Katha Ahura

මාරක අඩවිය | අවසාන කොටස|පස්වන දිගහැරුම|රහස් පරීක්ෂක කතා

4.1/5 - (7 votes)

මාරක අඩවිය?

අවසාන කොටස / පස්වන දිගහැරුම

 

උදෑසන හතට පමණ සහකාර පොලිස්  අධිකාරී වසන්ත වික්‍රමසිංහ මහතා නාගහතැන්න පොලිස් මූලස්ථානයට පැමිණිය අතර ස්ථානාධිපති චන්දන පෙරේරා   තවත් කොස්තාපල් වරුන්  පස් දොනක් සමඟ ප්‍රධාන කාර්යාලය තුල විය.

” ගුඩ් මෝ්නිනග් සර්” ස්ථානාධිපතිවරයා , ස.පො අධිකාරිවරයා දුටු විගස ආචාර කලේය.

” ගුඩ් මෝනින්ග්  චන්දන, කෝ සංජීව තාම ආවේ නැද්ද?”

” සංජීව එන ගමන් සර් , මන් හිතන්නෙ මිනිහා මාලකවත් එක්කන් එන්නෙ”

” චන්දන කෝ අපේ මිස්ටර් සමරනායකයි , රත්නායකයි”

” සමරනායක මහත්තයා නම් ඉන්නවා සර්, රත්නායකව අපි ගෙදර යැවුවා ක්වෙක්ෂන් කරලා මිනිහගෙ ළමයි ගිය ටිකේම කෑගහලා තියෙනවා . අපි මිනිහව යැවුවා.”

“ප්‍රශ්නයක් නෑ , මට මිස්ටර් සමරනායකත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන කෝ දැන් එයා”  පසුව ස.පො අධිකාරීවරයා හා සමරනායක මහතා අතර සුහද සංවාදයක් ඇති වූ අතර ඊට විනාඩි කිහිපයකට පසුව උ.පො පරීක්ෂකවරයා හා කො. මාලක පොලිස් මූලස්ථානයට පැමිණියේය. පසුව

උ.පො පරීක්ෂකවරයා ස.පො අධිකාරීවරයාගෙන් අවසර ගත්තේය.

” සංජීව දැන් පටන් ගන්න පුළුවන් ඔයාගෙ වැඩේ” ස.පො අධිකාරීවරයා උ.පො පරීක්ෂකවරයාට පැවසීය

” සර් එදා මට මේ කේස් එකේ ඉන්වෙස්ටිගේෂන් බාර දුන්නට පස්සෙ මම කල්පනා කරා මේක විසඳගන්න එක පොටක් හොයා ගන්නෙ කොහෙන්ද කියලා. පස්සෙ මම කො. මාලක එක්ක සමරනායක මහත්මයාගේ බිරිඳගේ මහ ගෙදර ගියා ඇයව හමු වෙලා සමරනායක මහත්මයාගෙ රාජකාරී ජීවිතය ගැන පොඩි තොරතුරු ටිකක් දැනගන්න. ඒ වෙලාවෙ තමයි මට ඇමති රාජරත්නව මුනගැහුනෙ . ඉන් අනතුරුව මම ඇය සමඟ සමරනායක මහත්මයාගේ නිවසට  ගොස් ඔහුගේ ලිපි ගොනු කිහිපයක් පරීක්ෂා කලා ඒ වෙලාවෙ තමයි මට මේ පොත හම්බුනේ” යයැ පවසා උ.පො පරීක්ෂකවරයා තම සාක්කුවෙ තිබුන කුඩා ප්‍රමාණයේ පොතක් අතට ගෙන ස.පො අධිකාරීවරයාට ඉදිරිපත් කලා.

” i am sorry, මිස්ටර් සමරනායක මම ඔයාගේ  පෞද්ගලික දේවල් පරීක්ෂා කලාට”

“ඒකට ප්‍රශ්නයක් නෑ මිස්ටර් සංජීව” සමරනායක මහතා ඔහුට සිනාසී පිලිතුරු දුන්නා.

” ඒ පොතේ එක තැනක සඳහන් වෙලා තිබුනා එක්තරා නඩුවකදි  අජිත් කුමාර නොහොත් ‘ මාකස්වත්තෙ අජියා’ නැමති පුද්ගලයා තමාට මරණීය තර්ජනය කල බව , මට පොඩි සැකයක් ආවා ඒ වෙලාවෙ , පස්සෙ මම අජිත් ගැන තොරතුරු හොයන්න පටන් ගත්තා. එහෙම හොයනකොට තමයි මට දැනගන්න ලැබුනෙ ඇමති රාජරත්නයි අජිතුයි අතරෙ සම්බන්ධයක් තියෙනවා කියලා. පස්සෙ මමයි මාලකයි එකතු වෙලා අජිත්ගෙ පෞද්ගලික තොරතුරු හොයා ගත්තා. එ් අතර තමයි මට අජිත්ගෙන් කෝල් එක එන්නෙ , ඒ රෙකෝඩ්ස් ඔක්කොම මෙතන තියෙනවා සර්” පවසා පටිගත කිරීමේ යන්ත්‍රයක් ස.පො අධිකාරීවරයා අත තැබීය. පසුව ඔහු එය ක්‍රියාත්මක කර සියල්ල හොදින් ඇසීය.

