Katha Ahura

..මර්ඩර්..|01 කොටස| රහස් පරීක්ශක කතා| කතා අහුර රචක

4.3/5 - (24 votes)

“ඒයි සුරං .උබ අද ගෙදරද? අද යමන් රව්මක් දාන්න ..මන් එන්නම් තව විනාඩි පහළවෙන් උබ කිට දාගෙන ඉදපන්… ආ තව ….”

කොට්ටය ලඟ තිබුන පෝන් එකට නිදිමතේම අත තද වෙලා ආන්සර් වුනාම ඇහුන ඉමිහිරි මෝටර් ප්‍රහාර සද්දෙට සුරංජිත් උඩ විසික් උනා.

“අපෝ ඇති! වහපන්කො හිකනලෝ කට!. උබ උදේ පාන්දර මෙතන බෙලිකටු හොලවනවා.මගෙ කන කූන් ගානවා..” සුරං කීව්වේ බෙඩ් ශීට් එක ඔලුවම වහගන්න ගමන්..

“උබ දැන්ද ඇහැරුනේ ඌරො. නොදකින්. උබ වගෙ හෝ හපුටුවො දෙන්නෙක් ගමක හිටියොත් ඇති ලෝකෙම නාස්ති වෙන්න.”

“අනේ හිකනලො ඒක මන් බලාගන්නම්..තෝ මොකටද මගෙ නින්ද කැඩුවේ දැන්..?”

“ආං එහෙම වරෙන්.. උබට අද නිවාඩුනෙ.යමන් සුපිරි පොට් එකක් බලන්න උබේ හීන මාලිඟාව හදන්න. උබේ හිතේ තියෙන දිව්‍යලෝකෙ වගේමයි.”

“අම්මා හිරුනා.. උබ ඔය ටිකට හොයාගත්තද ප්ලේස් එකක්.. උබ නම් දෙයියෙක් නෙවේ දේවාලයක් බන්. මන් මෙච්චර හොයලත්…”

” ඇති ඇති උබේ වචාලෙ නවත්තල ලෑස්ති වෙයන්. මන් එන්නම් බයික් එකෙ.උබෙ අහස් යානෙන් එතනට යන්න උබට පාරක් නම් හදගන්න වෙනව පුතෝ.”

“ආ ඒක නම් බැරිය..හිටහන් මන් ලැස්ති වෙන්නම්.” එහෙම කියලා සුරංජිත් පෝන් එක කට් කරලා ඇදෙන් බිම පැන්නේ බෙඩ් ශීට් එක ඇද පහලටම පයින් ගහලා දාලා.

කොල්ලා ටිකක් විසේකාරයි..ටිකක් එක විදියක්.ලොකුකමක් නෑ..එත් කොල්ලා දිහා බලන අයට පේන්නෙ නම් අලි ඔලුවෙන් ඉන්න එකෙක් වගේ.කොල්ලගෙ හුරතලේ පේන්නේ ලඟින් ආශ්‍රේ කරන අයට.

හිල්ටන් විලස් කියන බංගලාවෙ ඩේවිඩ් රංජිත් ග්‍රෙගරිගෙයි රෝසි සාවින්ද්‍යා සේනාරත්නගෙයි ගෙයි එකම දරුවා දේව් සුරංජිත් ග්‍රෙගරි.කොල්ලගෙ තාත්තා කතෝලික උනත් අම්මා සිංහල .

“අම්මා…මන් යනවා…” සුරංජිත් ටීෂට් එක අඳින ගමන් පඩිපෙල දිගේ පහලට දිව්වේ හිරුන්ගේ බයික් එකේ සද්දෙට.

“කොහෙද සුද්දා මේ දුවන්නෙ කුලප්පුව හැදිලා වගේ.කෑවෙත් නෑ කිරි එක බිව්වෙත් නෑ.දැන් බලද්දී නිදාගෙන නේද හිටියේ..?”

