Katha Ahura

මාරක අඩවිය| 3.කොටස/ හත්වන දිගහැරුම | රහස් පරීක්ශක කතා

4.8/5 - (29 votes)

__මාරක අඩවිය__?

3.කොටස/ හත්වන දිගහැරුම

 

 

පසුදා උදා විය. උ.පො පරීක්ෂකවරයා එදින උදෑසන සිටම තම කාමරයට වැදී යම් සැලසුමකට අර අදින්නට විය. කාලය සෙමින් ගෙවී ගියේ රාත්‍රිය උදා කරමිනි. රාත්‍රී අටට අසන්නවත්ම දුරකථනය නාදවන්නට විය

ට්‍රීං …ට්‍රී…

” හෙලෝ ”

” හා මහත්තයා දැන් වැඩේට ලෑස්තිද ?”

” මම ලෑස්තියි “උ.පො පරීක්ෂකවරයා සන්සුන්ව පැවසුවේය.

” හ්ම්….හරියටම මම කියපු වේලාවට , තැනට එනවා හැබැයි තනියම.මගෙ කොල්ලො ටික එතන වෙලාවට ඉන්නවා, තමුසෙට තියෙන්නෙ සල්ලි ටික දීලා කෙල්ලව අරන් යන්න හරිද?”

“හරි ” උ.පො පරීක්ෂකවරයාගේ හදවත ගැහෙන්නට විය තමා කරන්න යන දේ බැරෑරුම් කම සිතට දැනුනි.

” මම කොහොම හරි කෙල්ලව බේරගන්නවා” ඔහු තමාටම සිතා ගන්නට විය.

රාත්‍රී දහයයි තිහ ලෙස ඔරලෝසුවේ සඳහන් වනවාත් සමඟම ඔහු යතුරු පැදියට නැගී දික්හේන හන්දිය බලා පිටත් විය.රාත්‍රී එකොලහ අාසන්නවත්ම ඔහුට ඇමතුමක් පැමිණියේය.

” හලෝ”

” හලෝ තමුසෙ කොහෙද ඉන්නෙ ”

” මම ඉන්න තැන උඹට වැඩක්නෑ. කෙල්ලවත් අරන් වෑන් එකෙන් බැහැලා වරෙන්.” උ.පො පරීක්ෂකවරයා හන්දියේ පිහිටා ඇති අලුතින් හදන ගොඩනැගිල්ල තුලට වී බලා සිටින්නට විය . ඔහුගේ නෙත ගැටුනේ මුහුණ ආවරණය කර ඇස් දෙක පමණක් විවෘත වන පරිදි පැමිනි පුද්ගලයෙකි ඔහුගේ එක් අතක රිවෝලරයක් හා අනෙක් අතේ ජංගම දුරකථනයක් විය. ඔහුට වම් පැත්තෙන් තරුණියක් සිටි අතර , අනෙක් පුද්ගලයාගේ අතෙහි වූ රිවෝලරය ඇයගේ හිසට තබා සිටින්නට විය.

” කොහෙද යකෝ උඹ අපිත් එක්ක සෙල්ලම් කරන්නද යන්නෙ”

” ඔහොමම ඉස්සරහට වරෙන්  බලපන් ඔය පාරේ අයිනෙ තියෙනවා නේද බැරල් එකක් එතනට වරෙන්” උ.පො පරීක්ෂකවරයා පැවසූ පරිදි ඔහු ක්‍රියා කලේය.

“හරි පුතා දැන් ඔය කෙල්ලගෙ ඇස් දෙක බැදලා තියෙන රෙදි පටිය ලිහපන්”උ.පො පරීක්ෂකවරයා පැසූ පරිදි  ඔහු  බැමි ලිහන්නට විය.

“හරි දැන් ඔය බැරල් එකේ තියෙනවා බෑග් එකක් ඒකෙ තියෙනවා සල්ලි අරගෙන බලපන්”

ඔහු මුදල් දමා තිබූ බෑගය විවෘත කර බලා එය අතට ගෙන තමා පැමිණි වෑන් රථයට ගොඩ වී එම ස්ථානයෙන් පිටවිය.

