Katha Ahura

මියදුනු අය සොයන් |15 කොටස| හොල්මන් කතා

5/5 - (1 vote)

මියදුන අය සොයන් Episode 15

ඒ සමගම මට ඇහුනේ නිම්නාදිගේ වේදනාත්මක හඩ.

“අනේ… අම්මේ ,මගේ ඔලුවට මොකක්ද වෙලා….ඉන්ඩ බෑ කකියනවා,, ”

නිම්නාදී එක අතකින් නලල අල්ලගෙන හිටියේ ඇස දෙකත් වහන්.

“නිම්නාදි මොකද මේ ,,මොකද දුවේ කවදාවත් නැතිව මෙහෙම ”

නිම්නාදිගේ අම්මා හොදටම කලබල වෙලා හිටියා.

“අනේ දන්නේ නෑ අම්මේ මට දැනෙන්නේ මගේ මොලේ ඇතුලට කවුරු හරි ඇල්පෙනෙති කට්ටකින් අනිනව වගේ…”

එහෙම කියපු නිම්නාදී වැනි වැනී වගේ ඉදන් හිටපු තැනින් නැගිට්ටා.

“පුතේ අක්කට ගොඩක් ආමාරුයි වගේ,, බේත් ටිකක් ගන්ඩ එක්ක ගෙනයන්ඩ වෙයි… ඉක්මනට සනත් අයියගේ ත්රිවීල් එකටවත් එන්ඩ කියලා කෝල් එකක් දෙන්ඩ.”

“එපා… අම්මේ එපා … මේක ඇරිලා යයි ඉක්මනට,, බේත් ගන්ඩ යන්ඩ ඕන නෑ”

නිම්නාදී අම්මාගේ අදහසට කැමති වුනේ නෑ…

“එහෙම කොහොමද ????”

“නෑ….අම්මේ මේ අමාරුව පෙනඩෝල් දෙකක් බීල නිදාගත්තට පස්සේ ඇරිලා යයි. දැන් කලින් තරම් රිදෙන්නේ නෑ…මට එකපාරටම මොනව වුනාද මන්දා……”

මොනව වුනත් මේ නිම්නාදිට එකපාරම හැදුන හිස රදේ හින්දා, මට නිලන්තයි, වත්සලයි ගැන දැනගන්ඩ පුලුවන් වුනෙත් නෑ. මොකද ඊට පස්සෙ කවුරුවත් ඒ ගැන කතා කෙරුවෙ නැති හින්දා. නිම්නාදීගේ අම්මගේ , පවන්ගේ සම්පූර්න අවදානය තිබ්බේ නිම්නාදී ලග. මමත් ඒ ගැන ආයේ අහන්ඩ ගියෙත් නෑ.

බත් කාල නිම්නාදීගේ ගෙදරින් සමුගත් මම ආයෙත් අර පලු නිවසට ගියේ , මම නැති අතරේ ආයෙත් නර්මදා මගේ ගෙට රිංගලද සිතමින්, ඒත් එහෙම දෙයක් වෙලා තිබ්බේ නෑ…….

ඊට් පස්සේ මගේ අරමුන වුනේ ,,ගනේගම මිනී පිටියට ගිහින් ගිහන්සාව හම්බවෙන එකයි. පුරුදු පරිදි රෑ දහය හමාරට විතර මම බයිසිකලේ පැදගෙන ගනේගම මිනීපිටියට ගියා.

එතනට ගිහින් ගිහින්සාට කීප වරක් කතා කරද්දී ඇය මම හොයන් ආවා. පුදුමයි ගිහන්සා අඩත් ඇදගෙන හිටියේ කලින් දවස්වල ඇදන් හිටපු සුදු සායයි සුදු හැට්ටයමයි. ඒ ගැනනම් මට දැනුනේ ටිකක් අමුත්තක්.

“ඇයි ගිහන්සා හැමදාම මේ එකම ඇදුම අදින්නේ”

මට සිතුනත් මම ඒ ගැන ගිහන්සගෙන් අහන්න ගියේ නෑ.

“අදත් ටිකක් කලිනම ඇවිල්ල අයියා.”

කියපු ගිහන්සා මම ලගටම ආවා.

“කලින් කියලත් නෑ දැනුත් ඇති එකොලහට කිට්ටු වෙන්ඩ, කොහොමත් දෝතැල්ලේ වැව ලගට යද්දි දොලහ කිට්ටු වෙයිනේ.”

