Katha Ahura

මියදුනු අය සොයන් |18 කොටස| හොල්මන් කතා

5/5 - (3 votes)

මියදුන අය සොයන් Episode 18

ඒක ඇහෙද්දි පවන් කැරම් ගහන එකත් නවත්තල මම දිහා බලන් හිටියේ ,මගේ කටින් එහෙම දෙයක් පිටවුනාද කියලා සැකයෙන් වගෙ.

“මොකක්ද කිව්වේ ”

“නෑ… මම ඇහුවේ මීට මාසෙකට විතර කලින් දෝතැල්ලේ වැවේ මගෙ වයසේ වගේ කොල්ලෙක් කපලා කොටල මරලා දාල තිබ්බද”

“අයියට කොහොමද ඒ වගේ දෙයක් දැනගන්ඩ හම්බවුනේ ”

“කොහොම හරි දැනගත්තනේ ,, ඒක ඇත්තද ”

“ඔව් එහෙම දෙයක් වෙලා තිබ්බා ,, ඒත් ඇයි අයියට එකපාරටම ඒ ගැන දෙයක් අහන්ඩ හිතුනේ”

“නෑ මට ආරංචිවුනා , මැරුනු කෙනාගේ හොල්මන දෝතැල්ලේ වැවේ හොල්මන් කරනවා කියලා. ඉතින් මේක ඇත්තනම් මට හිතුනා රෑට එතෙන්ට ගිහින් මේ ගැන හොයලා බලන්ඩ ,අනික මගේ ආසාවත් ඒකනේ, පවන් දන්නවද ඒ මැරුනු කෙනා ගැන එහෙම, මොනවගේද කියලා…..”

“ඔව්…..එහෙම මරලා දාල තිබ්බේ ,හේමාල් අයියව,,, කාටවත් හිතාගන්ඩ බෑ ඇයි හේමල් අයියව ඔය විදිහට මැරුවේ ,කවුද මැරුවේ කියලා,,ඒක හරිම අභිරහසක්”

පවන් ඒක කිව්වේ සෑහෙන්ඩ වෙලා නිහඩව ඉදලා.

“පවන් කොහොමද ඔච්චරම විස්තර දන්නේ ”

“ඒ ගැන මම දන්නැතිවෙන්නේ කොහොමද ,දෝතැල්ල කියන්නේ අපේ අල්ලපු ගමනේ ,අනික හේමල් අයියගේ බාලම මල්ලි සුලෝචන ඉන්නේ මගේ පන්තියේ.”

“ඉතින් ඔය හේමාල් අයියව ඔය විදිහට කපල කොටල මරන්ඩ තරම් එයාට දරුණු හතුරො සෙට් එක්ක ඉන්ඩ ඇති නේද?, මගෙ හිතේ හේමාල් කියන්නෙ එච්කර හොද කෙනෙක් නෙමේ වෙන්ඩ ඕනා……”

“නෑ…. හේමාල් අයියා එහෙම නරක කෙනෙක් නෙමේ,, හරිම හොදයි,අපේ ගෙදරත් දවසක් සුලෝචනත් එක්ක ඇවිල්ල තියෙනවා…හේමාල් අයියා මේ විදිහට මැරිලා කිව්වට පස්සේ මුලු ගමම කම්පා වුනා. ඒත් ඇයි අයිය ඔච්චරම හේමාල් අයියා ගැන අහන්නේ ….. හරියට cid එකෙන් වගේනේ.”

“නෑ… ඉතින් හොල්මන දකින්ඩ යන්ඩ කලින් , ජීවත් වෙලා ඉන්න කාලේ එයා මොනවගේ කෙනෙක්ද කියලා දැනගෙන ඉන්න එක ඇගට ගුනයුනේ ,, ඒකයි එහෙම ඇහුවේ”

‘හේමාල්ගේ හොල්මන් මම දැනටමත් දැකල ඉවරයි පවන් ‘ කියන්ඩ සිත් වුනත් මම ඒක කියන්ඩ ගියේ නෑ.

මම තව ටික වෙලාවක් පවන් එක්ක් කැරම් සෙල්ලම් කරලා මගේ නවාතැන් පොලට ආවා. දැන්නම් මට නර්මදාලාගෙන් කරදරයක් නෑ වගේ. මම නැති අතර ගෙට රිංගන අදහඩ නර්මදා අත් හැරලා වගේ.

** දවසින් දවස දැන් අහසේ හද වර්දනය වෙනවා. ඊයේ රෑ තිබ්බ පුර ජලවක හද වෙනුවට අද අහසේ පායලා තිබ්බේ පුර විසේනිය හද.

ඒ හද එලිය මැද්දෙන් බයිසිකලේ පැදන් මම ගනේ ගම මීනිපිටියට ගියේ අදත් ගිහන්සා හම්බවෙන අරමුනෙන්. මට ඕනා වුනා පවන්ගෙන් දැනගත්තු දේවල් ගිහන්සත් එක්ක කියන්ඩ.

“මටත් හිතෙනව අයියේ ,එයා නරක කෙනෙක් නෙමේ කියලා..”

මම හේමාල් ගැන දැනගත්තු දේවල් අහලා ගිහන්සා කිව්වා. ඒ වෙලාවේ මමයි ගිහන්සයි හිටියේ ගනේගම මිනීපිටියේ තිබ්බ මිනි ගොඩැලි මැද තිබ්බ විශාල ගහක් යටට වෙලා.

