Katha Ahura

මරණයේ දියකදක් | 12කොටස | හොල්මන් කතා

5/5 - (1 vote)

මරණයේ දියකදක් ? 12 කොටස ?

“ඒ ගෑනු කෙනා වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වෙන කවුරුවත් නෙමේ අර මිනී මරුවගෙම මල්ලි කෙනෙක් එක්ක. ඒ සම්බන්දය ඒ ගෑනූ කෙනා කසාද බැදපු දවස්වල ඉදලම තිබිල තියෙනවා. කිසිම කෙනෙකුට අහු වෙල නෑ ඒ දෙන්නගේ හොර සම්බන්දය.

දවසක් ඒ ගෑනු කෙනයි අර මිනිමරුවගේ මල්ලියි දෙන්නා හොරෙන් කතා කරන දේවල් අහන් හිටපු පාලිතගෙයි නිලා ගෙයි ආතම දෙකට සෑහෙන්න තොරතුරු වගයක් අනාවරනය කර ගන්ඩ පුලුවන් වුනා.

එදා දවසේ රෑ උදා වෙලා තිබුනා. අර ගෑනු කෙනා හිටියේ ගෙදර ළමයි දෙන්නත් එක්ක තනියම. මිනීමරුවගේ අම්මයි තාත්තයි, තවත් මල්ලියෙකුයි හිටිය ඒ ගෙදර එදා රෑ ඒ කවුරුවත් හිටියේ නෑ. ඒ අය කොහෙද ගිහිල්ලා. හොදටම එදත් වහින දවසක්. කවුරු හිටියෙ නැතත් ඇය කරන කියන දේවල් බල බල නිලාගෙයි පාලිතගේ ආත්මෙයි ඇය දෙස බලන් සිටියා.

එතකොට එදා රෑ 09ට විතර ඇති.

“ටක් ටක් ටක් ටක්”

අර ගෑනු කෙනා හිටපු ගේ ඉස්සරහ දොරෙන් ඇහුනා. #

“ක..කවුද”

ඇය දොර ලගට ගියේ එහෙම අහගෙන. ඇයට විතරක් නෙමේ නිලා ගෙයි පාලිතගේ ආත්මවලටත් ඕනේ වුනා ඒ කවුද කියල දැනගන්ඩ.

“මම පොඩි අයියා. දොර අරින්ඩකෝ”

“පොඩි අයියේ ඔයා ,, අද ,, වෙනදා මේ දවස්වල නිවාඩු වලට ඔයා ගෙදර එන්නෙ නෑනේ, අද ආවේ ඇයි.

“පස්සෙ කියන්නම් ඒ ගැන ,, දැන් ඉතින් දොර අරින්ඩකෝ,, ඔයාව බලන්ඩ නුවර ඉදන්ම තකහනියේ ආවා,,,, ඔයා මේ ප්රශ්ණ අහනවා.”

ඇරපු දොරෙන් ඇතුලට ආවේ අර මිනීමරුවගේ ලොකුම මල්ලී. ඔහු ඇතුලට ආවා විතරයි අර ගෑනු කෙනා යලිත් දොර වැහුවේ වටපිට බලල අවසානේ.

” පොඩි දෙන්න නිදිවෙන්ඩැයි, ඒ දෙන්නට මේක දෙන්ඩ”

ඔහු අතේ තිබ්බපාර්සලයක්. ඒක අර ගෑනු කෙනාට දෙන ගමන් කිව්වා. ඔහුට තිබුනෙත් අර මිනීමරුවගේ පෙනුමට සමාන පෙනුමක්.

“අද අම්මලා නිකවැරටියේ මහප්පගේ දානෙ ගෙදර යන බව දන්න හින්දමයි තකහනියෙම ඔයාව බලන්ඩ ආවේ ,, නැත්නම් ඉතින් ඔයත් එක්ක නිවීසැනසිල්ලේ කතා කරන්ඩවත් ##නෑනේ.”

ඔහු කිව්වේ ඇය තමා වෙතට ඇද ගනිමින්.

