Katha Ahura

මරණයේ දියකදක් | 03කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

මරණයේ දියකදක් ? 03 කොටස

ත්ර්රීවීල් එක මහ වැස්සේ පාලු වෙල් යාය මැද්දෙන් ඉස්සරහට ගියා. ඉන් නැගුනේ ගොඩ ගොඩ ගගා අබලන් වූ හඩක්. ත්රීවීල් එක ඇතුලෙන් මලිත්ගෙයි චන්දුලීගෙයි නහයට දැනුනේ හරිම අසාමන්ය සුවදක් , ඒ සුවද හරියට සමාන වුනේ මීනී එම්බාම් කරන විට එන සුවදක් වගේ. ත්රීවීල් එක පිටිපස්සෙ තිබුනේ කට්ට කරුවලක්. වෙන් තීරීවීල් වල තියෙන ලයිට් එක මෙහි තිබුනේ නෑ. ලග හිටපු නැගනියත් මලිත්ට පෙනුනේ ලාවට් වගේ.

“ඔයා ජයන්තගේ පුතෙක්ද “

ත්රී වීල් කරුවා කටහඩ අවදි කලේ ටික දුරක්ගොසින්. එය ඇහෙද්දී මලිත් විතරක් නෙමේ චන්දුලිත් පුදුම වුනා.

“ඔව් ඒ අපේ තාත්තා තමා, ඔයා අපේ තාත්තාව දැනගෙන හිටියද, කොහොමද මම එයාගේ පුතෙක් කියලා හොයාගත්තේ “

මලිත් අසද්දී ත්රීවීල් කරුවා හිනාවුනේ හරි අමුතු විදිහකට.

“මට හිතුන ඔයාගේ මූන දකිද්දි, මැරුන ජයන්තගෙ කපාපු පලුවක් ඔයා. ජයන්ත ගැන විස්තර මම ඕන තරම් කියන්ඩ පුලුවන්. ජයන්තට හිටියේ මල්ලිලම තුන්දෙනෙක් ,, බාලම මල්ලී මහණ වුනා. මම හරිනේ.”#

“ඔව් , ඒක ඇත්ත. චූටි බාප්ප මහන වුනා තමා”

“ජයන්ත මැරුනේ ,, මේ වගේම වහින දවසක. කොලමුනු ඔයේ වතුරෙ ගහගෙන ගිහින්.එදා ජයන්තගෙ හොදම යාලුවා අනුරත් ඒ ඔයේම ගහගෙන ගිහින් මැරුනා. දැන් ඒක වෙලත් අවුරුදු පහලොවකටත් වැඩී. එතකොට ඔයාට අවුරුදු අටයි. ඔයාගේ නංගිට අවුරුදු පහයි. ඊට පස්සේ මාස පහක් ගියේ නෑ ඔයාගේ අම්මා ගේ පිටිපස්සෙ ලිදෙ ගිලිල මැරුනා. ඊට පස්සෙ ඔයයි නංගියි අම්මලගෙ ගමට ගියා. ඒ කියන්නෙ ගාල්ලේ බද්දේගමට මම හරිනේ.”

“ඔව් ,, ඔයා ඒ ගැන හරියටම දන්නවනෙ “

මලිත්ට දැනුනේ පුදුමයක්. ත්රීවීල් කරුවා ඒ දේවල් පවසන්නෙ අකුරක්වත් වැරදෙන්නෙ නැතුව. හරියට දේව ආරූඩයෙන් සාස්තර කියනව වගේ. මලිත්ට සිතුනේ එහෙමයි.

“අපි තරම් ඒ ගැන කවුද වෙන දන්නෙ නේද නිලන්ති “

“හ්ම්ම්ම්ම්ම්ම්ම්”

නිලන්තිගේ හඩින් පිටවුනේ සුපුරුදු හඩමයි.

“මට හිතෙන්නෙ ඔයා අපේ තාත්තලාගෙ මහගෙවල් කිට්ටුව වෙන්ඩ ඇති නේ , නැත්නම් කොහොමද මෙච්චරම විස්තර දන්නෙ අපි ගැන.”

“නෑ අපි ජයන්තලගෙ මහගෙවල් තියෙන් පැත්තෙනම් නෙමේ ,, ඒ ගමට අල්ලපු ගම් ##දෙකකට එහා, ඒත් මම ජයන්ත ගැන හොදට දන්නවා “

මලිත් අහපු දේට ත්රීවීල් කරුවා කිව්වා. ඔහු ත්රීවීලය එලවන්නෙ හරිම හෙමින්. මෙහෙම ගියොත්නම් තාත්තාගේ මහගෙදර යද්දී පැයකටත් වැඩිකාලයක් යාවී. මලිත්ගේ සිතට දැනුනේ කනස්සලු ගතියක්.

