Katha Ahura

මාරක අඩවිය|2.කොටස/හත්වන දිගහැරුම

5/5 - (1 vote)

__මාරක අඩවිය__
2.කොටස / හත්වන දිගහැරුම

උ.පො පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයා පොලිස් මූලස්ථානය අසල ඇති හෝටලය වෙත ගමන් කලේ දහවල් ආහාරය ගැනීම සඳහාය.
” ඉතින් සර් තාම මට කිව්වෙ නෑනේ අර කතාව” කොස්තාපල්වරයා උ.පො පරීක්ෂකවරයා වෙත බලා පවසන්නට විය.
” ඔහොම හිටපන් මම කන ගමන් කියන්නම්” ඔහු පැවසුවේය
” සර්ලට මොනවද?” වේටර් වරයෙක් ඔවුන් දෙදෙනා සිටි තැනට පැමිණ ඇසුවේය.
” මල්ලි අපිට රයිස් දෙකක් ගේන්න “උ .පො පරීක්ෂකවරයා වේටර්වරයාට පැවසීය.
” මෙන්න මේකයි උනේ” උ.පො පරීක්ෂකවරයා තමාට තැඹිලි වෙළෙන්ඳා පැවසූ දෙය කොස්තාපල්වරයා ඉදිරියේ පැවසුවේය.
” ඔන්න ඔය ටික තමයි මිනිහ මට කිව්වෙ ”
” එහෙනම් මේ වැඩේට ඇමතියගෙත් සම්බන්ධයක් තියෙනවද සර්” මාලක පැවසීය.
” ඒකනම් හරියට කියන්න බෑ , මොකද මේ වැඩේට අජිත් කියන මිනිහගෙ සම්බන්ධයක් තියෙනවද කියල අපි තාම හොයා ගත්තෙ නෑනේ” උ.පො පරීක්ෂකවරයා පැවසීය.
” එහෙනම් මගේ වැඩේ පටන් ගන්නද සර්”
මාලක තම රාජකාරියට ඇතුලත් වීමට උ.පො පරීක්ෂකවරයාගෙන් අවසර ඉල්ලීය.
” ඔව් උඹ හෙටම වැඩේට බැහැපන් හැබැයි එක දෙයක් කලබල වෙලා මේ වැඩේ අවුල් කර ගන්න එපා හරි, මොකද සමරනායක මහත්තයයි, දුවයි අපේ රත්නායකයි තුන් දෙනාම ඉන්නෙ උන් ලඟ අපි උන් ගැන හොයනව කියල දැනගත්තොත් ඒ අයට කරදරයක් කරන්න පුළුවන්”
” හරි සර් මම ෂේපට වැඩේ කරන්නම් , මම මොකක්ද සර් මුලින්ම කරන්න ඕන?”
” උඹ අජියා ගැන හොයපන් පවුලේ අය ගැන, යන එන තැන් , මිනිහට අන්ඩර්වල්ඩ් එකත් එක්ක තියෙන කනෙක්ෂන්ස් මේ ඔක්කොම හොයා ගනින්”
” හරි සර් මම තිතට වැඩේ දෙන්නම් ”
” උඹට මම දවස් දෙකක් දෙන්නම් ඔය දේවල් ටික ඉක්මනට හොයා ගනින් , හෙටයි අනිද්දයි නිවාඩු දාපන් මම සර්ට කියන්නම්”
ඔවුන් කතාව අතරතුරම කෑම ගෙන අවසන් වී තිබුනු අතර බිල ගෙවා එතනින් පිටත් වුනි.

