Katha Ahura

..මර්ඩර්../05 කොටස/රහස් පරීක්ශක කතා/ කතා අහුර රචක

4.6/5 - (63 votes)

කදුලු වලින් පෙඟුන නිවැසියන්ගේ මුහුණවල් දිහා ආයෙත් බලලා සුදේශ් එහෙන් පිටත් උනේ එහා ගෙදර අය එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා මේක සැකයක් විතරයි කියලා.

දවස් දෙකක් පුරා තීක්ෂණගේ පෝන් එක ඔන් උන බවක් ඒක ෆලෝ කරපු සී අයි ඩී නිලධාරින් ට අහු උනේ නෑ.එයාගේ ගේ වටේ සිටින රහස් පොලිසියේ නිලධාරින් ට වත් තීක්ෂණ ගැන අලුත් තොරතුරක් ලැබුන් නැ.

……………

පහුවදා උදේම මර්ඩර් එක සම්බන්ධව ගොනු කරගත් කරුණු අරන් සියලු සොකෝ නිලධාරීන් උසාවියට රැස් උනා.දේව්ගෙ පවුලේ අයත් මනීශාගෙ පවුලේ අයත් උදේ දහය වෙද්දී උසාවියට ඇවිත් හිටියා.

නඩුව කතා කරද්දී මරණය සිද්ද උන ස්ථානයෙන් හම්බුන සාක්ශි විදියට මනීශාගේ අතේ ගැට ගැහුවා කියලා හිතන්න පුලුවන් ලණු පොටකින් කොටසකුත් බිම වැටිලා තිබුන අඩු වැඩි වර්ණ දෙකක රුධිර සාම්පල දෙකකුත් විමර්ශන නිලධාරින් ඉදිරිපත් කලා.

යුවතියගේ සිරුරෙන් ලැබුන සාක්ශි විදියට ශීත කල නල තුල ගබඩා කල එවැනිම ලේ සාම්පල් දෙකකුත් ශුක්‍රාණු කොටසකුත් තව මනීශාගෙ අතැගිලි අතර තිබුන කෙස් කීපයත් රස පරීක්ශක අංශයෙන් ඉදිරිපත් කරා. වයිට් නිසා ගඟ අසලින් හමු උන පිලිස්සිලා ඉතුරු උන විවිද කොටස් කීපයකුත් ඉදිරිපත් කරා.

රහස් පොලිසියට මේ වෙනකොට කරුනු කිසිවක් නොලැබුන හින්දාත් ද්‍රව්‍ය පිළිබද ස්තීර අයිතිකාරයකු ඉදිපත් කිරීමට බැරි වුන හින්දාත් නඩුව කල් දැම්මා.මේ සියල්ලම එකම සැකකාරයකුගේද කියලා රිපෝට් ලබා ගත යුතුයි කියලා ජජ් ගේ නියෝගයෙන් උසාවිය මාසයකට පසුව එන පලවෙනි සදුදට යෙදුනා..

ගමේ අය අතරේ තීක්ෂණ ගැන කටකතා පැතිරුනත් එයාලා ස්තීර වශයෙන්ම දැනන් හිටියේ නෑ සුනඛයාගේ ගමන් මග හෝ ලැබුන සාක්ශි පිළිබද ව. දේව් මිතුරන් එක්ක මනීශාගෙ ගෙදරට නිතර ඇවිත් ඔවුන් එක්ක දුක බෙදාගත්තා. හැමෝම ගැන හොයලා බැලුවා.. පොලිසියේ උපදෙස් නිසා කා එක්කවත් ප්‍රශ්න ඇති නොකරගෙන ඔවුන් ඉවසීමෙන් හිටියා.

ඒ ගෙවුන මාසය පුරාම තීක්ෂණ ගෙදරට ආවේවත් එයාගේ අම්මලාට කෝල් කරේවත් නෑ. එයාගේ පෝන් එක ඔන් කරේ වත් නෑ. මනීශාගේ නැන්දායි මාමයි ගමට මූන දෙන්න ලැජ්ජාවේ වැඩි හරියක් හිටියේ ගෙටම වෙලා.

දේව් එයාගෙ යාලුවා කැලුම් හම්බෙන්න නිතරම ගියා. කැලුම්ගෙ කතා වලින් තමා එයාගෙ හිත හැදුනේ.

