Katha Ahura

මාරක අඩවිය|3.කොටස/හතරවන දිගහැරුම | රහස් පරීක්ශක කතා

5/5 - (1 vote)

___මාරක අඩවිය___?

3.කොටස / හතරවන දිගහැරුම

 

උ.පො පරීක්ෂකවරයා තම යතුරු පැදියට නැගී පවනට බඳු වේගයෙන් පොලිස් මූලස්ථානය කරා ගමන් කරන්නට විය. ඔහුට එම ස්ථානයට යාමට එපමණ වේලාවක් ගත නොවීය. යතුරු පැදියෙන් බැස ගත් ඔහු කෙලින්ම ගියේ ස්ථානාධිපතිවරයාගේ නිල නිවස වෙතයි.

වේලාව රාත්‍රී එකොළහට ආසන්න නිසා ස්ථානාධිපතිවරයා නිල නිවසේ ඇතැයි ඔහු උපකල්පනය කරන්නට විය. ඔහු නතර වූයේ නිල නිවස  ඉදිරිපිටයි.දෙපාරක්ම දොරට තට්ටු කල පසු ස්ථානාධිපතිවරයා දොර විවෘත කලේය” සංජීව මොකද මේ වෙලාවෙ”ස්ථානාධිපතිවරයා ඇසුවේ දෑතින්ම තම දෑස් පිසදමන අතරතුරය.

” සර් මට දැන් අරූ කරා” උ.පො පරීක්ෂකවරයා එය පවසත්ම ස්ථානාධිපතිවරයාගේ නිදිමත ගතිය තුරන් වී ගියේය.

” මොකද කිව්වෙ මෑන් තමුසෙට. එනවකො ඇතුලට”

“සර් මූ මාර කතාවක් කියන්නෙ, සමරනායක මහත්තයයි, දුවයි, අපේ රත්නායකයි තුන් දෙනාම උන් ළඟ ඉන්නවලු , ඌ මට කියනවා පොඩි චාන්ස් එකක් දෙන්නම්ලු ”

” ඒ මොකක්ද?”

” තුන් දෙනාගෙන් එක්කෙනෙක්ව ලක්ෂ  විස්සක් දුන්නොත් දෙනවලු”

“මොනවා ලක්ෂ විස්සක්” ස්ථානාධිපතිවරයා ඒ පැවසූ දෙයින් පුදුමයට පත් විය.

” ඒක තමයි සර් මාත් මේ කල්පනා කරේ, නරකද සර් අපි මේක A.S.P සර්ටත් කිව්වොත්”

” ඔව් මටත් එහෙම හිතෙනවා , මම මේ දැන්ම කෝල් එකක් දීලා සර්ට කියන්නම් , තමුසෙ දැන් පරිස්සමෙන් යනවා හෙට උදේම ස්ටේෂන් එකට එනවා”

” හරි සර් මම යනවා එහෙනම් , මම හෙට උදේම එන්නම් ” උ පො පරීක්ෂකවරයා එසේ පවසා එම ස්ථානයෙන් පිටත් විය.

…………..

පසුදින උදෑසන ස.පො අධිකාරී වසන්ත වික්‍රමසිංහ මහතාත්, පොලිස් ස්ථානාධිපති චන්දන පෙරේරා හා  උ.පො පරීක්ෂක සංජීව ජයවර්ධන යන අය අතර විශේෂ හමුවක් පැවැත්විනි කොස්තාපල් මාලකද ඒ අතර විය.

” සංජීව ඔයාට ෂුවර්ද මූ කියන දේ ඇත්තක් කියලා” ස.පො අධිකාරීවරයා උ.පො පරීක්ෂකවරයා දෙස බලා ඇසීය.

