Katha Ahura

මාරක අඩවිය| අවසාන කොටස| අවසාන දිගහැරුම|රහස් පරීක්ෂක කතා

4.7/5 - (64 votes)

මාරක අඩවිය?

අවසාන කොටස/ අවසාන දිගහැරුම 

 

අජිත්ගේ කටින් වචනයක් පිටවන බවක් නොදැනුන හෙයින් උ.පො පරීක්ෂකවරයා ක්‍රියාත්මක විය.

” මාලක ගෙනහන් අරක” උ.පො පරීක්ෂකවරයා මාලකට පැවසූ අතර පසුව මාලක විසින් ගෙනෙන ලද්දෙ කටර් අඩුවකි . උ. පො පරීක්ෂකවරයා එය අතට ගත්තේය. ස.පො අධිකාරීවරයා හා ස්ථානාධිපතිවරයා මෙය බලා සිටින්නට වූයේ විශ්මය පිරි දෙනෙතින්ය.

” දැන් කියපන්කො එහෙනම්” යැයි පවසා උ.පො පරීක්ෂකවරයා අජිත්ගෙ ඇඟිල්ලකට තබා ඇද්දේය. මරණ බයෙන් කෑ ගහද්දී අජිත් වචන පිට කරන්නට විය.

” මම කියන්නම් බුදු සර්, මේ ඔක්කොම රාජරත්න ඇමතිතුමාගෙ ඕඩස් තමයි, විජේතුංග මහත්තයවයි ගාමිණී මුදලාලිවයි මැරුවෙ මම තමයි, ඒ ඔක්කොම රාජරත්න සර්ගෙ ඕඩස් වලට කරේ”

” එතකොට තමුසෙ සමරනායක මහත්තයව කිඩ්නැප් කරේ මොන හේතුවකටද?”

ස.පො අධිකාරීවරයා අජිත්ගෙන් ඇසීය

” ඇමතිතුමාගේ මල්ලි කෙල්ලෙක්ව දූෂණය කරපු සීන් එකක නඩුවට කතා කරේ සමරනායක මහත්තයා , අපි මුලින්ම සමරනායක මහත්තයට මරණ තර්ජනය කරා ඒත් එයා කේස් එක නැවැත්තුවෙ නෑ , ඊට පස්සෙ තමයි අපි එයාවයි දුවවයි කිඩ්නැප් කරේ, පොලීසිය නොමඟ යවන්න ඕන නිසා තමයි  පී.සී ව ඉස්සුවෙ , ඒ හැම දෙයක්ම කරේ රාජරත්න මහත්තයගෙ කීමට තමයි ”

” දැන් ඉතින් ඇමතියත් එක්කම යන්න පුළුවන් උඹටත් , උඹ හැදුවෙ මාව බය කරන්න නේද , තොට මම එදා සිංහලෙන් කිව්වෙ මාත් එක්ක හැප්පෙන්න එපා කියලා, ඇහුවෙ නෑනෙ උඹ දැන් ලෑස්ති වෙයන්”

” උඹ මතක තියා ගනින් දේවින්ද මම ඇතුලට  ගියත් උඹට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නෑ” අජිත් පැවසූ දෙයට දේවින්දට හිනා යන්නට විය.

” උඹ මට මොනවා හරි කරා කියමුකො එතකොට උඹෙ නංගිටයි එයාගෙ බඩේ ඉන්න ළමයටයි මොකද වෙන්නෙ කියලා හිතපන්”  දේවින්ද අජිත් වැටී සිටි තැනට ගොස් පැවසීය.

” එහෙනම් සර් මගෙ වැඩේ පොරොන්දු උනා වගේ සති දෙකෙන් ඉවර කලා, දැන් තියෙන්නෙ සර්ගෙ වැඩ ටික” උ.පො පරීක්ෂකවරයා ස.පො අධිකාරිවරයාට පැවසීය .

” වෙල්ඩන් සංජීව, ඔයා අද ඉදලා එස් අයි නෙවෙයි අයි.පී ඒ වගේම මාලක ඔයාට සාජන්ට් පොස්ට් එක , ඇමතිතුමා ගැන මම බලාගන්නම් , දේවින්ද ඔයා කලේ ලොකු දෙයක් මම ඒ වෙනුවෙන් ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඔයාට.”