“ඔව් ඔව් අම්මා.. මන් ටක් ගාලා එන්නම්.. ඉඩමක් බලන්න යන්නේ.” එහෙම කියාගෙන අම්මව ඉබලා කොල්ලා වේගෙන් දිව්වේ එලියට.අතිජාත මිත්‍ර හිරුන් ඇතුලට ආවොත් එයාගෙ උදේ කිරි එකයි කෑම එකයි කාලා තව ෆ්‍රිජ් එකේ තියන දේකුත් කාලා දිරවන කන් ගමන යන්න වෙන් නෑ කියලා කොල්ලා දන්නවා.

“යමන් යමන් ඉක්මනට.”

“හෙහ්. හිටහන් මන් තේ එකක් ඒම බීලා එන්නම්. නැත්තන් රෝසි ආන්ටි තරහ වෙයි.”

“අනේ බන් යමන්.මන් දන්නවනෙ උබෙ හැටි.ඇවිත් උබ ගේම කෑවත් මට කමක් නෑ යමන්.”

“යමන් යමන් ඉතිම්..”

“අනේ උබ නම්.හිකනලා!”

රෝසි ආන්ටිට දුකෙන් අත වනලා හිරුන් සුරංජිත් එක්ක පිටත් උනා.රටේම කුනුහරප ශුද්ධ බාශාව කරන් දෙන්නා ලොකු චැට් එකක් දාගෙන පැය බාගෙකින් ගල්පොත්ත ගමේ පොඩි කදුගැටයක පාමුලට දෙන්නම ගියා.

” බැහැපන් මගෙ කරෙන්..මේ රේල් පාර පැනලා අර පොඩි කන්ද නගින්න ඕනි..”

“හිටහන්.” එහෙම කියපු සුරං හිරුන්ගෙ උරහිසට බර දීලා බයික් එකෙන් පස්සට පැන්නා.දිග කකුල් තිබුන සුරංජිත්ට ඒක හෙන ආතල් වැඩක් උනා.

“ඌහ්.. උබ අදත් කෑව මගෙ උරහිස. මට තෙල් බෙහෙත් ගාන්න වෙන දවස වැඩි ඈතක නෙවේ වගෙ.

හිරුන් තව මොනවදොත් කියව කියව බයික් එක ලඟ ගෙදරක මිදුලට දාලා කන්ද නගින්න පටන් ගත්තා. සුරංජිතුත් හිනා වෙවී එයාගෙ පස්සෙන් කන්ද නැග්ගා..විනාඩි දහයක් විතර දඟර ගැහුන අඩිපාර නැග්ගම වටේ හරිම ලස්සනට පෙනුනා..

කිලෝමීටරක විතර දුරකින් පෙනුනේ ලස්සනට කඩන් හැලෙන ගලබොඩ දියඇල්ල.. අනෙක් පැත්තේ ෆයිනස් කදු වැටිය. මිටියාවතක් මැදින් දිවෙන රේල් පාරයි එලවලු වගාවකුයි පුන්චි පුන්චි කඳුවැටියි පෙනුනා..

“සිරාවටම එල පොට් එක බන්.. මෙතන තට්ටු තුනට ගෙයක් ගහලා අර දිය ඇල්ල රේල් පාර එහෙම පේන්න මන් වීදුරු කාමරයක් හදනවා උඩම..”

“ඒකනි මන් උබව මෙතනට එක්කන් ආවේ..අර බයික් එක දාපු ගෙදර ඉන්න පියසිරි කියන සර්ට අයිති ඉඩමක්. විකුනන්න දාලා දැන් මාසයක් විතර ඇති කියලා මට කිව්වෙ ගමේ එක්කෙනෙක්..”

“එහෙමද..ඒ ගෙදර කවුරුවත් හිටියෙ නැනෙ බන්.?”

“ඉන්නවා බන්.. ටීච කෙනෙක් එයාගෙ මහත්තයයි දුවලා දෙන්නයිත් එක්ක. ඒ සර්ගෙ ඔපරේශන් එකකට සල්ලි වගයක් ඕනි වෙලා විකුනන්න දාලා තියෙන්නෙ ඉඩම..”

“එහෙනම් හදිසිත් ඇති..අපි හවසට එමු වෙන කවුරුහරි අහන්න කලින් .”

එහෙම කතා වෙලා දෙන්නම හිල්ටන් බංගලාවට ගියා.

