Katha Ahura

මියදුනු අය සොයන් | ?09කොටස

5/5 - (1 vote)

මියදුනු අය සොයන් ?09කොටස

කියපු මම ඒ ගෑනූ කෙනාගේ අත හයියෙන් අල්ල ගත්තා. මට ඕනා වුනේ එයාව අතින් ඇදගෙන ගිහින් ගෙයි දොරින් එලියට දාන්ඩ.

“අතඇරපන් මාව..අත ඇරපන් මාව”

ඒ ගෑනු කෙනා කෑ ගැසුවේ මම එහෙම ඇදන් යද්දී. මොනව වුනත් මගෙන් මිදෙන්න ඇය දැගලුවත් ඊට මගෙන් ඉඩක් තිබ්බේ නෑ.

“මගේම ගේ ඇතුලට බලෙන් රිංගල උබ එහෙනම් මාව මේ ගෙයිනුත් එලියට දැම්මා.”

මම ඇයව දොරින් මිදුලට තල්ලු කරද්දී ඇය කිව්වේ කොපෙන් දත්මිටි කමින්.

“ඔහේට පිස්සු හැදිලා කෑ ගැහුවට මටකරන්ඩ දෙයක් නෑ. ඔහේ කියන විදිහට මම මේ ගෙදරට බලෙන් ආවෙ නෑ,, අනික මම කාගෙවත් ගෙදරක බලෙන් නැවතිලා ඉන්නෙත් නෑ, මම මේ ගෙදර අයිතිකාරයින්ගෙ කැමත්තටයි මෙහේ නැවතුනේ.”

“උබ ඔය හිතන කෙනා නෙමේ මේ ගෙදර අයිතිකාරයා. මමයි මේ ගෙදර අයිතිකාරයා. උබ හරියට හැසිරෙන්නේ උබ කවුද කියලා දන්නේ නෑ වගේනේ ”

“යනව යනවා මට පව් නොදී ඔහේගේ විකාර කතා මට තව අහන්ඩ ඕනේ නෑ.”

කියපු මම දොර හයියෙන් වලලා දැම්මා.?

“හරි මම දැන් යන්නම් , හැබයි දැනට විතරයි. මම ආයේ එනවා. එන්නේ උබව මේ ගෙදරින් එලවන්ඩමයි. මට වඩා උබට ශක්තියක් තිබුනට උබට ඒ ශක්තියෙන් එදාට වැඩගන්ඩ බැරි වෙයි. මේ නර්මදා එහෙම ලේසියෙන් පරාජේ බාරගන්න කෙනෙක් නෙමේ”

අර ගෑනු කෙනා කිව්වේ දිව් රමින් වගේ.

” එහෙම හිතන තරම් ලේසියෙන් මමනම් මේ ගෙදරින් එලවල දාන්ඩ හම්බ වෙන්නේ නෑ, මමත් කාටවත් පාරාද වෙන කෙනෙක් නෙමේ ”

මමට ඒ ගෑනු කෙනාට පරදින්ඩ හිතුවේ නෑ. තවත් බොහෝ වෙලාවක් මිදුලේ කෑ ගහ ගහ හිටි අර ගෑනු කෙනාගේ හඩ නෑසී ගියා. මගේ හිතේ එයා යන්ඩ ඇති. ඒත් කවුද මේ නර්මදා… ඒ ගැන හිතද්දී මගේ ඔලුව තිබ්බේ හොදටම අවුල් වෙලා.
*****************************************

“ඇත්තටම ආන්ටි අර මම දැන් නැවතිලා ඉන්න ගෙදර ඇත්තම අයිතිකාරයෝ ආන්ටිලාමද”

මම ඒක ඇහුවේ පහුවදා රෑ නිම්නාදිලාගේ ගෙදර ගිහින් කෑම මේසේ ඉදන් බත් කනකොට. නිම්නාදී , පවන් හිටියෙත් ඒ වෙලාවේ රෑ ආහර ගනිමින්.

“ඇයි පුතා එහෙම අහන්නේ , අපි තමා ඒ ගෙදර අයිතිකාරයෝ”

එතන හිටපු නිම්නාදිගෙ අම්මා ඇහුවේ කුතුහලෙන්.?

“නෑ ඊයේ හරි අමුතු දෙයක් වුනානේ ”

“මොකක්ද ”

” මහ රෑ ගෑනු කෙනෙක් ආවනේ ඒ ගෙදරට , කොහොම ආවද මන් දන්නේ නෑ. එයා කියනව ඒ ගේ අයිතිකාරයා එයාලු , මට පිටවෙලා යන්ඩලු , මහ වස ගෑනු කෙනෙක්.”

ඒක මමකියද්දී නිම්නාදියි පවනුයි මම දිහා බලන් හිටියේ ඇස් ලොකු කරන්.

