Katha Ahura

මරණයේ දියකදක් |10 කොටස | හොල්මන් කතා

3.5/5 - (2 votes)

මරණයේ දියකදක් ? 10 කොටස

“මේ කවුද මේ”

අරුන් දෙන්නගෙන් එකෙක් ඇහුවේ නිලා ඉන්න බවදැනුනු නිසා.

“ඒ මගෙ වයිෆ්”

පාලිතගෙ ආත්මය පැවසුවේ ත්ර්ර්වීල් එක පණගන්වා ඉදිරියට යන ගමන්.

“හ්ම්ම්ම්ම් මොන වගේ කියල බලන්ඩත් මේකේ පිටිපස්සෙ ලයිට් එකවත් නෑනේ ,, නේද බන්”

ඔහු ඒක කිව්වේ අනිත් එකාට.

“මගේ වයිෆ් ලස්සනයි,, ඒක හින්දනේ මෙහම දේවල් අපි දෙන්නට වුනේ. එහෙම දේවල් වුනේ නැත්නම් ඔයාලට අපි දෙන්නව අද මෙහෙම හම්බ වෙන්නෙත් නෑ.”

පාලිතගේ ආත්මය කියාගෙන ගියා.

“මොන දේවල් ද ඒ ,, වුනේ “

එකෙක් ඇහුවේ නිලාගේ ඇගේ ඕනාකමින් වදිමින්.

“තව ටිකකින් ඔය දෙන්නට තේරෙයි., අපි දෙන්නට වුන දේ “

“උබ මොනව කියනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ”

ත්ර්රී වීල් එකේ වම් පස කෙලවරේ හිටපු එකා ඇහුවා. මත්පැන් බී සිටියත් ඔහු හිටියේ හොද සිහිකල්පනාවෙන්.

පාලිතගේ ආත්මය ඒකට මොකුත් කියන්ඩ ගියේ #නෑ.

“මට මේ ත්රී වීල් එක හොදට හුරුයි හුරුයි වගේනේ,,,,,මේකේ කලින් ඉදන් ගිහිල්ලා වගෙත් මට දැනෙනවානේ,කාගෙද කාගෙද,, උබට මතක නැද්දා.”

සිහිකල්පනාව තිබ්බ එකා ඇහුවේ නිලාහේ ආත්මය ලගම ඉදන් ඉන්න එකාගෙන්.

“ම්ම්ම්ම්හූ මට මතක නෑ ඕවා,, කාගේ වුනත් මොකද බන්”

අනිකා කිව්වේ ඕනාවට එපාවට වගෙ. ඔහුගේ දැන් සිහිකල්පනාව තිබුනේ ලග ඉදන් ඉන්න කාන්තාව ලග. විටෙක් නිලාගේ ආත්මයේ ඇගේ වදිමින්, බොරුවට ඇගේ අත් වල වැදෙමින් ඇය වාඩිවෙලා ඉන්නා පැත්ත් දිහාම බලන් ඔහු ගියා. එකපාරටම විදුලියක් කෙටුවෙත් මේ සමගයි. අර නිලාගේ ආත්මය වෙන රුවකින් ඉන්න දසුන ඔහු දැක්කා මේ වෙලාවවේ. ඇය හිටියේ ලස්සන රුවකින්. ඒ රුව දැකපු නිලාගේ ආත්මය ලග ඉදන් ගිය එකාගේ ඇසුත් එක්ක දිලිසුනා.

“ආ දැන් මට මත්ක් වුනා මේක අරුගේ ත්රී වීල් එකනේ. මේ ත්රීවීල් එක මැරුනු අර ගෙරි බල්ලා පාලිතයගේ ත්රී වීල් එකනේ. උබද එතකොට ඒක ගත්තේ “

සිහි කල්පනාව තිබ්බ එකා ඇහුවේ පාලිතගේ ආත්මයෙන්.

“ඔව් , ඒ මැරුණු කෙනාගේ මල්ලිගෙන් තමා මම ##මේ ත්රී වීල් එක ගත්තේ., එයා මැරිලා තියෙන්නේ කොලමුනු ඔයේ ගහන් ගිහිල්ලලුනේ., එදාම එයාගේ ගෑනිත් බිදුනු වීදුරුවකින් බඩට ඇනගෙන මැරුනලු”

පාලිතගේ ආත්මය පැවසුවේ ඊට අරුන් මොනවා කියයිද දැන ගන්ඩ.ඒක ඇහෙද්දී නිලාගේ ආත්මය ලග හිටපු එකා හිනා වුනා මද හඩක් නගමින්.