ඔවුන් පිටවී ගිය පසු උ.පො පරීක්ෂකවරයා තරුණිය සිටි ස්ථානයට ගියේය.

” ඔයාට කරදරයක් නෑනේ” උ.පො පරීක්ෂකවරයා ඇයගෙන් ඇසීය.

” ඔයා කවුද?”

” මම එස්.අයි සංජීව නාගහතැන්න පොලිස් ස්ටේෂන් එකෙන්, අපි මෙතන වැඩි වෙලාවක් ඉන්න හොද නෑ ඉක්මනට යන්”

උ.පො පරීක්ෂකවරයා තම යතුරු පැදියට නැගී එය පනගැන්වීය.

” නගින්න බයික් එකට”

ඇය යතුරු පැදියට නැගී උ.පො පරීක්ෂකවරයා බඳ වටේ අත් දෙක යවමින් ඔහුව බදා ගන්නට විය.උ.පො පරීක්ෂකවරයාගේ ඇස් ඉබේම පැති කණ්නාඩිය වෙත ගියේය.ඇය සැබැවින්ම රූමත් තරුනියකි ඔහුට තව පාරක් ඇය දිහා බැලීමට සිතුනත් ඔහු එය නොකලේ ඇයට වෙනසක් දැනෙයි යන හේතුව නිසාය.

උ.පො පරීක්ෂකවරයා උපරිම වේගයෙන් යතුරු පැදිය පදවන්නට වූ අතර ඇය ගැහෙන හදවතින්  ඔහුව තවත් තදින් බදා ගන්නට විය.රාත්‍රී දොලහට ආසන්නව තිබියදී උ.පො පරීක්ෂකවරයා ඇයත් සමඟ තම නිවසට පැමිණියේය.

උ.පො පරීක්ෂකවරයා නිවසට පැමිණ දොරට තට්ටු කල අතර ඔහුගේ මව පැමිණ දොර විවෘත කරන්නට විය.ඇය දුටුවේ තම පුතුගේ අතින් අල්ලන් සිටින හුරුබුහුටි ගැහැනු ළමයෙකි.

” එන්න ඇතුලට ඇවිල්ල වාඩි වෙන්න” ඇය පැමිණ නිවසේ සෝපාවෙන් වාඩි විය. තාමත් ඇය සිටියේ බියට පත් මුහුණකින් දුටු උ.පො පරීක්ෂකවරයා ඇය අසලට ගියේය.

” ඔයා තාම ඉන්නෙ බයවෙලද ළමයො?”

“අයියෙ  මගේ අම්මා ‍කොහෙද?”

” මිස්ගෙ අම්මා දැන් ඉන්නෙ එයාගෙ ගමේ බය වෙන්න එපා අම්මා හොඳින් , ආ මගෙ ෆෝන් එකෙන් අම්මට කෝල් එකක් ගන්න කියන්න ඔයා හොදින් ඉන්නෙ .හෙට එනවා කියලා” උ.පො පරීක්ෂකවරයා එසේ පවසා ඇයගේ අතට තමාගේ ජංගම දුරකථනය දී තම මව දෙස බලන්නට විය ඇයට තාමත් වෙන දේවල් හිතා ගන්නට නොහැකි තත්වයක සිටියාය.

” අම්මෙ පොඩ්ඩක් මෙහෙට එන්න……”

ඔහු තම මවට සියලුම දේ පවසන්නට වූයේ ඇයගේ සැකය දුරු කිරීමටය.

” මම මේ බැලුවෙත් ඒක තමයි නැත්නම් ඔයා අඩුම තරමෙ කෙල්ලෙක්ගෙ දිහාවත් බලන මනුස්සයෙක්ද?”

