Katha Ahura

මාරක අඩවිය| අවසාන කොටස |තුන්වන දිගහැරුම

5/5 - (1 vote)

මාරක අඩවිය?

අවසාන කොටස/ තුන්වන දිගහැරුම

 

මෝටර් රථයෙන් බැස ගතිතේ ඇමති රාජරත්න යැයි හදුනා ගැනීමට දේවින්දට ගත වූයේ සුළු වෙලාවකි.ඔහු පැමිණ සාලයේ තිබුනු සෝෆාවෙන් වාඩි විය. දේවින්ද ඔහු සමඟ සිනාසී අජිත් සහ ඇමතිවරයා සිටි තැනින් ඉවත් විය.

” අජිත් නංගි කොහෙද දැන් ඉන්නෙ?”

” එයා දේවින්ද මල්ලිගෙ ගෙදරනෙ ඇමතිතුමා ”

” මිනිහ හොඳ සල්ලිකාරයෙක් නේද?”

” නැතුව ඇමතිතුමා ගෙවල් දොරවලි එහෙම සුපිරියටම තියෙනවා.”

” ඒක නෙවෙයි අජියා මම උඹව හම්බෙන්න ආවේ වැදගත් දෙයක් අහන්න”

“ඒ මොකක්ද ඇමතිතුමා ” අජිත් එය ඇසුවේ ඇමතිවරයාට කිට්ටු වන ගමන්ය

” උඹට හොඳටම ෂුවර්ද සංජීවයා මේ කේස් එකෙන් අයින් උනා කියලා”

” මොනව අහනවද ඇමතිතුමා ඌ දැන් අර සමරනායකයගෙ දුවත් එක්ක ලව් කර කර ඉන්නෙ. මම අපේ කොල්ලෙක් ඒ පැත්තෙ යැව්වා ළඟදි, ඌ දැකලා තියෙනවා දෙන්නත් එක්ක පාක් එකේ කපල් දාලා ඉන්නවා”

අජිත්ගෙ කතාවට ඇමතිවරයාගේ මුවඟට මද සිනහවක් පැමිණියා.

” අපරාදේ බන් අපිට කෙල්ලව තියාගෙන සමරනායකයව යවන්න තිබුනේ , ඇයි උඹ ඒ වගේ ඔෆ එකන් ඌට දුන්නෙ”

” ඇමතිතුමා අපි ඒ වෙලාවෙ කෙල්ලව රිලීස් කරපු එක හොඳයි,සාමාන්‍යයෙන් කෙල්ලෙක් දෙයක් කිව්වහම කොල්ලෙක් අහනවා . අනික ඇමතිතුමා සංජීව කියන්නෙත් කොටියෙක් වගේ එකෙක් පොඩි ඉවක්  ආවොත් ඇති ඌට අපිව ෆලෝ කරන්න”

” ඔව් මම  කතා කරපු පළවෙනි දවසෙම මටත් තේරුනා ඌ අමාරුකාරයෙක් කියලා, දැන් ඉතින් කෙල්ලෙක් හින්දා ජොබ් එකත් නැති කර ගත්තනෙ බූරුවා” ඔහුගේ වදනට අජිත් මහ හයියෙන් සිනාසෙන්නට විය.

“ඇමතිතුමා දැන් අරුන් දෙන්නට මොකද කරන්නෙ”

” අජියා අපි උන් දෙන්නවම ඉවරයක් කරලා  දාමු  මොකද සංජීවයා නැතත් අර o.i.c  කාරයා කේස් එක අදිනවා වගේ”

” ඔව් ඒක හොඳයි ඇමතිතුමා මොකද උන් දෙන්නා ජීවත් වෙලා ඉන්නකන් මේ කේස් එක යනවා”

” එහෙනම් , විජේතුංගයටයි , ගාමිණීයටයි වැඩේ දුන්නා වගේ මුන් දෙන්නවත් කනත්තෙම ඉවරයක් කරලා දාමු ”

” දැන් කවදද ඇමතිතුමා වැඩේ කෙරෙන්න ඕන ?”

” අනිද්දා රෑ දහයට හරියටම මම කනත්තට එනවා උඹ තව එකෙක් එක්ක ටිකක් ඉක්මනට ගිහින් වට පිටාව ක්ලියර් ද බලපන් පස්සෙ අරුන් දෙන්නව එතනට ගෙන්න ගනින් , හැබැයි එකක් මතක තියා ගනින් මොනම විදිහකින් වත් වැඩේ ගැස්සෙනින බෑ , උඹ දන්නවනෙ ඉස්සර වගේ මට දැන් පොලිටීශියන් පවර් එකත් නෑ කියලා”

” ඇමතිතුමා බය වෙන්න එපා මම අනිත් ඒව කරා වගේම මේකත් තිතට දෙන්නම් , ඔබතුමා දන්නවනෙ මම කවුද කියලා”

” එහෙනම් මම යනවා .කියපු විදිහට වැඩ ටික වෙන්න ඕනා අජිත් උඹට තේරුනානේ”

ඇමතිවරයා එසේ පවසා අජිත්ගේ නිවසින් පිටව ගියේය.

” අයියේ මම ගෙදර යනවා”දේවින්ද අජිත්ගේ නිවසින් පිටව යාමට පෙර ඔහුට පැවසීය

” ඇයි මල්ලි හදිස්සියේ දවල්ට කාලා යන්න ඉන්න”

” දැන් බෑ අයියේ අංජලී කතා කරලා කිව්වා දවල්ට කෑම කන්න ගෙදර එන්න කියලා ”

” හරි මල්ලි පරිස්සමෙන් යන්න , නංගිව මතක් කරා කියන්න” අජිත් දේවින්දට පැවසුවේය.

” ආ මල්ලි,තව පොඩ්ඩෙන් ෆෝන් එක අමතක වෙනවා” අජිත් එසේ පැවසුවේ සෝෆාව අසල තිබූ දේවින්දගේ ජංගම දුරකථනය ඔහුගේ අත තබන ගමන්ය.

දේවින්ද එය රැගෙන ඉතා ඉක්මනින් පිටත් විය.

 

( හෙට බලමු කවුද වැඩකාරයා කියලා…..)

R.J

 

3 thoughts on “මාරක අඩවිය| අවසාන කොටස |තුන්වන දිගහැරුම”

  1. Thakshi Deepali Jayasuriya

    දේවින්ද එහෙමත් නැත්නම් මං හිතන විදිහට සංජීවත් එක්ක හිටපු අනිත් කෙනා ෆෝන් එකේ ඔක්කොම රෙකෝඩ් කලා නේ ????
    ඔයාගේ කතා දෙකම කියෝනවා අාසාවෙන්…best of luck rashmika…

    3

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.