Katha Ahura

මාරක අඩවිය| අවසාන කොටස| හතරවන දිගහැරුම|රහස් පරීක්ෂක කතා|කතා අහුර රචක

5/5 - (1 vote)

මාරක අඩවිය?

අවසාන කොටස/ හතරවන දිගහැරුම

 

එදා  අමාවක දිනයක් වූ බැවින් කෑලි කැපිය හැකි කළුවරක් පැවතියේය. රාත්‍රී නවයට ආසන්නව තිබියදී අජිත් තම ගෝලයන් දෙදෙනෙකු සමඟ නාගහතැන්න කනත්තට පිවිසෙන ප්‍රධාන දොරටුවේ සිට වටපිටාව දැඩි පරීක්ෂාවට ලක් කරන්නට විය.

” චමියා හොඳට බලපන් ඔය පැත්ත, පොඩ්ඩා උඹ පලයන් හෝල් එක පැත්තට ගිහින් හොඳට බලපන්” අජිත් තම ගෝලයන්ට අණ කල අතර පසුව ඔවුන් තිදෙනාම කනත්ත කෙලවර කැලෑවට වන්නට තිබූ ගොඩනැගිල්ලක් තුලටය, ගරා වැටී අබලන් තත්වයට පත්ව තිබූ එය කැලෑවෙන් වැසී තිබුනි.

” පොඩ්ඩෙ ගනින් බන් ඔය බෝතලේ , ඔක්කොටම කලින් ෂොට් එකක් දාගන්න ඕන බන්” අජිත් එසේ පවසා බෑගයක තිබූ මත්පැන් බෝතලය අතට ගන්නට විය.

” බොස් අද දවස ටිකක් හරි නෑ වගේ නේද , අපි වැඩේට වෙන දවසක් දා ගමුද”

චමියා නොහොත් චමින්ද අජිත් අසලින් වාඩි වුනේ තම ඉනේ රැඳි රිවෝලරයද බිම තබමින්ය.

” පිස්සුද බන් මම ලොක්කට පොරොන්දු උනා අද වැඩේ ඉවර කරනවා කියලා , විකාර කතා නොකර හිටපන්”

කෙමෙන් කාලය ගෙවී යද්දි මත්පැන් බෝතලයද හිස් වුනේ රාත්‍රී දහයේ කණිසමට ළගාවත්මය. අජිත් තම දුරකථනය අතට ගත්තේ වේලාද බලමින්ය.

“රනයා උඹ කොහෙද ඉන්නෙ?”

” සර් මම දැන් ස්පොට් එකට යන ගමන් ඉන්නෙ තව විනාඩි පහකින් එතන” අජිත්ගේ ඇමතුමට දුරකථනය කෙලවරින් පිලිතුරු ලැබීය.

” මොන ප#$ක් කරනවද බන් ඉක්මනට ඕකුන් දෙන්නව අරන් වරෙන්” යැයි පවසා අජිත් ඇමතුම විසන්ධි කලේය.

රාත්‍රී දහයයි තිහට ආසන්න වත්ම අජිත් නැවත දුරකථනය නැවත අතට ගෙන රනේට ඇමතුමක් ගත්තත් ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබුනු අතර ඔහු නැවත නැවතත් උත්සහ කලත් එය අසාර්ථක විය.

” බලපන් චමියා මේ හු$#& පු$  ෆෝන් එක ආන්ස කරන්නෙ නෑනේ.චමියා පොඩ්ඩක් එළියට බැහැලා බලපනකෝ” අජිත් රනේට බැන වදින්නට විය. චමින්ද තමා සිටි තැනින් නැඟිට ගොඩනැගිල්ලට පිවිසෙන මාර්ගයේ

කෙලවරට වන්න තිබූ තැනට ගොස් වට පිට පරීක්ෂාවකට ලක්කර මුත්‍රා කිරීම සඳහා සැරසුනා පමණි

“දගලන්න හදන්න එපා අත් දෙක උසසපන්, කෑ ගැහුවොත් තියනවා ඔලුව කුඩු වෙන්න”

චමින්දට කර කියා ගැනීමට දෙයක් නොහැකි වූයේ කිසියම් පුද්ගලයෙකු විසින් තමාගේ හිසට රිවෝලරයක් තැබූ නිසාය.

” කෝ අජිත්, කියපන් යකෝ”

” බිල්ඩින් එක ඇතුලෙ “චමින්දට මරණ බිය දැනෙන්නට විය.

………..

” පොඩ්ඩෙ බලපන් චමින්දයා කෝ කියලා ” අජිත් තම ගෝලයාට පැවසීය. චමින්දව සොයා ගිය පොඩ්ඩෙට සිදු වූයේද චමින්දට සිදුවූ ඉරණමයි.අජිත්ගේ සිතටද යම් බියක් දැනෙන්ට විය. ඔහු ඉදගෙන සිටි තැනින් නැගිට ගොඩනැගිල්ලෙන් එලියට අඩිය තබනවාත් සමඟම

” තව අඩියක් ඉස්සරහට තියන්න එපා , තියනවා මෙතනම ඉවරයක් වෙන්න” යැයි පවසා ටී පනස්හය ගිනි අවියක් හා පිස්තෝල දෙකක් අතැතිව පුද්ගලයන් තිදෙනෙක් අජිත්ව වට කලේය. කිසිදු වචනයක් නොකියා අජිත් ඔවුන්ගේ අණට යටත් විය.

……

කනත්ත තුලට වැටී ඇති අඩිපාරේ රාත්‍රී එකොලහට පමණ රාජරත්න ඇමතිවරයා වට පිට බලමින් ගමන් කලේය. වැඩි දුරක්  යාමට හැකිට හැකි වූයේ නැත ඔහු දුටුවේ තමාට අඩි කිහිපයකට දුරින් බිම වැතීරි සිටිනු දුටු සතෙකි ඔහු තම ඉනේ රඳවාගෙන තිබුනු පිස්තෝලය අතට ගෙන ඉදිරියට ගියේය එකපාරටම නිදාගෙන සිටි සතා අැමතිවරයාගේ ඇඟට පැන්නෙ ඔහුට සිතන්නට වත් කාලයක් ඉතුරු නොකරමින්ය. බුදු අම්මෝ යැයි කියා ආපසු හැරී දුවන්නට සැරසුනත් ඇමතිවරයාගේ කකුල් දෙක යමක පැටලී ඔහු එතනම ඇද වැටුනේය.

R.J

2 thoughts on “මාරක අඩවිය| අවසාන කොටස| හතරවන දිගහැරුම|රහස් පරීක්ෂක කතා|කතා අහුර රචක”

  1. K.K.Damayanthi

    කතාවෙ නියම හරිය දැන්නේ පටන් අරන් තියෙන්නේ………

    කතාව මරේ මරු…………..

    2
  2. Of course dear..dn tama kathawe lassanama hariya…harima shook..oya kathawa lassanta liyanawaa….all the best…❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.