“පුතා ඉඩම හොඳද..?”

“ඔව් තාත්තා මරු ප්ලේස් එක..ලස්සනට පේනව වටේම.”

“කොහෙද ඉඩම තියෙන්නේ?”

“ගල්පොත්ත ගමේ..සෝලංකන්ද කියන්නෙ..ඒ පොඩි කන්ද උඩ..”

“දැන් අයිතිකාරයා හිටියද ඔය බලන්න ගියේ..?”

“නෑ තාත්තා..ඉඩම අයිති සර් කෙනෙක්ට.. එයාලා හිටියේ නෑ.. කවුරුත් ඉඩමට යනවාලු දර කපන්න එහෙම.තව ඇවිදින්න එහෙම කොල්ලො යනවලු..අපිත් ගියා ඒ වගෙ.”

“හ්ම්.හ්ම්.. දැන් කවදද ඒ ගැන අහන්න යන්නේ..මන් එන්න ඕනිද..?”

“ඕන් නෑ තාත්තා..හිරුනා එක්ක මන්
හවසම යනවා ඒ ගැන කතා කරන්න.”

“හ්ම්..පුතාගෙ කැමැත්තක්.. මන් ඕවට මැදිහත් වෙන්න ඔන් නෑනෙ.උබ දැන් ඉලංදාරියනෙ.” ඩේවිඩ් එහෙම කියලා සුරංජිත්ට තට්ටුවකුත් දාගෙන කාර් එකේ නැඟලා ස්ටේට් එකට ගියා.

හිරුන් පොඩි එකා වගේ රෝසි ආන්ටි ලඟම දැවටි දැවටි කන්න බොන්න තියෙන දේවල් වලට වග කියලා එහෙම ගෙදර ගියා.

හිරුන් ගියාට පස්සේ සුරංජිත් තේ ෆැක්ටරි එකේ ෆයිල් වගයක් චෙක් කරලා ඉසුරු ගෙ ගෙදරත් ගිහින් ඇවිත් නිදාගත්තා..

හවස් වෙලා ඇහැරිලා වෙලාව බලද්දී තුනයි කාලයි.කොල්ලා හිරුන්ට කෝල් එකක් ගත්තා.

“මචන් උබ කීයටද එන්නෙ අරහෙ යන්න.?”

“මන් එන්නම් තව විනාඩි දහයෙන් හිබුටො.”

“අහ්..එල එල..වරෙන් අනිවාරෙන්..එහෙනම් මන් තිබ්බා..”

“හරි.”

සුරංජිත් වොශ් එකක් දාලා නිල් ඩෙනිමට ලා කොල පාට ටී එකක් ඇඳලා මිදුලෙ ගල් බංකුවට තනි රැක්කේ හිරුනා එනකන්.

ටික වෙලාවකින් හිරුන් එයාගෙ දඬුමොනරෙ නැගලා ආවා. වාහනෙ නවත්තන්නත් කලින්ම වගේ ශීට් එකට නැංග සුරංජිත් ඔහොම්ම යමන් කියලා කිව්වා..

“ඇයි උබ මන් ගෙට යයි කියලද හපුලුවො?”

“යා යා.. බොලා මට ශුවර්ම නෑ..ගිහින් ඇවිත් ඕනි මගුලක් ආ..”

හිරුනා කොල්ලට රවලා බයික් එක පාරට දැම්මා.යනකන් මග දිගටම හිරුන්ගෙ දේවාල කන්නලව්ව සුරංජිත් වෙනුවෙන්. ඒ එයාට හොඳ බෝජන සංග්‍රහයක් රෝසි ආන්ටිගෙන් ගන්න බැරි උන නිසා.

දෙන්නා සෝලංකන්ද පාමුල ටීචගේ ගෙදරට යද්දී දොර ඇරලා තිබුනා.

“ටීච ඇති ද බන් සුරං?”

“ඔව් බන් ඇති.ඒකනෙ මේ වෙලාවට ආවෙ.”

“මචන්…දොර නම් ඇරලා..යමන් යමන්..”