“ඇයි ඒකට ඉතින් හිනාවෙන්නේ “

“හිනා යන්නෙ නැද්ද බන් ,,, උබට කියන්ඩ බන්, මමයි මූයි තමයි ඔය පාලිතවයව කොලමුනු ඔයේ වතුරේ උගෙ ඔලුව වතුරෙ ඔබලා හුස්ම හිර කරල මැරුවේ. මරල කොලමුනි ඔයෙ පාලමෙන් පල්ලෙහාට දැම්මා. නේද බන්.”

නිලා ගේ ආත්මය ලග හිටපු එකා කිව්වේ හෙන හපන්කමක් කෙරුවා වගේ.

“තෝ මොනවද මේ කියවන්නේ,,,පිස්සුද උබට,, මේක ඕව පොලිසියටවත් ගිහින් කිව්වොත් අපි ගස්, අවුරුදු 03 ක් ගිහිල්ලා යටගිය ඒවා උබ ඔය හදන්නේ උඩට අදින්ඩද”

අනිත් එකා කිව්වෙ ඔහුට විතරක් ඇහෙන විදිහට සැරෙන්.###

ඒක කියනකොට පාලිතගේ ආත්මය කොලමුනු ඔය ලගට ඇවිල්ලත් ඉවරයි. එදා පාලිතව අරුන් දෙන්න මරලා ඔයටතල්ලු කෙරුව තැනට ලන්වෙලා හිටියා හොදටම.

“මොනවද මේ එක්කෙනා මේ කියන්නේ ,, පාලිත මැරුවේ ඔයාල කියලා.”

පාලිතගේ ආත්මය ඇහුවේ කිසිම දෙයක් දන්නේ නෑ වගේ.

“මෙයාට ටිකක් වැඩි වෙලා ,, ඔහේ කටට එන දේවල් කියවනවා, දන්නේ නැද්ද ඉතින්.”

වැස්ස නිසා කොලමුනු ඔය එදත් තිබුනේ පාර උඩින් වතුර දාලා. ඒ වතුර මැදින් පාලිතගේ ආත්මය ත්රී වීල් එක එලවගෙන ගියා. ඔයේ වතුර ත්රී වීල් එක ඇතුලටත් ආවා. විදුලි කොටන එලියෙන් දැන් ඉන්නේ කොතනද කියත් හොයා ගන්නත් පුලුවන්.

“මම කියන්නේඇත්ත අය මොකටද බොරු කියන්නේ , මමයි මුයි එකතු වෙලා තමා පාලිතවයව මරල දැම්මේ., මම තව පොඩ්ඩකින් උබට පෙන්නන්නම්කෝ පාලිතවයව මරල දැම්ම තැනත්,, දැන් එතනට ලගයි.”

නිලාගේ ආත්මය ලග හිටපු එකා දිගටම කියවන් යයි.

“බං ත්රී වීල් එකේ මේ වතුරෙ යන්ඩ පුලුවන් වෙයිද ,, වතුර හොදටම වැඩියි වගේ.”####

අනිත් එකා කිව්වේ ත්රී වීල් කාරායාට. කතාව වෙන පැත්තකට යොමු කරන්ඩයි ඔහුට ඕනා වුනේ.

“උබටකියන්ඩ එදත් අද වගේමයි. හොදටම වැස්ස. අද වගේම කොලමුනු ඔය ගලලා.,, පාලිතයට ත්රී වීල් එකේ ඒ වතුරේ යන්ඩ බැරි වෙල ත්රී වීල් එක නැවතිලා තිබුනේ. අපි දෙන්නත් එතකොටම අවා මේ කොලමුනු ඔය ලගට. අපි නිකම් හිටියේ නෑ. උගෙන් පලි ගන්ඩමයි අපි දෙන්න හිටියේ. ඉතින් හිත හිතා ඉන්නේ මොකටද , අපි දෙන්නම එකතු වෙල………………”

ඌට ඒක කියලා ඉවර කරන්ඩ අනිත් එකා ඉඩ දුන්නේ නෑ.