“ගිහන්සා නංගි ඔයාටත් එහෙම හිතෙනවනම්, කවුද මේ හේමාල්ව ඔය විදිහට කපලා කොටලා මැරුවේ ”

“අයියට ඒ ගැන දැනගන්ඩ මාර උනන්දුවක්නේ තියෙන්නේ ”

“ඔව් ,,ගොඩාක් ,,මම ආසයි ඔය වගේ දේවල් හොයලා බලන්ඩ ,, මට හිතනවා අදත් දෝතැල්ලේ වැවට ගිහින් හේමාල් ගේ හොල්මනව හම්බවෙන්ඩ , එයාගෙන්ම මේ ගැන දැනගන්ඩ පුලුවන් වෙයි,,, මොකද කියන්නේ ගිහන්සා නංගී එනවද මාත් එක්ක.”

“හා….අයියා කැමතිනම් , මාත් කැමතියි”

ගිහන්සා මගේ අදහසට කැමති වුනේ එක පයින්. එකවෙලාවකට මට හිතෙනවා ගිහන්සායි මමයි හරියට ජාඩියට මුඩිය වගේ කියලා. මම මොකටද කැමති ගිහන්සාත් ඒකට කැමතී.
***************************************

ඊයේ රෑ වගේම ගිහන්සා තියාගෙන දෝතැල්ලේ වෑ කන්ද ලගට ගියා. ගිහන්සාව බස්ස්ලා බයිසිකලේ හැංගුවේ ඒයේ හංගපු මාර ගහ ලගමයි.

“අර හොරු දෙන්නත් අද එයිද දන්නෙ නෑ”

ගිහන්සා කිව්වේ වෑකන්දෙන් වැවට බහිද්දී.

“මම නම් හිතන්නේ නෑ,,උන් දෙන්න ඊයේ කතාවුනේ ඒකේ උනුහුම ගියාට පස්සේ ආයේ එනවා කියලනේ ”

“මොනව වුනත් උන් දෙන්න එන්ඩ කලින් කරන දෙයක් කරන්ඩ ඕනා.”

කතාවෙන් කතාවෙන් මමයි ගිහන්සයි වැව් කැලේ පීරගෙන අර බෙනේ තිබ්බ විශාල ගහ සොයාගෙන ගියා.

“මම හිතුවා ,උබල දෙන්න මාව හොයාහෙන අදත් එයි කියලා.”

ඒ හඩ ඇහුනෙ මමයි ගිහන්සයි අර ගහ ලගට යද්දියි. මම ඒ හඩ ආපු පැත්ත බලද්දී මම දැක්කේ අපි දිහා බලන් ඉන්න අර හොල්මන් තරුනයා හේමාල්. ඊයේ වගේම මූන පුරා ඇග පුරා ලේ තිබ්බත් හොල්මන් හේමාල්ගේ මූනේ තිබ්බේ හිනාවක්.

* “උබ උබේ අදහස වෙනස් කර ගත්තද ,, කැමතිද මාව මරපු දෙන්නගෙන් පලිගන්ඩ මට උදව් කරන්ඩ”

ඔහු යලිත් කතා කරන්ඩ ඇත්තේ මමවත් ගිහන්සාවත් කතා කරපු නැති හින්දා වෙන්ඩ ඇති.

“මම උබට උදව් කරන්ඩ කැමතිද නැද්ද කියන්නම් ,,හැබැයි ඊට කලින් මට දැන ගන්ඩ ඕනා ,ඇයි ඒ දෙන්න උබව මැරුවේ ,, ඒ මොකටද කියලා.”

මම ඇහුවා.

“හරි මම කියන්නම් මාව මැරුව දෙන්න කවුද කියලා…..”

හොල්මන් තරුණයා හේමාල් නිහඩව හිටියා විනාඩියක් විතර. ඊට පස්සෙයි ඔහු යලිත් කටහඩ අවදි කලේ.

“මාව ඒ විදිහට මරල දැම්මේ මගේ……………….. හේමාල්ව මරල දාල තියෙන්නෙ කවුද,,,හිමකර හේමාල්ට පලි ගන්ඩ උදව් කරයිද කියලා ,දැනගන්ඩත් එක්ක මම ඉක්මනින් තවත් කොටසක් අරන් එන්නම්…

කතාව මේ තරම් විශාල කොටස් ගානකට ලියන්ඩ මුලින් හිතුවේ නෑ. හිතුවට වඩා කතාව දික්වුනා…..ඒ හින්දා කියවන අයට අවුලක්ද දන්නෙ නෑ.. පුලුවන් තරම් ඉක්මනින් කතාව ඉවර කරන්ඩ මම උත්සහ ගන්නම් ,

3 thoughts on “මියදුනු අය සොයන් |18 කොටස| හොල්මන් කතා”

  1. hemalge love ekak nisada eyata marenna une?
    Kathava kochchara diga unath kamak na ane api asaven kiyavanava.e nisa kathava ivara karanna hadissi venna epa ane??.hamadamath oyage kathavath ekkama innava.all the best

  2. මල්ලි යෙ කතාවනම් superb.මං හැමදාම comments නොදැම්මට හැමදාම කතාව කියවනවා.ටිකක් දිග කොටස් දාන්න බැරිද ? ඉස්සර නම් මාර බයයි හොල්මන් කතා කියවන්න.එත් ඒ මෙම කතාව කියවද්දී මට ආශා හිතුනා දිගටම මෙම කතා කියවන්න. Thank you very much අපිට ලියනවට.best of luck my dear.

  3. Ranmali subasinghe

    අම්මෝ ??? පොඩි කොටසයි අද දාලා තියෙන්නේ.. නරකයි ඇඩ්මින් ඔයා ????

    කතාව දැන්නම් මරේ මරු ????? දිගගගගගග කොටස් දාන්න ප්ලීස් ප්ලීස් ????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.