ඊට පස්සේ මම ඊයේ වගේම මම ගිහන්සව නග්ග ගත්තා මගේ බයිසිකලයට. ඇයත් තියන් පැද්දා දොතැල්ලේ වැවේ නාන මංකඩට යන්ඩ හිතන් , ගිහන්සා මට පාර කිව්වා.

** අහසේ පුර ජලවක හද පායල තිබ්බේ පුංචි ආලෝකයකුත් එක් කරගෙන. හරිනම් පුර ජලවක පෝය දවසේ රෑට පුංචි වැහි පොදක්වත් වැටෙන්ඩ ඕනා. එහෙම වුනොත් හොදා. මොකද මම අහල තියෙනවා මහ රෑ වහිද්දී හොල්මන් ආත්මවලට අමුතු පනක් එනවා කියලා.. ඒ වගේ දවස්වලට ඒ අය පේන්ඩ එනවා වැඩී…

වැස්ස වැටෙන එක කෙසේ වෙතත් ඊයේ වගේ ම අදත් බල්ලෝ මගේ බයිසිකලේ පිටිපස්සේ එලවන් එනඑකනම් හරි අපූරුවට වුනා..

“මේ බල්ලන්ගෙන්නම් මාර වදයක්නේ තියෙන්නේ ,,එක වෙලාවට බයත් හිතෙනවා දුවගෙන ඇවිත් කකුලේ එල්ලෙයිද කියලා….”

“බයවෙන්ඩ එපා අයියේ උන්ට ඒ වගේ හපන්කමක් අපිට කරන්ඩ බෑ”

මම කියපු දේට ගිහන්සා දුන්නේ ඒ වගේ පිළිතුරක්. එයාටනම් බල්ලො එලවගෙන එන එක ගැන මම තරම්වත් ගානක් නෑ වගේ.

“ඇයි ගිහන්සා නංගී එහෙම කියන්නේ,, ඇයි උන්ට අපිට හපන්ඩ බැරි,, නංගී කියන දේවල් මට තේරෙන්නේ නෑ..”

“අයියෝ ඕක තේරුම් ගන්ඩ බැයිද, ඇයි අයියා අහලා නැද්ද ඉස්සර ඉදන් කතවක් තියෙනවා බුරන බල්ලෝ හපා කන්නේ නෑ කියලා…”

“ආ ඒ කතාව මමත් අහලා තියෙනවා. ඒත් කවුද දන්නේ ඉස්සර බුරන බල්ලෝ හපා නොකෑවට , දැන් බල්ලෝ හපා කනවද කියලා…..අනික දැන් ඉන්නේ විසි එක් වන සියවසේ බල්ලොනේ..”

“විසි එක්වන සියවසේ නෙමේ ,,තිස් එක්වන සියවසේ බල්ලො උනත් , උන්ට අපි ලගට කොහොමවත් කිට්ටුවෙන්ඩ බෑ.. උන්ට පුලුවන් ඔය වගේ ඈත ඉදන් බුර බුරා අපි පිටිපස්සේ එලවගෙන එන එක විතරයි.”

ගිහන්සා කිව්වේ තිර හඩින්.

“ගිහන්සා නංගී කොහොමද ඒක ඔච්චර විශ්වාසෙන්න් කියන්නේ”

“එක මට අයියට කියන්ඩ බෑ,, අයියට ඉක්මනටම ඒ ගැන තෙරෙයි,, අන්න අර තැනින් වමට හරවන්ඩ,, ඒ පාරෙන් තමා දෝතැල්ලේ වැවට යන්නේ….”

* තුන්මන් හන්දියක් කිට්ටු කරද්දී ගිහන්සා කිව්වා. මම එයා කිව්ව පැත්තට බයිසිකලය හැරෙව්වා.

මොහොතකින් අපි හිටියේ එක පැත්තකින් වැවත් , අනිත් පැත්තෙන් විශාල වත්තකට මැදිවූ පාරක් මැද්දේ. හරිම පාලු පැත්තක් , ගෙයක් දොරක් මිනිස් කටහඩක් ආසාවටවත් නෑ.

