Katha Ahura

මරණයේ දියකදක් | 11 කොටස | හොල්මන් කතා

5/5 - (2 votes)

මරණයේ දියකදක් ? 11 කොටස

“පොඩ්ඩක් ඉන්ඩ ,, අපිට පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා අපේ යාලුවෙකුට ,, ඒ පනිවිඩය දුන්නට පස්සේ අපි ඔයාලව එක්කගෙන යන්නම් අද ඔයාල යන්ඩ ඕනම තැනටම. පොඩ්ඩක්වට් ඒ ගැන බය වෙන්ඩ එපා….”

ත්රී වීල් කාරයා කිව්වේ ඒ පාරේ ත්රී වීල් එක මද දුරක් පදවන් යන අතර. ඔහු කියපු ඒ වදන් පෙලා මලිත්ටගේ සිතට ඇල්ලුවේ නෑ.

“ඒත් මේ මහ රෑ මොන පණිවිඩද,, අපිට බෑ ඔයාලත් එක්ක ,යන්ඩ ,, අපි බහිනවා , ඔය ත්රී වීල් එක නවත්තන්ඩ”

මලිත් කිව්වෙ අන කරල වගේ.

“මෙතන් ඉදන් පොඩ්ඩ දුරයි , යන්ඩ තියෙන්නේ, යාලුවට පනිවිඩේ කිව්වා ආවා. අනික බලන්ඩ දැන් වැස්සත් හොදටම වැඩිකරලා, ඔයාලා මේකෙන් බැස්සොත් වෙන්නෙ හොදටම නාන්ඩ , අනික ඔයාල මේ පැත්ත ගැන එච්චරම දන්නෙත් නෑනේ , අතරමන් වෙයි., තවම අපේ අර ඔට්ටුවත් තියෙනවනේ ,, කතාව කියල ඉවරත් නෑ. මට හිතෙන්නේ ඔය දෙන්න්ම දැන් බය වෙල වගේ, මම කියපු කතාව අහලා ,, ඒක තමා ඔය වගේහැසිරෙන්නේ ,,, නේද නිලන්ති……..”

“හ්ම්ම්ම්ම්”

නිලන්ති කිව්වා.

“ඔයාල් කොහොමද එහෙම හිතන්නේ ඔය #කතාවට මම බයවෙලා කියලා ,, නංගිනම් බයවෙල ඇති ,, එත් මම නම් නෑ “

“මම දන්නව ඔය දෙන්නම ඉන්නේ මගෙ කතාව අහල බය වෙලාමයි කියලා , ඒත් මට ඕනේ එහෙම බයවිල්ලක් නෙමේ , ඔයල පිස්සු හැදිලා වගේ හැසිරෙන බය විල්ලක්. එහෙම මගේ කතාවට බයවුනොත් තමා මම ඔට්ටුව දිනන්නේ.”

ත්රී වීල් එලවන පුද්ගලයා කිව්වා. ඔහු දැන් ත්රී වීල් එක එලවන වේගය මදක් වැඩිකර තිබේ. දොඹ ගෙඩි තරමට වැහි බින්දු වැටෙමින් මහ වර්ශාවත් දැන් දැන් එන්ඩ එන්ඩම වැඩි කර තිබේ. මේ වෙන දේවල් හිතාගන්ඩ බැරුව මලිතුයි චන්දුලියි සිටියෙ කිසිම දෙයක්කර කියා ගන්ඩ බැරුව වගේ.

ත්රීවීල් කාරයාටනම් ඒ ගැන කිසිම ගානක් නෑ. ඔහු කතාවේ ඉතිරි ටික කියන්ඩ පටන් ගත්තා.
*****************************************

” ඊලගට නිලාගෙයි පාලිතගෙයි ආත්ම වල පලිගැනිමේ අරමුන වුනේ , අරුන් දෙන්නගෙ ගෑනුන්ගෙනුයි ලමයිගෙනුයි. එකෙකුට හිටියේ එකම එක පිරිමි ළමයෙක් විතරයි . පිරිමි ළමයයි උගෙ අම්මවයි , මරල දාන්ඩ නිලාගෙයි පාලිතගෙයි ආත්මෙට ගැලපෙන දවසක් ඉක්මනින්ම උදා වෙලා තිබුනා.

එදත් අද වගේම වැස්ස, කොලමුනු ඔයත් පිටාර ගලලා, එදා අර කියපු ගැනු කෙනයි, පිරිමි ##ළමයයි හිටියේ ඉස්කෝලෙන්trip එකක් ගිහින් ගෙදරට එන්ඩ විදිහක් නැතුව. ගෙදරින් කෙනෙක් එක්ක යන්ඩ එනවකිව්වට කවුරුවත් ආවෙ නෑ රෑ එකොලහත් කිට්ටු වෙනකම්.

