Katha Ahura

මාරක අඩවිය|3.කොටස/අටවන දිගහැරුම

4.5/5 - (10 votes)

__ මාරක අඩවිය__?

3.කොටස/ අටවන දිගහැරුම

 

උදෑසන අවදි වූ උ.පො පරීක්ෂකවරයා ඇද පැලද ගෙන ලෑස්ති වී සිටුනු ඔහුගේ මව දුටුවාය.

” පුතා උදේම කොහෙද යන්නෙ ”

“මම පොල්ස් ස්ටේෂන් එකට යනවා අම්මෙ වැඩි වෙලාවක් ඉන්නෙ නෑ .අම්මා ලෑස්ති වෙලා ඉන්න අද අක්කලගෙ ගෙදර යන්න”

” අනේ දරුවෝ කොච්චර දවසක් ඉන්න ඕනද?”

” වැඩි දවසක් නෑ සති දෙකක් වගේ මම රාජකාරී වැඩකට ටික දවසකට දුර  පලාතකට යනවා අම්මා තනියෙන් ඉන්න එපා, මම ආපු ගමන් අම්මව එක්කන් යන්න එනවා”

” අර දරුවා තාම නිදි පවු” තම මව පැවසූ දෙයට උ.පො පරීක්ෂකවරයා මද සිනහවක් පෑවේය.

“ඒ දරුවට මොකද කරන්නෙ?”

” මම එයාව අද අරන් ගිහින් එයාගෙ අම්මට බාර දෙනවා, අම්මා ලෑස්ති වෙලා ඉන්න මම යන ගමන් අම්මව බස් එකට දාලා යන්නම්”

ඔහු එසේ පවසා පොලිස් මූලස්ථානයට  පිටත් වූ අතර නැවත ඔහු නිවසට පැමිණියේ පැය තුනක පමණ කාලයකට පසුවය.ඔහු පැමිණෙන විට සමරනායක මහතාගේ දුව නිවසේ ආලින්දයට වී සිටි අතර උ.පො පරීක්ෂකවරයා දුටු ඇය ඔහුගේ අසළට ගියේය.

” මිස් උදේට කෑවද?” උ.පො පරීක්ෂකවරයා සිනහ මුසු මුහුණින් ඔහුගෙන් ඇසුවේය

“ඔව් අයියේ , අයියා කොහෙද උදෙන්ම ගියේ”

“මම පොඩි වැඩකට එලියට ගියා , ඔයා ලෑස්ති වෙලා ඉන්නවද මිස් මම ඉක්මනට අම්මව බස් එකට දාලා එන්නම්”

” ආන්ටි කොහෙද යන්නෙ” ඇය උ.පො පරීක්ෂකවරයාගේ මව දෙස බලා ඇසීය.

“මම යනවා දරුවෝ දූලගෙ ගෙදර , දුව පරිස්සමෙන් ඉන්න පුතා මාව දාලා ඉක්මනට එයි “ඇය උ.පො පරීක්ෂකවරයාගේ මවට දණ ගසා වදින්නට විය.

“බුදු සරණයි දරුවො” යැයි පවසා ඇයගේ හිස සිඹින්නට විය.

……………………

උ.පො පරීක්ෂකවරයා නැවත පැමිණෙන විට ඇය ලෑස්ති වී සිටියාය.

“හරි මිස් අපි යමු එහෙනම් ” ඔහු තම නිවසේ දොරවල් වසා දමා තමාගේ රෙදි බෑගයද ගෙන සමරනායක මහතාගේ දුවව ඔහුගේ බිරිදගේ නිවසට රැගෙන යන්නට විය.නිවසටගොඩ වනවාත් සමගම සමරනායක මහතාගේ බිරිද සහ ඇයගේ මව පැමිණ තම දුවව බදාගන්නට විය.

” ඔයා හොදින් නේද දරුවෝ උන් ඔයාට කරදර කලාද”?

“නෑ අම්මි මට කිසිම කරදරයක් උනේ නෑ අම්මි හොදින් නේද?”