හිරුන් එහෙම කියලා දොරකඩට ගිහින් දොරට තට්ටු කලේ ගෙදර කවුද කියලා අහන ගමන්.

83 thoughts on “..මර්ඩර්..|01 කොටස| රහස් පරීක්ශක කතා| කතා අහුර රචක”

  1. Sandu (kandy girl)

    ඔන්න දඟයිනේ කතාව දාලා.. කියවන්න ආ.. තව එකක් බාගෙට ලියලා තියේ..ඒකත් ඉවර කරලා දෙන්නම්කෝ… බායි.. ගුඩ්නයිට් …..

  2. අප්පේ මේ සඳූ අක්කගේ කතාවක් නේ….. ??? මරු මරු.. කතාව නම් මරු ආ…..?

        1. ආශි නෙත්සරා

          ඕඕඕ අක්කි… ඔයාට නම් වැඩ වැඩි ඇති නේ මේ දවස්වල

          1. Ashi nethsara

            හොඳට පාඩන් වැඩ ටික කරන්න අක්කියෝ ???

  3. Avi 1999 (kandy)?

    හායි ළමයි කොහොමද කට්ටියටම???? හැමොම පරිස්සමින් සතුටින් ඉන්නවා නෙද??

    සදු අක්කි කතාව කියවලා හෙට කමෙන්ට් එකක් දාන්නම් හොදෙ??

          1. Ashi nethsara

            ඒක විතරමයිද අප්පා වෙන එකක් නැද්ද????????

        1. Avi 1999 (kandy)?

          ගුඩ් නයිට් දග බබාලා හැමොටම???
          පරිස්සමින් ඉන්න හැමොම..
          ගොඩක් ආදරෙයි.. බුදු සරණයි????

          1. Ashi nethsara

            ගුඩ් නයිට් අවී බෝලේ ?????
            බුදු සරණයි

  4. Avi 1999 (kandy)?

    සදු අක්කි.. හුග කාලෙකින් අක්කිගෙ කතාවක් කියෙව්වෙ.. අනික ඇප් එකටත් ආවෙ කාලෙකින් නෙ?? හෙට කමෙන්ට් එකක් දාන්නම් කියලා හිටියට දැම්මම කමෙන්ට් එකක් දැම්මා ඔන්න අක්කි ?.. කතාව අද කොටස නම් ගොඩක් ලස්සනයි අක්කි.. රහස් පරික්ෂක කතාවක් නිසා ඉස්සරහට මොනා වෙයිද කියලා අනුමාන කරන්ටනම් බෑ ඔන්??.. හැබැයි හිරුන්ටයි ,සුරාටයි ලොකු දේකට මුහුණ දෙන්ට වෙයි වගෙ නෙද ඉඩම ගත්තට පස්සෙ?.. ඒක ඉතින් දැන ගන්ට කතාව කියවලාම බලන්ට වෙනවා?..

    ලස්සනයි අක්කි අද කොටස නම්.. යාලුවො දෙන්නත් මරු… අක්කිගෙ කතා කොහොමත් සුපිරිනෙ.. තව ලස්සන කතා ලියන්ට අක්කිට ශක්තිය ධෛර්‍යය ලැබෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා මම්???.. පරිස්සමින් ඉන්න අක්කි.. බුදු සරණයි??

    1
      1. Avi 1999 (kandy)?

        අශී බෝලෙ?.. ඔයා අලුත් කෙනෙක්ද… හැමදාටම ඉන්ට කියන්නෙ? පුලුවන් වෙලාවට ඇවිත් යන්ට එන්නම් හොදෙ?

          1. Avi 1999 (kandy)?

            එන්නම් පුලුවන් වෙලාවට හොදද ???
            කියන්ටකො ඔයා නංගියෙක්ද..මචියෙක්ද?

          2. Avi 1999 (kandy)?

            නංගියෙක් නෙ මේ?? හැමදාටම ඉන්ට පුලුවන් බෝලෙ… එහෙම පුලුවන් වෙලාවට එන්නම් හැමවෙලෙම එන්ට බැරි වෙයි තුදු??

          3. Ashi nethsara

            හා කමක් නෑ අක්කි පුළුවන් හැම වෙලාවකම එන්න ?????