කාලය ඉගිල්ලිලා ගිහින් දෙවනිවාර නඩු විභාගයත් කැඳෙව්වා.ඒකෙදී උසාවියට ඉදිරිපත් කෙරුන රස වාර්තා වලින් සියලුම ද්‍රව්‍ය අතර සම්බන්ධය මනීශාත් එක මිනීමරුවකුත් අතර බව ඔප්පු උනා. කලින් වතාවෙදී තීක්ශණගේ මව්පියන් පිලිගත්තේ නෑ පිලිස්සිලා අවශේෂ වුන රෙදි කොටස් එයාලගෙ පුතාට අයිති ඒවා කියලා. මේ වාරයේදී ඒක පිළිගන්න ඔවුන්ට සිද්ද උනා.ඒ නිසා වරදකරු තීක්ශණ බව නිගමනය කරා. ජජ් තීක්ෂණව අතඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන්නත් නියෝග කරා.

නඩුව අවසන් වෙලා ගෙදරට යන්නවත් බැරි තරම් ලොකු ලැජ්ජාවක් තීක්ෂණගේ දෙමව්පියන්ට දැනුනා. එයාලා ගෙදර ගියේත් කුලී රථයකින්. කල්පනා කරලා කරලා පහුවෙනිදා පාන්දරම ගමට මූන දෙන්න බැරිව තීක්ෂණගේ තාත්තාගේ දුර නෑ ගෙදරකට නැන්දායි මාමායි හොරෙන්ම පිටත් උනා..එයාලට හිතිලා තිබුනා තීක්ෂණ එහේ ඇති කියලා. සිතුවා වගේම තීක්ෂණ හැංගිලා හිටියේ එහේ.නමුත් ක්‍රියාකාරී සී අයි ඩී නිලධාරින් ඔවුන් පිටිපස්සේ එන බව නැන්දලා දැනගත්තේ නෑ.

පැය දහයක පමණ ගමනකින් පසු ඔවුන් මන්නාරම ප්‍රදේශයේ දුශ්කර ගම්මානයක කුඩා නිවසකට ගොඩ වෙද්දීත් සී අයි ඩී නිලධාරින් ඔවුන් පසුපස හඹා ගිහින්.දුශ්කර ගමනාන්තයක් අවසානයේ සුවපහසු ඇදක මහන්සිය නිවනවාට වඩා සැඟවී ඉඳලා වරදකරු අල්ලා ගැනීමට නිලධාරින් බැඳී සිටියා.

ඉර බැහැගෙන යන්න තියෙන්නේ තව ටික කාලයයි. ඉහළ නිලධාරියෙකුත් එක්ක පෝන් එකෙන් කතා කර කර හිටපු සී අයි ඩී නිලධාරී නිහාල් ට පිටුපස දොර ලඟට තමන් සොයන රුව ඇවිත් ඉන්න හැටි පෙනුණා.එයා ඉක්මනින්ම පෝන් එක කට් කරා..

නිහාල් එක්ක් ආව නිලධාරින් හතර දෙනා ගේ වටේම ස්ථාන ගත කරලා ඔහු නිවස දෙසට ගියා.ඉදිරිපස දොරට තට්ටු කරාම දොර ඇරියේ වයසක ආච්චි කෙනෙක්.

” ආච්චි අම්මේ.. මේ තීක්ෂණ ගම ගමේන්ද්‍ර දැන් නැවතිලා ඉන්න ගෙදර නේද.? මට එයාව ටිකක් හම්බෙන්න පුලුවන්ද? මන් සි අයි ඩී එකෙන්.”

ඒත් එක්කම වගේ සාලයට ආව තීක්ෂණ පුටුවෙන් වාඩි උනා.

ආච්චි අම්මා දැනන් හිටියේ නෑ කොල්ලා මිනී මැරුමක් කරලා හැංගිලා හිටපු බවක්..අඩුම එයාගෙ අම්මලා හදිසියේ ඇයි ආවෙ කියලාවත් එයාලා කියලා නෑ.

“ආ එන්න පුතේ ඇතුලට.අර ඉන්නේ පුතා.” සී අයි ඩී එකෙන් කීවම කුතුහලේකින් උනත් ආච්චි දොර සම්පුර්ණයෙන්ම ඇරලා කිව්වා.

“මිස්ට තීක්ෂණ ගමේන්ද්‍ර මන් සී අයි ඩී ඔෆිසර් නිහාල් ගුණතිලක.මනීශාගේ මිනීමැරීම සම්බන්ධව අපි ඔයාව අත් අඩංගුවට ගන්නවා. කරුනා කරලා කලබල නොකර අපිත් එක්ක එන්න.”

තීක්ෂණ කිසිම දෙයක් හිතාගන්නවත් කලින් ඇතුලට ආව නිහාල් එහෙම කියද්දී පැන ගන්න හිතන් ලඟම තිබ්බ දොර දිහාට හැරුන තීක්ෂණ දැක්කේ එතන තවත් නිලධාරියෙක් පිස්ටල් එක අතේ තියන් බලන් ඉන්න බව.

