Katha Ahura

මාරක අඩවිය| අවසාන කොටස/පළමු දිගහැරුම

5/5 - (2 votes)

මාරක අඩවිය?

අවසාන කොටස/ පළමුවන  දිගහැරුම

 

එදා සදුදා දිනයකි.වේලාව සවස හතරට පමණ ආසන්න වී තිබුනු අතර නාගහතැන්න බස් නැවතුම්පලෙහි කෙලවරට වන්නට සිටියේ රූමත් තරුණයෙකි. ඇයගේ එක් අතක කුඩා හෑන්ඩ් බෑගයක් වූ අතර අනෙක් අතින් පොත් දෙක තුනක් තම පපුවට තුරුළු කරගෙන සිටියේය.පැහැපත් සමක් හා දිගු වරලසකින් හිමි ඇයව  තවත් ලස්සන කරේ ඇඳ සිටි රෝස පාට ඔසරියෙනි .එය සිරුරේ හැඩයත් සමඟ එක් වීමෙන් ඇය දෙවඟනකට සමාන කලාය. කීප විටම බස් නැවතුම් පලෙහි වූ තරුණයින් දෙදෙනෙක් ඇය දෙස විටින් විට බැලුවත් ඇයට ඒ පිළිබඳව තැකීමක් නොවීය.

ගත වූ නිමේෂය තුල සිදු වූයේ ඇය සිහිනෙකින් වත් නොසිතපු දෙයකි. කොහෙන්දෝ සිට පැමිණි සිඟන්නෙක් බඳු මිනිසෙක් ඇයගේ අතෙහි වූ  හෑන්ඩ් බෑගය උදුරාගෙන දුවන්නට විය. ඇය කලබල වී බස් නැවතුමෙන් එළියට පැන උදව් ඉල්ලා කෑ ගැසීය.

” අනේ කවුරු හරි උදව් කරන්න, අර මනුස්සයා මගේ බෑග් එක අරන් දුවනවා”  ඇය හොරා පසුපසින් දුවන්නට වූ අතර එතන සිටි පිරිමින් දෙදෙනෙක්ද ඔහු පසුපස එලවීය. නමුත් ඔවුන් කිසිම කෙනෙක්ට ඔහුව ලං කිරීමට වත් නොහැකි විය. ඇය බලා සිටියදීම හොරා තම බෑගය රැගෙන දිව්වත් ඔහුට තව දුරක් යාමට නොහැකි විය.

සුදු පාටට හුරු Honda  CH-R  මෝටර් රථයක් ඔහු දුවන මාර්ගය හරස් කල අතර එයින් බැස ගත්තේ වයස අවුරුදු විසි පහක තරම් කඩවසම් තරුණයෙකි. හොරා කෙලින්ම නතර වූයේ තරුණයාගේ දෙපා අසලය.

අතදිග හරිමින් කම්මුල් පාරක් හොරාගේ මූන මත පතිත කල තරුණයා ඔහුගේ අතවූ බෑගයද උදුරා ගත් අතර හොරා ඉක්මනින් එම ස්ථානයෙන් පැනගන්නට විය. තරුණිය කෙලින්ම ගියේ තරුණයා අසලටය.

” ආ මෙන්න ඔයාගෙ ඔයාගේ බෑග් එක” තරුණයා එසේ කියා මඳ සිනහවක් පාමින් ඇයගේ අතට බෑගය දුන්නේය. තරුණිය ඔහු දෙස වශීකෘත වී බලා සිටියාය. උත්තුංග දේහදාරී ශරීරයකින් හෙබි ඔහුව දුටු විට ඇයට මතක් වූයේ තමා මෑතකදී නැරඹූ ‘බාගි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයයි.

” තැන්ක් යූ, ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා කරපු උදව්වට” තරුණියද සිනහවක් පාමින් ඔහුට ස්තූති කලාය.

” ටේක් ඉට් ඊසි, ඔයා මේ ළඟටද යන්නෙ” තරුණයා ඇයගෙන් ඇසීය.

”  දික්හේන හන්දියට යන්නෙ, මම බස් එකක් එනකන් හිටියේ කවුද දන්නෙ මේ වගේ දෙයක් වෙයි කියලා”

” ඔයාට පුළුවන් මාත් එකක් කා එකේ යන්න මාත් යන්නෙ දික්හේන හන්දියෙන් තමයි.” තරුණයා පැවසූ දෙයට ඇය ඉබේම අවනත වුනේ ඔහුගේ මෝටර් රථයේ ඉදිරි අසුනට ගොඩ වදිමින් . කෙටි දුරක් ගමනකින් පසු තරුණයා ඔවුන් අතර තිබූ නිශ්ශබ්දතාවය බිද හෙලුවා.