“ඔය දෙන්නට බය හිතුනෙ නැද්ද , මේ වගේ මග වැස්සක මහ රෑ අර වගේ ඔයකින් එගොඩ වෙන්ඩ ,, අනික කවුරුවත්ම නැති වෙලාවක “

ත්රීවීල් කරුවාම යලිත කතා කලා.

“නෑ මටනම් එහෙම බයක් දැනුනේ නෑ, නංගිනම් බයයි ඒ වගේ තැන්වලට ,, ඒත් මම නම් බය නෑ, අනික මොකටද බයවෙන්නේ”

මලිත් කිව්වේ phone , එකෙන් වෙලාව බලන ගමන්. ඒ වෙලාව වෙලාව කියාපෑවේ රෑ එකොලහයි විසි අටයි ලෙස.

“නෑ ඔය වගේ වෙලාවට වතුර ගලන තැන්වල වැඩිවෙලාවක් ඉන්ඩ හොද නෑ”

“ඇයි”

“ඒ වගේ වෙලාවට , ඒ වගේ තැන්වල හරියට නරක ආත්ම ගැවසෙනවා, ඒ අය ගොඩාක් ශක්තිමත් එතකොට, සමහර නරක ආත්ම හරිම වෙනස් , ඒ අය කරන්නෙ තමාට කරපු කරදරය කියලම ඒ මනුස්සයන්ව මරන එක.අනිවාර්යෙනම් මනුස්සයෙක් දැක්කම හදන්නෙ කොහොම හරි එයාට අනතුරක් කරන්ඩමයි . සමහරවිට ඔයාලගේ තාත්තටයි එයාගේ ###යාලුවටත් වෙලා තියෙන්නෙ එහෙම දෙයක් වෙන්ඩ පුලුවන්.”

ත්රීවීල් කාරය එහෙම කිව්වේ හරි අමුතු විදිහකට. මලිත්ටමන් දැනුනේ ඒක විකාරයක් වගේ. ඒත් චන්දුලීනම් එක ඇහෙද්දී හොදටම බය වුනා. කිටි කිටියේ තම සොහොයුරාගේ අත අල්ලගත්තෙ ඒ නිසා.

“ඒ කියන්නෙ අපේ තාත්තා මරල තියෙන්නෙ හොල්මනක්ද, මම නම් ඕවා විශ්වාස කරන්නෙ නෑ. අනික හොල්මන්ට වෙන වැඩ නැද්ද මිනිස්ස්සුන්ව මර මර ඉන්ඩ තරම්”

මලිත් කිව්වේ සමච්චලේට වගේ.

“සමහර මිනිස්සු මැරෙනකොට පලි ගැනීමේ චේතනාව ඇතිවෙනවා. ඊට පස්සෙ ඒ අය නරක ආත්ම වෙල ඉපදෙනවා. ජීවත්වෙලා ඉන්න කාලේ කරදර කරපු උන්ට වෙලාවක් ආපු ගමන් ඒ නරක ආත්ම කරන්නෙ කරදර කරන්ඩ. මරන්ඩ උනත් පුලුවන්. එහෙම මරන්ඩ හොදම තැන් තමා ඔයා දිය පිරුණු ගන්ගා ඔයවල් වැව් ලිං පතස්,, එවාගේ ගිල්වල මරණ එක ඒ නරක ආත්ම වලට මහලොකු දෙයක් නෙමේ.”

“එහෙම ඉතින් අපේ තාත්තත් ඔය විදිහට නරක ආත්මයක බලපෑමක් එල්ලවෙන්ඩනම් කාටහරි කරදරයක් කරන්ඩ එපායැ. ඒ කරදරේ විදපු මිනිහ මැරෙන්ඩත් ඕන ,,ඊට පස්සෙ නරක ආත්මයක් ####වෙලා ඉපදෙන්ඩත් ඕන, මම දන්න තරමටනම් අපේ තාත්තා කාටවට් කරදර කරල නෑ.”

මලිට් කියපු දේට ත්රීවිල් කරුව කලේ හිනාවීම.

“ඒ ඔයා දන්න හැටිනේ. තාත්තා මොන වගේ කෙනෙක්ද කියල ඔයා කොහොමද දන්නෙ , තාත්තා මැරෙනකොට ඔයාට යන්තම් අවුරුදු අටයි.”

“මගේ තාත්තා නරක කෙනෙක් නෙමේ , එයා හොදයි.”