“හොර ගෙඩියා,,, ඒත් ඔයා හොදටම තෙමිලනේ , ඉන්ඩ මම සීතල යන්ඩත් එක්ක තේ එකක් හදන් එන්ඩ “

“ඔයා ලග ඉන්න කොට මොන සිතලක්වත් නෑ මට”

ඔහු ඇයව උමතුවෙන් වගේ සිප ගෙන සිප ගෙන ගියේ අවුරුදු ගානක් තිස්සේ සිතේ තිබුනු හැගිම් පිට කරමින් වගේ.

“ඔය ඇති අනේ…. ළමයි දෙන්න දැක්කොත් හෙම”

ඇයමිමිනුවා ළමයි දෙන්නා දැක්කේ නැති වුනාට ඔවුන් දෙන්නගේ මේ හොර වැඩේ නිලාගෙයි පාලිතගෙයින්ම ආත්ම දෙක දැක්කා.

මොහොතකින් ඔහුගෙන් මිදී ඇය කුස්සිය පැත්තට ගියා. ඒ අර ආපු මිනිමරුවගේ මල්ලිට තේ හදන්ඩ. ඔහුත් ඈ පිටුපසින්ම ගොස් කුස්සියේ තිබ්බ පුටුවක ඉද ගත්තා.

“පොඩි අයියේ අපි දෙන්නා මේ සම්බන්දේ නතර කරලා දාමූ,, ඔයා ලබන අවුරුද්දේ බදිනවා”

ඇය කිව්වේ තේ හද හඩ, ඒ හඩේ දුක්මුසුබවක් අඩු නැතුව තිබුනා.

ඔවුන් දෙන්නා කුස්සියට වෙලා බොහෝ දේවල් කතා කරනවා පාලිතගේ නිලාගෙයි ආත්ම අහ ###ගෙන.

ඔවුන් කතා වුන විදිහටනම් මේ දෙන්නගේ මේ සම්බන්දය තිබිලා තියෙන්නේ අවුරුදු දහයක් ඉදන් කාලයක ඉදලා, ඒ කියන්නේ මේ ගෑනු කෙනා අර මිනීමරුවත් එක කසාද බැදලා ආපු දවසේ ඉදලා වගේ. කාටවත් දැනෙන්නේ නැතුව් හොර රහසේම මේ සම්බන්දය අරන් ගිහින්. කතාවුන හැටියටනම් අර ගෑනු කෙනා බැදපු මනුස්සයා ඒ කියන්නේ අර මිනීමරුවත් එක්ක කවදාවත් සතුටින් පවුල් කාල නෑ. මුලු රට පූරාම ඒ මනුස්සයට ගෑනු ඉදල තියෙනවා.

සෑහෙන්ඩ කාලයක් අර ගෑනු කෙනාට ළමයි නැතිහින්දා ඉදල තියෙන්නේ ගහ මරාගෙන. ළමයි හම්බුනත් ඒ දෙන්නගේ රන්ඩු අඩුවෙලා නෑ. ඒ ගෑනු කෙනා කිව්ව හැටියටනම් මනුස්සය මැරුනු එක ගැනත් එයා හිටියේ සතුටින් වගේ . ඒ තරමටම ඔහු ඇයට කරදර කරල තියෙනවා.

“මම අම්මලට කියනව මම දැන් අර කසාදෙටකැමති නෑ කියලා. මම කියනවා ඔයාව බදින්න කැමතී කියලා.”

මිනීමරුවාගේ මල්ලී කියපු දේට අර ගෑනු කෙනා සෙමින් හිනාවුනා.

“කවදාවත් ඒක නම් වෙන්නෙ නෑ. අම්ම හිතන් ඉන්නේ මගෙ මිනිහ මැරුනේ මගේ මූසල කමට කියලා ,, කවුද මන්දා මම දැකපු කෙනෙක් ####අම්මට කියල මගේ මූනේ බලපුහාම කියන්ඩ පුලුවන්ලු මම බදින මිනිහා මැරෙනවා කියලා. අරයා මැරුනට පස්සේ ඒක කියා කියා එයා මට එක එක අව කැපෙන දේවල් කියනවා. ඉතින් ඒ අම්මා කැමති වෙයිද තව පුතෙක් මාව කසාද බදිනවට”

“අම්මලගේ හන මිටි අදහස්නේ ,, මම ඔයාට දෙයක් කිව්වොත් ඔයා ඒකට කැමති වෙනවද”

“මොකක්ද ඒ “

අර ගෑනු කෙන ඇහුවේ කුතුහලයෙන්.

