Katha Ahura

මරණයේ දොරටුව |පස්වන දොරටුව | හොල්මන් කතා | කතා අහුර රචක

4/5 - (2 votes)

මරණයේ දොරටුව

පස්වන දොරටුව

තාත්තේ… කියාගෙන නංගි අඩ අඩා තාත්තගේ ඇගේ එල්ලුනේ තාත්තා ලොරියෙන් බහින්නත් කලින් …

නංගි වෙච්චි දේවල් අහලා හොදටම බයවෙලා හිටියේ .. ඒ නිසා වෙන්න ඇති තාත්තා අම්මට කිව්වා නංගි අරං ගෙදර යන්න කියලා .

මිනුලිලාගේ අයියයි තාත්තයි අපේ තාත්තා එක්ක ඉස්පිරිතාලෙ යන ගමන්.. මිනුලි බලන්න . මිනුලිගේ තාත්තායි අපේ තාත්තායි යාලුවො ..

මාමේ අනේ අපිත් එන්නද ඉස්පිරිතාලෙ යන්න.. අපේ පංතියේ යාලුවන්ට මොකද කියලා බලන්න … රවිෂාන් එහෙම ඇහුවේ මිනුලිලාගේ තාත්තගෙන් ..

හා යමු පුතා.. කියලා මිනුලිලාගේ තාත්තා කිව්වා විතරයි අපි හතරදෙනා ? පිටිපස්සෙන් නැග්ගේ විදුලි වේගෙන් .. මං හිතින් රවිෂාන්ට පිං දිදී හිටියේ ඌ ඉස්පිරිතාලෙ යන්න අපිත් එන්නද කියලා අහපු නිසා .

එකසිය ගානට හාට් එක ගැහෙද්දි අපි ඉස්පිරිතාලෙට ඇතුළට ගියේ ජීවිතේ ලොකුම වේදනාකාරී දවස එදා නිසා ..

අපි යද්දී ගමෙන් භාගයක් එතන.. සදුන්ගේ අම්මා වගේම තාත්තා දුවගෙන ඇවිත් කෑ ගහ ගහ අඩන්න ගත්තේ අපේ ඇස් වලට කදුලු පුරවලා.

අනේ බලන්නකෝ පුතාලා. මගේ කොල්ලාට … නැගිටින්න කියන්න යාලුවො ඇවිත් කියලා .. අනේ දෙයියනේ …මගේ කොල්ලා …. සදුන්ගේ අම්මා අපිව බදාගෙන කෑගහද්දී කලන්තේ දැම්ම නිසා සදුන්ගේ තාත්තා නර්ස්ලා දෙන්නෙක් එක්ක එයාව ඇතුළට අරං ගියා..

සදමාලී මැඩම්ගේ අම්මයි මහත්තයයි ඇවිත් විලාප තියලා කෑ ගැහුවෙ මැඩම් අපේ ගමට ආව එකට දොස් කිය කියා..

මැඩම් නුවර ඉදලා තමා හැමදාම ඉස්කෝලේ ආවේ.. නුවර ඉදන් කි.මී. 45ක් තියෙනවා අපේ ඉස්කෝලේට. මැඩම් මාරුවීමක් හදාගන්නවත් අකමැති වෙලා හරිම ආශාවෙන් අපේ ඉස්කෝලේ ආවේ අපට උගන්නන්න..

ඇත්තටම මැඩම් ගැන හරිම දුකක් ඇති වුණේ .. අපි හෙමින් හෙමින් වාට්ටුව ඇතුළට ගියා. මිනුලිගේ අතක් කැඩිලා නිසා අතට ප්ලාස්ටර් එකක් දාලා අත එල්ලගෙන ඉන්නවා ඈත තියාම අපි දැක්කා.. පේන්න නම් වෙන අවුලක් නෑ වගේ නිසා ලාවට සතුටක් මගේ හිතට දැනුණේ නෑ කිව්වොත් බොරු .

අනේ මගේ දූ…කියලා මිනුලිගේ තාත්තා මිනුලි බදාගෙන අඩන්න ගත්තා ..