“කට වහපන් යකෝ ඔය කියවිල්ල ,, මුන් දෙන්න ඕවා කාහේ හරි කනෙ තිබ්බොත් හේම”

සිහියෙන්හිටපු එකා මේ පාර කිව්වේ තර්ජනය කර්ලා වගේ.

“අපි මූවත් මරමු , එදා පාලිතයව මැරුවා වගේ ,, මූව මර්ලා , මුගේ ගෑනිවත් පොඩ්ඩක් සතුටු කරල මෙයාවත් ඒ ලෝකෙටම යවමු,, නේද වස්තුවේ “

නිලාගේ ආත්මය ලග හිටපු එකා කිව්වේ ඇයගේ බදවටා අත යවමින් සිපගනිමින්. හරියට #####උමතුවෙන් වගේ.

“මොනවද මේ පිටිපස්සෙ ඉන්න එකා කියන්නේ ,, මම ඕවට කැමති නෑ., මගේ තරහ අවුස්සන්ඩ එපා”

පාලිතගේ ආත්මය කිව්වා. ඔහු එලවන් ගිය ත්රී වීල් එක වතුර මැද හිටවුනේත් මේ සමගයි. ඒ එදා ඔහු ජිවත් වෙලා ඉන්න කාලෙදි මැරුනු දවසේ එය නතර වුන තැනමයි.

“අත ඇරපන් මාව,, උබල දෙන්න අපි කවුද කියල දැනගත්තොත් උබලට මරබෙටි යයි බයට “

මෙවර නිලාගේ ආත්මය කිව්වෙර් වියරු හඩකින්.

“ඔයා අපිව බයකරන්ඩද හදන්නේ ,, ඔන්න අපි එහෙනම් බය වුනා”

නිලාගේ ආත්මය ලග හිටපු එකා ඒක කිව්වේ ඇය කියපු දේ විහිලුවකට ගෙන. ඔහු ඇයගේ ගෙල සිපගත්තේ උමතුවෙන් වගේ. එකපාරටම විදුලියක් කෙටුවෙත් මේ සමගයි. ඒ එලියෙන් නිලාගේ ආත්මය ලග හිටපු එකා දැකපු දෙයින් උගේ වෙරිතෙකක හිදුනා. ඔහු දැක්කේ ලේවලින් නෑවී හිටපු නිලන්තිගේ රුවයි.

“නි…..නි… නිලා……උබ උබ කො…..හොමද”

ඔහුට ඒක කියාගන්ඩ බැරුව ගොත ගැහෙඩ්ඩී තව විදුලියක් කෙටුවා. ඒ එලියෙන් අනිත් එකත් දැක්ක නිලාගේ ඒ බිවිසුන රුව. මහ වැස්සෙත් ඔහුට දාඩිය දැම්මේ බයට. ##### #

“ඔව් මම නිලා තමා ,, අර ත්රී වීල් එක එලවන් යන්නේ පාලිත,, අපි දෙන්න ආවේ අපි දෙන්නට උබල කරපු දේවල්වල පලිය ගන්ඩ ලෑස්ති වෙයල්ලා ඒකට.”

*** නිලාගේ ආත්මයය් පාලිතගේ ආත්මයත් මොහොතක් හිනාවුන උමතු වියරු හිනාහඩකින්.
දැන්නන් අරුන් දෙන්නටත් හොදටම ශුවර මේ ඉන්නේ පලීතගෙයි නිලාගෙයි ආත්ම දෙක කියලා.

උන් දෙන්නම ත්රී වීල් එකෙන් පැන්නේ දිවි ගලව ගන්ඩ හිතන්. වතුර මැද්දේ ඉස්සරහට දිව ගෙන ගියා. ඒත් වැඩි දුරක් යන්ඩ ලැබුනේ නෑ , උන් දෙන්නාගේම කෙස් වහල්ලෙන් කවුරුන්දෝ අල්ලගත්තේ එතනින් එහාට අඩියක්වත් ඉස්සරහට යන්ඩ බැරි විදිහට.