ඔව් දුව මම හොදින් ඉන්නවා මම බයේ හිටියේ උන් ඔයාටයි තාත්තිටයි කරදරයක් කරයි කියලා. අපි තාත්තිව කොහොම හරි බේරගමු”

“කවුද අම්මෙ මේ අයියා, ”

“ඒ අයියා පොලීසියේ එයාගෙ නම සංජීව”

“මාව බේරගන්න අම්මිගෙන් උන් ලක්ෂ විස්සක් ගත්තා නේද ?”තම දියණිය ඇසූ ප්‍රශ්නයට ඇය එකපාරටම ගොළු විය.ඇය කෙලින්ම බැලුවේ උ.පො පරීක්ෂකවරයා දෙසය

” දුව දැන් ගෙට යන්න ආච්චිත් එක්ක” දියණියව ගෙතුලට පිටත් කර ඇය උ.පො පරීක්ෂකවරයා අසලට පැමිණියාය.

“මම දන්නවා මිස් අහන්න යන දේ ලක්ෂ විස්සනෙ”

“ඔව් ඔයා කොහොමද එකපාරටම එච්චර ගානක් හොයාගත්තෙ”

“මට ඒ වෙලාවෙ ගන්න වෙන ඔප්ෂන් එකක් තිබුනෙ නෑ මිසිස් සමරනායක මම මගේ කාර් එක විකුණුවා මගේ යාලුවෙක් එදාම හවස වැඩේ කරල දුන්නා”

“ඔයා අපිට කරේ කවුරුවත් කරන්නැති උදව්වක්”

“කමක් නෑ මිස් මම යනවා එහෙනම් ”

“කොහෙද ඔය බෑග් එකකුත් අරන් යන්නෙ

උ.පො පරීක්ෂකවරයා  සියලුම විස්තරය ඇයට පැවසීය.

“දෙයියනේ ඒ කියන්නෙ අපේ දුව හින්දා ඔයාගෙ ජොබ් එකත් නැති උනාද?”

“නෑ මිස් ඒක ටික දවසකට විතරයි.මම යනවා එහෙනම්”

“දැන් ඔයා කොහෙද යන්නෙ”

“මගේ යාලුවෙක්ගෙ ගෙදර”

ඔවුන් දෙදෙනා කතා කරමින් සිටි තැනට සමරනායක මහත්මියගේ දියනිය හා මව පැමිණියාය.

ඇය තම දියනියට හා මවට සියල්ල  පැවසුවාය.

“අනේ දරුවෝ ඔයාගෙ වාහනෙ විකුනලද මගේ කෙල්ලව බේරගත්තෙ” ඇයගේ මව උ.පො පරීක්ෂකවරයා දෙස කරුණාවන්ත ලෙස බලා ඇසීය

“කමක් නෑ අම්මෙ වාහනෙ වගේද කෙනෙක්ගෙ ජීවිතය, මම යනවා එහෙනම්” උ.පො පරීක්ෂකවරයා යාමට සැරසෙත්ම සමරනායක මහත්මයාගේ දියනිය තම දෑතින්ම ඔහුගේ අතක් අල්ලා යන ගමන නතර කලාය.

“අයියා කොහෙවත්ම යන්නෙ නෑ .ඔයා අපිත් එක්ක මෙහෙ ඉන්න”

“අනේ බෑ මිස් මට බෑ මිස්ලට කරදර කරන්න”

උ.පො පරීක්ෂකවරයාට තවත් දෙයක් පැවසීමට ඇය ඉඩ නොතැබීය.

“මේ එස්.අයි සංජීව ඔයා වැඩ කරන්න ඕන දැන් මම කියන විදිහට අද ඉදන් මෙහෙ” කෙල්ල පැවසූ දෙයට හැමෝටම හිනා යන්නට විය. පසුව

තුන් දෙනාගේම කැමැත්ත පරිදි උ.පො පරීක්ෂකවරයා එම නිවසේ නතර වීමට තීරණය කලේය.

………….

 

(මම මුලදි කිව්වා වගේ පොඩි ලව් ස්ටෝරියකුත් යනවා හැබැයි හොදම ටික ඉස්සරහට හරිද?”)

? R.J

 

5 thoughts on “මාරක අඩවිය|3.කොටස/අටවන දිගහැරුම”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.