මට එච්චරම තුවාල නෑ තාත්තා .. ඒත් ගොඩක් අයට අමාරුයි .. මිනුලි අඩ අඩ කිව්වා .

මිනුලි කිව්ව විදියට පහන්දිගේ ඔලුවට ගොඩක් ඩැමේජ් කියලා තව හතර පස් දෙනෙක් එක්කම නුවර ඉස්පිරිතාලෙ යවලා ඇම්බියුලන්ස් එකේ..

මිනුලිට ඇදන් දෙකකට එහායින් හිටියේ නන්දා මැඩම් . මැඩම්ගේ ඔලුව පැළිලා වගේම කකුලක් කැඩිලා .

මැඩම් කෑ ගහලා ඇඩුවේ මැඩම්ගේ වැරැද්ද නිසා සදමාලී මැඩම්ට මේ කරදරේ වුණා කියලා ..

සදමාලී නැතුව මාව අරං යන්න තිබ්බනේ… කියලා මැඩම් අඩනව. එකම කාලගෝට්ටයක්..

නන්දා මැඩම් අපේ ගමේ ග්‍රාම සේවක මහත්තයගේ නෝනා. ඒ නිසාම ගමේ ගොඩක් අය එතන වටවෙලා . මිනුලිගේ තාත්තා අපේ තාත්තා එක්ක එතනට ගියේ මැඩම්ට කතා කරලා හිත හදන්න වෙන්න ඇති.

මිනුලිගේ අයියටත් කෝල් එකක් ආව නිසා ෆෝන් එකත් කනේ තියාගෙනම එළියට ගියා
එතකොටම මිනුලි මගේ අත තද කරලා අල්ලගෙන හිම්සර…. කියලා කතා කරා..

මට මේ කරදර අස්සේ වුණත් හිතට දැනුණේ කියාගන්න බැරි තරම් සතුටක් .. මොකද මෙච්චර කාලෙකට මට බැරි වුණා මිනුලිගේ අත අල්ලන්නවත්..

ඒත් මිනුලි හිටියේ ගොඩක් බයවෙලා වගේ.. ඒ නිසාම

ඇයි මිනුලි ? කියලා මං ඇහුවේ ටිකක් කලබලෙන් .

හිම්සර .. මං මේ කියන දේ ඔයා විශ්වාස කරයි කියලා මං හිතනවා.. මට මේ ගැන පොලීසියටවත් අඩුම තරමේ අපේ ගෙදර අයටවත් කියන්න බෑ.. එයාලා මට පිස්සු කියලා හිතයි… මිනුලි කලබලෙන් කිව්වම මං විතරක් නෙවේ ශානක රවිෂාන් වගේම උදේනකත් පුදුමයෙන් මිනුලි දිහා බැලුවා .

හිම්සර විතරක් නෙවෙයි බං.. අපිත් උඹව විශ්වාස කරනවා.. කියපං මොකක්ද අවුල? උදේනක ඇහුවේ මිනුලිගෙන්..

බ– බ–ස් බස් එක ඇක්සිඩන්ට් වුණේ හොල්මනක් නිසා..; මිනුලි එකපාරටම කිව්ව දෙයින් අපි පුදුම වුණේ නෑ.. මොකද අපිට තේරුම් ගිහිං තිබුණා මේකට අමනුෂ්‍ය බලපෑමක් තියෙනවා කියලා . ඒත් ඒක මිනුලි දන්නේ කොහොමද කියලා අපට ප්‍රශ්නයක් වුණා .

මොකක්?? උඹ කොහොමද දන්නේ ? රවිෂාන් ඇහුවේ නොඉවසිල්ලෙන් .

මං කොහොමද දන්නේ කියලා අහන්නේ? ඔයාලා කොහොමද දන්නේ ඒක? ඔයාලා බස් එකේ හිටියෙවත් නෑනේ … කියලා මිනුලි නම් කිව්වේ ගොඩක් පුදුම වෙලා …

කලු පාට චායාවක් ද මිනුලි ? මුහුණ අපහැදිලි .. ඒත් අතපය පිච්චිලා වගේ… පිච්චුණු හම් ගදකුත් එක්ක?? කියලා මං කිව්වේ මිනුලිගෙන් ඉක්මන් පිළිතුරු බලාපොරොත්තුවෙන් .

