Rashmika wijesinghe

I can help the katha ahura app

අදිසි මාරකය? |11. කොටස|රහස් පරීක්ෂක කතා|කතා අහුර රචක

අදිසි මාරකය? (11.කොටස) එදින රාත්‍රියේ සුරාජ් නිවසට පැමිණියේ ඉතා අවුල්සහගත වූ මුහුණකිනි.ඒ තම සහෝදර නිළධාරියාගේ මියයාම නිසාය. නිවසට ගොඩවත්ම හෂිනිට ඔහුගේ වෙනස දැනුනේය. කිසිදු වචනයක් නොපවසා සුරාජ් සෝපාවට බර විය ” අැයි සුරාජ් ” ” මුකුත් නෑ හෂී, ඔලුව රිදෙනවා ටිකක්” සුරාජ් තම රාජකාරියට සම්බන්ධ දේවල් හෂිනිට පවසා සිටියේ නැත්තේ ඇය එයින් යම් බියකට පත්වේ …

අදිසි මාරකය? |11. කොටස|රහස් පරීක්ෂක කතා|කතා අහුර රචක Read More »

අදිසි මාරකය? |10. කොටස| රහස් පරීක්ෂක කතා| කතා අහුර රචක

අදිසි මාරකය? (10. කොටස) උදෑසන හයට පමණ නි.පො අධිකාරී සුරාජ් ඇතුලු පොලිස් නිළධාරීන් පිරිස ගමන් කලේ පෙර දින රාත්‍රියේ අපරාධය සිදු වූ ස්ථානයටයි. ඔවුන් එම ස්ථානයට යන විට ප්‍රදේශය අවට සිටින ජනතාවද අදාළ නිවස අසලට වී සිටියාය. පොලිස් නිළධාරීන් පිරිස වාහනයෙන් බැස ගත් විගස කිහිප දෙනෙක් ඔහුන් වටා රොක් වී දෝෂාරෝපණයන් එල්ල කලේය. සෙනඟ අතරින් …

අදිසි මාරකය? |10. කොටස| රහස් පරීක්ෂක කතා| කතා අහුර රචක Read More »

අදිසි මාරකය? | 9. කොටස| රහස් පරීක්ෂක කතා | කතා අහුර රචක

අදිසි මාරකය? (9.කොටස) ” Attention” නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයා පැවසූ පරිදි උ.පො.පරීක්ෂක යොහාන් පසුදා උදෑසනම පොලිස් මූලස්ථානයේ සිටින සියලුම නිළධාරීන් ක්‍රීඩා පිටියට රැස් කලේය. ” සර්” ” රයිට් යොහාන්” උ.පො පරීක්ෂකවරයා , නි.පො අධිකාරීවරයා හට හමුව භාර දිය. ” මෙතන ඉන්න හැම කෙනාම මම කියන දේ හොදින් අහගන්න. පහුගිය දවස් ටිකේම උන් අපේ ඩිපාට්මන්ට් එකේ අයගෙ …

අදිසි මාරකය? | 9. කොටස| රහස් පරීක්ෂක කතා | කතා අහුර රචක Read More »

අදිසි මාරකය? | 8. කොටස|රහස් පරීක්ෂක කතා | කතා අහුර රචක

අදිසි මාරකය? (8.කොටස) වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථය තිරිංග තද කලේ මුළු පළාතම දෙදරවාලමිනි. නියෝජ්‍ය පොලිස් අධිකාරී සුරාජ් සහ උ.පො පරීක්ෂක යොහාන් එයින් බැස ගත් අතර ඔවුන් කඩිමුඩියේ ගමන් කලේ පෙරදින රාත්‍රියේ සමූලඝාතනයක් සමඟ මංකොල්ලයක් සිදු වූ නිවස තුලටයි. නිවසට ඇතුලු වූ සුරාජ්ගේ මුළු ගතම හිරිවැටී ගියේ නිවසේ සාලය මැද වැටී තිබුනු මළ සිරුරු දැකීමෙන්ය. …

අදිසි මාරකය? | 8. කොටස|රහස් පරීක්ෂක කතා | කතා අහුර රචක Read More »

අදිසි මාරකය? | 7. කොටස

අදිසි මාරකය? (7.කොටස) තම උසස් නිළධාරියා පැවසූ පරිදි උ.පො පරීක්ෂක යොහාන් තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සමඟ නගරයේ අධ්‍යාපන ආයතනයක් අසලට වී මග බලමින් සිටින්නේ යමෙකු මුණගැසීම සඳහාය . ” නංගි පොඩ්ඩක් ඉන්නවද?” යොහාන් අමතර පංති නිම වී පිටව යන ගැහැණු ළමයෙක් ඇමතූ , අතර ඔවුන් තිදෙනා සිටියේ සාමාන්‍ය ඇදුමෙන් බැවින් මැදි වයසේ තරුණයන් තිදෙනෙක් සේ …