………………..

මාස පහකට පසු…..

 

” මිස්ටර් සංජීව මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද”  සමරනායක මහතා අයි.පී සංජීව මහතාගේ නිවසට පැමිණ ඇසුවේය

” එන්න මිස්ටර් සමරනායක , ඇයි හදිස්සියෙම ”

“මේකයි සංජීව මහත්තයා , අපි දුවට ගොඩක් මංගල යෝජනා ගෙනාවා ඒත් එයා එකකටවත් කැමති වුනේ නෑ , පස්සෙ අපි එයාගෙන් ඇහුවම එයාගෙ හිතේ ඔයාට කැමැත්තක් තියෙනවළු , සංජීව කැමතිනම් හිතලා බලලා තීරණයක් දෙන්න ”

 

මාස තුනකට පසු දෙපාර්ශවයේම අාශිර්වාදය මැද සංජීවගේ හා සමරනායක මහතාගේ දියණියගේ විවාහය උත්කර්ෂවත් අන්දමින් සිදු විය.

මිනී මැරුම් දෙකක හා දූෂණ නඩුවකට වරද පිට අජිත්ට හා ඇමති රාජරත්නට මරණය දක්වා සිරදඩුවම හිමි වූ අතර දේවින්ද  හා අංජලී අජිත්ගේ බිරිඳ හා දරුවාව තම පවුලේ  අයෙකු මෙන් රැක බලා ගත්තේය.

 

සමාප්තයි……

 

( ගිහින් එන්නම්..හැමෝටම ස්තූතියි කතාව කියවලා ලයික් කමෙන්ට් දැම්මට. )

Randy  wijesinghe

11 thoughts on “මාරක අඩවිය| අවසාන කොටස| අවසාන දිගහැරුම|රහස් පරීක්ෂක කතා”

  1. A.Madhushika

    කතාව නියමයි ..?
    ඔයා ලස්සනට කතාව ලියලා තියෙනවා. මේ වගෙ තවත් කතාවක් දානකන් බලාගෙන ඉන්නවා..

    ?All the best?

    6
  2. A.Madhushika

    කතාව නියමයි ..?
    ඔයා ලස්සනට කතාව ලියලා තියෙනවා..
    මේ වගෙ තවත් කතාවක් දානකන් බලාගෙන ඉන්නවා..

    ?All the best?

    3
  3. K.K.Damayanthi

    කතාව ලස්සනට තිබ්බා… ආයි අලුත් කතාවක් ලියන්න හොදේ……… ආරම්බයේ කුතුහලයක් හිතෙ තිබ්බා… ඒත් ඒඑ කුතුහලය නැති කරලා කතාව ලස්සනට ඉවර කරල තියෙනවා..
    All the best rashmika……!!
    ?????????

    4
  4. Thakshi Deepali Jayasuriya

    අැත්තට මේ දේවින්ද කව්ද ?
    කතාව නියමයි…මුල ඉඳලම නොවරදවා කියෙව්වා….මේ වගේ තව ලස්සන කතාවක් අාය්‍ේ කතා අහුර අපි වෙනුවෙන් ලියන්න…ඔයාට හදවතින්ම සුබ පතනවා මං…

    3
  5. Math oyta hadawathinma suba pathanawa.math kathawa dapu mulma dawase idn nowaradawama kiyewwa.e wagema mn asai oya novel ekk holman kathawak wage liyannath try krnwnm..oya liyna style ekth ekka eka oyta puluwan..poddak try krla blnna.all the best❤️❤️❤️❤️❤️

    4
  6. Kathawa lassanaiii …???… me wage lassana aluth kathawak aran anakan balan ennawa …. all the best… kathawa nm asawen kiyewwa…. ????

    3
  7. Ayesh imalka

    ගොඩාක් ආසාවෙන් කියවපු තවත් කතාවක් ඉවරයි නෙද?……….????? කමක් නෑ කතාවනම් ගොඩාක් ලස්සනයි…………. ❤️❤️❤️ තවත් කතාවක් ඔනේ……….. ඔන්න අනිවා………….☺️☺️???

    3

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.