මිනුලි කටත් ඇරලා මගේ දිහා බැලුවේ ගොඩක් පුදුම වෙලා කියලා එයාගේ මූණෙන්ම තේරුණා..

ඔ– ඔ-යා— ඔයා කොහොමද දන්නේ හිම්සර ..? මිනුලි ගොත ගගහා අහද්දී ශානක කෙටියෙන් මිනුලිට විස්තර කරා මගේ හීනේ ගැන..

ආ.. ඒකද හිම්සර ඔයා උදේ අපෙන් ඇහුවේ වරුණ අයියගේ බස් එකේද යන්නේ කියලා ? තව සදමාලී මැඩම්ට යන්න එපා කියලා කිව්වේ ? මිනුලි අහපු දේට ඔව් කියන්න මං ඔලුව හෙල්ලුවා ..

අනේ හිම්සර .. මට බයයි වගේ .. ඒ ඒ හොල්මන් මනුස්සය ආයෙත් එයි.. මිනුලි එකපාරටම අඩන්න පටන් ගත්තා ..
බය වෙන්න එපා මිනුලි .. අපි මොකක් හරි කරන්න බලමුකෝ ..මං කිව්වේ මිනුලි අල්ලගෙන හිටිය මගේ

අතින් තව තවත් මිනුලිගේ අත තද කරලා අල්ලගන්න ගමන්.

හිම්සර.. මිනුලි කියන දේත් ඇත්තක් තියෙනවා බං.. අපි තාම දන්නේ නෑ කවුද මේ මනුස්සයා. ඇයි මෙහෙම පළිගන්නේ කියලා . තාම පළිගැනීම ඉවර වෙලා නැත්තම් ඒ මනුස්සයා ආයේ එන්න බැරිකමක් නෑ.. උදේනක කිව්වේ සීරියස් විදියට .

ඒක ඇත්තක් කියලා මට හිතුනත් ඒ වෙලාවේ මිනුලි බය කරන්න මට ඕනි වුණේ නෑ.. ඒ නිසාම මං ඒ කතාව දිගට ඇදෙන එක නතර කරන්න කල්පනා කරා..

නෑ.. නෑ.. මං හිතන්නේ නෑ ආයෙත් ඒ වගේ මුකුත් වෙයි කියලා .. මං මාස ගානක්ම දැක්කේ එකම හීනේ.. ඒ නිසා ආයේ මුකුත් ප්‍රශ්න වෙන එකක් නෑ… මං කිව්වේ බොරුවට හිනාවෙවී ..

අ- අ–නේ.. අනේ හිම්සර .. ඔයා .. ඔයා ආයෙත් හීනයක් දැක්කොත් මට කලින් කියනවද ? ප්ලීස් … මට හරි බයයි… මිනුලි අඩ අඩ මගේ අත තදින් අල්ලගද්දී මට මිනුලි ගැන ලොකු ආදරයක් වගේම දුක්ක හිතුණා . මං කොහොම හරි මිනුලි ආරක්ෂා කරන්න ඕනි කියලා අධිෂ්ඨාන කරගත්තා .

හරි… හරි මිනුලි ෆ්‍රොමිස්… මං කියන්නම්.. අඩන්න එපා.. කියලා මං කිව්වේ ඒ නිසා .

එතකොටම වගේ මිනුලිගේ අයියා ආවා.. අපි අනෙක් යාලුවො බලන්න ගියේ මේ වෙලාවේ..

****************************************

ගමම මූසල විදියට අඩා වැටෙද්දී මැරුණ සදමාලී මැඩම් , සදුන් වගේම අනිත් අයගේ දේහ ඉස්කෝලේට අරං ආවේ ප්‍රින්සිපල් සර්ගේ ඉල්ලීමකට.. හැමෝටම පාංශුකූලේ දීලා ගමේ සොහොනේ වළදැම්මේ ඉස්කෝලේ විතරක් නෙවේ ගමේම අයගේ ගවුරව සෝ සුසුම් මැද්දේ.