“අපි දෙන්න පැනල යමු….. මහනුවර මගේ යාලුවෙකුගේ කවුරුවත් නැති ගෙයක් තියෙනවා ,, ඒකෙ ඉන්ඩ පුලුවන් ,, කිසිම කෙනෙක් සැක කරන්නෙ නැති වෙයි. ඔයා ගියේ මමත් එක්ක කියලා. අම්මලගේ බැනුම් අහ අහ මේ ගෙදර ඉන්ඩ තවත් ඕනේ නෑ …”

“ඒත් ළමයි දෙන්න ,, ඔයා හදන අලුත් ගේ ,ඒකේ දැන් වැඩ ඉවර වෙන්ඩත් ලගයිනේ..”

“ළමයි දෙන්න ගැන බයවෙන්ඩ එපා ඒ දෙන්නත් අපිලගට ගන්ඩ ප්ලෑන් එකක් මම ලග තියෙනවා ,, ගේ ඔහේ තියෙන්නෙ නැතෑ ,,ඊට වඩා මට ඔයාව වටිනවා. මේකට කැමතිද කියන්ඩ”

“ඒත් ,……”

“ඒත් මේත් නෙමේ ,, කැමතිද කියන්ඩ “

ඇය හිස වැනුවේ කැමති කියන්ඩ. එය දකිද්දි මිනිමරුවාගේ මල්ලි ඇයව තුරුලු කර ගත්තේ #####ආදරයෙන්.

” මම ඔක්කොම දේවල් ලෑස්ති කරන් ලබන සතියේ සදුදා එනවා, පුලුවන් වුනොත් ,, ඔයා ලැස්ති වෙලා ඉන්ඩ”

“අපරාදේ මට අපේ සෝපිත හාමුදුරුවන්ගේ උපසම්පදා පිංකමටවත් එහෙම වුනොත් සහබාගි වෙන්ඩ හම්බවෙන්නේ නෑ”

සෝපිත හාමුදුරුවෝ කියන්නේ අර මිනීමරුවගේ බාලම මල්ලි කියල පාලිත්ගේ ආත්මය දැනන් හිටියේ ඔහු ජීවත්වෙලා හිටපු කාලෙමයි.

“ඒකට දුක් වෙන්ඩ එපා අපේ සෝපිත හාමුදුරුවො ඉන්නේ අපි යන්ඩ හිතන් ඉන්න මහනුවර ට ලගම පන්සලකට. අපි දෙන්න බලන්ඩ යමු.,,,,,,,,,, එහෙනම් සදුද රෑට ඔයා නිදාගන්ඩ එහෙම එපා, ලබන සදුදයින් පස්සේ අපි දෙන්න අපේම ලෝකෙක. ළමයි දෙන්නත් අපි ලගමයි.”

මිනිමරුවාගේ මල්ලී පැවසුවෙ අර ගෑනු කෙනාව යලිත් වරක් සිප ගෙන.

*** මිනීමරුවගේ මල්ලී මෙය කියද්දූ පාලිතගෙයි නිලාගේ ආත්ම දෙක කලබල වුනා. අර ගෑනු කෙනාව මහනුවරට ගියොත් ඇයව මරාදාන්ඩ බැරි එකයි ඊට හේතුව. මහනුවර ප්රදේශය තියෙන්නේ මා ඔය හා දැදුරු ඔය ගලන් බසින සීමාවට මැදිව නෙමේ. ##### #

පලමුව ඇයව මරා දමන්න අදහස අයින්වුනත් ටිකකින් ඔවුන් දෙන්නගේ ආත්ම ව්ලින් ඒක අකා මකා වුනා. මිනිමරුවන්ගේ ගෑනු දෙන්නාවත් මරා දැමීමත් ඔවුන්ගේ පලිගැනීමට යටත්.

ඇයව මරා දැමීමට ක්රමයක් ලබන සදුදාට පෙර හොයාගන්නනට ඕන බව නිලාගෙයි පාලිතගෙයි ආත්ම දෙක හිතුවා.

