙන්ඩ ඇති.

මලිත් එහෙම හිතද්දී ත්ර්රීවීල් කාරයා අර කතාව කියන්ඩ කටහඩ අවදි කලා. මොකක් කිව්වත් පොඩ්ඩක්වත් බයවෙන්නෙ නෑ කියලයි මලිත් ඒ වෙලාවේ හිතුවේ. ඒත් චන්දුලීනම් හිටියේ ඒකේ අනිත් පැත්ත. ඇය හිටියේ හොදටම බයෙන්. මලිත් කිව්වට ඇය කන්දෙකේ ඇගිලි ගහගත්තේ නෑ.

“ඔන්න එහෙනම් මම ඒ කතාව කියනවා “

ත්රීවීල් කාරය ඒක කියල කට ගන්ඩ හම්බවුනේ නෑ. විශාල අකුනක් ලගින්ම ගැහුවේ මලිට්ගෙයි චන්දුලීගෙයි කන්බීරි කරමින්. ඒඅකුන හරියට සමාන වුනේ මලිත්ලාට මේ ත්ර්රීවීල් එක හම්බවෙන්ඩ මොහොතකට පෙර ඔය ලගදී ගහපු අකුණ වගේ.

ඒ සමගම ත්රී වීල් කාරය අර කතාව කියන්ඩ පටන් ගත්තා.

“මේ කතාවේ ප්රදාන චරිතේ තමා පාලිත. එයා වැඩ කෙරුවේ කොලඹ , පාලිතට හිටියා ලස්සන බිරිදක් , පාලිත ආදරේට බිරිදට කිව්වෙ නිලා ####කියල. ඒත් ඇත්තම නම නිලා නම් නෙමේ ,, වෙන නමක්. පාලිතයි , එයගේ බිරිදයි එකතුවෙල ගොඩක් කාලයක් මහන්සිවෙලා සල්ලි හම්බ කෙරුවා. පාලිත කොලඹ මුදලාලි කෙනෙක් යටතේ ලොරියක් එලවද්දී , පාලිතගෙ බිරිද ගාමන්ට් එකක මැහුවා. දෙන්නගෙන් කවුරුවත් ඕනාවට වඩා වියදන් කලේ නම් නෑ. ඒ හින්දම මේ දෙන්නට ගොඩක් සල්ලි ඉතිරි කරගන්ඩත් පුලුවන් වුනා. එත් මේ දෙන්න හිටියේ ගොඩක් කනස්සල්ලෙන් ,, ඒකට හේතුව වුනේ පාලිතගේ බිරිදට දරුවෝ නැති එක. එහෙම වුනාට කවදාවත් මේ දෙන්න රණ්ඩු වුනේ නම් නෑ.”

ත්රී වීල් කාරය කියපු ඒ ටිකනම් මලිත් අහන් හිටියේ වැඩි ඕනාකමින් නෙමේ.

“පාලිතත් නිලත් බැදල අවුරුදු පහක් ගියාට පස්සේ පාලිතගේ බිරිදට බබෙක් ලැබෙන්ඩ ලකුනු පහල වුනා ඒ දෙන්නම පුදුමයට පත් කරලා .ඒ ගැන දෙන්නම හිටියේ ගොඩක් සතුටින්. ලැබෙන්ඩ ඉන්න දරුව ගැන හිතලම පාලිතට ඕන උනා කොලඹ ජීවීතේට සමුදෙන්න. එයාට ගමේ තිබුනා අක්කර බාගයක විතර ඉඩමක්.පාලිතට ඕන වුනේ බිරිදට දරුව හම්බවෙන්ඩ කලින් ඒ ඉඩමේ මැටියෙන් පොල් අතුගෙයක් හරි හදන් #####බිරිදත් එක්ක ඒකෙ පදින්චි වෙන්ඩ. බිරිදත් ඒකට කැමති වුනා. ඒත් ගමේ ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද ? පාලිතට තිබුන ප්රශනය ඒකයි.