අදිසි මාරකය? | 7. කොටස Read More »

අදිසි මාරකය? | 6. කොටස

අදිසි මාරකය? (6.කොටස) දිනය÷ 2004. 08.05 ස්ථානය÷ අනුරාධපුර දිස්ත්‍රික්කයේ , කැබිතිගොල්ලෑව ප්‍රදේශය වේලාව÷ රාත්‍රි එකොලහ පසුවී විනාඩි දහයයි. ” සර් , සර් අනේ ඉක්මනට දොර අරින්නකො අපේ වාහනේ ඇක්සිඩන්ට් වුනා, ළමයට හොදටම අමාරුයි සර්” ඉතාමත් බැගෑපත් හඩකින් නිවසක දොරට තට්ටු කරමින් යමෙකු පවසන අතර , නිවසේ සිටි පුද්ගලයෙකු දොර විවෘත කරනු ලබයි……… ® ඊයේ රාත්‍රියේ …

අදිසි මාරකය? | 6. කොටස Read More »

අදිසි මාරකය? | 5. කොටස

අදිසි මාරකය? (5.කොටස) දිනය÷ 2003.12.08 ස්ථානය÷ නිකවැරටිය පොලිස් මූලස්ථානය තමාට අයත් නිළ ඇදුමින් සැරසුනු සුරාජ් පොලිස් මූලස්ථානයේ උසස් නිළධාරියෙකු ඉදිරියේ පෙනී සිටින්නට විය. ” සුරාජ් අද ඉදලා ඔයාගේ සේවා කාලය පටන් ගන්නවා, මුලින්ම ඔයාට කොස්තාපල් කෙනෙක් විදිහට සතියක් වැඩ කරන්න වෙනවා, ඊට පස්සෙ සැරයන් කෙනෙක් විදිහට සති දෙකක් තම බල ප්‍රදේශයේ අපරාධ පිළිබඳව තොරතුරු හොයන්න …

අදිසි මාරකය? | 5. කොටස Read More »

අදිසි මාරකය? | 4. කොටස

අදිසි මාරකය? (4. කොටස) ” පුතා, සුරාජ් පොඩ්ඩක් දොර අරින්න” තම පියා දොරට තට්ටු කරන හඩ ඇසී සුරාජ් ඇදෙන් නැගිට ගොස් කාමරයේ දොර විවෘත කලේය. ” අර ඉස්සරහ ගෙදර නැවතිලා ඉන්න කට්ටිය ඇවිල්ලා ඉන්නවා, ඒ අයට ඔයාව දකින්න ආසයිලු ,ඇදුමක් දාගෙන එන්න ඉක්මනට” ඒ වචන පෙල අවසන් වත්ම සුරාජ්ගේ සිත සතුටෙන් ඉපිල ගියත් ඒ බව …

අදිසි මාරකය? | 4. කොටස Read More »

අදිසි මාරකය? |3. කොටස

අදිසි මාරකය? (3.කොටස) …….අවුරුද්දකට පසු……. ” හලෝ එස්. අයි මහත්තයා” සුරාජ් බස් රථයෙන් බැස ගත් විගස ලක්මාල් ඔහු සිටි තැනට පැමිණියේය. ” උඹ මොකද මෙතන කරන්නෙ” ” මොනවා කරන්නද, උඹලගෙ තාත්තා කිව්වා මට උඹව එක්කගෙන එන්න කියලා, යමන්” ලක්මාල් තම මිතුරාගේ අත තිබූ බෑගයද අතට ගනිමින් පැවසුවේය. ” ඉතින් කොහොමද මචන්, උඹට කෙලින්ම පෝස්ට් එක …

අදිසි මාරකය? |3. කොටස Read More »

අදිසි මාරකය? | 2. කොටස

අදිසි මාරකය? (2.කොටස) වර්ෂය÷ 2002.10.05 තම නිදි යහනට වී කල්පනාවක නියැලී සිටි සුරාජ් පියවි සිහියට ආවේ තම මිතුරා වන ලක්මාල්ගේ යතුරු පැදියේ හඩත් සමඟය. ” මචං නදියා , උඹ හෙට යනවා නේද එහෙනම් මාව දාලා” ලක්මාල් යනු තරමක් විහිලුසහගත චරිතයකි. ඔහු සමඟ තම උපන් ගමට වී නිදහසේ , විනෝදයෙන් කාලය ගත කල සුරාජ්ට තම පියාගේ …