” ඔයා මේ ළගද වැඩ කරන්නෙ” තරුණයා මෝටර් රථය හසුරවමින් ඇයගෙන් ප්‍රශ්නෙ කලා.

” මම නාගහතැන්න ස්කූල් එකේ ප්‍රයිමරි ටීච කෙනෙක් , ඔයා මොකද කරන්නෙ”

ඇය තරුණයා දෙස බලා ඇසුවා.

” මම RDA එකේ ඉංජිනියරින් කෙනෙක්”

” ඒක නෙවෙයි මම අංජලී , අංජලී නිහාෂා වික්‍රමනායක. ඔයා” ඇය තරුණයා දෙස හුරතල් සිනහවක් පාමින් ඇසුවා.ඒ මොහොත වනවිට අංජලීගේ රූපයට තරුණයාද වශී වී තිබුනා.

” මම දේවින්ද මධුෂාන් රාජපක්ෂ, හැමෝම ලේසියට කතා කරන්නෙ දේව් කියලා” තරුණයා  ඇය දෙස බලා පැවසුවා.

” මමත් එහෙම කතා කරන්නද?”  අංජලී දේවින්ද දෙස බලා ඇසුවා.

” ඕ.කේ අංජු ” තරුණයා තමාගේ නම මෙන් කෙටි නමක් භාවිතා කරමින් ඇය වෙත සිනහවක් පාහින් පැවසුවා.

” අංජු, වාව් මාර ලස්සන නමක්නේ දේව් ඔයා මට දැම්මෙ” අංජලීගේ හිතට ඒ මොහෙතේ දැනුනු සතුට ඔහු දේවින්දගේ ඉදිරියේ ප්‍රකාශ කලා.

“ඔයා බහින තැනත් ළංඋනා, ඒක නෙවෙයි හෙටත් ඔයා මේ වෙලාවට එතන ඉන්නවද?”

දේවින්ද  අංජලී දෙස බලා ඇසුවා.

” ඔව්  , ස්කොලෂිප් එක ළඟ නිසා මේ දවස් වල අමතර පංති කරනවා. ඇයි ඔයා එහෙම ඇහුවේ ”

” නෑ ඉතින් මමත් මේ වෙලාවට හැමදාම එතනින් එනවා ඉතින් මේ…..”

දේවින්දට වචන ගොත ගැසෙන්නට වුනා.

” ඉතින් , ඇයි කියන්න ගිය දේ නැවත්තුවේ”

” කියන්න බෑනේ අද බෑග් එක උස්සන් ගියා හෙට ඔයාව උස්සන් යයිද කියලා” දේවින්ද අංජලීට අැසක් ගසමින් සිනාසී පැවසුවා.

“කමක් නෑ ඉතින් එහෙම උස්සන් ගියත් බේරගන්ඩ කියලා චන්ඩියෙක් ඉන්නවනෙ”

” එහෙනම් චන්ඩියට ෆෝන් නම්බර් එක දීලා යනවද ? ඉස්සුවද කියලා දැනගන්න” දේවින්ද ඇයට තරවටු කලා

අංජලී සිනාසී තම බෑගය තුල තිබූ තමාගේ ජංගම දුරකථන අංකය ලියූ කොල කැබැල්ලක් ඔහුගේ අතට දී  මෝටර් රථයෙන් බැස ගත්තා  ඇය නොපෙනී යන තෙක් දේවින්ද පැති කණ්නාඩියෙන් බලා සිටියා

 

 

( මොකද මේ වෙන්නෙ?  කවුද මේ  දේවින්දයි , අංජලී කියන්නෙ?  stay tuned

R.J

3 thoughts on “මාරක අඩවිය| අවසාන කොටස/පළමු දිගහැරුම”

  1. Anjali kiynne ajithge sahodariyek ned..mata mthka widihta….ethkota devinda kiynne mta hithena widihta SI mahaththayama thama wenna oni..eyage mission ekta nma poddak wenas krla….harida dnna..mata hithenne ema….gud luke ❤️❤️❤️

  2. Thakshi Deepali Jayasuriya

    මං නම් කියන්නේ S. I එක්ක හිටපු අනිත් කෙනා තමයි ඔය…දෙන්නා සෙට් වෙයි…බොරුවට අාදරේ කරන්න ගිහින්…???????

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.