Katha Ahura

මාරක අඩවිය|3.කොටස/ හයවන දිගහැරුම | රහස් පරීක්ශක කතා

5/5 - (1 vote)

___මාරක අඩවිය__?

3.කොටස/ හයවන දිගහැරුම

 

ට්‍රීං …..ට්‍රීං….ට්‍රීං…..දුරකථනය නාද වූ සැනින් උ.පො පරීක්ෂකවරයා එක පිම්මෙන් රිසිවරය අතට ගන්නට විය.

” හෙලෝ ”

“හා වීරයා තමුසෙ ලෑස්තිද එහෙනම් , ලක්ෂ විස්සයි හරි”

” හරි මම ලෑස්තියි. මම මොකක්ද දැන් කරන්න ඕන” උ.පො පරීක්ෂකවරයා ඔහුගෙන් ඇසීය.

” කාවද දැන් තමුසෙ බේරගන්න හදන්නෙ”

” මිස්ටර් සමරනායකගෙ දුවව”

” ෂා . තමුසෙ මාර මිනිහෙක්නෙ අයිසෙ ඒ කියන්නෙ තමුසෙලගෙ පී.සී ට වැඩිය ලොකුයිද මේ කෙල්ලව”

” ඒකෙන් උඹට වැඩන් නෑ , මම ලක්ෂ විස්ස දෙනවා මට කෙල්ලව දියන් හැබැයි කෙල්ලට කිසිම කරදරයක් වෙලා තියෙන්න බෑ හරි”

” දැනට නම් කිසිම අවුලක් වෙලා නෑ තාම ආපු විදිහටම ඉන්නවා”

” මම කොහෙටද එන්න ඕන”

” හ්ම් අපි වැඩේට එන්ටර් වෙමු. මම කියන විදිහට වෙන්න ඕනා හරිද? තමුසෙ හරියටම හෙට රෑ එකොලහට සල්ලිත් අරන් දික්හේන හන්දියට එනවා හැබැයි එක දෙයක් එන්න ඕන තනියම වෙන වෙන ගේම් ගහන්න ආ‍වොත් අනිත් දෙන්නට බබා හම්බෙයි හරිද?”

” හරි මම එනවා, හරියටම වෙලාවට මම එතන ඉන්නවා”

” ආ තව දෙයක් කෙල්ලව බේරගෙන ඒකිවයි තමුසෙගෙ අම්මවයි අරන් ඒ වෙලාවෙම වෙන පලාතකට යන්න ඕන හරි”

“අඩෝ මේ..” උ.පො පරීක්ෂකවරයාට කතා කිරීමට ඉඩ ලැබුනේ නැත

“හා හා මහත්තයෝ අමතක කරන්න එපා අනිත් දෙන්නම අපි ළඟ. කියන දේ කරනවා දන්නවනෙ නැත්නම් වෙන දේ , මම තියනවා එහෙනම් හෙට රෑ සෙට් වෙමු. ගුඩ් නයට්”

යනුවෙන් පවසා ඔහු දුරකථනය තැබුවේය.

උ.පො පරීක්ෂකවරයා තමාට සිදු වීමට යන දෙය ගැන කල්පනා කරන්නට විය.

” මුන් කියන විදිහට මම කෙල්ලවයි අම්මවයි අරන් කොහෙද යන්නෙ, කෙල්ලවනම් මිසිස් සමරනායකට බාර දෙන්න පුළුවන් , අම්මවත් ටික දවසකට මහ ගෙදර නතර කරනවා , ඒක තමයි කරන්න තියෙන හොඳම දේ” උ.පො පරීක්ෂකවරයා නිගමනයකට එළඹිය.

” අම්මෙ අනිද්දට ලෑස්ති වෙන්න අක්කලගෙ ගෙදර යන්න ටික දවසකට” ඔහු තම මවට පැවසුවේය.

” මේ හදිස්සියේ මොකටද එහේ යන්නෙ”

“ප්‍රශ්න අහන්න වෙලාවක් නෑ අම්මා ලෑස්ති වෙන්න හේතුව මම පස්සෙ කියන්නම්”

ඔහු තම මවට තදින් පවසා තම කාමරයට ගොස් ඇඳුමක් පැලද ගෙන යතුරුපැදියට නැඟ ස.පො අධිකාරීවරයාගේ නිවස බලා පිටත් විය.

……….

ටක් ටක් ටක් ..රාත්‍රී එකොලහට ආසන්නව ඇත. ස.පො අධිකාරීවරයා තම කාමරයේ රාජකාරී වැඩක යෙදී සිටින අතර තම නිවසට පැමිණ ඇත්තේ කවුදැයි බැලීමට ඔහු දොර විවෘත කරන්නට විය.

” සංජීව මොකද මේ වෙලාවෙ ප්‍රශ්නයක්ද?”

” සර් මට දැන් කෝල් එක ආවා, උන් මට කියනවා…………” උ.පො පරීක්ෂකවරයා තමාට දුරකථනකරුවා පැවසූ සියල්ල ස.පො අධිකාරිවරයාට පවසන්නට විය.

” දැන් සංජීව මොකද කරන්නෙ”

” මම අම්මව අරන් මහ ගෙදර යනවා , කෙල්ලව මිසිස් සමරනායකට බාර දෙනවා හෙටම”

” දැන් ඉස්සරහට අපි මොකද කරන්නෙ අනිත් අයව බේරගන්න”

“සර්…………” උ.පෙ‍ා පරීක්ෂකවරයා ස.පො අධිකාරිවරයාට යමක් පවසන්නට විය.

 

” දැන් ඔයාට හොඳටම ෂුවර්ද ඔය වැඩෙන් අපිට එයාලා ඉන්න තැන  හොයාගන්න පුළුවන් කියලා ”

” මට ඒක ෂුවර් සර් අනිවාරෙන් අපිට අනිත් දෙන්නව හොයා ගන්න පුළුවන් . සර් මට දුන්නෙ මාසයයිනෙ, මම සර්ගෙන් ඉල්ලුවෙ සති දෙකයි අනිවාරෙන් සතියක් ඇතුලත මම අනිත් දෙන්නව එළියට ගන්නවා .ඇක්‍යුස්ලත් එකක්ම”

” හරි මම චන්දනට කියන්නම් .ඔයා නිවාඩු ෆෝම්  එකක් දාන්න හෙට වැඩට යන්න එපා, මුදල් අවශ්‍ය ප්‍රමාණෙත් ගන්න සයින් කරලා”

“හරි සර් මම යනවා , හෙට වැඩේ ඉවර උන ගමන් මම සර්ට කෝල් එකක් දෙන්නම්”

” හ්ම් හැබැයි හෙට පරිස්සමෙන් කල්පනා කරලා වැඩ කරනවා හරි”

“හරි සර්” උ.පො පරීක්ෂකවරයා එම නිවසින් පිටත් වන විට මධ්‍යම රාත්‍රී දොළහ පසුවී තිබුනි

 

2 thoughts on “මාරක අඩවිය|3.කොටස/ හයවන දිගහැරුම | රහස් පරීක්ශක කතා”

  1. K.K.Damayanthi

    අයියෝ තව ටිකක් දාන්න එපැයි….

    මන් හිතන්නෙ මොකක් හරි අවුලක් වෙයි කෙල්ලව බේරන්න ගියාම….

    කතාව දාන්කම් බලන් ඉන්නවා… ටිකක් දිගට දාන්න…???

    Good luck….!!
    ????????

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.