එදින තම රාජකාරිය අවසන් උ.පො පරීක්ෂකවරයා තම යතුරු පැදියට නැගී තම නිවස බලා පිටත් විය.
ඔහු නිවසට පැමිණෙන විට රාත්‍රී නවය පසුවී තිබුනි.උ.පො පරීක්ෂකවරයාගේ මව ඔහු එනතුරු මඟ බලා සිටියේ තරමක බියක් රැඳි මුහුණුවරකින්ය.
” ඇයි අම්මා බය වෙලා වගේ ඉන්නෙ?”
ඔහු තම මවගෙන් ඇසීය.
” මම බැලුවේ පුතා පරක්කු ඇයි කියල”
උ.පො පරීක්ෂකවරයා ඇයට මඳ සිනහවක් පාමින් තම කාමරයට යාමට සැරසුණි
” පුතාට අද ‍කෝල් එකක් ආවා කතා කරපු කෙනා නම කිව්වෙ නෑ ”
” මොනවද අම්මෙ කිව්වෙ?” උ.පො පරීක්ෂකවරයා ඇසුවේ දැඩි කුතුහලයෙනි.
” රෑ දහයට අනිවාරෙන් ගන්නව කිව්වා, පුතා නාගෙන එන්න මම කෑම ටික මේසෙට ගෙනල්ල තියන්නම්”
උ.පො පරීක්ෂකවරයා නාගෙන අවසන් වන විට දහයට ආසන්නව තිබුනි.රාත්‍රී ආහාරයත් නොගෙන ඔහු බලා සිටියේ තමාට ඇමතුම ලැබෙන තුරුය.

ට්‍රීං … ට්‍රීං …ට්‍රීං දුරකථනය නාද වත්ම ක්ෂනිකයෙන් උ.පො පරීක්ෂකවරයා රිසිවරය අතට ගත්තේය
” හලෝ .. S.I සංජීව හියර්” ඔහු රිසිවරය ගත් විගස පවසන්නට විය.
” හා ඉතින් කොහොමද S.I මහත්තයා හොදින් ඉන්නවද?” දුරකථනය කෙලවරින් ඇසෙන්නට විය
” කියන්න තරම් වරදක් නෑ , කවුද මේ මහත්තයා”
” මම කවුද කියන එකෙන් තොට වැඩක් නෑ ප#යෝ .එකක් මතක තියා ගනින් අපේ වැඩ වලට කොකා දාන්න හදන්න එපා රයිට් ”
දුරකථනකරුවා පැවසූ දෙයින් උ.පො පරීක්ෂකවරයාට යකා නගින්නට විය
” තෝ මොන හු#@ගේ පුතෙක් උනත් මට වැඩක් නෑ .දැන ගනින් තෝ හැප්පෙන්න යන්නෙ වැරදි මිනිහත් එක්ක කියල”ඔහු කෝපයෙන් යුතුව පැවසීය
” හ් ..හ් හ්.. ඇයි උඹ මහ ලොකු මිනිහෙක්ද ආ , එකක් මතක තියා ගනින් උඹ මගේ ඒරීයා එකට අඩිය තියන්න හිතන්නවත් එපා මොකද මේක මාරක අඩවියක් හරිද. කැමති නම් වරෙන් ප්‍රශ්නෙ තියෙන්නෙ ආවොත් උඹට ගෙනියන්න වෙන්නෙ සමරනායකයගෙයි, දුවගෙයි උඹලගෙ පී.සී කාරයගෙයි මීනි තුන තමයි උඹට මම කියන දේ තේරුනාද?” දුරකථනකරුවා පැවසූ දෙයින් උ.පො පරීක්ෂකවරයාගේ ලේ කුපිත විය.
” එහෙමද ? තෝ එහෙනම් මේකත් හොඳට මතක තියා ගනින් ඔය තුන් දෙනාගෙන් එක්කෙනෙක්ගෙ හරි එක මයිල් ගහකට වත් මොනව හරි කරල තිබුනොත් ඒකට වන්දි ගෙවන්න වෙන්නෙ තොගේ පවුලේ අයට කියල” උ.පො පරීක්ෂකවරයා පැවසූ දෙයින් ඔහුගේ හිතේ තරමක තැතිගැන්මක් හට ගත්තේය
” හරි S.I මහත්තයෝ උඹ වරෙන්කො එහෙනම් , මම බලාගෙන ඉන්නවා”
” හිටපන් මම වෙලාව ආවහම තොපි ඔක්කොම ළඟට එනවා”
උ.පො පරීක්ෂකවරයා එසේ පවසා රිසිවරය තැබුවේය.නමුත් මෙම සංවාදය පටිගත කිරීමට ඔහු අමතක නොකලේය.
ඔහු වටපිට බැලුවේ තම මව අසල ඇතැයි සිතමිනි

? රශ්මික

8 thoughts on “මාරක අඩවිය|2.කොටස/හත්වන දිගහැරුම”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.