විදලි කොටන එලියෙන් උන් දෙන්නා දැක්කේ ගත කිලි පොලා යන දසුනක්. නිලාගෙයි පාලිතගෙයි ආත්ම දෙකේ අත් අඩි විස්සක් විතර දික් වෙලා. ඒ අත්වලින් තමා ඔවුන්ගේ කෙස්වැටියෙන් අල්ල ගෙන ඉන්නේ. ඔවුන්ගෙන් මිදෙන්න කෙතරම් උත්සහගත්තත් ඒක කරගන්ඩ උන් දෙන්නට බැරි වුනා.

“එදා මාව මැරුවේ උබල දෙන්න දියේ ගිල්වලනේ. හරියටම මෙතනදීමයි. උබ්ල දෙන්නට ඒක හොදට මතක ඇතිනේ…. අද මම ##### ##උබල දෙන්නට කරන්ඩ යන්නෙත් එදා උබල මට කරපු දේමයි.”

“එඑඑ එහෙම කරන්ඩ එපා පාලිත,, අපිට එහෙම කරන්ඩ එපා, අපි එදා උබට නොදැන කරපු දේට සමාව දියන්,, අපි දෙන්නට යන්ඩ දියාන්න්න්”

පාලිත් කියපු දේට එකෙක් කිව්වේ බෑගෑපත් වෙමින්. එකට පාලිතගේ ආත්මය කලෙ මහ හඩින් ලොමු දැහගැන්වෙන විදිහට හිනා වීම.

“උබලගෙන් පලි ගන්ඩ අපි සෑහෙන්ඩ කාලයක් හිටියා. කොහොමවත් අද උබලට අපි දෙන්නගෙන් ගැලවීමක් නෑ. උබල දෙන්නගෙන් විතරක් නෙමෙ අපි පලිගන්නේ උබලගේ ගෑනු , උබලගේ ලෙයින් මසින් ජාතක වුන ළමයිගෙන් , ඔය ඔක්කොගෙන්ම පලිගන්නවා. ඔය ඔක්කොම මරල දානවාමයි. එතකොටයි අපි දෙන්නගේ ආත්මවලට සැනසීමක් ලැබෙන්නේ.”

“ඒත් ඇයි අපේ ගෑනුයි ළමයිනුයි.”

” උබල දෙන්න හින්දයි මගේ නිලායි එයාගේ බඩේ හිටපු හම්බවෙන්ඩ හිටපු දරුවයි ඒ දෙන්නම මැරුනේ,, ඒ හින්ද අපි දෙන්න උබලගෙ ගෑනු ළමයි ඔය ඔක්කෝම මරල දානවා, අද උබල මරනවා වගේ වතුරේ ගිල්වලමයි උන්ව මරන්නෙත්”

” එපා එහෙම කරන්ඩ එපා……….”

උන් දෙන්නා හයියෙන් විලාප දුන්නා. ඒත් වැඩක් ##### ##වුන්නේ නෑ. නිලාගෙයි පාලිතගෙයි ආත්ම දෙකේ පලමු ඉලක්කය වූ නිලයි පාලිත්වයි මාරල දාපු දෙන්නව එදා රෑ වතුරෙ ඔබලා මරල දැමමේ කීප පාරක් වතුරේ ඔබ ඔබා අවසානේ. මළ සිරුරු දෙක කොලමුනුඔයේ පලමෙන් පහලට විසිකරල දැම්මේ එදා පාලිතගේ මළ සිරුර විසිකරල දැම්ම වගේයි.

**** ” අපේ පලවෙනි ඉල්ලකය හරි ,, ඊට පස්සේ තියෙන්නේ මුන්ගේ ගෑනුයි ,ළමයිටත් මුන්ට කරපු දේ කරන එක”

පාලිතගේ ආත්මය පැවසුවෙ තෘප්තිමත් හැගීමෙන්.

“ඒ දේත් ඉක්මනටම කරමූ,, උන්ව ඔක්කොම මැරුවට පස්සෙයි අපේ ආත්මවලට සැනසීමක් ලැබෙන්නේ.”

නීලාගේ ආත්මය කිව්වා.
*****************************************
ත්ර්රී වීල් කාරයා කියන කතාව මදකට නැවත්තුවේ දැන් දැන් චනුදූලීට පමනක් නෙමේ මලිත්ගේ හිතටත් තැති ගැන්මක් එක්කරමින්.