    1. සමහර වෙලාවට නෝට්ස් ලියනවා…. කතාවක් කියවනවා…… ඒවා තමා ඉතින් ?

      1. Ashi nethsara

        ආ…මේ අක්කියෝ අහන්නත් බැරි උනා ඔයා මොනාද කරන subjects
        එතකොට ඔයාගේ ගම????

          1. Ashi nethsara

            හම්මෝ එහෙනන් කතා කියවන එක හොදයි…ගනන් හදන්න බෑනේ එක දිගට ?

            ඒක නෙමේ වාද්දුව කොහෙද තියෙන්නේ මන් දන්නෑ නේ…

  5. Sandu (kandy girl)

    අඩේ ආශි බලංගොඩ ද… ඔන්න මං ගමේ එද්දි කියනෝ ඔයාට මාව බලන්න ටව්මට එන්න ආ…

    1. Ashi nethsara

      වාව් ඔයා බලංගොඩද ශෝයී ශෝයී ???
      කියන්න කියන්න අක්කියෝ මන් එන්නන් …අපේ ගෙවල් ටවුමෙමයි ?

  6. Sandu (kandy girl)

    ගුඩ්මෝනින් දඟයෝ ඔක්කෝටම …..

    මේ නංගිලා..?? ….මේක රහස් පරීක්ශක කතාවක් උනාට මං ඒවා ලියන්න දන් නෑ අනේ???.. තේරෙන විදියට ලීවා.. මටම හිතෙනෝ ඒකෙ කොහෙද රහසක් කියලා අන්තිමට ….??????? ඔන්න ඔහේ කියලා ඔයාලට කියවන්න දෙන්න හිත හදාගත්තා… ?????

    1. Sandu (kandy girl)

      ගොඩක් ස්තූතියි මගේ ගිනි අවියෝ…???

      ආශී නංගා..රිතූ නංගා… ස්තූතියි ඔයාලටත්.. රහසක් හරි පරීක්ශණයක් හරි හිතෙන් මවාගෙනවත් කියවන්ඩෝ…?????

      මේ ඔන්න සුරා ගත්තු ඉඩමේ හොල්ලමක්වත් ඉදීද මන්දා..????? එක්කො නිධානයක් ….???

      තිබ්බොත් සල්ලි ටිකක් ඉල්ලගමූ ඔක්කොටම ආ….?????

      1. Ashi nethsara

        ඔව් ඔව් නිධානයක් තිබ්බෝත් හොදයි….
        හොල්මනක්වත් ඉදීද දන්නෑ..පලිගන්න ආපු කෙනෙක්වත්….
        ආ…කොහොමද මීනියක්වත් තිබ්බොත් ඉඩමේ යට කරලා ?

    2. Sandu (kandy girl)

      ගොඩක් ස්තූතියි මගේ ගිනි අවියෝ…???

      ආශී නංගා..රිතූ නංගා… ස්තූතියි ඔයාලටත්.. රහසක් හරි පරීක්ශණයක් හරි හිතෙන් මවාගෙනවත් කියවන්ඩෝ…?????

      මේ ඔන්න සුරා ගත්තු ඉඩමේ හොල්ලමක්වත් ඉදීද මන්දා..????? එක්කො නිධානයක් ….???

      තිබ්බොත් සල්ලි ටිකක් ඉල්ලගමූ ඔක්කොටම ආ….?????..

      1. හා හා සඳූ අක්කේ ??? ඔයා හොල්මන් කතා ලියනවද අක්කේ? හොල්මන් කතාවකුත් ලියන්නකෝ…?

          1. Ashi nethsara

            පුලුවන්ද බෑද කියල බලන්නවත් එකක් ලියන්න කො..මුලින්ම කෙටි කතාවක් ලියන්න..?

          2. බලමු බලමු ????? මං පස්සෙ එන්නම්…. දැන් මහන්සි???

          3. උදේ නම් පන්තියක් තිබ්බා….. ඊට පස්සෙ මං නංගිලත් එක්ක ඩෝනට් හැදුවනේ…. ඉතින් මහන්සි ???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.