” සර් අපිට මේ කතාව එක පාරටම විශ්වාස කරන්න බෑ , සර් මම මෑන් එක්ක කතා කරපු දේවල් වල රෙකෝඩ් තියෙනවා අහල බලන්න” ඔහු එසේ පවසා තමා අත ඇති පටිගත කිරීමේ යන්ත්‍රය ස.පො අධිකාරීවරයා අත තැබුවේය.ඔහු එය ක්‍රියාත්මක කර එයට හොඳින් සවන් දෙන්නට විය.

” චන්දන  ඔයා මොකද හිතන්නෙ මේ වෙලාවේ” ස.පො අධිකාරීවරයා ඇසුවේ ස්ථානාධිපතිවරයාගෙනි.

” සර් මම නම් කියන්නෙ අපි ලක්ෂ විස්සක් දෙන විදිහට ගිහිල්ල මුන්ව කොටු කර ගමු”

ස්ථානාධිපතිවරයාගේ පිලිතුර එය විය

” සර් මම නම් හිතන්නෙ අපි ඒ දේ කරන එක එච්චර හොඳ මදි මොකද අපි බේරගන්න යන්නෙ එක්කෙනයි හැබැයි අපේ අනිත් දෙන්නම ඉන්නෙ උන් ලඟ, බැරි වෙලාවත් හරි අපේ වැඩේ ගැස්සුනොත් ඒ අයගෙ ජීවිත අනතුරේ”උ.පො පරීක්ෂකවරයා පැවසුවේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමිනි.

” එහෙම කියලා මේක වටේ යවන්න බෑ හැමදාහ” ස්ථානාධිපතිවරයා තරමක නොසන්සුන්භාවයකින් ප්‍රකාශ කලේය.

” චන්දන පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරනවා .සංජීව කිව්වා වගේ උන් අපිට දෙනවා කිව්වෙ එක්කෙනාවයි , අනිත් අය ඉන්නෙ උන් ලඟ ”

ස.පො අධිකාරීවරයා තදින් පවසන්නට විය.

”  මේ වැඩේ  රත්නායකව කිඩ්නැප් කරා වගේ වෙයිද ” ස්ථානාධිපතිවරයා පැවසීය.

” අපි මේක හොඳට හිතල බලල කරන්නන ඕන” ස.පො අධිකාරීවරයා පැවසීය

” සර් අපි සල්ලි හොයා ගත්තා කියමුකො කාවද මුලින්ම බේරගන්නෙ” ස්ථානාධිපතිවරයා ඇසීය

” අනේ මන්දා අපිට තුන් දෙනාවම ඕන” ස.පො අධිකාරීවරයා එයට පිලිතුරු දිය.

” සර් මම නම් කියන්නෙ අපි සමරනායක මහත්තයාගේ දුවව බේරගමු. අර දෙන්නත් වටිනව තමයි ඒත් මේ වෙලාවෙ උන් ලඟ කෙල්ලෙක් තියන එක ඒ තරම් හොද මදී කියලා මම නම් හිතන්නෙ” උ.පො පරීක්ෂකවරයා තීරණය කරන්නට විය

” ඔව් සංජීව ඔයා හරි ඒක තමයි මේ වෙලාවෙ ගන්න තියෙන හොඳම තීරණය.ඒත් ලක්ෂ විස්සක් හොයාගන්නෙ” ස.පො අධිකාරීවරයාට ගැටළුවක් මතු විය.

” සර් මම හෙට මිසිස් සමරනායකවත් මීට් වෙලා මේ ගැන කතාකරන්නම්.සමහරවිට අපිට පුළුවන් වෙයි එයාගෙනුත් උදව්වක් ගන්න”

” හරි සංජීව ඔයා එහෙම කරන්න හෙට අර මිනිහ කතා කරොත් මට කෝල් එකක් දෙන්න හරිද”

ඔවුන්ගේ සාකච්ඡාව එතනින් නිම විය.

 

 

( ලස්සන ක්‍රියාදාමයන් පෙලක් ඉදිරියට )

? R.J

 

2 thoughts on “මාරක අඩවිය|3.කොටස/හතරවන දිගහැරුම | රහස් පරීක්ශක කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.