දෝතැල්ලේ වැවත් වැවක් කිව්වට සමාන වුනේ හරියට කැලයකට වගේ. ඒ තරමටම ඒ වැව මැද ගස් කොලන් තිබ්බා. නරින්ගේ හූ හඩ නිශාචර සතුන්ගෙ කෑ ගැහිල්ල ඒවා මැද්දෙන් නොඅඩුව ඇහුනා.

“අයියේ ඔන්න ඔතනිනුත් වමට හරවන්ඩ ,, ඔතනින් තමා වෑකන්දට යන්නේ ”

ගිහන්සා කිව්වේ ඒ පාරෙත් ටික දුරක් ගියාට පස්සේ. මම ඇය කිව්ව දේ කෙරුවා.

මොහොතකින් වැකන්දා දිගේ ගිය අපි හිටියේ දෝතැල්ලෙ වැවේ නාන මංකඩ ලග. පායන සැර හින්දා වැවේ වතුර තිබ්බේ සෑහෙන්ඩ අඩු වෙලා. මම කකුලක් ගහල බයිසිකලේ ඒ ලග හිට්ටෙව්වා.

“දැන් අපි මොකද ගිහන්සා නංගී කරන්නේ , ඔය කිව්ව විදිහටම හොල්මන් අද මෙතනට එයිද ”

මම ඇහුවේ ගිහන්සා මගේ බයිසිකලෙන් බහිද්දී.

“සීයට සීයක්මනම් කියන්ඩ බෑ….ඒත් මට හිතෙනවා අද එයි කියලා….”

“එයාල මොකටද මෙතනට එන්නේ ”

“වෙන මොකටද ඉතින්,, හොල්මන් නාන මංකඩට එන්නේ නාන්ඩ මිසක්., අපි කෝකටත් අන්න අතන තියෙන මාර ගහ ලගට ගිහින් හැංගිලා බලන් ඉමු,, මේ බයිසිකලෙත් කොහෙන් හරි හංගන්ඩ”

ගිහන්සාගේ අදහසට මම කැමති වුනා. බයිසිකලෙත් කාටවත් පේන්නේ නැති වෙන්ඩ ගහක් පිටිපස්සේ හංගලා මමයි ගිහන්සයි අර කිව්ව මාර ගහට මුවා වෙලා හිටියා.

මේ වෙද්දිත් පරිසරයත් තිබ්බෙ හොදටම වෙනස්වෙලා. එක පාරටම වැස්සක් කඩන් වැටුනේ තද සුලග එක්ක , වැස්ස එච්චර තද වැස්සක් නම් නෙමේ. ඒ වැස්සට මමයි ගිහන්සයි තෙමුනත් මගේ හිතටනම් දැනුනේ සතුටක්. මොකද මේ වගේ මැදියම් රැයක් කිට්ටු කරල වහින වැහි වෙලාවල් වලට හොල්මන් එලියට එන්ඩ හරිම ආසයි.

මම එහෙම හිතද්දිම මට ඇහුනේ , කවුරු හරි කලබලෙන් කතා කරමින් වේගෙන් අඩි තිය තියා අපේ පැත්තට එන හඩක්.

“මේ එන්නේ ගිහන්සා කියන හොල්මන්ද දන්නේ නෑ…..”

හිත හිත මම නොඉවසිල්ලෙන් බලන් හිටියේ ඒ එන්නේ කවුද කියල දැනගන්ඩ.

මොහොතකින් අඩ අදුරේ මම දැක්කේ………….. දැක්කේ මොනවද කියල දැනගන්ඩත් එක්ක මම තව කොටසක් අරන් ඔයාලව හම්බවෙන්ඩ එන්නම්.

ලයික් එකක් දීල අදහසකුත් එක්ක රන් යන්ඩලා. කතාව ප්රචිචාර වලින් පල්ලම් බැහලා……

7 thoughts on “මියදුනු අය සොයන් |15 කොටස| හොල්මන් කතා”

  1. රෑ දවල් කියලා නෑ වහින වෙලාවට වැස්සෙ තෙමෙන්න වැස්ස දිහා බලන් ඉන්න පට්ට ආසයි.එහෙම බලද්දි මාත් හොල්මනක්ද දන්නෑ.හික්ස්??කතාව සුප්පා බ්‍රෝ.ඉස්සරහට බය හිතෙන සීන් ඕනේහ්.ගුඩ්ලක්!

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.