මලිත්ට දැනුනේ කෝපයක්. මේ මිනිහට වෙන කියන්ඩ දේවල් නැද්ද , මේ බහුබූත දොඩවන්නෙ.

“හරි අපි එහෙම හිතමු , ඒත් මමනම් අනන්තවත් අහල තියෙනව අර වගේ කතා”

“මොන කතාද”

“අර කලින් කිව්වා වගේ ජීවත්වෙලා ඉන්නකොට කරදර කරපු අය මැරිල , නරක ආත්ම වෙලා ඉපදිලා පලිගත්තු කතා. මම විතරක් නෙමේ , මේ නිලන්තිත් දන්නවා. නේද නිලන්ති.”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්”

*** නිලන්ති සුපුරුදු හඩ පිට කලා. මලිත්ටනම් දැන් මේ ත්රීවීල් එක එලවන පුද්ගලයයි. ඉදන් ඉන්න කාන්තාවයි දෙන්නම පෙනුනේ අමුත් ලොවකින් ආපු දෙන්නෙක් වගේ. නිලන්ති අහන හැමදේටම කරන්නෙ හ්ම්ම්ම්ම් ගාන එක #####විතරයි.එතනින් එහාට එක වචනයක්වත් කිව්වේ නෑ.

මලිත් ත්රීවීල් එක දැන් පසු කරන්නෙ කොහෙද කියලබැලුවා. දැන් අර විශාල වෙල් යාය පහුකරලනම් ඉවරයි. දැන් ඔවුන් ගමන්කරන්නේ ගම්මානයක් මැදින්. ඒත් ඒ මුලු ගමම තිබ්බෙ අදුරේ. මලිත්ට හැගුනේ ඒසේ වෙන්ඩ ඇත්තේ විදුලිය විසන්දි වෙල නිසා කියලයි.

“ඔයා දන්නෙ නැද්ද ඒ වගේ හොල්මන් කතා, ,,,,,,,,මිනිස්සුන්ව හොයාගෙන ඇවිල්ල ඒ අයගෙන පලිගත්ත කතා .”

ත්රීවීල් කරුව මලිත්ගෙන් ඇසුවා.

“නෑ මම දන්නෙ නෑ , අනික් මම කිව්වනෙ මම ඕව විශ්වාස කරන්නෙ නෑ කියලා , හොල්මන් කියල දෙයක් නෑ.”

මලිත් කිව්වෙ නොරිස්සුම් ගතියෙන්.

“ඔයා හෙන් නිර්භීත කිසිම දේකට බය නැති කොල්ලෙක් වගේ., ඒකනෙ හොල්මන්වලට බය නැත්තේ “

“බය වෙන වෙලාවල් තියෙනව ඒත් , ඔය කියන හොල්මන් වලටනම් මම බය නෑ, ඕන්නම් මහ රෑ දොලහට මිනිපිටියක තනියම වුනත් මට ඉන්ඩ පුලුවන්. මොකද ඔය කියන හොල්මන් කියල ජාතියක් නැති හින්දා “

මලිත් කියපු දේට ත්රීවීල් කාරයා කාලේ හිනාවීම ##### #පමනයි.

“ඇයි හිනාවෙන්නේ “

මලිත් ඇහුවේ පුදුමයෙන්.

“නෑ මට මේ දැන් හිතුන හොල්මන් කතාව එහෙම ඔයා ඇහුවොත් එහෙම අනිවාර්යෙන්ම බයවෙනවා , ඒක කිරිගහට ඇන්න වගේ හරි. මේ කතාව අහපු ඔය බය නෑ කියපු ඕක්කොම කට්ටිය බයවුනා. අයියෝ ඒකට්ටියට වුන දේ , නේද නිලන්ති.”

ත්රී වීල් කාරය ඒක කියල මහ හයියෙන් හිනා වුනා. පුදුමය වුනේ ඒක නෙමේ මෙච්චර වෙලා හ්ම්ම්ම්ම් ගගා හිටි අර කාන්තාවත් ඒ හිනාවට එක්වෙලා හිටිය හින්දා. මලිත් පුදුම වෙද්දී බයෙන් ගැහි හැහී හිටි චන්දුලීගේ ඒ බය දෙගුන තෙගුන වුනා.

“ඔය කවුරු බය වුනත් මම නම් ඔය කතාවලට බය වෙන කෙනෙක් නෙමේ “

මලිත් කිව්වෙ තිර හඩින්. ඔහු phone එකෙන් වෙලාව බැලුවා තවත් වතාවක්. වෙලාව කියා පෑවේ රෑ එකොලහයි තිස් හයයි ලෙස.

