Katha Ahura

මරණයේ දියකදක් | 08 කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

මරණයේ දියකදක් ?08 කොටස

“දවස් කිහිපයකට පස්සේ පාලිතගෙ මිනිය හම්බවුනා. ඒ කොලමුනු ඔය ගාව තිබ්බ ගහක දෙබලක් අස්සෙ හිරවෙල තියෙද්දී. නිලාගෙ මිනියත් හම්බවුනා පාලිතගෙ ගෙදරට ගිය මිනිහෙක් දැකලා. මුලු ගමේම අයට අදහගන්ඩත්බැරි බැරි උනා එකම දවසක වුන මේ නිලාගෙයි පාලිතගෙයි මරණ දෙක. මේවා මිනිමැරුම් කියල ඔප්පු කරගන්ඩ තරම් සාක්කිත් කාටවත් හම්බවුනෙත් නෑ. මුලු ගමටම මේ මරණ දෙක අභිරහසක් වුනා. කවුරුත් හිතුවේ නිලා සියදිවිනසා ගන්න ඇති කියලයි. පාලිත කොලමුනු ඔයට වැටි ගිලී මිය යන්ඩ ඇතියි කියයි.

ඔවුන් දෙන්නාගේම මිනී දෙක ගමේ මිනී පිටියේ එක ලග වලවල් දෙකක් කපලා වලලල දැම්මා. දවස් යන්ඩ යන්ඩ පාලිතයි නිලාගෙයි මරණ දෙකත් මිනිස්සුන්ගෙ හිත්වලින් අමතකම වෙලා වගේ ගියා.

නිලාගෙයි පාලිතගෙයි ආත්ම දෙක පාවී පාවී සිටියා සෑහෙන්ඩ කාලයක්. ඔවුන්ට අර මිනිමරුවන් දෙන්නගෙන් පලිගන්ඩ ක්රමයක් හම්බ වුනේ නෑ. ඒ ඔවුන් සියුම් ශරීර නිසා. මිනිහෙකුට කරදර කරන්ඩ තියා කාගෙ හරි ඇගේ හැපුනත් විසිවෙන ආත්ම විදිහටයි ඔවුන් සිටියේ.

නිලාගේ ආත්මෙයි පාලිතගෙ ආත්මෙයි නිතරම #වගේ හිටියේ අර මිනිමරුවො දෙන්න පිටිපස්සෙන්. උන් දෙන්නම හිටියේ කසාද බැදල, බව ජීවත් වෙන කාලෙදීත් පාලිත නොදැන සිටියා නොවේ.. එක මිනීමරුවෙකුට හිටියේ එක පිරිමි ළමයෙක් විතරයි. අනිත් මිනිමරුවට පිරිමි ළමයෙකුයි ගැහැණු ළමයෙකුයි දෙන්නෙක්ම හිටියා. මිනීමරුවෝ දෙන්න හොදට පවුල් කනව දැකපු නිලාගෙයි පාලිතගෙයි ආත්ම වලට දැනුනේ නිම් හිම් නැති කෝපයක්. පලි ගැනීමේ චේතනාව ඒවා දැක්කට පස්සෙ නිලාගෙයි පාලිතගෙයි ආත්මවලට තව තවත් වැඩිවුනා. පලි ගැනීම සම්පූරණ වෙන්ඩ නම් මිනීමරුවො දෙන්නගෙන් විතරක් නෙමේ උන් දෙන්නගෙ ගෑනු උන්ගෙන් ජාතක වුන ළමයි ඔය ඔක්කොගෙන්ම පලි ගන්ඩ ඕනා.

ඒත් ඒක කරන්නෙ කොහොමද , පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙකට ක්රමයක් හොයාගන්ඩ අමාරු වුනා.

මෙහෙම පාලිතගෙයි නිලාගෙ ආත්ම දෙකයි පාවි පාවී හිටිය සෑහෙන්ඩ කාලයක්. ඔවුන් දෙන්නට එහෙම ඉන්න කොට තවත් ඒ වගේ ආත්ම සෑහෙන්ඩ ගානක් හම්බවුනා. සමහර ආත්ම මැරිලා අවුරුදු තිහ හතලිහටත් වැඩී. ඊට වඩා වැඩි කාලයක් හිටිය ආත්මත් හම්බ වුනා. ජීවත් වෙලා හිටපු කාලේ කරපු පින් පව් අනුව තවමත් ##සමහර ආත්ම වලට ගැලපෙන මව් කුසක් හම්බවෙලා නෑ.

හම්බවුන හැම ආත්මවලින්ම නිලගෙයි පාලිතගෙයි ආත්ම ඇහුවේ අරුන් දෙන්නගෙන්පලි ගන්ඩ විදිහක් දන්නවද කියලා. ඒත් ඒ හම්බවුන ආත්ම එහෙම ක්රමයක් දැනන් හිටියේ නෑ. මෙහෙම සෑහෙන්ඩ කාලයක් ගියාට පස්සෙයි නිලාගෙයි පාලිතගෙ ආත්මයටයි එක ආත්මයකින් සුබ දායි පිලිතුරක් ලැබුනේ. ඒ ආත්මේ කියපු දේ ඇහුවට පස්සෙ නිලාගෙයු පාලිතගේ ආත්මයටයි දැනුනේ නිම් හිම් නැති සතුටක්.”
*****************************************

ත්රීවීල් කාරයා කතාව මදකට නැවත්තුවා. ඔහු නිහඩවම ත්රී වීල් එක එලවන් ගියා විනාඩියක් විතර.

