Katha Ahura

මාරක අඩවිය| 3.කොටස /දෙවෙනි දිගහැරුම

5/5 - (1 vote)

__මාරක අඩවිය__

3. කොටස / දෙවෙන දිගහැරුම

 

එදා සදුදා දිනයක් වූ බැවින් උදයේම මිනිසුන් තම රාජකාරීන් සඳහා පිටත් විය.මාකස්වත්ත ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වයස අවුරුදු විසි දෙකක් පමණ වන තරුණයෙකි .ඔහු අතේ පොත් පත් කිහිපයක් තිබුනු අතර කුඩා බෑගයක්ද ඔහුගේ කරේ විය. ප්‍රධාන මාර්ගයේ ටික දුරක් ගමන් කල ඔහු නිවසක් අසල නතර විය

” ගෙදර කව්ද?” ඔහු තරමක් ශබ්ද නගා ඇසුවේය.මඳ වේලාවකින් තරුණයෙකු පැමිණියේය.

” අයියේ අපි  #***** රක්ෂණ සමාගමෙන්, ඔයාලා කැමති නම් එකවුන්ට් එකක් ඕපන් කරමු? ” තරුණයා ඇසීය.

” අනේ එපා මල්ලි මම #&***  රක්ෂණයක් දාාලා තියෙන්නෙ” ඊට පිලිතුරු වශයෙන් ගෙහිමියා පැවසීය.

” හරි අයියේ යන්නම්” ඔහු එසේ පවසා තවත් නිවසකට ගිය අතර එම නිවසින්ද අකමැති විය. ගෙවල් හතර පහකටම ගිය ඔහු අවසානයේ වයසක ජෝඩුවක් සිටින ගෙදරකට පැමිණියේය.

” තාත්තෙ මම #***** රක්ෂණ සමාගමෙන් එකවුන්ට් එකක් ඕපන් කරනවද?” ඔහු මහල්ලාගෙන් ඇසීය

” අනේ එපා දරුවෝ, ” ඔහු සිනාසී පැවසීය .

” තාත්තෙ මේ හරියේ ටිකක් වත්කමක් තියෙන ගෙවල් එහෙම තියෙනවද?, මම ගිය එක ගෙදරකින් වත් කැමති වුනේ නෑ ඒකයි”

” මේ මාකස්වත්තෙ එහෙම සල්ලි කාරයෝ නෑ පුතේ, තියෙනවනම් ඉතින් අජිත් මහත්තයට විතරයි” මහල්ලා පැවසීය.

” කවුද තාත්තේ අජිත් කියන්නේ” ඔහු මහල්ලාගෙන් ඇසීය

” එච්චර හොඳ මනුස්සයෙක් නම් නෙවෙයි ඔය ඉස්සරහ තියෙන ගෙදර එයාගෙ තමයි” මහලු මිනිසා පෙන්නුවේ පාරේ අනෙක් පස තිබුනු තරමක් විශාල ගෙයකි.

” හරි තාත්තෙ බොහොම ස්තූතියි මම යනවා” ඔහු එම වැඩිහිටියාට වැද එම  නිවසින් පිටත්ව යාමට සැරසුණි

” ගියාට කමක් නෑ දරුවෝ හැබැයි වැඩි කතා බහකට යන්න එපා”

මහලු මිනිසා ඔහුට පවසත්ම ඔහු සිනාසී ගියේය.

ඊළඟට ඔහු නැවතුනේ අජිත් නැමති පුද්ගලයාගේ නිවස අසලය. ගේට්ටුවක්ද දමා  තිබූ තාප්පයකින් නිවස යම් තරමකට වට වී තිබුනි.

” ගෙදර කවුරුත් ඉන්නවද?” ඔහු ගේට්ටුවට දෙපාරක්ම තට්ටු කලේය.ඊට ටිකකට පසු අවුරුදු විසි හයක් , හතක් පමණ වන තරුණියක් ගේට්ටුව විවෘත කලේය.

” මිස් මම #***** රක්ෂණ සමාගමෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ” ඔහු එම තරුණියගෙන් ඇසීය.

” එන්න ඇතුලට ” තරුණිය මද සිනහවක් පාමින් එසේ පවසුවේය.

ඔහු ඇය පසුපසින් නිවස තුලට යන්නට වූයේ වටපිටාවද දැඩි විපරමකට ලක් කරමිනි.

” වාඩිවෙන් , නිවසේ සාලයට පැමිනි ඇය ඔහුට පුටුවක් පෙන්වමින්  පැවසුවේය.

” තැන්ක් යූ මිස් , මිස් මම…………..”