අදිසි මාරකය? | 2. කොටස Read More »

අදිසි මාරකය? | 01. කොටස | රහස් පරීක්ෂා කතා

අදිසි මාරකය? (01.කොටස) ස්ථානය÷ වව්නියාව ප්‍රධාන පොලිස් මූලස්ථානය දිනය÷ 2008.10.05 ” මේව මොනවට තියාගෙන ඉන්නවද මන්දා බන්. බලපන් දූවිල්ල එකයි” කොස්තාපල්වරයෙකු තම සහෝදර නිළධාරියෙකුට පැවසුවේ පැරණි නඩු ගොනු කිහිපයක් අතට ගන්නා අතරතුරය. එදින පොලිස් මූලස්ථානය තුල විශේෂ යමක් සිදුවිය. S.D.I.G නිමල් ගුණසිංහ මහතාගේ නියෝගයක් මත පොලිස් මූලස්ථානය තුල ඇති පැරණි නඩු ගොනු ඉවත් කෙරුනු අතර …

අදිසි මාරකය? | 01. කොටස | රහස් පරීක්ෂා කතා Read More »

අඳුරු සෙවනැලි | තුන්වන හෝරාව

අඳුරු සෙවනැලි? (තුන්වන හෝරාව) ?$ වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත$? ඇත්තද මේ කතාව, …ඔව් වර්තමාන සමාජයත් සමඟ ගළපලා බලද්දි ඒ කතාවෙන් ගොඩක් දුරට සත්‍යතාවයක් පෙන්නුම් කරනවා.හෝරා දෙකක් ගෙවිලා ගියා.ඒ දෙකේදිම අහන්න ලැබුනේ තමන්ගෙ ජීවිත වලට සමු දීලා අඳුරට ගිය සෙවනැලි ගැන.නමුත් මට හිතුනා වෙනස් දෙයක් ඉදිරිපත් කරන්න. මේක ඇත්ත කතාවක්. …

අඳුරු සෙවනැලි | තුන්වන හෝරාව Read More »

අඳුරු සෙවනැලි | දෙවන හෝරාව

අඳුරු සෙවනැලි (දෙවන හෝරාව) ජීවිතයේ ඇතැම් අවස්ථා වලදී අපි වැරදි තීරණ වලට එළඹෙනවා. සමහර වෙලාවට ඒ වැරැද්ද තරුණ පරපුරට මෙන්ම වැඩිහිටි පරපුරේ අයටද පොදුයි. මේ සිද්ධියට මූලිකත්වය දෙන්නෙ ගාල්ල ප්‍රදේශයේ තිදරු මවක්. ඇයගේ නොහොබිනා ක්‍රියා කලාපය නිසා අකාලයේ තම සැමියා මෙන්ම දරුවන්ද අන්ත අසරණ තත්වයට පත් කරමින්. ගාල්ල කච්චිවත්ත මාර්ගය ඔස්සේ පැමිණි යතුරු පැදියක් ගාල්ල …

අඳුරු සෙවනැලි | දෙවන හෝරාව Read More »

වන ගැබ තුල චාරිකා | අවසාන පරිච්ඡේදය

?…වන ගැබ තුල චාරිකා… අවසාන පරිච්ඡේදය කිලෝ මීටර් හයක විතර ගමනකින් පස්සෙ අපිට හම්බුනෙ ලස්සන ගම්මානයක් , ඒ ගමේ හිටිය සමහර මිනිස්සු අපිව දැකලා බලන් හිටියෙ සුද්දො ටිකක් ගමට ආවා වගේ. ” ආච්චි අම්මෙ තරහ නැතුව අපිට වතුර ටිකක් දෙනවද බොන්න” මැටි ගහලා හදපු පොඩි ගෙයක් ලග නතර උන අපි ඒ ගෙදර හිටපු වයසක කාන්තාවගෙන් …

වන ගැබ තුල චාරිකා | අවසාන පරිච්ඡේදය Read More »

අඳුරු සෙවනැලි | හැදින්වීම

අඳුරු සෙවනැලි                        { බලන් කඩතුරා හැර දෑසේ }         සැබෑ ජීවිතයේදී  අපි හැමෝටම අත් විඳින්නට සිදු ‘වේ’ යැයි සිතන.එහෙම නැත්නම් අපි අත් විඳපු,අපෙන් වෙන් වී ගිය ලස්සන ආදර කතාවක් .අපි නොහිතන වේලාවක මුහුණ පෑමට සිදු වූ බියජනක අවස්ථාවක්, ඒ වගේම අපේ ජීවිත …

අඳුරු සෙවනැලි | හැදින්වීම Read More »