“උන් දෙන්නගෙ මිනී දෙක දවස් කීපයකට පස්සෙ හොයා ගෙන තිබ්බා. කට්ටිය ඒවා දැකල හිතුවේ , මුන් දෙන්නගෙන් එකෙක් වතුරෙ ගහන් යද්දී ඌව බේරගන්ඩ අනිත් එකා වතුරට පනිද්දී දෙන්නටම මේ වගේ ඉරණමකට පත් වෙන්ඩ ඇති කියලයි. කිසි කෙනෙක් හිතුවෙ නෑ ,, උන් ##### ###දෙන්නගේ මරණ දෙක පිටිපස්සේ අමුනුශ්ය සමබන්දයක් තියෙනව කියලා “

ත්රීවීල් කාරයා කියපු මේ දේ ඇහුනා විතරයි, මලිත්ට දෙයක් මත්ක් වුනේ ඇසුරු සැනින්.තම තාත්තත් මිය ගියේ ඔය කියන කොලමුනු ඔයේ ගහන් ගිහිල්ලා,බව මලිත් කුඩා කාලයේ කට්ටිය කියනවා මතකය.එදා තාත්තත් එක්ක ඔහුගේ හොදම යාලුවෙකුත් දියේ ගිලී මැරි තිබුනා. ඒ දවස්වල කට්ටිය කතාවුනෙත් දෙන්නගෙන් එක්කෙනෙක් වතුරෙ ගහන් යද්දී එයාව බේර ගන්ඩ ගිහින් අනිත් කෙනත් වතුරේ ගිලි මැරෙන්ඩ ඇතියි කියා.

ත්රී වීල් කාරය කියන කතාවෙයි ඒ දෙයි අතර කොච්චර සමානකමක් තියෙවද???? එය සිහිවෙද්දී මලිත්ගේ සිතටත් දැනුනේ අවිනිශ්චිත් බියක්. තාත්තා මැරෙනකොට චන්දුලී කුඩා දැරියක්ව සිටි නිසා ඒ ගැන මතකයක් චන්දුලීටනම් තිබුනේනෑ. තාත්තා දියේ ගිලී මිය ගියා කියල විතරයි ඇය දැනන් උන්නේ.

“හරිම බය හිතෙන කතාවක් ,, ඒක ඇහුව විතරයි මගේ ඇගටත් එක්ක මොකක්ද වුනා. නිලාගේ ආත්මයයි පාලිතගේ ආත්මයයි ,ඉතින් අර මිනිමරුවො කසාද බැදල හිටපු ගෑනු අය ගෙනුයි ,, ඒ අයගේ ළමයිගෙනුත් පලි ගත්තද, ඒ අයවත් දියේ ගිල්වල මරල දැම්මද? ” ##### ####

චන්දුලී ඇහුවේ ගොතගහමින් වගේ.

“උන්ගෙ ගෑනු දෙන්නත් නිලාගෙයි පාලිතගෙයි ආත්ම දෙකට ලේසියෙන් මරල දාන්ඩ පුලුවන් වුනා. එකෙකුට හිටියේ එක කොල්ලෙක් විතරයි. ඒ කොල්ලව්ත් කුඩා කාලෙදිම මරල දාන්ඩ පුලුවන් වුනා. කොහොමහරි ඔය අයව මරල ඒත්……..”

ත්රීවීල් කාරය ඉතුරු ටික කිව්වේ නෑ.

“ඇයි ඒත් කියන්නේ “

මේ පාර ඇහුවේ මලිත්, මලිත්ට ඒ ගැන දැනගන්ඩ තිබ්බේ කුතුහලයක්. මේ වනවිට මලිත්ට මේ ත්රී වීල් කාරයා කියන කතාව ගැන තිබුනේ හරිම අමුතු බවක්.