“ඉ….ඉ…ඉ.. තින් ඒ ආත්මෙ මොකක්ද කිව්වේ ,, පලිගන්ඩ විදිහක් කියලා දුන්නද”

චන්දුලීට ඒ මොකක්ද කියලා දැනගන්ඩ හිටියේ ඉවසිල්ලක් නැතුව.

“හ්ම් කියල දුන්න, ඒත් ඔය දෙන්නට තව ටිකකින් හිතෙයි., ඒ ආත්මේ එදා පාලිටගෙයි නිලාගෙයි ආත්මෙට හමබවුනේ නැත්නම් කොච්චර හොදද කියලා,, ඒ ආත්මේ අර වගේ දෙයක් කිව්වෙ නැත්නම් කොච්චර හොදද කියලා.”###

ත්රී වීල් කාරයා කිව්වා.

“ඒත් අපි දෙන්න මොකටද එහෙම හිතන්නෙ ,, පාලිටගෙයි නිලාගෙයි ආත්ම දෙකට එහෙම පලි ගන්ඩ විදිහක් හම්බ වුනානම් හොදයි. ඒ දෙන්නට උන දේට. මටනම් හිතෙන්නෙ එහෙමයි.

චන්දුලී කියපු දේට ත්රීවීල් කාරයා කෙරුවේ පලමුව හිනා වීමයි.

“දැන්නම් ඔහොම ඔයාට හිතෙයි. ඒත් අපි බලමුක තව ටිකකින්,, නේද නිලන්ති…….”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්”

නිලන්ති සුපුරුදු පිලිතුරම දුන්නා.

“අනේ මන්දා ඔයාල මොනව කියනවද කියලා ,, ඔයාලා දෙන්න හරි අමුතුයි. හරි ඉතින් කතාව කියන්ඩකෝ, මොකක්ද ඒ ආත්මේ කිව්වේ “

චන්දුලී ඇසුවා යලිත් වරක්.

“කතාව කියන එක කෙසේ වෙතත , ටිකක් ඉක්මනට ඕක එලවන් යමුකො, පයින් ගියානම් අපිට මීට වඩා දුරක් යන්ඩ තිබ්බා.”

මලිත් කිව්වෙ තරහෙන් වගේ. ත්රි වීල් කාරයා දැන් ඒක එලවන් යන්නෙ පැයට කිලෝමීටර් විස්සටටත් වඩා අඩුවෙන් වගේ හිමීට. චන්දුලිට කතාව අහන්ඩ තිබ්බ උනන්දුව මලිත්ට තිබ්බේ නෑ.

ත්රී වීල් කාරයා යලිත් කටහඩ අවදි කෙරුවේ කතාව කියන්ඩ හිතන්.####

*****************************************

“මට ඔය දෙන්නට උදව් කරන්ඩ පුලුවන් වෙයි.”

අර ආතමය් කිව්වේ ,, පාලිතගෙයි නිලාගෙයි කතාව් අහල අවසානේ.

“කොහොමද ඒ ,, ඔයාට පුලුවන්ද ඒ කොහොමද කියලා කියන්ඩ “

පාලිතගේ ආත්මය ඇහුවා.

“මොකද බැරි ,,මම කියන්නම්”

“අපි දෙන්න මෙච්චර කාලයක්ම හිටියේ හොදටම අවුල් වෙලා, කිසිම ආත්මයක් කිව්වෙ නෑ අපිට අරුන් දෙන්නගෙන් පලිගන්ඩ විදිහක්, ඔයාගෙන් විතරයි අපට සතුටු හිතෙන පිලිතුරක් හම්බ වුනේ “
නිලාගේ ආත්මය කිව්වේ අර ආත්මය කියපු දේ අහුනට පස්සේ.***********************************************ඊලග කොටසට Maranaye Dhiyakadhak

පාලිතගේ ආත්මයටයි නිලාගේ ආත්මයටයි හම්බවුන අර ආත්මය කිව්වේ මොකක්ද? ඒ ආත්මය කියපු පලිගන්න ක්රමය මොකක්ද කියලා ඊලග කොටසින් බලමු……….අනුමාන කරන අය අනුමාන කොරන්ඩකෝ.

සාගර සම්පත් ( රාස්)

6 thoughts on “මරණයේ දියකදක් | 08 කොටස | හොල්මන් කතා”

  1. K.K.Damayanthi

    අයියෝ පලිගන්න කිව්ව ක්‍රමයත් දාන එපැයි… දැන් ඉතින් අදරෑට මට නින්ද යන එකකුත් නෑ ඕක අනුමාන කරන්න ගිහින්….

    කතාව නම් සුපිරියි රාස්……..??

  2. වාව් වාව්…. ක්‍රමේ නම් දන්නෙ නෑ හැබැයි ශුවර් එකටම දැන් හිතෙනව අර පාලිත මරපු එක්කෙනෙක්ගෙ දුවයි පුතයි චන්දුලී එයාගෙ අයියයි කියලා…. ?
    දැන් ක්‍රමේ දැන ගන්න ඉන්නෙපෑ හෙට වෙනක්ල් ඉතිම්….?

    කතාව නම් සුපර්ර්බ්… පට්ටයි ආයෙ…..?

  3. Just For Fun….

    රාස් අයියේ මලිත්ට අලුත් ⏰ ක් අරන් දෙන්න වෙයි…. කොලේ ලියපු එක බලන්න කාලෙ යනෝ වැඩී….?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.