“හරි එහෙනම් ඔට්ටුවක් අල්ලමුද මේ කතාව ඇහුවට පස්සෙ ඔයා හොදටම බයවෙනවා “

“ඕන ඔට්ටුවක් මම නම් බය වෙන්නෙ නෑ හැබැයි සල්ලිනම් බෑ , කරන්ඩ පුලුවන් එකක් වෙන්ඩ ඕනා.”

“හරි එහෙනම් ඔට්ටුවක් තියමුද ? මේ සල්ලි ඔට්ටුවක් නෙමේ “##### ##

“හා , එහෙනම් තියමු ,,,,මොකක්ද ඔට්ටුව , ඔයාම කියන්ඩකෝ”

ත්රී විල් කරුවා ත්රීවීලය මදකට නැවත්තුවා. ඊට පස්සෙ ඔහු කලේ කොලයක් ගෙන පෑනකින් මොනවද ලියන එක. ඒ කොලේ කීප පාරක් නමල මලිත් අතට දුන්නෙ මලිත් පුදුමෙන් බලන් ඉද්දි.

“මොකක්ද මේ කොලෙ ලිව්වේ “

මලිත් ඇහුවේ කුතුහලයෙන්.

“ඔය කොලේ මම ලිව්ව , කතාව ඇහුවට පස්සෙ බයවුනොත් කරන්ඩ ඕන දේ ,, ඒ කියන්නෙ ඔට්ටුව, හැබයි ඔට්ටුව මොකක්ද කියල දැන්ම බලන්ඩ බෑ , ඒක බලන්ඩ පුලුවන් හරියටම රෑ දොලහට “

” රෑ දොලහට ඒක මාර ඔට්ටුවක්නේ , එහෙම ඔට්ටු අල්ලන සිරිතක් තියෙනවාවැයි.”

ඊටත් ත්රීවීල් කරු ප්රචිචාර දැක්වුවේ හිනාවෙලා.

“හරි දැන් ඔයා කිව්වනෙ මොන හොල්මන් කතාව කිව්වත් බය වෙන්නෙ නෑ කියලා, ඉතින් ඔය ඔට්ටුව මොකක් වුනත් ඔයා ඒක දිනුම්නේ , නේද , ඒ හින්ද දොලහට බැලුවත් දැන් බැලුවත් වෙනසක් නෑ. නේද….”

“හා මම දොලහට බලන්නම් ඒක , දැන් කතාව කියන එක කෙසේ වෙතත් ඕක ස්ටාට කරගෙන ##### ###යමු.”

**** මලිත් කියූ පමනින් ත්රීවීල් කරුව ත්රීවීල ය ස්ටාට් කරගෙන ඉස්සරහට ගියා.

“අනේ මටනම් බෑ ඔය හොල්මන් කතා අහන්ඩ , මේ මහ රෑ , මහවැස්සෙ හොල්මන් කතා අහන්ඩ , මම බයවෙලාම මැරෙයි. මේ දැනටත් මම ඉන්නෙ බයේ ගැහි ගැහී. “

චන්දුලී කිව්වේ අසරණ හඩින්. මේ වෙන දේවල් වලට ඇය පොඩ්ඩක්වත් කැමති නෑ.

” ඔයා ඔයාගේ phone එකෙන්හෑන්ඩ් ෆ්රි වලින් සින්දුවක් අහන්ඩ , එතකොට ඒ කියන දේවල් ඇහෙන්නෙ නෑනේ , ඔය බයත් එතකොට අඩුවෙයි.”

මලිත් එහෙම කියද්දී ත්රීවීල් කරු ත්රීවීලය අතුරු පාරකට හැරෙව්වා. මලිත්ට දැනුනේ ඒ ගැන නොසන්සුන් බවක්.

“ඔය පාරෙන් නෙමේනේ ගනේගමට යන්නේ.”

“ගනේගමට මේ පාරෙනුත් ගියෑකි. අර පාර මේ දවස්වල වහල “

ත්රීවීල් කරු කිව්වේ ත්රීවීලය ඒ පාරේ මද දුරක් පදවන් යමින්.

“ඇයි ඒ “

“මේ දවස්වල් ඒ පාර හදනවා පාර මැදට ලොකු බොරලු පස් ගොඩවල් ගහල ත්රීවිල් වලට කොහොමවත් යන්ඩ බෑ”

“ඒකත් එහෙමද”##### ####

දැන් ඔවුන් ගමන් කරමින් සිටින පාර සෑහෙන්ඩ අබලන් පාලු වලවල් සහිත පාරක් කියා මලිත්ට වැඩි දුරක් යන්නට මත්තෙන් තේරුනා. ආසාවට ගෙයක් දොරක් නෑ. වැස්සත් නවතින පාටක් තවමත් නෑ. එයත් ඒකාකාරීව එක දිගට ඇද හැලේ.