“එකෙකුට හිටියා කෙල්ලෙකුයි කොල්ලෙකුයි දෙන්නෙක්ම,, අර කලින් උන්ව මරල දැම්ම වගේ ලේසියෙන් ඔය කොල්ලවයි කෙල්ලවයි මරල දාන්ඩ , නිලාගෙයි පාලිතගෙයි ආත්ම වලට පුලුවන් වුනේ නෑ.,, උන් දෙන්නව මරල දාන්ඩ අවස්තාවක් උදා කරන්ඩ පාලිතගෙයි , නිලාගෙයි ආත්ම වලට අවුරුදු 15වක්ම බලන් ඉන්ඩ වුනා.”

***** ” එත් ඇයි අවුරුදු පහලවක් ඉන්ඩ වුනේ , ඒ ළමයි දෙන්නව මරන්ඩ”

මලිත් ඇහුවේ phone එකෙන් වෙලාව බලමින්, වෙලාව සටහන් වුනේ රෑ එකොලහයි පනස් පහයි ලෙස. අර ඔට්ටුව මොකක්ද කියල බලන්ඩ තව ##### #####තියෙන්නේ විනාඩි 05 ක කාලයක් පමනයි. තමා බය වුනොත් ඒ ඔට්ටුවේ තියෙන දේ අනිවාර්යෙන්ම කරන්ඩ සිදුවෙයි. මලිත් හිතුව කොහොම හරි බය නොවී ඉන්න විදිහට හැසිරෙන්න. ඒත් දැන් දැන් මලිත්ගේ හිතටත් බය ටික ටික ඇතුලුවෙමින් තිබුනා.

“ඒ ළමයි දෙන්නගේ තාත්තයි අම්මයි උන් කුඩා කාලෙදිම මැරුණු හින්ද ළමයි දෙන්නගේ අම්මගේ අම්මා ,, ඒ ළමයි දෙන්නව එයාගේ ගමට එක්කරගෙන ගියා. ඒ ගම තිබුනේ දැදුරු ඔය ගලන් බහින සීමාවෙනුත්, මා ඔය ගලන් බහින සීමාවට මැදි වෙල නෙමේ. ඒ හින්දයි පාලිතගේ ආත්මෙටයි නිලාගේ ආත්මෙටයි උන් දෙන්නව මරල පලි ගැනීම සම්පූර්ණ කර ගන්ඩ බැරි වුනේ. උන් දෙන්න ඒ සීමාව ඇතුලට ඇවිල්ල පලිගන්ඩ පුලුවන් විදිහේ අවස්තාවක් උදා කර ගන්ඩ නිලාගෙයි පාලිතගේ ආත්මයටයි ඒකයි අවුරුදු පහලොවක්ම බලන් ඉන්ඩ වුනේ, ඒත් ඒ දවස අවුරුදු පහලොවකට පස්සෙ හරි කොහෙමෙන් කොහොමහරි උදාකරගන්න පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙකට පුලුවන් වුනා නේද නිලන්තී…………”

ත්රී වීල් කාරයාගේ හඩේ තිබුනේ තෘප්තිමත් බවක්.

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්” ##### ##### #

නිලන්ති හඩ ඇහෙද්දිම ත්රී වීල්ය තිබුනේ මදුල්ලේ තුන්මන්හන්දියේ. ගනේගමට යන්ඩනම් ත්රී වීල් එක හරවන්ඩ ඕනේ දකුණු පැත්තට,, එත් මලිත් පුදුමයට පත්කරමින් ත්රී වීල් කාරයා එය හැරෙව්වේ වම් අත පැත්තට, ඒ පැත්තට ගියොත් වැටෙන්නේ ගිරාතලාන හන්දියටයි.

“ඇයි මේ ත්රී වීල් එක ඔය පැත්තට හැරෙව්වේ ,, ඔය පැත්තෙන් නෙමේනේ ගනේගමට යන්නේ “

මලිත් හිටියේ කලබලයෙන් ,, නෑ ,,,අයියාගේ හඩට චන්දුලිත් කලබල වුනා.*******************************************ඊලග කොටසට Maranaye dhiyakadhak

ඇයි ත්ර්රී වීල් කාරය ත්රී වීල් එක ඒ පැත්තට හැරෙව්වෙ කියල ඊලග කොටසින්ම බලමු….අනුමාන කොරන අය එතකන් අනුමාන කරන්ඩකෝ.