කවුරුවත් ආපු නැති එකටත් හේතුවක් තිබුනා. පාලිතගේ ආත්මයයි නිලාගේ ආත්මයයි ඒ එක්කගෙන එන්ඩ ආපු කෙනාගේ බයික් එක මගට එද්දි ඔහුට නොදැනෙන්ඩ සූක්ශම විදිහට හුලන් බැස්සුවා. අද වගේ phone තිබුනේ නැති නිසා එයාට ඒ බව අර පිරිමු ලමයටයි , ගෑනු කෙනාටයි දන්වන්ඩ පුලුවන් වුනෙ නෑ.”

මෙය ඇහුනා විතරයි. චන්දුලීගේ සිතේ තිබ්බ බිය දෙගුන තෙගුන වුනා.

“අපි එක්කරගෙන යන්ඩ ආපු පොඩි බාප්පාගේ බය්ක් එකේ හුලන් බැස්සෙත්, ඒ වගේ අමුනුශ්ය බලපෑමකින්ද දන්නෙ නෑ. මේ ඉන්නේ පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙකද ……”

ඒ ඔස්සේ දිගින් දිගටම හිතන්ඩ ගිය චන්දුලීගේ පපුව ඩිග් ඩිග් ගගා ගැහුනා. අයියාට කත කරන්ඩ හැදුවත් කටින් වචන පිට වුනේ නෑ.

“ගෙදරින් කවුරුවත් ආපු නැති හින්ද අර පිරිමි ළමයයි , ගෑනු කෙනයි පයින් හරි යනව කියලා මගට බැස්සා. එහෙම ටික දුරක් යන්ඩ ඇති , පලිතගේ ආත්මය එලවන් ආපු ත්රී වීල් එක ඒ දෙන්න ලග නැවත්තුවා. පාලිතගේ ආත්මය ඒ ###දෙන්නඑක්ක කතා කෙරුවා.

ත්රී වීල් එක යන්නේ එයාලගේ ගේ ලගින් හින්දා අර ගෑනු කෙනා හිටියේ හොදටම සතුටින්. පිරිමි ළමයවත් තී වීල් එකට නග්ගල එයත් නැග්ගේ , ඒ දෙන්න යන්නේ මාරනය හොයාගෙන කියලා නොදැන. ත්රී වීල් එක ඇතුලේ නිලාත් හිටපු හින්දා අර ගෑනු කෙනාටගේ හිතට බයක් දැනුනේ නෑ. ඒ ත්රී වීල් එකේ තව ගෑනු කෙනෙක් ඉන්න හින්දා.

පාලිතගේ ආත්මය එදා මම ඔයාලට කියනව වගේම කතාව්ක් එදත් අර කෙනායි පිරිමි ළමයටයි කියා කියා ගියා. කතාව ඉවර වෙනකොට පාලිතගේ ආත්මය එලවන් ආපු ත්රී වීල් එක තිබුනේ කොලමුනු ඔය ලග. මහ වැස්සට ඔයේ වතුර පාර පාර උඩින් දාල තිබුනා.

කතාව අහපු අර ගෑනු කෙනයි පිරිමි ලමයයි හිටියේ හොදටම බයවෙලා. ත්රී වීල් එක වතුරට පාර මැද නැවතෙද්දී අර ගෑනු කෙනා දැක්කේ අති බිවිසුනු දසුනක්. නිලාගේ ආත්මය හිටියේ ඇග පුරාම ලේ පෙරාගෙන යක්ශනියක් වගේ. ඒක දැකපු අර ගෑනු කෙනයි පිරිමි ළමයයි විලාප තියාගෙන ත්රි වීල් එකෙන් පැන්නා.

ඒත් ඒ ගෑනු කෙනාටයි පිරිමි ළමයටටි වුනෙත් එදා පාලිතව මරපු මිනීමරුවො දෙන්නට වුන දේමයි. ගෑනුකෙනාවයි පිරිමි ළමයවයි දියේ ####ඔබල මරපු පාලිතගේ ආත්මයයි , නිලාගේ ආත්මයයි , ඒ මළ සිරුරු දෙකත් විසි කර්ල දැම්මා කොලමුනු ඔයේ ගහන් යන්ඩ.

ටික දවසකින් ඒ දෙන්නගේ මිනී දෙකත් හම්බ වුනා. ඒවා දැකලත් කට්ටිය හිතුවේ දෙන්න් මැරිල තියෙන්නේ කොලමුනු ඔයේ ගහන් ගිහින් කියලා. ඒ මරණ දෙක පිටිපස්සේ අමුනුශ්ය බ්ලපෑමක් ඇතියි කියලා කිසි කෙනෙක් හිතුවේ නෑ.

