Katha Ahura

මාරක අඩවිය| 3.කොටස/ පළමුවන දිගහැරුම

4/5 - (22 votes)

__මාරක අඩවිය__

3. කොටස/ පළමු දිගහැරුම

 

පසුදින උදෑසනම අවදි වූ උ.පො පරීක්ෂකවරයා ඉක්මනින් ඇඳ පැලඳ ගෙන පොලිස් මූලස්ථානය කරා පිටත්ව ගියේය.යන අතරමඟදී ඔහු බර කල්පනාවකට වැටුණි

” මම දැන් මොකද කරන්නෙ, මේක ගිහින් සර්ට කිව්වොත් සර් අනිවාරෙන් මට මේ කේස් එක හැන්ඩ්ල් කරන්න දෙන්නෙ නෑ එහෙම වුනොත් මගෙයි මාලකගෙයි වැඩ වතුරේ, එහෙමයි කියලා මාලකයව මේ වැඩේට යවලා හරියන්නෙත් නෑ , උන් දැනගත්තොත් මූ පොලීසියේ කියලා අර තුන් දෙනාට කරදරයක් වෙන්න පුළුවන් , ෂික්…”

උ.පො පරීක්ෂකවරයා එසේ සිතමින් යන අතරතුර යතුරු පැදිය පාරේ අයිනට වන්නට නවත‍ා තම ජංගම දුරකථනයෙන් මාලකට ඇමතුමක් ගත්තේය.

” හෙලෝ,ගුඩ් මොර්නින්ග් සර් ”

” ගුඩ් මොර්නින්ග් මාලක උඹ කොහෙද ඉන්නෙ?” උ .පො පරීක්ෂකවරයා ඔහුගෙන් ඇසුවේ කලබලයෙනි

” සර් මම ඊයේ නිවාඩු දැම්මා, දැන් මම අර වැඩේට යන ගමන් ඉන්නෙ ” මාලක පැවසීය

” හරි උඹ දැන් යන්නෙ මොන විදිහටද”

” සර් මම වැඩේට බැස්සෙ ඉන්ෂුවරන්ස් එකකින් යන විදිහට ”

” හ්ම් හොඳයි උඹ දැන් පලයන් එක දෙයක් මතක තියා ගනින් මොන වේලාවකවත් උන්ට සැක හිතෙන විදිහට හැසිරෙන්න එපා හරි” උ.පො පරීක්ෂකවරයා ඔහුට අවවාද කලේය .

” හරි සර් මම අද දවස ඇතුලතම වැඩේ කම්ප්ලීට් කරගන්නම් ”

” හරි දැන් පරිස්සමෙන් පලයන්” උ.පො පරීක්ෂකවරයා එසේ පවසා දුරකථනය තැබුවේය .

“මොනව උනත් කමක් නෑ මම මේක සර්ට කියනවා නැත්නම් මොනව හරි වුනොත් ඒකෙ වැරැද්ද යන්නෙ මගෙ පිටින් ” උ .පො පරීක්ෂකවරයා එසේ සිතමින් පොලිස් මූලස්ථානයට පිටත් විය

………

” ගුඩ් මෝර්නින්ග් සර් ” උ .පො පරීක්ෂකවරයා ස්ථානාධිපතිවරයාට ආචාර කරන ගමන් ඔහු සිටි මේසය ළඟට ගියේය

” ගුඩ් මෝර්නින්ග් සංජීව, දැන් මොකද තමුසෙගෙ වැඩේ ”

” වැඩේ නම් මම සර්ට කියපු විදිහටම කරා, ඒත් ඊයේ පොඩි ප්‍රශ්නයක් ආවනේ සර්” එසේ පවසන අතරතුර උ.පො පරීක්ෂකවරයා තමා අත තිබූ පටිගත කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කලේය.එයින් පිට වූයේ පෙරදින රාත්‍රීයේ තාමාට පැමිණි දුරකථන අැමතුමේ ඇතිවූ සංවාදයයි, ස්ථානාධිපතිවරයා ඉතා හොදින් එයට ඇහුම්කන් දෙන්නට විය.