සදුන්ගේ හත් දවසේ දානේටත් අපි ගිහිං උදව් කරා.. තාමත් අපිට හිතාගන්න බෑ සදුන් අපි එක්ක නෑ කියලා .. කොහොම හරි දවස් දහතුනක් ගෙවිලා ගියා කිසිම කරදරයක් නැතිව .. ඒත් ඊළඟ දවස ආයෙත් හීන පෙනෙයි කියලා මං හිතුවෙ නෑ.. ඊළඟ දවසේ පාඩම් කරලා පාන්දර එක කිට්ටු කරලා නිදාගන්න ගියේ හොදටම නිදිමත නිසා..

ඒත් නින්ද යාගෙන එද්දී මට ඇහැරුනේ එකපාරටම ආයෙත් කලින් වගේ හීන පේන්න පටන් ගත්ත නිසා..

දාඩිය දාගෙන ඇහැරලා මං බැලුවේ වෙලාව කීයද කියලා .. පාන්දර 2.20යි කියලා ⏰ සටහන් වෙලා තිබ්බා..

දැකපු හීනේ අගක් මුලක් හිතාගන්න බැරුව මං කල්පනා කරා..

මං දැක්කේ ගැහැණු ළමයි දෙන්නෙක් ඉස්කෝලේ ඇදුමෙන් පාර දිගේ යද්දී පිරිමි ළමයෙක් ඇවිත් කරදර කරන්න හදනවා.. ඒ වගේම කවුරු හරි කෙනෙක් කාමරයක එල්ලිලා මැරෙනවා ..

එකවැර හීන දෙකක් පෙනුණත් මට සම්බන්ධයක් හිතාගන්න බැරි වුණා .. කලින් වගේම මට ඒ කවුද කියලා අදුනගන්න මූණ පැහැදිලිව පෙනුණෙ නෑ..ඒත් කලු අපහැදිලි චායාවක් ඒ හැමතැනම හිටිය කියලා නම් මට විශ්වාසයි.

මං ඇදෙන් නැගිටලා ඩයිරිය අරං ? ⏰ එක්ක දැක්ක දේ සටහන් කරගත්තා .. නින්ද යන්නැතුව කල්පනා කර කර ඉද්දි කවුදෝ ජනේලයට ගහන්න ගත්තේ ?

මේ රෑ කවුද ජනේලයට තට්ටු දාන්නේ කියලා හිත හිතම මං ඇදෙන් නැගිට්ටේ බයෙන් බයෙන් …

ලයිට් එක දාලා ජනේලය ළගට කිට්ටු වුණා විතරයි බල්බ් එක ඩිම් වෙවී තිබිලා නිවිලා ගියේ මගේ ඇගට සීතලක් දැනෙද්දී ..

– කට්ටිය බලාගෙන … රෑට කාමරේ ජනේලයට තට්ටුවක් දානවා ඇහෙයි… මේ දවස්වල ලයිට් එහෙමත් කපනවනේ.. පරිස්සමෙන් හොදේ ?-

ඔන්න හැමෝම ඉල්ලුව නිසා කතාව අද දිගට දැම්මා .. කතාව ලස්සන නම් මදි නේද ? ඉක්මනින් කතාව ඉවර කරන්නම් … වීක් එකකට එක දවසක් නිසා ඔයාලට කතාව එපා වෙලා වගේ.. කතා ලියන එක නතර කරන්න කියලා හිතුවේ.. ?-

කතාව කියවන , රේට් කමෙන්ට් කරන යාලුවො හැමෝටම ගොඩක් ස්තූතියි …

– නයෝමී නදීරා ධීරසිංහ –

9 thoughts on “මරණයේ දොරටුව |පස්වන දොරටුව | හොල්මන් කතා | කතා අහුර රචක”