මිනීමරුවාගේ මල්ලී පාන්දර වෙනක්ම්ම සිටියා අර මිනීමරුවාගේ බිරිද සමග.ඔහු පිටව ගියේ අර ළමයි දෙන්නාගෙත් හිසවල් සිපගෙනයි. මේ දේවල් ඔක්කොම නිලාගෙයි පාලිතගෙයි ආත්ම දෙක බලන් හිටියා.
*****************************************

කොහොමහරි පාලිතගෙයි නිලාගේ ආත්ම දෙක අර ගෑනු කෙනා මරා දාන්ඩ ක්රමයක් හොයාගත්තා. ඒ සදුදාට කලින් දවස වූ ඉරිදා රෑ. දාරානිපාත් වැස්සක් එදත් තිබුනේ ඔවුන්ගේ ආත්ම දෙක සතුටු කරමින්.

“නැගිටින්න ඉක්මනට”

මැදියම් රැයේ අර ගෑනු කෙනාගේ කනට කර කවුදෝ කිව්වේ රහසින්. නින්ද ගොස් සිටි ඇය නැගිට්ටුනා එක පාරටම. ඒත් කවුරුවත් ලග පාත් ඉන්න්වා ඇය දැක්කේ නෑ.එසේ කතා කෙරුවේ නිලාගේ ආත්මය කියල ඇය දන්නේ කොහොමද?

එතකොටම ඇහුනේ කාමරේ ජනේලයට ##### ##කවුරුන්දෝ තට්ටුකරන හඩක්.

“කවුද ඔය “

ගෑනු කෙනා ඇසුවේ ජනේලය ලගට ගොස්.

“මම පොඩි අයියා.”

එහා පැත්තෙන් ඇහුනේ අර මිනීමරුවගේ මල්ලීගේ හඩ.

“ඒත් පොඩි අයියෙ ඔයා එනව කිව්වේ අද නෙමේනේ හෙටනේ “

එතන හිටියේ පාලිතගේ ආත්මයයි , ඔහු මිනිමරුවගේ මල්ලිගෙ පෙනුමෙන්ම ඇවිත් සිටියා.

“මට ඔයාට වැදගත්ම වැදගත් දෙයක් තියෙනව් ඒක කියනඩයි ආවේ ,, දොර අරිනවද”

“ඒත් අද ගෙදර ඔක්කොම කට්ටිය ඉන්නවනේ”

“මෙහෙ ඒවා කතාකරන්නෙ නෑ ,, අපි යමු මම හඩපු අලුත් ගේ ඇතුලට, ඉක්මන් කරන්ඩ මේක ඔයාය කියන්ඩම ඕනා.”

**** පාලිතගේ ආත්මයේ උපක්රමයට අර ගෑනු කෙනා අහුවුනා. ඇය දොර ඇරියේ ඇය බලාපොරොත්තු වුන කෙනා දකින්ඩ. ඇය දැක්කෙත් ඒ රුවම තමයි. ඒත් එතන ඉන්නේ මිනි මරුවාගේ මල්ලිගේ රුවින් ඉන්න පාලිත ගේ ආත්මය කියලා ඇයට කෙසේ දැනගන්ඩද.

“මොනවද මට කියන්ඩ තියෙන ඔච්චරම වැදගත් දේ “

ගැනු කෙනා ඇගුවෙ මිනිමරුවගේ මල්ලි ##### ### අලුතෙන් හදන ගේ ඇතුලට ගොස්. උලු සෙවිල්ලපු වහලයක් තිබුන හින්දා ගේ ඇතුල තෙමුනේ නෑ. ඒත් විදුලිය නැති හින්දා කට්ට කරුවලයි. විටෙක කොටන විදුලි කෙටිලි වලින් පමනක් ඒ අදුර නැති වී ගියා.

“අපේ අයියගේ මරණය ගැන”

මිනිමරුවගෙ මල්ලිගේ රුවින් ඉන්න පාලිත්ගේ ආත්මය කිව්වා.

” එයාගේ මරණය ගැන ,, ඒත් ඇයි පොඩි අයියට එයාගේ මරණය ගැන කියන්ඩ මේ වෙලාවේ ඕන වුනේ.”