අවසානේ පාලිත තීරනයක් ගත්තා, ඒ හයර් කරන්ඩ හිතන් ත්රීවීල් එකක් ගන්ඩ .”

චන්දුලීගේ නලලත් එක්ක රැලිවුනා ත්රී වීල් යන වචනය ත්රීවීල් කාරයාගෙ කටින් පිටවෙනවාත් සමග. මලිත්ට විතරක් නෙමේ ඇයටත් මේ කතාව දැන් අකමැත්තෙන් හරි අහන්ඩ සිද්දවෙලා.**********************************ඊලග කොටසට Maranaye dhiyakadhak

ත්රී වීල් කාරය කියන කතාව හොල්මන් කතාවක් බවට පත් වෙන්නෙ කොහොමද කියල ඊලග කොටසින් බලමු. අනුමාන කරන අය කරන්ඩ අනුමාන.

කතාව කියවල ලයික් එකක් දීල කොමෙට් එකක් කොටන් යන්ඩ අමතක් කරන්ඩ එපා. කතාව කියවන්ඩ කට්ටිය බය හින්දද ?නැත්නම් කතාව හොද නැති හින්දද දන්නෙ නෑ , ලයික් කොමෙට් සෑහෙන්ඩ අඩුයි……..???????????????


රාස් ( සාගර සම්පත් )

5 thoughts on “මරණයේ දියකදක් | 04කොටස| හොල්මන් කතා”

  1. K.K.Damayanthi

    දැන් තමා කතාවෙ හොදම හරිය පටන් ගන්නෙ……
    අම්මෝහ් බය නම් නියමෙට තියෙනවා ….. කතාව ඉවර වෙනකොට මලිත් අනිවාරෙන්ම බය වෙයි කියලයි මට හිතෙන්නෙ…. නැත්නම් අර කොලේ බලන්න වෙන්නෑනේ… අනිත් එක තුම්මන්හංදියෙන් හැරෙන්නෙ දකුනටත් නෙමෙයි කියලා මට හිතෙනවා . … ඉතුරු කොටස දස්නකම් ඉවසිල්ලක් නෑ…

  2. Chathu indeewaree

    ගොඩාක් ලස්සනයි කතාව. බය හිතෙනවා ගොඩාක්. ???????ආසයි මම මේ වගේ කතා වලට.තව ටිකක් බය හිතෙන විදියට ලියන්නකෝ. ඔයාගේ කතා ගොඩාක් ලස්සනයි රාස්.. සුබ පතනවා ඔයාගේ මේ හැකියාවට.

  3. Chathu indeewaree

    වීල් එකේ යන ඩ්‍රයිවර් එයාගෙයි නිලන්තිගෙයි ජීවිත කතාව කියන්න යන්නේ මේ. නිලා කියලා කීවේ නිලන්ති නොකියා. මලිත්ගේ තාත්තයි තාත්තගේ යාළුවයි මේ දෙන්නව මරන්න ඇයි අර ගමේ ඉඩම වෙනුවෙන්. ඒ නිසා මේ අය අර දෙනගෙන් පළිගත්තේ එව්දෙන්නව මරලා. ඒකෙන් නතර නොවී මලිත්ගෙ අම්මවත් මැරුවා . දැන් එයාලගෙ දරුවෝ වුණ චන්දුලියි මලිත්වයි මරන්න සූදානම්..මෙයාලා ඒ වෙනුවෙන් ගොඩාක් කල් බලාගෙන ඉඳලා තුයෙනවා. මොකද මේ දෙන්නාගමෙන් පිට වෙලා හිටිය නිසා. ඒ නිසා තමයි එදා රෑ චන්දුලී එහෙම වීල් එකට නැඟලා කතා කර කර යද්දී මේදවස එනකල් ගිඩාක් කල් බලාගෙන හිටියා කියලා කීවේ. අනේ ඒත් දෙමව්පියන්ගේ වැරදි වලට මේ අහිංසක අයියගෙනුයි නංගිගෙනුයි පලිගන්න ඉඩ තියන්න එපා. ප්ලීස් රාස්….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.