  1. Ane kathava epa vela nam na eth sathiyata ekak unama giya sthiye une mokdaaa kiyala tikak vela hithala thamai kathava kiyavanne.e nisa kathava sathiyata davas 2kvath danna barida.aththatama kathavanam godaaak interesting all the best dear

    1
  2. Chathu indeewaree

    කතාව ලස්සනයි නදී. නතර කරන්න එපා. නතර කළොත් එහෙම ගෙදරටම ඇවිත් ගුටියක් දෙනවා හලිද? ඔයා කැන්ඩි නේද ? මාත් කැන්ඩි තමා හරිද?..
    ගණන් ගන්න එපා හොඳේ. විහිළුවක් කළේ ? …..

  3. Vibushani madu

    Ane hamadam kathawa dannko lassanai kathawa mn badada wenakn iwasillak nathuwa inne oyage kathawa kiywanna. Ohoma apiwa baya karnna epa ane mn holman walata bayai. Ilaga sareth digaaa kotasak danna hode bs. Good luck

  4. Hashini Navanjana.

    අයියෝ කතාව නම් නවත්තන්නෙ එහෙම නෑ හොඳද… අපි ආසාවෙන් කියවන්නෙ. සතියකට එක පාරක් දාලා, ඒ පාර කියනව නවත්තන්න හදන්නෙ කියල. එහෙම කලොත් නම් නරකම නරකයි ඔයා… ??????????
    හී…… ගනන් ගන්න එපා විහිලුවක් කළේ.. ඒත් අපිට කතාව නම් දිගටම ඕනි.. කතාව චුට්ටක් වත් එපා වෙන්නෙ නෑ.. ගොඩක් ලස්සනයී.. බයයයය ? ? ? ? ? ? හිතෙන විදියට ඉස්සරහට හොල්මන් ? ? ? ඕනි හොදේ….
    ❤️❤️❤️❤️❤️❤️❤️
    ?️?️?️?️?️?️?️?️?️?️

  5. Ranmali subasinghe

    අම්මෝ ???? මට නම් දැන්මම බයයි… මොකද මම හොල්මන් වලට හුගක්ම බයයි… ????????? ඒත් මම ආසාවෙන් කියවනවා.. බය හන්ගගෙන…

    අනේ නවත්වන්න එපා නදියෝ… ??? ඔයාට වෙලාවක් නැති නිසානේ සතියකට එක දවසක් කතාව දාන්නේ… ඒකට කමක් නෑ… අපි ආසාවෙන් කියවනවා.. වෙලාවක් ලැබුනාම කෙටි කතාවක් දාන්න ????

  6. නිශා එම්. සුදිරික්කු.

    අම්මෝ නදී මේ හිරිගඩුත් ආවා. පිස්සුද අනේ කතාව නියමයි. නතර කරන්න නම් එපා. හැමෝටම හොල්මන් කතා ලියන්න බෑ බය හිතෙන විදියට. ඔයා ඒ වැඩේ ලස්සනට කරනවා. මම කතා අහුරට එන්නෙම හොල්මන් ? කතා බලන්න. බලන්නෙත් හොල්මන් ? කතා විතරමයි.

    1
  7. Thakshi Deepali Jayasuriya

    අනේයියා..සඳුන්ව මරපු එක නම් හිතට හරි නෑ ??? අර අරයගෙ නමත් සඳුන් නිසා …. කතාව නම් නවත්තන්න හද්නන එපා අක්කි හරිද….නෝටි ලමයෙක් වෙන්න හදන්නෙපා….ඔයා හොඳ සුදු අක්කියනේ…දිගටම කතාව දාන්න..පුළුවන්නම් සතියට දෙපාරක් දාන්නකො….කියවනකම් ඉවසිල්ලක් නෑ අප්පා

  8. Kthawa nm niymai.sthiyta eka sarayak dammata nm kmk na.eth nwththnnm epa.holman kathawak maga natharaunoth eke eelangta wenne mkkda kiyla hithaganna baruwa apita holman wahei.eeta psse api oyawa hoyagena awith………kthawa niyaaaamai honde

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.