Katha Ahura

..මර්ඩර්..|04 කොටස| රහස් පරීක්ශක කතා|කතා අහුර රචක

4.1/5 - (8 votes)

“ම්…ඒ ළමයට අපි කැමති උනා එයා හොද දරුවෙක්.ඒ නිසා දෙන්නා සතුටින් හිටියා. ” එහෙම කිව්වේ මනීශාගෙ අම්මා.

……………

“එයා දන් නෑ වෙන්න ඕනි තවම සිද්දිය.?”

“නෑ සේනාවීර මහත්තයා.කිව්වේ නෑ තවම.”

“හරි ස්කෝලේ මහත්මයා අපි දූ වෙනුවෙන් සාධාරණයක් ඉශ්ඨ කරමු.. හිත හදාගන්න උත්සහ කරන්න..දූ වෙනුවෙන් කරන්න තියෙන දෙයකට උදව් වෙන්න..මන් ගිහින් එන්නම් ”

සේනාවීර ඔවුන් වෙනුවෙන් පැයක් පමණ ඉවසීමෙන් ප්‍රශ්න කරා. ඒවා සටහන් කරගත් නිලධාරින් එක්ක ඔහු සේවා ස්ථානයට පිටත් උනේ තම මිතුරා ගැන උපන් සංවේදී අනුකම්පාවකින්.

———————————————————————–

මනීශාට උන කරදරය ගැන දේව්ට කිව්වේ මනීශාගෙ හොඳම යාලුවෙක්. ඒක ඇහුව ගමන් පපුව පැලෙන්න තරම් ලොකු කැක්කුමක් දේව්ට දැනුනා.පපුව තද කරන් ගේ දෙවනක් වෙන්න කෑගහපු කොල්ලා ලගම තිබුන පුටුවට වැටිලා හයියෙන් ඇඬුවා. එයාගෙ කෑ ගැහීමට රෝසියි රංජිතුයි හුඟක් බය වෙලා උඩ කාමරේට දිව්වා.

“පුතේ..මගේ පුතේ.. ඇයි මේ ඇ..යි..”
රෝසි දේව්ගේ අතින් අල්ලන් ඇහුවේ බයෙන්.

“අ..අනේ.. අම්මා..මගේ දේදුණු මාව දාලා ගියා.. අනේ මං මොකක්ද කරන්නෙ..මගෙ මැනික ආයෙ එන්නේ නෑ අම්මා..” දේව් පොඩි ළමයෙක් වගේ කෑ ගහ ගහ ඇඬුවේ එහෙම කියලා.

කියන දේ හරිහැටි නොතේරුනත් මොකක් හරි නරක දෙයක් වෙලා කියලා රෝසිලා තේරුන් ගත්තා. එයාලා පුලුවන් විදියට දේව්ගෙ හිත හද හද එයාව එක්කන් ගියේ මනීශාගෙ ගෙදරට. කෝල් කරලා හිරුන්වයි ඉසුරුවයිත් මගදී කාර් එකට නග්ගා ගන්න මිස්ට ග්‍රෙගරි අමතක කලේ නෑ.එයාලාගේ උදව් ඇතිව ගල්පොත්තට ගිය දේව් පිස්සුවෙන් වගේ මනීශාගෙ ගේ ඇතුලට දිව්වා.

වටවුන පිරිස මැද්දේ අඬන ටීචගෙ ලඟ දණගහගෙන දේව් ඇඬුවේ මනීශාගෙ මිනියවත් පේන්න නොතිබුන නිසා.මේ තරම් ආදරේ වෙනුවෙන්, කෙල්ලෙක් වෙනුවෙන් අඬනවා දැකපු කොල්ලා ගැන ගමේ අයටත් ලොකු දුකක් ඇති උනා.

මනීශාගේ බොඩී එක පශ්චාත් මරණ පරීක්ශණයෙන් පස්සේ එයාගෙ ගෙදරට ගෙනාවා. පිස්සු හැදුන අයවලුන් වගේ ඇගේ නිසල සිරුර බදාගෙන සියල්ලෝම ඇඬුවා.මරණ පරීක්ශණයෙන් ඇය දූශනය වෙලා කියලත් නිවැසියන් දැනගත්තා.

මිනිය දැක්කම දෙව් ට හොඳටම පිස්සු වගේ. මනීශාගේ පවුලේ අයත් එක්ක දේව් ගොඩක් ඇඩුවා. මනීශාව භූමදානය කරනකන් දෙව් හරියට කෑමක් වත් කෑවෙ නෑ.ඊට පස්සේ හිටියේ පිස්සා වගේ.අම්මයි තාත්තයි යාලුවොයි කොල්ලගෙ හිත හදලා කෑම ටිකක් කවන්න ගොඩක් මහන්සි ගත්තා .

