Katha Ahura

මියදුනු අය සොයන් |21 කොටස| හොල්මන් කතා

5/5 - (2 votes)

මියදුන අය සොයන් Episode 21

අපේ පැත්තට ආවේ හයියෙන් බයික් එකක්.

“අයියේ ඉක්මනට අර ගහට මුවාවෙමු”

කියපු ගිහන්සා මගේ අතින් ඇදගෙන එතන තිබ්බ ගහක් ලගට ඇදන් ගියා. අපි දෙන්න ඒ ගහට මුවා වෙද්දිම වගේ ඒ බයික් එක හැරෙව්වේ ලසිකලාගේ ගේ පැත්තට. ඒ බයික් එක තරුණයෙක් එලවන් යද්දී පිටිපස අසුනේ තරුණිය්ක වාඩි වෙලා හිටියා.

මෙච්චර වෙලා කට්ට කරුවලේ තිබ්බ ලසිකලාගේ ගෙදරින් විදුලි බුබුලක් දැල් වුනේ ඒ සමගම වගේ.

“මට හිතෙන විදිහට ඒ ලසිකා වෙන්ඩ ඕනා ,, එයා ගාමන්ට් යනවා වගේ…”

ගිහන්සා කිව්වා.

“ගිහන්සා එයා හරියටම ලසිකමද ,, එයාගේ නංගියක් හරි ,අක්කෙක් හරි වෙන්ඩ බැයිද,, අර කොල්ලා…..”

“මම කියන්ඩද ,, අපි පොඩ්ඩක් ,,ඒ ගේ පැත්තට ගිහිල්ල බලමුද ,අපුට මොකක් හරි හෝඩුවාවක් හොයාගන්ඩ පුලුවන් වෙයිනේ……”

ගිහන්සාගේ අදහස හොද බව මටත් හිතුන හින්දා අපි දෙන්නාම ලසිකලාගේ ගෙවල් පැත්තට කිට්ටුකෙරුවා..

“ඔන්න අක්කේ අනිද්දනම් මට උබව එක්ක ගෙන එන්ඩ ගල්වැවේ හන්දියට එන්ඩ වෙන්නේ නෑ..”

ගේ ඇතුලින් ඇහුනේ පිරිමි හඩක්.

“ඒ මොකද මල්ලි ඒ……අනිද්ද මොකද වෙන්නේ ”
ඒ හඩ ඇහෙද්දී මට හිතුනේ ඒ අර බයික් එකේ ඉදගෙන ගිය තරුනියගේ හඩ වෙන්ඩ ඕන කියලයි.

“පැතුම මට අඩගැහුවා ,,උගේ අක්කලගේ ගෙදර යන්ඩ උගේ තනියට ,,බෑ කියන්ඩ බෑ…….. ..මා හා කිව්වා….අනිද්ද ගියාට පස්සේ එන්ඩ වෙන්නේ පහුවෙනිදා…”

“අයියෝ මල්ලී උබ මොකටද හා ,,කිව්වේ ,, මම කොහොමද ගල්වැවේ හනදියේ ඉදන් ගෙදරට තනියම එන්නේ,,, ”

“කරන්ඩ දෙයක් නෑ ,, එක දවසයිනේ ,, කොහොමහරි බයෙන් බයෙන් හරි වරෙන්”

තවත් මොනවදෝ මන්දා අක්ක මලෝ කතාවුනත් මටයි හිහන්සාටයි ඒවා ඇහුනේ නැත්තේ ඒවා දෙන්න පහත් හඩින් කතා කල නිසා.

ලසිකලාගේ ගෙයි පිලිකන්නේ හිටපු අපි ව කලබලයට පත් කරමින් පිලිකන්න පැත්තේ ලයිට් එක පත්තු වුනෙත් මේ සමගයි.

“ගිහන්සා අපි අර පැත්තට ගිහින් බලමු ,,, ”

මම ගිහන්සාව ඇදන් ගොස් නිවස ඉස්සරහ බිත්තිය පැත්ත ට ගොස් සැගවී ලයිට් එලිය පත්තු වුන පැත්ත බලන් හිටියේ ඒ පැතතට කවුරු හරි ඒවිදෝ සිතා….

මගේ සිතුවිල්ල හරි කියමින් ඒ පැත්තට තරුනියක් ඇවිත් ඒ පැත්තේ තිබ්බ ටැප් එකක් ඇර මූන අතපය හෝදනවා මම දැක්කා. ඇය ගාම්න්ට් ඇදුමට සමුදී ගෙදරට අදින ඇදුම් ඇදන් උන්නා….

“මට හිතෙන්නේ මේ ලසිකා ම තමා ,, මේ ගෙදර ඉන්නේ මෙයයි මෙයාගේ මල්ලියිද විතරද මන්ද ”
මම ගිහන්සාට කිව්වේ ඇයට විතරක් ඇහෙන විදිහට.