අඳුරු සෙවනැලි | පළමු හෝරාව | කතා අහුර රචක

අඳුරු  සෙවනැලි                    (පළමු හෝරාව)  ” ශලියා , කවුද බන් අර කෑල්ල” පාසල නිම වී නිවසට යාමට බස් නැවතුම්පල අසලට වී සිටින චරිත් තම පෑනේ මිතුරා වන ශලීන්ට පැවසුවේ බස් නැවතුමේ කෙලවරේ සිටින ගැහැණු ළමයෙකු වෙත අත දිගු කරමින්ය.” කෝ , කවුද බන්” ශලීන්  චරිත්ගේ වචනයට වටපිට …

අඳුරු සෙවනැලි | පළමු හෝරාව | කතා අහුර රචක Read More »

වන ගැබ තුල චාරිකා | විසිඑක්වන පරිච්ඡේදය

? වන ගැබ තුල චාරිකා විසිඑක්වන පරිච්ඡේදය ඒ නැගිටපන් ඉක්මනට , වෙලාව හයයි” ශෙනාල්ගෙ කටහඩට අපි හැමෝම නැගිටලා මූන හෝදගෙන ඉක්මනට ලෑස්ති උනා. යන්න කලින් ෆොටෝ ටිකක් එහෙම ගැහුවෙ අපිට ආයෙත් මේ කැලේ කවදා දකින්න ලැබේවිද කියලා හිතලා. ඔක්කොම ලෑස්ති කරගෙන මම ගියෙ රොකී නිදාගෙන හිටපු තැනට. ” උඹට පාලුද අපි ගියහම, අපිටත් පාලුයි බන්, …

වන ගැබ තුල චාරිකා | විසිඑක්වන පරිච්ඡේදය Read More »

වන ගැබ තුල චාරිකා | විසිවන පරිච්ඡේදය| ත්‍රාසජනක කතා

? වන ගැබ තුල චාරිකා විසිවන පරිච්ඡේදය ” ගුඩ් මෝනින් මගෙ සුදු මහත්තයෝ , දැන්වත් මේ අත් දෙක ගන්නවද මට යන්න” මම හිටියෙ අභිශේකව තුරුල් කරගෙන. තාම කවුරුත් ඇහැරිලා හිටියෙ නැති හින්දා වැඩේ ෂේප් වුනා. ” ෂෝයි අනේ , ටෙඩි බෙයා කෙනෙක් වගේ . දැන්නම් හිතෙනවා හැමදාම මෙහෙට වෙලා ඉන්න.” ” ඇත්තද, මෝඩයා ආයේ කිසිම …

වන ගැබ තුල චාරිකා | විසිවන පරිච්ඡේදය| ත්‍රාසජනක කතා Read More »

වන ගැබ තුල චාරිකා | දහනවවෙනි පරිච්ඡේදය|ත්‍රාසජනක කතා

?…වන ගැබ තුල චාරිකා… දහනවවෙනි පරිච්ඡේදය   එදා හවස කට්ටියම වැවට බැහැලා සතුටු උනෙ වෙච්ච හැම දෙයක්ම අමතක කරලා. අපි එදා ගත්තු වැදගත්ම තීරණය තමයි අමතර ඇදුමක් අරන් ආපු එක. එහෙම නැතිවෙන්න අපි හැමෝටම ඉන්න වෙන්නෙ එකම ඇදුමෙන්. නාගෙන ඉවර උන ගමන් එදා වගේම මාළු ටිකකුත් අල්ල ගත්තෙ රෑට උයන්න ” ඒ බන් මට මාළු …

වන ගැබ තුල චාරිකා | දහනවවෙනි පරිච්ඡේදය|ත්‍රාසජනක කතා Read More »

වන ගැබ තුල චාරිකා | දහ අටවන පරිච්ඡේදය|ත්‍රාසජනක කතා

?…වන ගැබ තුල චාරිකා … දහඅටවන පරිච්ඡේදය   ” අන්න සුදු අයියා එනවා” මාව දුර තියලා දැකපු මලීෂා කිව්වෙ උඩ පැනලා කෑ ගහන ගමන්. ඒත් එක්කම වගේ ගේ ඇතුලෙ ඉදලා එළියට ආවෙ අභිශේකා . එයාව දැකපු ගමන් මට දැනුනෙ ලොකු සතුටක් . ඒ සතුට මට වැඩිය හොදට එයාට දැනිලද කොහෙද එකපාරටම දුවගෙන ඇවිල්ලා මාව බදාගත්තෙ …

වන ගැබ තුල චාරිකා | දහ අටවන පරිච්ඡේදය|ත්‍රාසජනක කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.