“අයියා මැරිලා තියෙන්නේ , කොලමුනු ඔයේ ගහන් ගිහිල්ලා නෙමේ , අයියයි , එයාගේ යාලුවයි දෙන්නව මරල දාලා.”

“මරලා දාලා , ක…ක…කවුද ඒ”

අර ගෑනු කෙනාගෙ නලලත් එක්ක රැලි වුනා, ඒක ඇහුනම.

“අයියා ජීවත් වෙලා ඉන්න කාලේ පාලිත කියලා කෙනෙක් කොලමුනු ඔයේ ඔබලා මරලා දාලා , පස්සේ එයාගේ ගෑනු කෙනාට කරදර කරන්ඩ ගිහින් , ඒ ගෑනු කෙනාත් වීදුරුවකින් ඇනගෙන මැරිලා. මැරෙන කොට එයාගෙ බඩේ දරුවෙකුත් ඉදලා. මැරුනට පස්සේ ඒ පාලිතගෙයි නිලාගෙයි ආත්මදෙකට ඕන වෙලා තියෙනවා , ඒ දෙන්නට මෙහෙම කරපු මිනිමරුවන්ගෙන් පලි ගන්ඩ ඒ ##### ####කියන්නේ ඒ දෙන්නවත් වතුරක ඔබල මරලා දාන්ඩ,, ඒ මිනීමරුව්න්ගෙන් විතරක් නෙමේ උන්ගේ ගෑනු දෙන්නා උන්ගෙ ලෙයින් ජාතකවුන ළමයි ඒ ඔක්කොම පාලිතගේයි නිලාගෙයි ආත්ම වලට ඕනා මරලා දාන්ඩ එතකොටයි ඒ අයගේ පලි ගැනීම සම්පූර්න වෙන්නේ.

ඒ දෙන්නගේ ආත්ම දෙකේ බලපෑමෙන් තමා අයියයි අයියගේ යාලුවයි කොලමුනු ඔයේ ගිලිලා මැරුනේ , ඇත්තටම ඒ දෙන්න මැරුනේ නෑ , පාලිතගෙයි නිලගෙයි ආත්ම දෙක එයලව මර්ලා.

ඒකෙන් නතර වෙන්නෙ නැතුව ඒ ආත්ම දෙක අයියගේ යාලුවගේ ගෑනු කෙනයි එයාගේ ළමයවත් කොලමුනු ඔයේ ඔබල මරලා.

ඊලගට පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙකේ අරමුන අයිය බැදල හිටපු ඔයාව මරලා ,දාන එක ,,නිලාගෙයි ,පාලිතගෙයි ආත්ම දෙකේ පලි ගැනීම සම්පූර්ණ වෙන්නේ , ඔයාගෙයි, අයියගෙයි ළමයි දෙන්නවත් මැරුවට පස්සෙයි.”

“පො….පොඩි අයියේ ,, ඔය කතා කරන්නේ ඔයාමද ,, ඔයාට කවදාවත් ඔය විදිහට කතා කරලා නෑ. මේ ඔයා නෙමේ ……….”

අර ගෑනු කෙනා හොදටම කලබල වුනා ඇහුන දේවල වල අන්තිම ටික ඇහෙද්දී.##### #####

***** ” ඒක තමා ඇත්ත ,පාලිතගෙයි නිලාගෙයි ආත්මවල ඊලග අරමුන ඔයා මරණ එක ,, ඊට පස්සේ අයියගෙයි ඔයාගෙයි ළමයි දෙන්නව මරණ එක.”

“නෑ ඔයා පොඩි අයියා නෙමේ…..”

ඇය කිව්වේ සිතට අවිනිශ්චිත බියක් එක් වෙද්දි. මුලු ගේ ඇතුලටත් එලිය වැටෙමින් විශාල විදුලියක් කෙටුවෙත් ඒ සමගයි. ඒ එලියෙන් අර ගෑනුකෙනා දැක්කෙ ඇග ලොමු දැහැ ගැන්වෙන දසුනක්. ගෑනු කෙනා ලග හිටියේ මුලු ඇගම ලේ පෙරාගෙන කොන්ඩේ කඩා ගත්තු ගෑනු කෙනෙක්. ඒ නිලාගේ ආත්මයයි.