අන්තිමේ දෙව් ම හිත යන්තම් හදාගෙන මනීශාගේ මිනීමරුවව හොයන්න වගේම එයාගෙ පව්ලෙ අය වෙනුවෙන් එයාට පුලුවන් හැම උදව්වම කරන්න හිතා ගත්තා.දේව් එයාගෙ ඉස්කෝලෙ කාලෙ යාලුවෙක් වුණ කැලුම් සේනාවීර ව හොයන් පොලිස් ස්ටේශන් එකට ගියේ ඒ නිසා.

අඬලාම හෙම්බත් උන මූණ බිමට බර කරන් කැලුම් ඉස්සරහට දේව් ගියා.

“මචං කැලුම්.මගෙ මනීශගෙ මිනීමරුව මට ඉක්මනින් හොයලා දියන්..ඕනිම දෙයක් මන් කරන්නම් ඒ වෙනුවෙන් ..”

“සුරං..උබ ඒ ගැන බය වෙන්න එපා. උබ දන්නවානෙ මගේ ගැන.අනිවා මේ කේස් එක මන් ම හැන්ඩ්ල් කරනවා. ”

“ම් මට උබව විශ්වාසයි බන්. ”

“මචං කරදරකාරයෙක් එහෙම නැත්තන් තරහ කාරයෙක් ගැන එහෙම උබට කියලා නැද්ද කෙල්ල කවමදාවත් ?”

“නෑ මට එහෙම කියලා නෑ .. ”

“අර මස්සිනායි කියපු කෙනා එදා ගමෙන් පිට වෙලා තියෙනවා ඔය සිද්දිය දවසේම.වයිට්ගෙ ඉව පස්සේ අපි ගියෙත් ඔය ගෙදරට.
ඒ මිනිහා දැන් හොයන්න නෑ. අම්මා තාත්තා වත් ඌ ඉන්න තැනක් දන් නෑ. වෙනදත් කියන්නේ නැතිව ඔහොම යනවලු එක එක වැඩ වලට එහෙ මෙහේ.ඒ නිසා කියන්න දන් නෑ කියල කියානෙ.”

“අනේ කැලුම් මගෙ කෙල්ල අහිංසකයි බන්.. මන් ඕකා අහු උනොත් ඉතුරු කරන් නෑ..” දේව් මේසෙටත් ගහලා නැගිට්ටේ පුදුම කේන්තියකින්.

“කලබල වෙන්න එපා සුරං. තවම සැකයක් විතරනෙ.අපි ඉවසීමෙන් බලන්න ඕනි..උබ නිකන් වරදකාරයෙක් වෙන්න ඕන් නෑ ප්‍රශ්න ඇති කරන්.මං බලාගන්නම්.. “කැලුම් දේව්ගේ හිත සන්සුන් කරා.

තව ගොඩක් දේ මිතුරා එක්ක කතා කරපු දේව් හිහ සැහැල්ලු කරගත්තේ ඔහු ගැන තිබුන විශ්වාසෙට.

මලගෙදර කටයුතු ඉවර වෙලා දානෙත් දීලා ඉවර කරලා තමා දේව් ගියේ දේව්ගෙ ගෙදරට.ඒත් මොහොතක් පාසා මනීශාගෙ මතකය කොල්ලව පීඩනයට ලක් කරා. එයා හිරුන්ගේ ගෙදර ගිහින් ඇති වෙනකන් බිව්වා. අන්තිමට හිරුන් දේව්ව කාරෙ දාගෙන එයාම ඩ්‍රයිවින් කරන් ගෙදරට ගිහින් ඇරලුවා.

——————————————————————-

මලගේ වෙලා දහවෙනි සිකුරාදා උදේ මනීශාගෙ මිනී මැරුම සම්බන්දව පලවෙනි නඩු වාරය කතා කරනවා. සේනාවීර සී අයි ඩී හෙඩ් ඔෆිසර් සුදේට කෝල් කලේ ඔහුට යන්නට තිබූ කුඩු සම්බන්ධ කේස් එක අනික් නිලධාරියාට පවරලා.

“ඔෆිසර් සුදේශ්. මේ වැඩේ ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා අපිට සැක පුද්ගලයාව හොයාගන්න බැරුව. ඒ නිසා මන් ඒ ගැන හොයාගන්න කියලා ඔයාට බාර දෙනවා.

“ඕ කේ සර් මන් අදම යන්නම්” සුදෙශ් කිව්වා.