දැන් තමා අසු වී අවසන් බවත් මේ වෙලාවෙ ගැලවීමක් නැති බවත් තේරුනාට පස්සේ තීක්ෂණ සී අයි ඩී නිලධාරියාට අවනත උනා.

එයාගෙ අතට මාංචු දාලා දෙමව්පියන්ගේ විලාපය අස්සේම තීක්ෂණව ලඟම පිහිටි පොලිස් ස්තානයට සී අයි ඩී කණ්ඩායම අරන් ගියා.

එතනින් නාවලපිටිය පොලිසියට ගෙනාව තීක්ෂණට විරුද්දව අසන නඩු වාරයට දින ලැබුනේ සතියකින් විතර. ඒකෙදි තීක්ෂණ තමන් කරපු වැරද්ද පිළිගත්තේ නෑ. ඒක එයාව අහු කරන්න කවුරු හරි කරපු දෙයක් කියලාමයි කිව්වේ..ඒ නිසා විනිසුරුතුමා කලින් ලබාගත්තු ඩී එන් ඒ වාර්තා එක්ක තීක්ශණගේ ඩී එන් ඒ පරීක්ෂා කරන්න කියලා නඩුව ඊලඟ මාසෙට කල් දැම්මා.

තීක්ෂණව රිමාන්ඩ් එකේ තියන් ඉදිද්දී දේව් ගොඩක් තරහෙන් එයා බලන්න උත්සහ කරා කීප ගමණක්ම..ඒත් කැලුම් නිසා එයාට ගොඩක් පාලනේ වෙන්න උනා..

තීක්ශණගේ අම්මා තාත්තාටත් වරදකරුවෙකු ආරක්ෂා කිරීමට උත්සාහ කලා කියලා චෝදනා වැටුනා..

ඊලඟ නඩු විභාගයේදී රස පරීක්ශණ ඩී එන් ඒ රිපෝට් වලින් ඔප්පු උනා තීක්ෂණ ද්වේශ සහගතව ස්ත්‍රීයක් දූශනය කිරීම වගේම මිනී මැරීම කියන එයාට විරුද්දව තිබුන කරුණු. වරද පිලිනිගැනීම නිසා එයාගෙ දඬුවම ලිහිල් උනේ නෑ.බරපතල වැඩ එක්ක ජීවිතාන්තය දක්වාම සිර වෙන්න එයාට සිද්ද උනා.

තීක්ශණගේ අම්මා ලැජ්ජාව නිසාම වස බීවා.තාත්තා පස්සේ මන්නාරමේ ගියේ ගමේ මිනිස්සු එයාට ගමේ ඉන්න දුන්නේ නැති නිසා.

මිනී මැරීම් සම්බන්ධ නඩු මාස හයහතක් හෝ සමහර විට ඊටත් වැඩි කාලයක් තිස්සේ කතා කරනවා.ඒත් මේ නඩුව මාස තුනකින් විතර අවසන් කරලා මනීශාටත් එයාගෙ ලබැදියන්ටත් සාධාරණයක් ඉටු උනේ පොලිශ් පරීක්ශක කැලුම්ගේ මෙහෙයවීම නිසා කෙටි කාලයකින් මිනීමරුවා අල්ලාගන්න පුලුවන් උනා.දේව්ට මනීශාගේ පවුලේ අයට ලැබුන එකම සැනසීමත් ඒකයි.

……….නිමි…….

————————————————————–

දඟයිනේ මිනිස් ජීවිත ගොඩාක් වටිනවා. අපි අපිට වෙනවාට අකමැති කිසිම දෙයක් වෙන අයටත් නොකර ඉමූ.වෛරය පලිගැනීම තරම් දරුණු දෙයක් තවත් නෑ. ඒකෙන් තමන් වගේම තමන්ගෙ ආදරණීයන්ගේ ජීවිතත් විනාශ වෙනවා.
අනික තමා වැරද්දක් කරාම ඒක පිලිගන්න එකත් වැදගත්.කාගෙන් කොහොම බේරුනත් තමන්ගෙ හෘද ශාක්ෂියෙන් තමාට බේරෙන්න බෑ. වැරද්දක් කරාම ඒකට තමන් මැරෙනකන්ම හදවතින් විදවන්න වෙනවා.