මහ හයියෙන් විලාප තියාගෙන අර ගෑනු කෙන ගෙයින් එලියට පැන්නා. ඇය කොච්චර හයියෙන් කෑ ගැහුවත් වැඩක් නෑ. ඇගේ හඩ යටපත් කරමින් ඇද හැලෙමින් තිබුනේ දාරානිපාත් වැස්සක්.

ඇය දිව ගියේ කොහොමහරි තම නිවසට යන්න. ඒත් වැඩක් වුනේ නෑ ඇයගේ කෙස් වැටියෙන් හයියෙන් කවුදෝ කෙනෙක් අල්ල ගත්තා. එතනින් එහාට අර ගෑනු කෙනාට තව අඩියක්වත් ඉස්සරහට තියන්ඩ හැකි වුනේ නෑ.

“මම දන්නෙ නෑ උබ මෙච්චර ඉක්මනට දැනගත්තේ කොහොමද කියලා මම උබේ පොඩි අයියා නෙමේ කියලා.” ##### ##### #

පිටුපසින් ඇසුනේ පාලිතගේ ආත්මයේ හඩ.

“මාව අත ඇරපන් ,, ඇයි මගේ මිනිහ කරපු වැරද්දකට මාව මරන්නේ අතෑරපන්.”

ඇය ගැලවෙන්ඩ උත්සහ කරත් වැඩක් වුනේ නෑ.

“ඒක අපේ පලිගැනීමේ අරමුනක්, අපි මැරුනු වෙලාවම හිතාගත්ත අපේ මිනීමරුවෝ දෙන්න උන්ගේ ගෑනු දෙන්න, උන් දෙන්නගේ ලෙයින් මසින් ඉපදුන ළමයි ඔය ඔක්කොම මරලා පලි ගන්නවා කියලා. එකට උබත් අයත් දැන් ලෑස්ති වියන් මැරෙන්ඩ, උබල දෙන්නගේ ළමයි දෙන්න්ව මැරුවට පස්සෙ ආපේ පලි ගැනීම සම්පූර්ණයි.”

ඒ හඩ ඇහුනේ අර ගෑනු කෙනාගේ ඉස්සරහින්. විදුලි කොටපු එලියෙන් ඒ රුව අර ගැනු කෙනා දැක්කා. එතන හිටියේ ලේ පෙරගත් නිලාගේ ආත්මයයි.

“මාව මරන්ඩ ,, ඒත් මගේ ළමයි දෙන්නව මරන්ඩ එපා එයාලා උබලගෙ පලිගන්න අරමුනට අ…… “

ඒ ගෑනු කෙනා තව මොනවද මන්ද කියන්ඩ හැදුවත් , ඒක කියා ගන්ඩ හැකිවුනේ නෑ. ලගම තිබුනේ බඹ හතරක් පහක් ගැබුරු ළිදක් , මහ වැස්සට ඒකේ වතුර තිබුනේ කට ලගටම පිරිලා වගේ.

පාලිතගේ ආත්මය තව මදක්වත් පරක්කු නොවී අර ගෑනු කෙනාගේ කොන්ඩෙන් ඇදගෙන ##### ##### ##ඇවිත් ඒ ළිද ඇතුලට දැම්මා. ළිදට වැටුනු ඇය වතුරේ යටයම ගියා.

“එයත් තව ටිකකින් අරුන්ගේ ලෝකෙටම යයි. අපි මරපු උන්ගේ පවුල් දෙකේ හිටපු හත් දෙනාගෙන් පස් දෙනෙකුගෙන් පලි අරන් ඉවරයි. තව ඉතුරු වෙලා තියෙන්නේ අර පොඩි කොල්ලයි කෙල්ලයි විතරයි. උන් දෙන්නව මරන්නෙ කවදද.”

නිලාගේ ආත්මය ඇහුවා.

“මොන ක්රමයක් දාල හරි උන් දෙන්නවනම් මරන්ඩ ඕන උන්ගේ තාත්තා මැරුවා වගේම කොලමුනු ඔයේම ගිල්වලාමයි.”