” සංජීව තමුසෙ මේ වගේ සිටුවේෂන් එකකදිද මාලකව යැවුවේ ,” ස්ථානාධිපතිවරයා සංවාදය නවත්වාත් සමඟම අසන්නට විය.

” සර් මම මාලකට උදේම කෝල් කරල කිව්වා බය වෙන්න දෙයක් නෑ මෑන් ෂේප් එකේ වැඩේ ඉවර කරයි,” උ.පො පරීක්ෂකවරයා පැවසුවේය .

” සංජීව මේක සුළුවෙන් හිතන්න එපා බලනවා උන් දැනටමත් දැනගෙනනේ තමුසෙ මේ කේස් එක බාර ගෙන කියලා”

” ඒක තමයි සර් මටත් තයෙන ප්‍රශ්නෙ උන් කොහොමද දන්නෙ කියන එක , ඒකට කමක් නෑ මම මුන්ව කොහොම හරි උසාවි යවල මිසක් නවතින්නෙ නෑ”

” දැන් ඉස්සරහට තමුසෙ මොකක්ද කරන්න හදන්නෙ ” ස්ථානාධිපතිවරයා ඔහුගෙන් ඇසීය.

” ඒක කියන්න වෙන්නෙ අද හවසට තමයි සර්, මට A.S.P සර් දුන්නෙ මාසයයි.හැබැයි මම අද සර්ට මෙතන ඉදලා පොරොන්දු වෙනවා සති දෙකක් ඇතුලත මුන් ඔක්කොටම ගේම දෙනව කියලා” උ.පො පරීක්ෂකවරයා පැවසූ දෙයට ස්ථානාධිපතිවරයාද අන්දුන් කුන්දුන් විය.

” හරි දැන් තමුසෙ ගිහිල්ල කරන්න ඕන දේවල් ටික බලනවා , මම යනවා දැන්. අද අපිට ස්පෙශල් මීටින් එකක් තියෙනවා”

ස්ථානාධිපතිවරයා එසේ පවසා පොලිස් මූලස්ථානයෙන් පිට විය.

………

බලාපොරොත්තු නොවූ  පරිදි එදින හවස පහට පමණ කොස්තාපල් මාලක පොලිස් මූලස්ථානයට පැමිණියේ සිනහව රඳවා ගත් මුහුණින්ය.ඔහු කෙලින්ම ගියේ උ.පො පරීක්ෂකවරයා සිටින ස්ථානයටයි.

” මාලක තමුසෙ ආවද මොකද වුනේ ගිය වැඩේ” උ.පො පරීක්ෂකවරයා ඔහු දුටුවිගස තම අසුනින් නැගිට ඇසුවේය.

” ඔන්න සර් වැඩේ කිරි ගහට ඇන්න වගේ දුන්නා , අපිට ඕන කරන දේවල් ඔක්කොම ටික හොයාගත්තා ”

” වෙරි ගුඩ් මාලක , කොහොමද උඹ වැඩේ කරේ”උ.පො පරීක්ෂකවරයාගේ ඉහේ මලක් පිපුනා වැනිය.

” සර් මම මුලින්ම ඒරියා එකේ ගෙවල් හත අටකට ගියා ඊට පස්සෙ තමයි මම අජිත්ගෙ ගෙදරට ගියේ මගේ වෙලාව කියන්නෙ සර් ඌ ගෙදර හටියෙ නෑ , ගෑනියි ළමයයි තමයි හිටියේ ”

” උඹ කොහොමද ගේ හොයා ගත්තෙ, මට මුල ඉදල ඔක්කොම ටික කියපන්, ” උ පො පරීක්ෂකවරයා හා කොස්තාපල්වරයා එළියට පැමිණියේය.

 

 

? රශ්මික

 

3 thoughts on “මාරක අඩවිය| 3.කොටස/ පළමුවන දිගහැරුම”

  1. K.K.Damayanthi

    කතාව නියමෙටම ගලා ගෙන යනවා…. good luck…!!
    All the best…!!

    Thawa tikak digata danna kathawa… ????????

    ??kanchana??

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.