ඉතිං මන් මගේ හත්වෙනි කතාවත් ඔයාලට ගෙනාවා.මේකත් මන් ලියන පලවෙනි රහස් පරීක්ශක කතාව.රහස් පරීක්ෂක කීවට මට ඇත්තටම ඒ පිළිබදව ලියන්න තරම් දැනුමක් නෑ. ඒ නිසා මේකේ අඩුපාඩු කෝටියක් ඇති. නමට විතරක් හරි රහස් පරීක්ෂක කතාවක් කියලා හිත හදාගන්න හොදේ…

කතාවත් කියවාගෙන ඔයාලට පෙනුන අඩුපාඩු කියලා දීලා කමෙන්ට් රේට් එහෙම දාගෙන යන්න යාලුවනේ..ඒක තමා තව කතා ලියන්න ඔයාලගෙන් ලැබෙන ශක්තිය.ඔයාලා තීරණය කරලා කියන්න මට යන්තමට හරි ලියන්න පුලුවන් කොයි වගේ කතාද කියලා.

මේ කතාව ලියද්දී මිනීමැරුමකට පොලිසිය ක්‍රියාත්මක වන විදිය ගැන මට සරල දැනුමක් ලබාගන්න උදව් කරපු උප පොලිස් පරීක්ශක ජයවර්ධන මහතාට ගොඩක් ස්තූතීයි.

මගේ කතා මුලින්ම බලන කතා අහුරේ පාඨකයෝ හැමෝටම මං ආදරෙයි…දිගටම ඉන්න අපේ කතා අහුරත් එක්ක..

16 thoughts on “..මර්ඩර්../05 කොටස/රහස් පරීක්ශක කතා/ කතා අහුර රචක”

  1. අනේ කතාව ඉවරද සඳූ අක්කේ…. මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා හිතුවෙ නෑ.. රෑ කතාව කියෙව්වට comment එකක් දාන්න බැරි වුණා…
    කතාව නම් සුපිරියි..?????? අක්කා ලියනවා කියපු හොල්මන් කතාවත් ඉක්මනට දෙන්න හොඳේ අක්කේ… Good luck… ආ… අක්කේ අර දෙනවා කියපු දියමන්ති ටික දෙන්න හොඳේ.? ඒක මමයි, ආශියි දෙකට බෙදා ගන්නම්..?? කෝ මේ ආශි? ?

    2
    1. Ashi nethsara

      ඇයි බොලේ දියමන්ති දෙනෝ කිව්වේ…..?අඩේ මාත් කිව්වද ඒ තීක්ෂණයා කියලා…?සා වාව් ?දැන් දියමන්තිත් හම්බෙනෞ ?

    2. Ashi nethsara

      රිතූ අක්කිට නන් දියමන්තිම තමයි දෙන්න වටින්නේ….?ස්පෙෂල් birthday එකක්නෙ එයාට තියෙන්නේ…??????????????

  2. Ashi nethsara

    සඳූ අක්කියෝ දිග comment එකක් පස්සෙ දෙන්නන් හොඳේ…කතාව ආපහු මුල ඉඳන් කියවන්න ඕනි….මතක නෑ….?
    මන් හිතුවේ ටිකක් දිග කතාවක් වෙන්න ඇති කියලා…හැබැයි එහෙම උනානන් මායි රිතුවයි වැරදියි….?

  3. කතාව නම් ගොඩක් ලස්සනයි??? තීක්ශනද මිනීමරුවා එතකොට.. පවු තීක්ශනගේ අම්මයි තාත්තයි.

    3
  4. Sandu (kandy girl)

    කතාව ගැන චූටිම අදහසක් හරි කියලා කමෙන්ට් කරපු, රේට් කරපු, කතාව කියවපු හැමෝටමට ගොඩක් ස්තූතියි …. හොල්ලම් කතාවත් ලියන්න උත්සහ කරන්නම් ඉක්මනට …????

  5. Sandu (kandy girl)

    කාලුහරි කියන්න මං කාටහරි දියමන්ති දෙනෝ කීවද කියලා…?????

    1. ඔව්නෙ අක්කේ….. මිනීමරුවා කවුද කියලා කියන අයට දියමන්ති 20ක්ම දෙනවා කිව්වා අක්කා ???

      1. Shalani Chamathka

        Beautiful and interesting story. I like it very very much. I read it and imagine who is the murderer. The way you wrote
        story help me to imagine it. Thank you. Keep writing stories like this and better than this.
        I enjoyed this story very much. Good luck.

        1
  6. Shalani Chamathka

    Beautiful and interesting story. I like it very very much. I read it and imagine who is the murderer. The way you wrote
    story help me to imagine it. Thank you. Keep writing stories like this and better than this.
    I enjoyed this story very much. Good luck.

  7. Sandu (kandy girl)

    කතාව කියවලා කමෙන්ට් එකක් දුන්නට රේට් කරාට ගොඩක් ස්තූතියි මගේ දඟයෝ ඔක්කෝටම … ??????????????….

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.