“මො…මොන වගේ ගෑනු කෙනෙක්ද”

“අවුරුදු විසි පහක් විතර ඇති, කොන්ඩේ ගොඩාක් දිගයි. ඇස් ටිකක් ලොකුයි. ඇදන් හිටියේ සායකුයි හැට්ටෙකුයි, එයා කියන්නේ එයා ඒ ගෙදර අවුරුදු හතරක ඉදන්ලු ඉන්නේ මට වහාම පිටවෙන්ඩලු,,, ඇයි ආන්ටි ඔයාලා බය වෙලා”

මම ඒක කියද්දී කතාව අහපු ඔක්කොම හිටියේ හොදටම බයවෙලා , ඔවුන් හැසිරෙන ඉරියව්වලින් මට ඒක හොදටම පෙනුනා.

** “පුතාට එයාගෙන් කරදරයක් වුනේ නැද්ද ”

“මොන කරදරද ආන්ටි , මගෙ හිතේ ආන්ටිලත් දන්නෙ නැතිව ඇති ඔය ගෑනු කෙනා ඔයා ගෙදර රෑට ඉන්නවා. මාව බොරුවට බය කරල පන්නල දාන්ඩයි හැදුවේ , ඒවා කොහෙද මාත් එක්ක , මමත් නිකම් හිටියේ නෑ. පුරසාරම් දොඩවද්දීම ?මම එයාව ඇදගෙන ගිහින් එලියට දාල දොර වැහුවා ”

මම කිව්වේ ලොකු හපන්කමක් කෙරුවා වගේ.

“මොනව ඔච්කර දෙයක් කරනකම් ඒ හො.. නෑ මේ ඒ ගෑනු කෙනා නිකම් හිටියද ”

නිම්නාදිගේ අම්ම මොකක් හරි වචනයක් කියන්නේ නැතිව ගිලගත්ත කියලා මට තේරුනා , මම ඒ ගැන එච්චර හිතන්ඩ ගියේ නෑ.

“මොනව කරන්ඩ ද ආන්ටි ඒ ගෑනු කෙනාට මාත් එක්ක හැප්පෙන්ඩ බෑ. පස්සේ කෑ ගහ ගහ ඉදල යන්ඩ ගියේ , මොකක්ද ඒ ගෑනු කෙනාගේ නම , මට මතක නෑනේ ,අමුතු නමක්.”

“මොකක්ද ඒ නම ,මතක් කරල බලන්ඩ ”

ඒක කියලා නිම්නාදිගේ අම්ම මම දිහා බලන් හිටියේ ඇහිපිල්ලමක්වත් නොගහා. මම ඒ නම මතක් කෙරුවා.

“ආ එයාගේ නම නර්මදා… ආන්ටිලා දන්නවද එහෙම නමක් තියෙන කෙනෙ………”

මට ඒක කියල ඉවර කරන්ඩ ලැබුනේ නෑ.. මට ඇහුනේ……????????????????????????????තව කොටසකින් හමුවෙමු නේද??????

කවුරු වෙන්ඩ පුලුවන්ද මේ නර්මදා,,, කතාව කියවන අයට මොකද හිතෙන්නේ….

5 thoughts on “මියදුනු අය සොයන් | ?09කොටස”

  1. Chathu indeewaree

    ඔන්න මුලුන්ම රේට කළේ, කමෙන්ට් කළේ මම හරිද? ලස්සනයි රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් කතාව. ඔයාම කියන්නකෝ ඒ කවුද කියන එකත්..අපි එතකල් ඔයා එක්කම එන්නම් හොල්මන් හොයන්න… ??????
    ??????????

    1
  2. අලේ චූටි කොටසක් නේ දාල තියෙන්නේ අප්පා.චූටි කොටසක් දාල ඔයා සතුටින් ඉන්නකො හොදේ.හෙටනම් දිගම දිග කොටසක් දාන්න හොදේ. ආශාවෙන් කියවන්නෙ කතාවනන් සුපිරි. ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වෙන්න කියල සුබ පතනවා.bye.bs.

  3. මට වෙලාවකට හිතෙනවා කොල්ලත් හොල්මනක්ද කියලා හිතෙනවා. උඹ හරියට හැසිරෙන්නෙ උඹ කවුද කියලා දන්නෑ වගේනෙ කියලා නර්මදා කියපු දෙයින් .
    කතාව නියමයි.
    හැමදාම කතාව කියවනවා.
    All the best.
    ????????

  4. Ranmali subasinghe

    එල්ලිලා මැරුන කෙනා නේද නර්මදා… හිමකරගේ ඇගේ මොකක්ම හරි අමුනුශ්‍ය බලවේගයක් ඇති කියලා මම හිතනවා… ????

    සුබපැතුම් රාස් !!! ??????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.