“කතාවෙන් කතාවෙන් මට අර කියන්ඩ හිටිය හොල්මන් කතාවත් කියන්ඩ බැරිවුනානේ. මේ කතාවේ තියෙන්නෙ ජීවත්වෙලා ඉන්න කාලේ කරදර කරල මරලා දාපු දෙන්නෙක් මැරිලා නරක ආත්ම ලබල අර කරදර කරපු අයව මරල දාපු හැටි. මේ නපුරු ආත්ම මරල දැම්මෙ කරදර කරපු අයව විතරක්ම නෙමේ , ඒ කරදර කරපු අයගෙ ගෑනි දරුවො ඒ සේරම මරල දාල පලි ගත්තා , නේද නිලන්ති..”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්”

ඇහුනේ නිලන්තිගේ සුපුරුදු හඩයි.

“අනේ මටනම් බෑ ඔය කතාව අහන්ඩ “

චන්දුලී phone එකගෙන හෑන්ඩ් ෆ්ර්රී එක ගෙන කනේ ගසා ගත්තේ සින්දුවක් අහන්ඩ හිතන්.##### #####

“බුවා………..හ් ,,,,,, හහ් හහ් හහ් හා…………………”

චන්දුලීට ඇහුනේ කාන්තාවක් වියරු ලෙස හිනා වෙන හඩක් , ඇයගේ මුලු ඇගම හිරිවැටී ගියා ඒ හඩ ඇහෙනවාත් සමග.*********************************ඊලග කොටසට Maranaye dhiyakadak

මොකක්ද ත්රී වීල් කරුවා කොලෙ ලියපු ඔට්ටුව, ඔහු කියන කතාව මොකක්ද?, චන්දුලිට ඇහුන හඩ මොකක්ද ?

කියල ඊලග කොටසින් බලමු. අනුමාන කරන අය අනුමාන කරන්ඩකෝ.

කතාව කියවල ලයික් එකක් දීල කොමෙට් එක්ක කොටන් යන්ඩ අමතක කරන්ඩ එපා.??????????????

රාස් ( සාගර සම්පත් )

8 thoughts on “මරණයේ දියකදක් | 03කොටස | හොල්මන් කතා”

  1. K.K.Damayanthi

    අම්ම්මෝ ඒක… ඇග හිරි වැටෙනවා අනේ…….. නියමෙට තියෙනවා කතාව…
    ??????

    ගුඩ් ලක් …….

  2. nayomi nadeera

    Malithge thaththa 3wheel eka elawana kenai, eyage wifewai maranna athi.. ekata paliganna eyala holman wela malithge thaththa maranna athi ? kathawa niyamai ?

  3. Kumarasinghe

    අනෙ අම්මෝ අදනම් නින්ද යන එකකුත් නෑ ඔහොමත් බය කරනවද අයියෝ අනේ කෙල්ලයි,කොල්ලටයි මුකුත් කරන්න එපා ???????

  4. අනේ එතකොට එයාලගෙ තාත්තද දෙන්නව මරලා තියෙන්නේ………….

    ඔට්ටුව නම් හිතාගන්න බෑ……චන්දුලී බය උනේ නම් අර ගෑනු කෙනා හිනා වෙද්දි වෙන්න ඇති

  5. Umesha dulanjali

    ඔට්ටුව පැරදුනොත් මරණය කියල⁣ා වෙන්න ඇති කොලේ ලියලා තියෙන්නේ. හම්බෝ….. ගොඩක් බය හිතුණා. රැට නින්ද යන එකකුත් නැ වගේ අදනම්. ඔයාලගේ හොල්මන් කතා කියවලා මන් නම් දැන් රැට තනියෙම එලියටවත් යන්නේ නැ. එ තරමටම බය වෙලා මන්……..බොදවම්මේ………….????
    All tha best…………..❤️

  6. Thakshi Deepali Jayasuriya

    ඔට්ටුව මරණය…ගොඩක් වෙලාවට චන්දුලීව මලිත්ට මරන්න වෙයි..මරලා එයාට සියදිවි නසාගන්න වෙයි…බල බල ඉන්නකොට එක පාර අැඩ් එකක් ගියා…බය උනු පාර පපුවත් රිදෙනවා….අනේ මංදා….කතාව නම් නියමයි

  7. ත්‍රී වීල් එකේ ඉන්නෙ චන්දුලී ලගෙ තාත්තගෙ යාලුවා වෙන්න ඇති

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.