” අම්මෙ මේ ළමයට අදින්න දෙන්න ඇදුමක්වත් නැත්ද , මේච්චර දවසක් හිර කරගෙන ඉදලා  නාන්න අදින්නවත් නැතුව ඇති”

“ඔහොම ඉන්න පුතේ කොළඹ නංගි ආපු වෙලාවෙ එයාගෙ ඇදුමක් දාලා ගිහින් තිබුනා ඒක මම හෝදලා තිව්වා ඒක මේ දරුවට ඇතිවෙයි, ඒක නෙවෙයි මේ  දරුවට මේ ටිකේ කෑමක්වත් නැතුව බඩගින්නෙ ඇත්තෙ මම ඉක්මනට මොනවා මරි හදලා ගන්නම්.

“අයියට බොහොම ස්තූතියි මම අම්මට කතා කලා.අම්මා මට හැමදේම කිව්වා ” ඇය ජංගම දුරකථනය උ.පො පරීක්ෂකවරයා අතට දෙමින් පැවසුවාය

“ඕක මොකක්ද මිස් , මිස් වොෂ් එකක් දාගනන් එහෙනම්.ආ මෙන්න ඇදුමක් ඔය කුස්සියට මෙහා තියෙන්නෙ වොශ් රූම් එක”

උ.පො පරීක්ෂකවරයාගේ මව කෑම සූදානම් කොට මෙිසයට ගෙනවිත් තැබුවාය.

” කෝ පුතේ අර ළමයා ”

“එයා වොශ් එකක් දාගන්න ගියා ”

” හරිම සීදේවි කෙල්ල පුතේ .මූණ දැක්කහම කියන්න පුළුවන්”

තම මව පැවසූ දෙයට ඔහු යාන්තමින් සිනාසිය.

“මගේ කාමරේ අනිත් ඇඳ ලෑස්ති කරල තියන්නම් ඒ දරුවට කාලා එන්න කියන්න කාමරේට”

” හරි අම්මෙ”

පැය භාගයකටත් වැඩි වේලාවක් නාන කාමරයේ ගත කොට ඇය එලියට පැමිණියේ තෙත් වූ තම කොණ්ඩය පිහිදමින්ය.

” අයියට වොශ් එකක් දාන්නත් පරක්කු වෙන්නැති මන් හින්දා”

ඇයගේ හිතේ මුලින් තිබූ බිය කෙමෙන් පහව ගොස් තිබුනේය.උ.පො පරීක්ෂකවරයාටද ඒ ගැන යම් සතුටක් ඇති විය.

“අා ඒකට කමක් නෑ මිස් , මේසේ කෑම ඇති බෙදාගෙන කන්න ඇති තරම්”

“කමක් නෑ අයියේ මට බඩගිනි නෑ අපි දෙන්නම එකට කමු”

ඇය සිනාසී පැවසූ දෙය තුල යමක් සැඟවී ඇති බව උ.පො පරීක්ෂකවරයාට දැනුනි. පසුව ඔවුන් දෙදෙනාම එකට කෑම ගෙන අවසන් විය

” මිස් මේ කාමරේ ඇදන් දෙකක් තියෙනවා, අම්මත් ඉන්නවා.මිස්ට අනිත් ඇඳ ලෑස්තියි මොනව හරි ඕනනම් අම්මට කතා කරන්න ”

උ.පො පරීක්ෂකවරයා එසේ පවසා කාමරයෙන් එලියට යාමට සැරසෙත්ම

“ගුඩ් නයිට් අයියේ” ඇය හුරතල් බසින් පවසත්ම උ.පො පරීක්ෂකවරයාද ඊට ප්‍රතිචාර දක්වා තම යහන වෙත ගියේය

 

? R.J

 

6 thoughts on “මාරක අඩවිය| 3.කොටස/ හත්වන දිගහැරුම | රහස් පරීක්ශක කතා”

  1. K.K.Damayanthi

    ආ… උ.පො.පරීක්ෂකට එහෙනම් කෙල්ලෙකුත් හරියයි වගේ…

    කතාව නියමෙට තියෙනව…. මන් හිතුවෙ අරුන් ටිකව අල්ල ගනියි කියලා කෙල්ලව අරන් ආවම…
    තව ටිකක් දිගට ලියන්න

    1
  2. Of course .matath hithune ekama thama…kathawa lassanai…tawa tikak digata danna hode..mn hamadama kiywnwa.❤️❤️❤️❤️❤️❤️

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.