කැලුම් රන් බඩු සොරකමක් සම්බන්ධව තිබූ ෆයිල් එකක් අරගෙන කාමරෙන් පිට වුනා.

“ජයේ එන්න මාත් එක්ක.අර රත්තරන් මාලයක් කඩාගෙන අහු උන කලුවාගෙ කේස් එකේ ප්‍රශ්න කිරීම් කරන්න යන්න ඕනි.” සේනාවීර සාජන්ට්වරයෙකු එක්ක පොලිසියේ කොනේම තිබූ කාමරයක් දිශාවට ගියා.

සුදේශ් එයාගෙ නිලධාරින් යම් යම් කටයුතු වලට යොමු කරලා කෙලින්ම ගියේ මනීශාගෙ දෙමව්පියන් හම්බ වෙන්න.එහෙදී කරපු ප්‍රශ්න කිරීම් වලින් එයාට වැදගත්ම සාදක දෙකක් ලැබුනා.

එකක් තමා තීක්ෂණ දැන් පාවිච්චි කරන්නේ මනීශාගේ නමට ගත්තු එයා කාලයක් පාවිච්චි කරපු පෝන් එක කියන එක.අනික තමා මනීශාගෙ මාමා එයාට සීයාතාත්තාගෙන් ලැබුන දේපල අඩුයි කියලා අවුරුදු ගානක් මනීශගෙ තාත්තා එක්ක ප්‍රශ්න ඇති කරගත්ත එක නැවතුනත් තීක්ෂගෙ හිතේ ඒ ගැන කහටක් තිබුනා කියන එක.

“හරි.දැන් මට පුලුවන් මිනිහව අල්ලා ගන්න..” සුදේශ් එයාටම ඇහෙන්න කියාගත්තේ හිතේ ඇදුන ප්ලෑන් එක සක්සස් කරගන්න පොයින්ට් හම්බුන නිසා..

සැකකරුට විරුද්දව ලැබුන සාක්ශි පලවෙනි නඩු වාරෙට ඉදිරිපත් කරලා ඒවා පරීක්ශණ වලට ගන්න අවසර අරන් තීක්ශණගේ ද කියලා ඔප්පු කරගන්නත් ඕනි.

සුදේශ් නිශේදිගෙන් පෝන් බොක්ස් එකේ එමි අංක ඉල්ලා ගත්තා.

” හොඳයි ඉස්කෝලේ මහත්තයා මන් ගිහින් එන්නම්.. ස්තූතියි අපිට සහය දුන්නට.”

කදුලු වලින් පෙඟුන නිවැසියන්ගේ මුහුණ දෙස යලිත් බලා සුදේශ් එහෙන් පිටත් උනේ එහා ගෙදර අය එක්ක ප්‍රශ්න ඇති කරගන්න එපා මේක සැකයක් විතරයි කියලා..

දින දෙකක් පුරා තීක්ෂණගේ පෝන් එක ඔන් උන බවක් ඒක ෆලෝ කරපු සී අයි ඩී නිලධාරින් ට අහු උනේ නෑ.ඔහුගේ ගේ අවට සිටින රහස් පොලිසියේ නිලධාරින් ට හෝ ඔහු ගැන අලුත් තොරතුරක් ලැබුන් නැ.

57 thoughts on “..මර්ඩර්..|04 කොටස| රහස් පරීක්ශක කතා|කතා අහුර රචක”

  1. අයියෝ කවුද අනේ මේ මිනීමරුවා….??? තීක්ෂණ? Confused….. කතාව නම් හරිම ලස්සනයි සඳූ අක්කේ….

        1. Ashi nethsara

          හිනාව නවත්තගන්න බෑ අනී…හිතාගන්නවත් බෑ දෙවියෝ ගැලපෙන දේවල් එකතු කරලා තියෙන විදිහ…අද තමා හරියටම තේරුනේ ????????????????????????????????????????????????????හිතට මාරම ෆිට් එකක් දැනෙනෝ අප්පා ???????????????????????????????????????

  2. සඳූ අක්කේ … ප්‍රශ්නයක් තියෙනවා…. තීක්ෂණ කියන්නෙ මනීෂගෙ තාත්තගෙ නංගිගේ පුතාද? අක්කගේ පුතාද? මට පැටලිලා අප්පා තියෙන්නෙ ??

    1. Ashi nethsara

      ඒකද දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ…????මන් කිව්වේ හරිම දවසේ ඉපදිලා තියෙන්නේ….????
      මෙතන මිනීමැරුමක් වෙලා අපි මිනීමරුවා මොකාද කියලා හිතාගන්න බැරුව ඉන්නවා…මෙයාට නෑ කම පැටලිලා ????අදාලම නැති ප්‍රශ්නයක්නේ ?????