නිලාවයි පාලිතවයි මරපු මීනී මරුවො දෙන්නගෙන් එකෙකුගේ මුලු පවුලම මරල දැම්මේ ඔහොමයි. ඊට පස්සේ ඒ දෙන්නගේ ආත්ම දෙකට ඕන වුනේ අනිත් මිනීමරුවගේ පවුලේ උන්ගෙනුත් පලි ගන්ඩ. ඌට හිටිය කෙල්ලෙකුයි කොල්ලෙකුයි දෙන්නෙක්ම , ඒ දෙන්නගෙන් පලිගන්න එක අන්තීමේටම කරන්ඩ හිතපු පාලිත්ගෙයි නිලාගෙයි ඊලග ඉලක්කය වුනේ ඒ මිනිමරුවාගේ ගෑනු කෙනාව ඉස්සරවෙලාම මරල දාන්ඩයි.

ඒත් ඒ ගෑනු කෙනාව කලින් අයව මැරුව වගේ කොලමුනු ඔයේ ගිල්වල මරලා දාන්ඩ අවස්තාවක් උදා කරගන්ඩ පාලිතගෙයි නිලාගෙයි ආත්මවලට පුලුවන් වුනේ නෑ.#####

ඒකට හේතුව වුනේ ඒ ගෑනු කෙනා වැහි දවස්වල මහ රැ ගෙයින් පිට ගියේ නැති හින්දා.

*** අවසානේ පාලිතගෙයි නිලාගෙයි ආත්මය තීරනය කෙරුවා ඇයව , කලින් අය මරපු විදිහට නෙමේ වෙන් ක්රමයකට මරල දාන්ඩ. ඒ කියන්නේ කොලමුනු ඔයේ ගිල්වල නෙමේ. නමුත් ඒ ක්රමයට ඒ ගෑනු කෙනාව මරන්ඩත් ,එයාව වැහි දවසක මහ රෑ ගෙයින් එලියට ගන්ඩ ඕනා. ඒක කරන්නේ කොහොමද කියල පාලිතගේ ආත්මයයි නිලාගේ ආත්මයයි හිටියේ ඇය ගැන ගොඩක් සෝදිසියෙන්.

ඒ ගෑනු කෙනාගේ දුර්වල කමක් හොයාගන්ඩ , පාලිතගෙයි නිලාගේ ආත්ම දෙකයි, ඇය දිහා බලන් හිටියා. ඒ ගෑනු කෙනා පිටිපස්සේ හැම වෙලාවෙම් වගේ හිටියා. පාලිතගෙයි නිලාගේ ආත්ම දෙකයි හිටියේ නොපෙනී නිසා , ඒ ගෑනු කෙනාට ඔවුන් දෙන්නාව පෙනුනේ නෑ.

අවසානේ කොහොමෙන් කොහොම හරි නිලාගෙයි පාලිතගේ ආත්ම දෙකට අර ගෑණු කෙනාගේ දුර්වලතාවයක් හම්බවුනා.

ඒ දුර්වලතාවය දැකපු පාලිත්ගෙයි නිලාගෙයි ආත්ම දෙකට පලමුව දැනුනේ ඇයව මරා නොදමන්ඩ. ඒත් නෑ , නිලාගෙයි පාලිතගෙයි ආත්ම දෙකේ පලි ගැනීම සීයට සීයක් සම්පූර්ණ කර ගන්ඩන්ම් ඇය වත් මරා දැමිය යුතුමයි. ඒ ##### #එකමිනීමරුවකුගේ විවාහක බිරිදක්ව ඇය සිටපු නිසා.*************************************************ඊලග කොටසට Maranaye Dhiyakadhak

ඒ ගෑණු කෙනාගේ දුර්වලතාවය මොකක්ද , එයින් පාලිතගේ ආත්මයයි නිලාගේ ආත්මයයි ප්රොයෝජනය ගන්නේ කොහොමද, ඇයව මරන වෙනස් ක්රමය මොකක්ද කියලා ඊලග කොටසින් බලමූ.අනුමාන කරන අය අනුමාන කරන්ඩකො……

කතාව දික්වුනා තමා,, තව කොටස් දෙකක් ඕන්නම් තියෙයි.

ඊලග කොටස හෙට දාන එක ශුවර් නෑ?????????????????????????????????

3 thoughts on “මරණයේ දියකදක් | 11 කොටස | හොල්මන් කතා”

  1. K.K.Damayanthi

    ඇයි…. ඔය කොටස් ටික ඔක්කොම එවලා නේද තියෙන්නෙ රාස්….

    මන් ඔයාගෙ කත කියවන්න නම් ආසයි හොල්මන් උනත්…???

  2. Priyadarshani

    අනේ ඉවර වෙනවද කතාව ??
    තව අලුත් කතාවක් ලියන්න …??
    මේ කතාව නම් නියමායි ????
    All the best! ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.