ඔහු රක්ෂණ සමාගම පිළිබඳව ඇයට පැහැදිලි කලේය.

” මහත්තයනම් දැන් ගෙදර නෑ . ඔයාලට මුලින්ම කීයක් අපි ගෙවන්න ඕනද එකවුන්ට් එක ඕපන් කරන්න?”

” මිස් මුලින්ම මට ගෙදර අයගෙ තොරතුරු ටික දෙන්නකො මම ඊට පස්සෙ ඒවා හරිගස්සලා කෝල් එකක් දෙන්නම්”

” අපේ ෆැමිලි එකේ ඉන්නෙ මමයි මහත්තයයි, පුතයි තමයි .ආ තව මහත්තයගේ නංගි ඉන්නවා , එයාගෙන් අහල බලන්න වෙනවා” ඇය පවසන්නට විය

“මිස් මට නම් ටික කියනවද , වයසත් එක්ක”

ඔහු පැවසූ දෙයට ඇය නිවැරදිව උත්තර දිය.

” මිස් මහත්තයගේ නංගිගෙ තොරතුරු ටිකත් දෙනවද, එයා  කසාඳ බැදලා වෙනමද ඉන්නෙ?”

” හපෝ නෑ , තාම විසි තුනයි වයස , නම අංජලී වික්‍රමනායක, නාගහතැන්න ස්කෝලේ ප්‍රයිමරියේ ටීචර් කෙනෙක් එයා”

” හරි මිස් මම ඔක්කොම තොරතුරු ටික ෆෝන් එකට දාගන්නම්”  ඔහු එසේ පවසා තමා ළඟ ඇති ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයේ යමක් සටහන් කර ගන්නට විය.

” මිස් තරහ නැතුව මට වතුර එකක් දෙනවද?”

” ආනේ සොරි ඉන්න මට අමතක වුනා මම බොන්න මොනව හරි අරන් එන්නම්” ඇය එසේ පවසා එතනින් නික්ම ගියේය.

ඇය යනවාත් සමඟම තරුණයා තමා සිටි තැනින් නැඟිට හොදින් වටපිට බැලීය . ඔහු දුටුවේ රාක්කයක තබා ඇති රාමු කර තිබූ තරමක් විශාල ඡායාරූප කිහිපයකි. ඔහු නැවත වටපිට බලා ඒවා ඇති තැනට ගොස් ඉක්මනින් තම දුරකථනයෙන් එම ඡායාරූප වල ෆොටෝ කිහිපයක් ගන්නට විය.

ඔහු ඉක්මනින් එම කාර්යය කරගෙන නැවත තමා සිටි තැනින් අසුන් ගන්නට විය ස්වල්ප වේලාවකින් බීම වීදුරුවක්ද රැගෙන අර තරුණිය පැමිණියේය.ඔහු ස්තූති කොට එය අතට ගෙන ඉක්මනින් පානය කර නිවසින් පිටත්ව යාමට සැරසුණි .

” මම යනවා මිස්. මම ඔයා දීපු නම්බර් එකට කෝල් එක දෙන්නම්, කොහොමත් මේ ප්‍රදේශයෙම තොරතුරු හොයා ගෙන ඉවර වෙනකොට මාසයක් විතර යනවා ”

” ඒක හොඳයි එතකොට සල්ලිත් හෙමිහිට හොයා ගන්න පුළුවන්” ඇය පැවසුවේය

තරුණයා ඊට පිළිතුරු වශයෙන් සිනාසී නිවසින් එළියට පැමිණ ,මාර්ගයේ කෙලවරට වන්නට නවතා තිබූ තම යතුරු පැදියට නැගී එම ප්‍රදේශයෙන් පිටත් විය.

 

 

 

( කතාවේ හොඳම කොටස පටන් ගත්තෙ දැන් , දිගටම බලන්න මොකද මේක කුතුහලයෙන් පිරුණු එකක්)

 

 

? R. J  wijesinghe

 

3 thoughts on “මාරක අඩවිය| 3.කොටස /දෙවෙනි දිගහැරුම”

  1. SI මහත්තයගෙ ප්‍රේමවන්තිය අංජලීද….??හී හී…කතාව ලස්සනයි …ටිකක් දිගට දාන්නකෝ අනේ….❤️❤️??

    1
  2. K.K.Damayanthi

    හ්ම්ම්ම්… ඇත්තටම ලස්සන කතාවක්… මුල ඉදන්ම කුතු හලයෙන් පිරිල තිබ්බෙ…. තව හොදට ලියන .. තව ටිකක් දිග කොටස් දාන්න…
    Good luck..!! ?????

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.