ඔන්න ඉතින් ඔයාලනම් මගෙ කතාවට එච්චර ප්ර්චිචාර දෙන්නේ නැති උනාට ,, මම නම් ඔයාලට එහෙම අපහසුතාවයකට පත් කෙරුවෙ නෑ ,, ඒකයි අදත් මේ වගේ විශාලම විශාල කොටසක් ඔයාලා වෙනුවෙන් ටයිප් කරලා දැම්මේ?????????????????????

11 thoughts on “මරණයේ දියකදක් |10 කොටස | හොල්මන් කතා”

  1. Thakshi Deepali Jayasuriya

    අැයි අනේ අපි ප්‍රතිචාර දක්වන්නේ ??? මං හැමදාම වගේ කමෙන්ට් එකක් දානවා….කතාව ගොඩක් ලස්සනයි…දැන්නම් මලිත් බයවෙවි වගේ…මේ ඉන්නේ නිලායි පාලිතයි නේද…මලිත්ගෙනුයි චන්දුළිගෙනුයි පලි ගනීද එයාලා..අනේ එහෙමනම් වෙන්න එපා..තාත්තා කරපු දේට එයාලා වැරදි නෑනේ…ඉවර වෙන්න ලඟයි වගේ නේද…එ් උනාට තවත් මේ වගේ ලස්සන වෙනස්ම විදිටේ කතාවක් ඕනා…..හරිද….රේටින් කමෙන්ට් අඩු උනාට ගනන් ගන්න එපා..සමහර අය හොල්මන් කතා කියවන්නෑ බය නිසා…එ්ක වෙන්න අැති….අපි ඔයත් එක්ක ඉන්නවා…සුබ පතනවා දිගටම ලියන්න….සුබ රාත්‍රියක්…

  2. Thakshi Deepali Jayasuriya

    අැයි අනේ අපි ප්‍රතිචාර දක්වන්නේ ??? මං හැමදාම වගේ කමෙන්ට් එකක් දානවා….කතාව ගොඩක් ලස්සනයි…දැන්නම් මලිත් බයවෙවි වගේ…මේ ඉන්නේ නිලායි පාලිතයි නේද…මලිත්ගෙනුයි චන්දුළිගෙනුයි පලි ගනීද එයාලා..අනේ එහෙමනම් වෙන්න එපා..තාත්තා කරපු දේට එයාලා වැරදි නෑනේ…ඉවර වෙන්න ලඟයි වගේ නේද…එ් උනාට තවත් මේ වගේ ලස්සන වෙනස්ම විදිහේ කතාවක් ඕනා…..හරිද….රේටින් කමෙන්ට් අඩු උනාට ගනන් ගන්න එපා..සමහර අය හොල්මන් කතා කියවන්නෑ බය නිසා…එ්ක වෙන්න අැති….අපි ඔයත් එක්ක ඉන්නවා…සුබ පතනවා දිගටම ලියන්න….සුබ රාත්‍රියක්…

    1. ඔයාලා දාන ඔක්කොම කියවනවා රාස් ?? එයත් කමෙන්ට් කරාවී ඉඩ ලැබුනු ගමන්

  3. හැමදාම කියවලා ගොඩාක් වෙලාවට කමෙන්ට් කරලා ෆීඩ්බැක් කරලා යන්නෙ බ්‍රෝ…. කට්ටිය ෆීඩ්බැක් නොදුන්නත් අනිවාරෙන් කියවනවා…. ඔයාගෙ කතා පට්ටයි….
    Well done…!!!

  4. Savani Sihasna

    Dan thama oyage kathawe baya hithena hariya enne.kalinnm echchara baya hithun na.thawa baya hithena widihata liyanna. ??? kathawe wena awulak na.mata keyawanakota hithuna de kiuwe.hodata liyala thiyenwa.

  5. Priyadarshani

    එයාලවත් තාත්තා මැරුණ තැනටම අරන් යන්න හදනව වෙන්න ඇති නේද ?
    කතාව නියමායි ?????
    හෙටත් මේ වගේ දිගම දිග කොටසක් දාන්න ….??
    All the best???????

  6. කතාව නම් හැමදාම කියවනවා කමෙන් එකක් බැරි උනොත් ලයික් එකක් හරි දාලා යන්නේ………

    කතාව ඉවර වෙන්න ලගයිද ?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.