” ඒ වෙලාවෙ මට ගන්න ඔප්ෂන් එකක් තිබුනේ නෑ ඒ නිසා මම මගේ පෞද්ගලික මෝටර් රථය විකුණලා ඒ මුදල් වලින් සමරනායක මහත්තයගෙ දුවව ඒ වෙලාවෙ බේරගත්තා.පස්සෙ මට කියපු විදිහට මම අම්මවයි මිස් ෂෙහානිවයි අරන් පහුවෙනිදම මෙහෙන් පිටත් වුනා හැබැයි යන්න ඉස්සර වෙලා මම සර්‍ට  පොරොන්දු වුනා සති දෙකක් ඇතුලත මේ කේස් එක විසඳනවා කියලා. ලක්මාල්  අරූන්ව ගේනවා” උ.පො පරීක්ෂකවරයා කොස්තාපල් වරයෙකු අමතා පවසන්නට විය. පසුව ඔහු අජිත් ඇතුළු ඔහුගේ  ගෝලයන්ව තම ප්‍රධානියා ඉදිරියට ගෙනාවේය. උ.පො පරීක්ෂකවරයා කෙලින්ම ගියේ අජිත් වෙතටය.

” දැන් උඹේ සෙල්ලම ඉවරයි , මගෙ ලඟ හැම සාක්ෂියක්ම තියෙනවා , බොරු කරන්නෙ නැතුව ඇත්ත කියපන් හරි”

උ.පො පරීක්ෂකවරයා අජිත්ගෙ උරහිසට අතක් තියමින් පැවසුවේය.

” කාගේ ඕඩස් වලටද උඹ මීනි මැරුවෙ”

“මම කොහොමද සර් දන්නෙ මේව අපි කනත්තට ගියේ බෝතලයක් ගහන්න ඒ වෙලාවෙ තමයි සර්ලා අපිව අල්ලන් ආවේ.”

අජිත් තමාව නිර්දෝෂ කරගන්නට විය.

” ඇත්තද, හරි එහෙනම් බලපන් මෙයාව අදුරනවද කියලා, වරෙන් මචං” යැයි පවසා උ.පො පරීක්ෂකවරයාගේ හඬින් ඔවුන් සිටි තැනට පැමිණිය කෙනා දුටු විගස අජිත්ගේ කටින් වචන පිටවිය.

” දේවින්ද  තමුසේ”

” දේවින්ද තමයි , බලපන් හොඳට  ”

” එහෙනම් දේවින්ද උඹ තිතට වැඩේ දුන්නා” යැයි පවසමින් උ.පො පරීක්ෂකවරයා ඔහුට අතට අත දුන්නේය.

” මම තෝව ඉතුරු කරන්නෙ නෑ යකෝ” කියමින් අජිත් දේයින්ද වෙත කඩා පනින්නට හැදුවත් උ.පො පරීක්ෂකවරයා පා පහරින් අජිත් වීසි වී ගොස් බිම ඇද වැටුනේ බුදු අම්මෝහ් යැයි කියමිනි.    ” මොනවා කරන්නත් උඹ නිදහස්  උනොත්නෙ.මතක තියා ගනින් උඹෙ ඇමතිටත් පුළුවන් උඹත් එක්කම උසාවි නගින්න” උ.පො පරීක්ෂකවරයා එසේ පවසා ස.පො අධිකාරීවරයාට ලබා දුන්නෙ අජිත් හා ඇමතිවරයා අතර වූ සංවාදයේ පටිගත කිරීමයි.

” දැන් කියපන් ඇත්ත , ඊළඟ සැරේ මම මේ විදිහට නෙවෙයි අහන්නෙ හරි”

 

(  හෙටින් කතාව අවසානයි,  )

R.J

 

9 thoughts on “මාරක අඩවිය | අවසාන කොටස|පස්වන දිගහැරුම|රහස් පරීක්ෂක කතා”

  1. K.K.Damayanthi

    දේවින්ද කියන්නෙ මාලක නෙවෙඉ නේද……… කතාව ඇයි ඉවර කරන්නෙ අනෙ… තව කොටසක් පටන් ගන්නවා නේද………??

    1
  2. Ayesh imalka

    හෙටින් ඉවරද?…………..???? මොන උනත් කතාවනම් ලස්සනයි…… ??? GOOD LUCK…..!!!!!!!

  3. අයියෝ හෙටින් ඉවර වෙනවද කතාව…කතාව නං ලස්සනයි රශ්මික….ඔයාට සුභ පතනවා තවත් මේ වගේ කතා ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා…❤️❤️❤️❤️❤️

  4. Chathu indeewaree

    ලස්සනයි කතාව. මේ වගේ තවත් ලස්සන කතා ලියන්න ඉදිරියටත්.

  5. Janakasuresh

    කතාව නම් සුපිරි …හොදට ලියලා තියෙනවා ,ෂර්ලහෝම්ස් වගේ කුතුහල තියෙන විදියට තමා තියෙන්නෙ ….??????️?️ඉක්මනටම අවසාන කොටස දාන්න …..ඉදිරි වැඩ වලට සුභ පතනවා …..

    4

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.