Katha Ahura

මාරක අඩවිය|3.කොටස/පස්වන දිගහැරුම | රහස් පරීක්ශක කතා

5/5 - (1 vote)

__මාරක අඩවිය__?

3.කොටස/ පස්වන දිගහැරුම

 

උ.පො පරීක්ෂකවරයා එදින සවස සමරනායක මහත්තාගේ බිරිඳව මුණගැසීම සඳහා පිටත් විය.ඔහු තම යතුරුපැදිය මිදුලෙන් නවතා නිවසේ ආලින්දයට ගොඩවත්ම ඇය පැමිණියේය.

” සංජීව එන්න ඇතුලට ,මොකද හදිස්සියෙම?”

” මිස් පොඩ්ඩක් එලියට එනවද වැදගත් දෙයක් කියන්න තියෙනවා” උ.පො පරීක්ෂකවරයා ඇය සමඟ මිදුලට පැමිණියේය .

පසුව උ.පො පරීක්ෂකවරයා සියල්ල ඇයට පැවසුවේය.

” කරන්න දෙයක් නෑ සංජීව මේ වෙලාවෙ සල්ලිත් ළඟ නෑ.ඊටත් වැඩිය මට කෙල්ලගෙ ජීවිතය වටිනවා.ගෙදර ඔප්පුව හරි තියලා සල්ලි ටික ගමු”

“ඒත් මිස් මේ ඉක්මනට කෙනෙක් හොයා ගන්න පුළුවන්ද  වෙයිද? අනිත් එක හෙට වෙනකොට සල්ලිත් ඕන වෙයි”

“අපි මොකද සංජීව කරන්නෙ, දැන් අපිට ගන්න වෙන ඔප්ෂන් එකක්වත් නැද්ද?”

” එහෙම කරන්න කියලා වෙන දෙයක් ඉතුරු වෙලා නෑ මිස් මම යනවා එහෙනම් හැබැයි මම කෙල්ලව කොහොම හරි බේරගන්නවා”

” මහත්තයා හිටියනම් බැංකුවෙන් වත් ගන්න තිබුනා. එදා උන් අපේ ළඟ තිබුන සල්ලිත් අරන් ගියානේ” ඇය පැවසුවාය.

” ඩෝන්ට් වොරි මිස් , මම සල්ලි ටික හොයා ගන්නම්” උ.පො පරීක්ෂකවරයා එසේ පවසා එම ස්ථානයෙන් පිටත් වූයේ වෙනත් අරමුණක් සඳහාය.

………………

එදින වැදගත් කටයුත්තක් සඳහා උ.පො පරීක්ෂකවරයා තම මිතුරෙකු හමුවීමට පිටත් විය.

” අඩෝ සංජීවයා , වරෙන් වරෙන් ගේ ඇතුලට” උ.පො පරීක්ෂකවරයා දුටු විගස ඔහුගේ මිතුරා කරට අත දාගෙන පැවසීය.

” උඹලට දැන් තමයි අපිව මතක් වෙලා තියෙන්නෙ” මිතුරා පැවසීය.

” එහෙම දෙයක් නෑ බන්, මේ දවස් වල තියෙන ප්‍රශ්න වල හැටියට අම්මත් එක්කවත් කතා කරන්න වෙලාවක් නෑ ”

” මේ මට උඹලගෙ අම්මා දවසක් හම්බෙලා කිව්වා උඹට හොඳ කෙල්ලෙක් හොයන්න කියලා ”

” අම්මටත් පිස්සු බන්, මම මේ ප්‍රශ්න විසඳගන්නෙ කොහොමද කියලා බලනවා ” උ.පො පරීක්ෂකවරයා පැවසීය.

” මේ මොකක්ද බන් උඹට ඔය තරමට තියෙන ප්‍රශ්නෙ”

” චමියා මට ලොකු උදව්වක් කරපන්”

” කියපන් කියපන්, උඹට නොකරන උදව් කාටද බන්”

” මට කාර් එක විකුනන්න එකෙක් සෙට් කරලා දියන්කො, හැබැයි හෙට වෙනකොට ඕන” උ.පො පරීක්ෂකවරයා තම මිතුරාට පැවසීය .

” කාර් එක කිව්වෙ උඹේ Wagon R එකද?”

“ඔව් බන් වෙන මොකක්ද?”