      1. අයියෝ මට ඒක පැටලිලා අප්පා තියෙන්නෙ… මේ කතාවෙ 2 වෙනි කොටසෙදි මං දැක්කා නංගිගේ පුතා කියලා කියලා තියෙනවා… 3 වෙනි කොටසෙදි දැක්කා අක්කගේ පුතා කියලා තියෙනවා…. ඒකයි ඇහුවේ.?

          1. ඒකනේ…. ඔයාවත් මගේ දවසටම තමා හරියන්නෙ ???? අප්‍රේල් 1???

          2. Ashi nethsara

            හාකෝ…මන් දැනගෙන හිටියෙ නෑ නේ ??

        1. Ashi nethsara

          3 කොටසේ කියන්නේ තීක්ෂණ ගැනමද…ආ….මේ ඇත්තටම ඒ යකා මල ගෙදරවත් ආවෙ නෑ නේ ?

          1. ඒක තමා මේ මටත් පැටලිලා තියෙන්නෙ ????

  3. චූටි මැනිකෙ

    අම්මු කතා කොටස් ගොඩක් තියෙ කියවන්න අඩියක්වත් ගහලා ඉන්න වෙයු වගෙ…..???????

  4. චූටි මැනිකෙ

    මේ එකනෙම්මෙ කෝමද හැමොටම හොදින් දො නුබලා..මා නම් කියලා වැඩක් නෑ අෆ්ෆා…හෙන එපාවෙලා.

    අෆ්ෆො…

  5. චූටි මැනිකෙ

    ඒක නෙමෙ ඔයාලට මාව පොඩ්ඩක්වත් මතක් උනෙ නැද්ද අෆ්ෆා…කෙස් ගහක තරම්වට්ග්…??????
    මෙයාලට මාව මතක නෑහ් හෙන් කුරිරු සමාජයක් අෆ්ෆා මේක…මන් යනවා ??

    ඒක නෙමෙ යු සදුවගෙ කටාවක් නෙද…මේ…

      1. Sandu (kandy girl)

        Hapoy දෙවියනි …??? මට සමාවෙන්නටලා සහෝදර බැඳීම හරියට දාලා නැත්තන් .. ශේ ඕක කී පාරක් කියෙව්වද මං.. අහු උනේ නෑ නෙ අනේ ඕම විකාරයක්…????

        ම්… ඉන්න ඉන්න මං ආයෙම කතාව කියෝලා එන්න්ම් ඈහ්. මටත් මතක නෑ ඒයි කතාව..????

          1. ඊයෙ ඉඳන් මේ ආශි හිනා වෙන එකමයි වැඩේ ???

          2. හ්ම්ම් … මට හිතුණා ඒකට වෙන්න ඇති කියලා මේ දවස පුරාම හිනා වෙන්නෙ….? දැන් ඉතින් ඔයාට මාස ගාණකට ඕක ඇති මතක් කර කර හිනා වෙන්න????

          3. Ashi nethsara

            ?????අනේ ඇත්තටම අප්‍රේල් 1…..?????ශෝයී අප්පා ???????

          4. හයියෝ… ??‍♀️??‍♀️??‍♀️??‍♀️??‍♀️ ෂෝයි තමා ?

          5. හපොයි ඇති ඇති….? හයියෝ දෙවියනේ….??‍♀️??‍♀️??‍♀️??‍♀️??‍♀️?

  6. Sandu (kandy girl)

    ?????? හෑයියා…ඒකනි මට එතන වැරදිලා නේ අෆ්ෆා…?????….

    ඔයාලගෙ සමාව මගේ මේ ❤️ එකට දාලා සහෝදර බැඳීම අක්කා කියලා පිලිගන්න ඈ… අනාගතේ එපියක නංගි කියලා සඳහන් උනොත් ඒක අක්කා කියලා කියවාගන්න දඟයිනේ …?????

  7. Hello kastiya. …
    Kohomada gm aale….
    Ummmmaaaa….
    Kohomada hAmotama

    E me kawuda me chuti mAnika kiyanne aluth kenekda ….withara tikak kiwwanam????

    1. චූටි මැනිකෙ

      අනෙහ් ඔව්ව් අනෙ අලුත්….විස්තර ටිකක් කියන්න…ඔහේට…

      1
  8. Onna sandu akkiyaa kathawa kiyeewa kathawa maru api balamu moko wennne kiyala godak lassanayi kathawa….

    Man wAdiyenma kAmathi akki e wata pitawa hadunwala dunnu widihata e okkama mAwila penuna good luck api balamu ehenam. ummmmmmaa

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.