පාලිතගේ ආත්මය කිව්වේ තිර හඩින්.

පහුවදා අර ගෑනු කෙනාගේ මිනිය ළිදේ වතුරේ මතු වෙලා තිබුනා. කට්ටියම කතා වුනේ ඇය මහ රෑ ඇවිත් ළිදට පනින්ඩ ඇති කියලයි. මොනව වුනත් ඒක හරිම අභිරහස් මරනයක් විදිහටයි කවුරු කවුරුත් කතා කෙරුවේ. ළමයි දෙන්නට පණටත් වඩා අදරය කරපු ඇය මෙහෙම ලිදට පැනල මැරුනා කියන එක ගමේ කාටත් අදහගන්ඩත් බැරි වුනා.

ඊලගට පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙකේ අරමුන අර ළමයි දෙන්නව මරණ එක. ඒත් ඒ දේ ඉක්මනට කරන්ඩ බැරි විදිහේ දෙයක් දවසක සිද්ද වුනා. අවසානේ උන් දෙන්නව මරලා දාල ##### ##### ### පලි ගැනීම සම්පූර්ණ කරන්ඩ දවසක් උදා වෙනකම් , පාලිතගෙයි , නිලාගෙයි ආත්ම දෙකට බලන් ඉන්ඩ උනා අවුරුදු පහලොවක්ම, අවුරුදු පහලොවක්ම”
*****************************************
තීවීල් කාරයා කතාව යලිත් නැවත්තුවේ හරියට කොපයෙන් වගේ.

“අ…..අපිට තවත් මේකේ යන්ඩ බෑ ,, අපිට බහින්ඩ ඕනා”

මලිත්ට කලින් නොතිබුන බය මේ වෙද්දී සිත අක්රමනය කරල තිබුනා. ඔහුගේ යටිසිත මේ වන විට අනතුරු අගවල තිබ්බා මේ ඉන්නේ පාලිත්ගෙයි නිලාගෙයි ආත්ම දෙකදෝ කියලා.ඊට හේතුවක් තිබුනා. ඒ තාත්ත කොලමුනු ඔයේ ගිලී මැරීම් , අම්මා ළිදට වැටිල මැරීම්, ඒ ඔක්කොම දේවල් අර ත්ර්රී වීල් කාරයා කියපු කතාවේ තිබ්බ හින්දා. අර ළමයි දෙන්නා ඔහුයි නංගියි වෙන්ඩ ඇති කියලයි මේ වෙද්දී මලිත්ගේ හිත කිව්වෙ. එත් ඔයාල දෙන්න පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙකද කියල අහන්ඩ තරම් දහිරියක් මලිත්ට තිබ්බේ නෑ.

චන්දුලී කුඩා කාලේම අමමයි තාත්තයි මැරුන හින්ද ඒ ගැන සිතුවිල්ලක් ඇයට නොතිබුනත් ඇය හිටියේ මලිත්ටත් වඩා බයින්.

“අනේ ඔව් ,, අපිට මේකේ යන්ඩ බෑ……අපිව බස්සන්ඩ ” ##### ##### ####

එන්ඩ එන්ඩ වේගෙන යන ත්රීවීල් කාරයා අමතා ඇය කිව්වා.

” නැත්නම් මමයි නංගියි මේකෙන් එඑඑලියට පනිනවා.”

මලිත් කියපු දේට ත්රී වීල් කාරයා හිනා වුනේ උමතුවෙන් වගේ.

” දැන්නම් දෙන්නම ඉන්නේ හොදටම බයෙන් , ඒ කියන්නේ ඔට්ටුව මම දිනුම්. නේද නිලන්තී…….”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්”

ත්රී වීල් කාරයා අහපු දෙට මේ පාරනම් අර කාන්තාව් පිලිතුරු දුන්නේ හරිම සතුටින් වගේ.

“හරි හරි ඔහේ ඔට්ටුව දිනුවා,, මමයි නංගියි දෙන්නම ඉන්නේ ඔයාගෙ කතාවට බය වෙලා. හරිනේ දැන් අපිව බස්සවන්ඩ”

දැන්නම් මේ වන දෙවල්වලට මලිත් පොඩ්ඩක්වත් කැමති නෑ.ඔහු හිටියේ හොදටම නොසන්සුන් වෙලා.