” ඉතින් බන් උඹ ඒක අරන් මාස පහක් වත් වුනේ නෑනේ”

” ඒක ඇත්ත බන් ඒත් මට අද හෙටම ලක්ෂ විස්සක් ඕන”

” මේ සංජීවයා මට ඇත්ත කියපන් උඹට මොකටද එච්චර ගානක්, අනිත්එක මේ හෙට වෙනකොට”

“මේකයි මචන්……….” උ.පො පරීක්ෂකවරයා තම මිතුරාට සියල්ල පැවසුවේ කුඩා කල සිටම යාලුවන් සේ ආශ්‍රය කල බැවිනි

” ඒක මාර වැඩක්නෙ බන් උඹ මොකටද මේ කාගෙවත් කෙල්ලෙක්ට ලක්ෂ විස්සක් දෙන්න යන්නෙ” ඒ කතාවට සවන් දුන් මිතුරා පැවසීය.

” එහෙම කියලා හරියන්නෙ නෑ බන් .තව දවසක් හරි කෙල්ලව උන්ගෙ ලඟ තියන එක හොඳ මදි ,”

” අනේ මන්දා බන් උඹටත් හැමදාම ඉල්ලන්  #* ඇ@#&& වැඩ තමයි සෙට් වෙන්නෙ. ඔහොම හිටපන් මම අඳුරන බුවෙක් ඉන්නවා කාර් සේල් එකක් තියෙන කෝල් එකක් දීලා බලමු” යැයි පවසමින් ඔහු තම ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගන්නට විය.සුළු වෙලාවක කතා බහක් ඔවුන් දෙදෙනා අතර විය.

” වැඩේ නම් හරි .මෑන් කිව්වා කාර් එක අරන් එන්න කියලා” තම මිතුරා පැවසූ දෙයට උ.පො පරීක්ෂකවරයාට ඉමහත් සතුටක් ඇති විය.

” තැන්ක් යූ බන් .උඹ ලොකු උදව්වක් කරේ”

” උඹ ඒ කෙල්ල ගැන ඔච්චරටම වඳ වෙන්නෙ ඒකි උඹේ කෑල්ලද?”

” උඹට පිස්සුද බන් මම ඒකිව ඇස් දෙකට වත් දැකලා නෑ”

“හරි හරි දැන් යමන් එහෙනම් වැඩේට” ඔහු එය සිනාවක් පාමීන් පැවසීය

…..  …..

එදින රාත්‍රීයේ උ.පො පරීක්ෂකවරයා  නිවසට පැමිණෙන තුරු ඔහුගේ මව බලා සිටියාය.ඔහු පැමිණියේ චාමරත් සමඟ ඔහුගේ යතුරු පැදියෙන්ය.

” කෝ පුතේ කාර් එක මොකක් හරි කරදරයන් වත් වුනාද?”

” නෑ අම්මේ මේ  මාසෙකට දෙකකට විතර චාමරයට කාර් එක ඉල්ලුවා වෙඩින් ඓකේ වැඩ වලට” උ.පො පරීක්ෂකවරයාට තම මවට බොරුවක් ගෙතීමට සිදු වූවාය.

” ඒක මිසක් , එන්න පුතේ ගෙට” ඇය තාමත් යතුරු පැදියට වී සිටින චාමරට පැවසීය.

” බෑ ඇන්ටි මම දැන් යන්න ඕන පොඩි වැඩ වගයක් තියෙනවා , පස්සෙ වෙලාවක එන්නම්” යැයි පවසා ඔහු පිටත් විය

උ.පො පරීක්ෂකවරයා සියලු කටයුතු හමාර කර බලා සිටියේ පෙර දින මෙන් දුරකථනය ඇමතුම ලැබෙන තුරුය. තත්පර කටුව දහයට පැමිණෙත්ම………

 

 

?  ( හෙට බලමු සංජීවගෙ වැඩ)

?R.J

 

3 thoughts on “මාරක අඩවිය|3.කොටස/පස්වන දිගහැරුම | රහස් පරීක්ශක කතා”

  1. K.K.Damayanthi

    Ammoooo…. ඇත්තටම හෙට මොනවා වෙයිද … කෙල්ල්ව බේර ගනීද… අනේ මන්දා…
    හැබැයි කතාව ලස්සනයි…

    All the best…!

    2

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.