Katha Ahura

මාරක අඩවිය| 3.කොටස/ තුන්වන දිගහැරුම

5/5 - (1 vote)

__මාරක අඩවිය__

3.කොටස / තුන්වන දිගහැරුම

 

කොස්තාපල් වරයා තමා තොරතුරු සොයාගත් අයුරු උ.පො පරීක්ෂකවරයා ඉදිරියේ පවසන්නට විය.

” උඹ වැඩේ නම් තිතට දීලා තියෙනවා, උඹට ෂුවර්නෙ ගෙදර සී.සී.ටී.වී තිබුනේ නෑ කියලා”

” නෑ සර් මම ෆුල් සර්ච් එකේ ගියේ .අඩුම තරමේ මම ගෑනිටවත් සැක හිතෙන්නැති විදිහට වැඩේ කරේ.”

මාලක පැවසීය

” උඹගෙ වෙලාවට අජියා ගෙදර හිටියෙ නැත්තෙ”

” සර් මේ තියෙන්නෙ  ෆොටෝ ටික” යැයි පවසමින් මාලක තම දුරකථනය උ.පො පරීක්ෂකවරයා  අතට දුන් අතර ඔහු එය හොදින් බලන්නට විය

” කවුද බන් මේ සූකිරි කෑල්ල .පට්ට ලුක් එකක් තියෙන්නෙ මේකිගෙ” උ.පො පරීක්ෂකවරයා දුටුවේ ඉතාමත් සුන්දර රූපයක් ඇති තරුණියකගේ ඡායාරූපයකි

” මේ අජිත්ගෙ නංගි නම අංජලී “මාලක පැවසීය

“හ්ම්….අපිට දැන් තියෙන්නෙ අජියව ෆලෝ කරන්න”

” දැන් සර්ට ඊයෙ රෑ කෝල්  කරේ අජිත්මද?”

“මට පොඩි සැකයක් තියෙනව ඕකා මේ කේස් එකේ  කොනක හරි ඉන්නවා කියලා, අපි පොඩ්ඩක් මෑන් ගැන ඇහැ ගහගෙන ඉමු”

 

එදින රාජකාරිය නිමා වී උ.පො පරීක්ෂකවරයා තම නිවසට පැමිණ නාගෙන රාත්‍රී ආහාරය ගැනීමට සූදානම් වූවා පමණි

ට්‍රීං ….ට්‍රීං….දුරකථනය නාද වන්නට වූ අතර ඔහුගේ මව එයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඒ අසලට යන්නට විය

” අම්මා ඔහොම ඉන්න මම බලන්නම්” උ.පො පරීක්ෂකවරයා එසේ පවසා වේලාව බැලීය

රෑ දහයයි අනිවාරෙන් මූ තමයි ඔහු තමාට සිතින් පවසාගෙන රිසිවරය අතට ගත්තේය.

” හා ලොකු මහත්තයා කොහොමද අද දවසෙ වැඩ” ඔහුගේ මතය නිවැරදි විය.

”  ඇයි උඹ මට වැඩ බාර දෙන්නද අහන්නෙ”

උ.පො පරීක්ෂකවරයා ඇසුවේ මුවඟට සිනහවක් නංවන අතරතුරය.

” වැඩක් නෙවෙයි මම තමුසෙට හොඳ ඔෆර් එකක් දෙන්න කතා කරේ”

” හැමදේටම කලින් කියපන් උඹ කවුද කියලා”

” මම කවුද කියලා තමුසෙට වැඩක් නෑ අයිසේ , උඹ හොඳ වැඩකාරයනේ මම කවුද කියලා හොයා ගනින්”

” හරි හරි සහෝදරයා වැඩි දවසක් යන්න කලින් මම ඒක කරනවා.ඒක නෙමෙයි මොකක්ද දැන් තමුසෙගෙ ඔය ඔෆ එක” උ.පො පරීක්ෂකවරයා පවසන්නට විය.

” එහෙනම් වැඩි කතාවක් නැතුව අපි වැඩේට බහිමු, තමුසෙලට ඕන කරන තුන් දෙනාම ඉන්නෙ අපි ළඟ ”

” මේ වල්…” උ.පො පරීක්ෂකවරයාට එය පැවසීමට ඉඩ ලැබුනේ නැත.

“උඩ පනින්නෙ නැතුව මම කියන දේ අහපන්. උඹලට කැමති නම් මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් බේරගන්න පුළුවන් හැබැයි නිකන් නෙවෙයි ලක්ෂ විස්සක් දීලා හරිද?”

දුරකථනකරුවා පැවසීය.

” උඹලගෙ වැඩ වලට අපි අත දාන්නෙ නෑ ඔය තුන් දෙනාව ඔතනින් නිදහස් කරපන් ”

” මේ තෝ හදන්නෙ මට සීනි ‍බෝල කවන්නද? මම කියන දේ විතරක් කරපන් මම උඔට පොඩි චාන්ස් එකක් දුන්නෙ , ඕනවට වැඩිය රඟන්න ගිහින් ඒක මිස් කර ගන්න එපා”

” හරි දැන් මම මොකක්ද කරන්න ඕන ” උ.පො පරීක්ෂකවරයා අසන්නට විය

” බේරගන්නෙ කාවද කියල මුලින්ම තීරණය කරපන් පස්සෙ සල්ලි ටික රෙඩි කර ගෙන තියාගනින් රයිට්   .මම හෙට රෑ දහයට තමුසෙට කෝල් එකක් ගන්නවා. එන්න ඕන තැන වෙලාව මම එතකොට නියන්නම්” ඔහු එසේ පවසා දුරකථනය තැබීය.

“ෂික් මො වේ#* පු#*$ මන්දා මූ .දැන් හොයපන්කො ලක්ෂ විස්සක් මම දැන්ම යන්න ඕන සර්ව මීට් වෙන්න , වෙලාවට මේක රෙකෝඩ් කරේ සාක්ෂි විදිහට”

උ. පො පරීක්ෂකවරයා එසේ සිතමින් වෙලාව බැලීය. ” දහයයි තිහයි ” ඔහු තමාටම පවසා ගනිමින් ඉක්මනින් ලෑස්ති  පොලිස් මූලස්ථානයට පිටත් විය.

 

1 thought on “මාරක අඩවිය| 3.කොටස/ තුන්වන දිගහැරුම”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.