Katha Ahura

මාරක අඩවිය|3.කොටස/නමවැනි දිගහැරුම

5/5 - (2 votes)

__ මාරක  අඩවිය__?

3.කොටස/ නව වන දිගහැරුම

 

එදින රාත්‍රී ආහාරය ගෙන උ.පො පරීක්ෂකවරයා  මිදුලේ කෙලවරට වන්නට තිබූ ගල් බංකුව මතට වී කල්පනාවක නියැලී සිටින්නට විය. සුළු වෙලාවකින් එම නිහඬතාවය බිද හෙලමින් සමරනායක මහත්මයාගේ දුව පැමිණියේය.

” මොකද බර කල්පනාවක වගේ.ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මතක් උනාද ” ඇය උ.පො පරීක්ෂකවරයාගේ අසලින් වාඩි වෙන අතරතුර ඇසීය

” මතක් වෙන්න ඉන්න එපැ මිස්, ඒක නෙවෙයි මම මිස් එක්ක කතා කරන්න කියලා හිටියෙ පොඩ්ඩක්”

”  අහන්න, හැබැයි ඊට කලින් ඔය මිස් කෑල්ල අයින් කර ගන්න මම ෂෙහානි, ආදරේට කියන්නෙ සුදූ කියලා” ඇයගේ හිනාව හා කතාව උ.පො පරීක්ෂකවරයාගේ සිත තුලට නව ජීවයක් එක් කලේය.

“හරි මම ඔයාට කොහොමද කතා කරන්න ඕන” උ.පො පරීක්ෂකවරයා ඇයගෙන් ඇසුවාය.

” සුදූ කියලා කතා කරන්න, මම ආසයි ඒකට ”  උ.පො පරීක්ෂකවරයාට නොදැනිම ඇය ඔහුට ලංවිය.

” හරි දැන් සුදූ මට කියන්න බලන්න ඔයාට එදා රෑ ආපු එවුන්ගෙ හැඩරුව වත් මතක නැද්ද?”

” අනේ නෑ අයියා මම ඒ වෙලාවෙ පුදුම බයකින් හිටියෙ”

“උන් ඔයාවයි තාත්තවයි අරන් ගිහින් තිව්වෙ මොන වගේ තැනකද, ඔයාට ඇහුන දේවල් ඔක්කොම මට කියන්න”

“උන් අපිව අරන් ගියේ ඇස් බැදලා , වෑන් එකට දා ගත්තට පස්සෙ උන් මගේ ඇස් බැන්දා පස්සෙ කොහෙටද මන්දා අරන් ගියා” උ.පො පරීක්ෂකවරයා ඇයගේ කියමන හොදින් අසා සිටින්නට විය.

” ඔයාට හිතෙන විදිහට ඔයාලා හිටියෙ වැඩිය සද්දයක් බද්දයක් නැති තැනකද?”

” ඔව් මට එතන කිසිම සද්දයක් නම් ඇහුනේ නෑ. හැබැයි ඉදලා හිටලා වගේ කාර් එකක, බයික් එකක සද්දයක් නම් ආවා”

” සුදූ, ඔයාට හිතන්න බැරිද ඔයාලා හිටියෙ ගෙදරකද නැත්නම් වෙන කොහේ හරි තැනකද කියලා” උ.පො පරීක්ෂකවරයා දිගින් දිගටම ඇයගෙන් ප්‍රශ්න කරන්නට විය.

” මට හිතෙන්නෙ අයියෙ ගෙදරක නෙවෙයි එතන හරිම පාළු තැනක් වගේ ඒක ෂුවර් මොකද පාන්දරට කුරුල්ලන්ගෙ සද්දෙ වැඩියෙන්ම ඇහෙනවා”

” එතනට ගියාට පස්සෙ ඔයා තාත්තා එක්ක කතා කලේම නැද්ද?”

” නැහැ උන් අපේ ඇස් දෙකයි, කටයි බැදලා තිබුනේ , ඒක නෙමෙයි ඔයා දැන් පොලිසියෙන් රිසයින් උනා නේද” ඇය උ.පො පරීක්ෂකවරයා දෙස එක එල්ලෙ බලා ඇසීය.

“ආ ඔව් ඇයි ඔයා එහෙම ඇහුවෙ”

” නෑ, අයින් උනා නම් දැන් ඔයා මේ ප්‍රශ්නෙ මගෙන් අහන එකෙන් තේරුමක් නෑනේ අයියා”

” ඒ වුනාට සුදූ අපි තාම ඔයාගෙ තාත්තව හොයා ගත්තෙ නෑනේ , අනික මම පොලිසියෙන් අයින් වුනාට මට යුතුකමක් තියෙනවා මේ ප්‍රශ්නෙදි එයාලට උදව් කරන්න” උ.පො පරීක්ෂකවරයා ඇයට පැහැදිලි කර දීමක් කර දුන්නේය.

” මේ අහන්න සංජීව අයියේ ඔයා ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙනවට මම කැමති නෑ .ඒක පොලිසිය බලා ගනියි, අනික උන් මහ නපුරු මිනිස්සු”

” මේ අහන්න පැටියෝ මම ඔයිට වැඩිය නපුරු කට්ටියත් එක්ක හැප්පිලා තියෙනවා” උ.පො පරීක්ෂකවරයා එය පැවසුවේ යාන්තමට සිනහවක් නංවගෙනය.

” ආ ඇත්තද පණ්ඩිතයා , මේ මීට පස්සෙ අඩියක් තියන්නෙ එහෙම නෑ මගෙන් අහන්නෙ නැතුව, තේරුනාද?”  ඇය මොහොතින් මොහොත උ.පො පරීක්ෂකවරයාට ලංවෙන්නට විය.

” එහෙමයි, තුමියනි”

උ.පො පරීක්ෂකවරයාගේ ඒ වදනට ඇයගේ මුවට ආවේ විශාල සිනහවක්.

” අනේ පිස්සා, මේ දැන් ගෙට යමු රෑ වුනා ” ඇය එසේ පවසා උ.පො පරීක්ෂකවරයාගේ අතින් අල්ලාගෙන ඔහු සමඟ නිවස තුලට ගමන් කලාය.

 

( හෙට තමයි අවසාන කොටස පටන් ගන්නෙ)

?  R.J

2 thoughts on “මාරක අඩවිය|3.කොටස/නමවැනි දිගහැරුම”

  1. K.K.Damayanthi

    කතාව නම් සුපර් …………….බ්……..

    කතාව ආසාවෙන් කියවන්නෙ……. ටිකක් දිගට දාන්නකෝ………..

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.