Katha Ahura

මාරක අඩවිය | අවසන් කොටස/ දෙවන දිගහැරුම

5/5 - (1 vote)
  •                          මාරක අඩවිය?
  •              අවසාන කොටස/ දෙවන දිගහැරුම
  •                       දින තුන හතරක් ගෙවී ගිය පසු
  • හෑන්ඩ් බෑග් එකෙන් පටන් ගත්ත අංජලීගෙයි දේවින්දගෙයි සම්බන්ධය නතර වුනේ ආදරණීය ප්‍රේමයකින්.ඔවුන් දෙදෙනාට දෙදෙනා නිතර හමු නොවී සිටීමට නොහැකි තරම් එය ශක්තිමත් විය. අංජලී පාසලේ වැඩ කටයුතු අවසන් කර බස් නැවතුම් පලට පැමිණෙන්නේ දේවින්දගේ පැමිණීම බලාපොරොත්තුවෙන්ය.
  • ” දේව් හෙට ඔයා මොකද කරන්නෙ” අංජලී දේවින්දගේ  මෝටර් රථයේ ඉදිරි අසුනට බර වෙමින් ඇසුවා.
  • ” විශේෂ දෙයක් නෑ අංජු, ඇයි එහෙම ඇහුවෙ”
  • ” මම අයියට කිව්වා අපි දෙන්නගෙ අෆෙයා එක ගැන, එයා කියනවා ඔයාට හෙට අපේ ගෙදර එන්න කියන්නලු” අංජලී දේවින්දට තම සහෝදරයාගේ ආරාධනාව පැවසුවා.
  • ” එන්න පුළුවන් ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අයියා මට නෙලයිද නංගිව දැලේ දා ගත්තා කියලා”
  • ” අනේ පිස්සුද මැට්ටෝ ”  අංජලී දේවින්දගේ අතක් කොනිත්තමින් පැවසුවා.
  • එදින සවස් යාමය වන තෙක්ම ඔවුන් දෙදෙනා  මුහුදු වෙරළට වී තම කාලය ගත කලා.
  • ……………………
  • පසු දින උදෑසන දේවින්ද ,අංජලීට පැවසූ පරිදි ඇයගේ නිවසට යාමට සූදානම් වුනා. දේවින්ද  අංජලීගේ නිවසට යන විට ඇය තම පවුලේ සමාජිකයන් සමඟ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියා. දේවින්දගේ මව ජීවතුන් අතර සිටියත් අංජලීගේ මව හා පියා යන දෙදෙනාම ජීවතුන් අතර සිටියේ නැත.ඔහු මෝටර් රථයෙන් බැස්සෙ තමා රැගෙන ආ තරමක් විශාල ප්‍රමාණයේ බිත්ති සැරසිල්ලත් අතැතිවය. නිවසට පැමිණි පසු අංජලීගේ සොහොයුරා ඔහුට ගෙතුලට ආරාධනා කලා.
  • ” වාඩිවෙන්න මල්ලි , අද නිවාඩුද?”
  • ඔහු දේවින්ද දෙස බලා ඇසුවා
  • ” නිවාඩු නම් නෑ , අංජලී කිව්ව හින්දා නිවාඩුවක් දාලා ආවා”
  • ” මට නංගි ඔක්කොම දේවල් කිව්වා, ඔයාව මුණගැහිලා මම කතාකරන්න තමයි ඉදියේ මේ ගැන, මම අජිත් මල්ලිගෙ නම දේවින්ද නේද?”
  •  අජිත් සහ දේවින්දගේ අතර සංවාදය පැයකට ආසන්න කාලයක් තිබුනුඅතර එය අවසන් වූයේ අංජලීගේ හා දේවින්දගේ විවාහයද තීරණය කරමිනි.
  • ” එහෙනම් දේවින්ද අපි වැඩේ කල් දාන්නෙ නැතුව ඉක්මනටම එන්ගේජ්මන්ට් එක කරමු” අජිත් දේවින්දගේ කර වටා අතක් යවමින් පැවසුවේය.
  • ” අංජලී කැමති නම් මට ප්‍රශ්නයක් නෑ අයියේ අපි වැඩේ ඉක්මනට කරමු”  දේවින්දටද වුවමනා වී තිබුනේ ඉතා ඉක්මනින් අංජලීව තමාගේ කර ගැනීටය.
  • …………….
  • ඊට සතියකින් පසු අංජලීගේ හා දේවින්දගේ විවාහය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. මංගල උත්සවය සඳහා විශාල පිරිසක් පැමිණියේය. විවාහයෙන් පසු අංජලී දේවින්දගේ නිවසේ නතර වීමට තීරණය කලේ ඔහුගේ මවද බලා කියා ගැනීම සඳහාය
  • ඇතැම් දින වලට දේවින්ද රාත්‍රී රාජකාරී  දින වලදී අංජලීගේ නිවසේ නතර වී සිටින අතර එයින් දේවින්දගේ හා අජිත්ගේ අතර සුහදත්වය වැඩි විය.
  • දිනක් දේවින්ද අංජලීගේ නිවසෙහි සිටින විට කළු පාට බෙන්ස් මෝටර් රථයකින් අමුත්තෙක් පැමිණියේය අජිත් ඔහුව තම නිවසට පිළිගත්තේ ඉතා ගරුත්වයකිනි.
  • ( කවුද ආවේ?   තව කොටස් පහකින් කතාව සමාප්තයි)
  • R.J

3 thoughts on “මාරක අඩවිය | අවසන් කොටස/ දෙවන දිගහැරුම”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.