“එහෙම කරන්ඩ බෑනේ ,, ඔට්ටුව පරාද වුනානම් ඔයාල ඔට්ටුවේ තියෙන දේ කරන්ඩ සිද්දවෙනවා “

” මොකක්ද ඔය ඔට්ටුවෙ තියෙන්නේ “

මලිත් කිව්වේ ඒකවත් කරලා මේ අමුතු මිනිහගෙනුයි , කාන්තාවගෙනුයි ගැලවෙන්ඩ හිතන්.

##### ##### #####

“එහෙම බෑනේ මම කිව්වනේ ඔට්ටුවේ තියෙන දේ බලන්ඩ රෑ දොලහ වෙනකම් ඉන්ඩ ඕන කියලා.”

*ඒක ඇහෙද්දී මේ වෙනකොට වෙලාව කියට ඇතිද කියා මලිත් phone එක ගෙන බැලුවේ වෙව්ලන අතැගිලි වලින්. ඒ වෙද්දී වෙලාව සටහන් වුනේ රෑ එකොලහයි පනස් අටයි කියා. ඔට්ටුව මොකක්ද කියල දැන ගන්ඩ තව විනාඩි දෙකක් ඉන්න් ඕනා.

“තව රෑ දොලහ වෙන්ඩ විනාඩි දෙකක් විතර තියෙනවානේ”

ත්රී විල් කාරයා ඇහුවේ සරදමට වගේ.

“ඔව්..”

“තව ටිකකින් මම කියන කතාව ඉවරවෙනවා ,, එතකොට ඔය විනාඩි දෙක ගිහින් තියෙයි. දැන් තමා කතාවේ හොදම හරිය, අර මිනිමරුවගේ ළමයි දෙන්නවත් මරලා පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙක පලිගැනීම සම්පූර්ණ කෙරුවේ කොහොමද කියලා කියන්ඩ විතරයි තව තියෙන්නේ,, නේද නිලන්තී……..”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්”

අර කාන්තාවගෙන් පිටවුනේ පෙරටත් වඩා ප්රීතිමත් හඩක්.***********************************************අවසාන කොටසට කලින් කොටසට Maranaye Dhiyakadhak

ත්රී වීල් කාරයාගේ කතාවේ අවසාන හරිය මොනවගේ වෙයිද?,, අර ඔට්ටුවෙ තියෙන්නේ මොකක්ද? ඇයි පාලිතගෙයි නිලාගෙයි ආත්ම දෙකට අර ළමයි දෙන්නගෙන් පලි ගන්ඩ අවුරුදු 15 බලන් ඉන්ඩ උනේ. ඒ ඔක්කොම ඊලග කොටසින්. අනුමාන කරන අය අනුමාන කරන්ඩකො.

5 thoughts on “මරණයේ දියකදක් | 12කොටස | හොල්මන් කතා”

  1. අනේ මේ දෙන්නවත් මරයිද…………….ඔට්ටුවේ ඇත්තේ මේ දෙන්නවත් කොලමුනු ඔයේ ගිල්ලවලා මරනවා කියලා වෙන්න ඇති………………

    අවු පහලවක් ඉන්න වෙන්නැත්තේ සමහර විට මේ දෙන්නා ඉන්න ඇත්තේ සීමාවෙන් එපිට……………මං හිතන විදියට???

    කතාව ඉවර වෙන්නද හදන්නේ?

  2. K.K.Damayanthi

    මන් හිතන්නෙ මලිතුයි එයාගෙ නංගියෙයි තාත්තා වෙන කෙනෙක් වෙන්න ඇති.. එහෙම නැතුව ඒ දෙන්නට බේරෙන්න බැරි වෙයි.. අම්මා මැරෙන්න් යද්දි කියන්න හැදුවෙ ඒක වෙන්න ඇති….
    මන් මේ මට හිතෙන දේකියන්නෙ…

    කතාවනම් මරු…???

  3. Thakshi Deepali Jayasuriya

    මේ දෙන්නගේ තාත්තා පොඩි අයියා නේද…..දෙන්නා බේරෙනවා.. අනිවාර්යෙන්

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.