“ඒකනම් මමත් දන්නේ නෑ,, මොනව වුනත් අපිට හොද හෝඩුවාවක්නම් ලැබුනා….”

** ලසිකලාගේ නිවසට සමු දීලා මමයි ගිහන්සයි ආපහු ආපු පාරෙම වැව පැත්තට ආවා.

“අපිට ආයේ මේ වගේ කට්ටක් කන්ඩ ඕනා නෑ,,ලසිකලගෙ ගෙවල් ඉස්සරහින් තමා අපි බයිසිකලෙන් ඇවිල්ල තියෙන්නේ.”

ගිහ්න්සා කිව්වේ වැවට ආපහු යන අතර වාරේ.

“අපි දැන් ඊට පස්සේ මොකද කරන්නේ.”

“මට හිතෙන හැටියනම් මේ සතියම ලසිකට ගාමන්ට් ඒකේ ශිප්ට් එක වැටිල තියෙන්නේ හවස ,දෙක රෑ දහය… ඒකයි ගෙදර එද්දි ඔච්චර රෑ වෙන්නේ.. ලසිකව කොටුකරගන්නවනන් මේ සතියෙම ඒක කරගන්ඩ වෙනවා අයියේ… ඊලග සුමානේ උදේ හය හවඩ දෙක ශිප්ට් එක තියෙද්දි මේ වැඩේ කරන්ඩ අපිට ටිකක් අමාරුයි ….. කරන දෙයක් ඉක්මනට කරන්ඩ ඕනා…..”

“ලසික කියන ඔය ගාමන්ට් බස් එකෙන් බහින ,ගල් වැවේ හන්දිය ගිහන්සා නංගී දන්නවද”

“ඔව් ”

ගිහන්සා යනගමන්ව හිස වැනුවා.

“මම කියන්ඩද ,, අර දෙන්න ගෙදර කතා වුන විදිහට ,අනිද්දට ලසික එක්ක ගෙන එන්ඩ ලසිකගේ මල්ලිට හම්බවෙන්නේ නෑ කිව්වනෙ,, අපි ලසිකව අනිද්ද රෑට කොටුකරගන්ඩ බලමු,,,හෙට රෑට අපි දෙන්න ඔය කියන ගල්වැවේ හන්දියට ගිහින් හොයාගමු ලසික බහින තැන”

“ලසිකව කොටුකර ගත්තා කියමුකෝ,,,එතකොට නිම්සරව,, එයාව කොටුකරගන්නේ කොහොමද,,මොනව කරලා හරි ලසිකයි නිම්සරයි දෙන්නම එකම දවසේ රෑක දෝතැල්ලේ වැවට එක්කගෙන යන්ඩ ඕනා… නිම්සර කොහේ ඉන්නවද කියලවත් දන්නෙ නෑනේ………..”

“ඒකනම් ලොකු ප්රශ්ණයක්,ගිහන්සා නංගී දැකල නැද්ද නිම්සර ව”

“නෑ………මොනව වුනත් අපිට නිම්සරව කොටුකරගන්ඩ වෙන්නෙත් ලසිකගේ මාර්ගයෙන්.”

එදා රෑත් පුරුදු විදිහටම ගිහන්සාව ගනේගම මිනීපිටිය ලගින් බයිසිකලෙන් බස්සපු මම ,, එතනින් ආවේ හෙටත් හම්බවෙමු යි පවසා……
**************************************

“පවන් උබ මට ඊයේ හේමාල් ගැන අහද්දි නිකමටවත් කිව්වේ නෑනේ ,,හේමාල්ට mucical grouo එකක් තිබ්බ කියලා….”

ඊලග දවසේ නිම්නාදිලාගේ ගෙදර ගිහින් බත් කාල සුපුරුදු පරිදි පවන් එක්ක කැරම් ගහද්දියි මම ඒක ඇහුවේ….

“අයියා කොහොමද ඒක දැනගත්තේ ”

කියපු පවන් ඩිස් එකෙන් ඉත්තෙකුට ගහද්දි ඒ පාරට ඉත්තො දෙන්නෙක් වලට ගිහින් වැටුනා.

“කොහොම හරි දැනගත්තනේ ,,ඒක ඇත්තද?”

“ඔව්……ඒකේ ගෲප් එකේ නම යෙලෝ ස්ටාර්”

“හේමාල් මැරුනට පස්සේ ඒ ගෲප් එක නැති වුනාද ”

“නෑ එහෙම එකක් නෑ……. මේ ලගදිත් මේ පැත්තේ වෙඩින් එකකට ගෙනල්ලා තිබ්බේ…..”

“ඒ ගෲප් එකේ ඉන්නවලු නිම්සර කියලා ,,එක එක කටහඩින් සින්දු කියන්ඩ පුලුවන් කොල්ලෙක්”

“අයියා කොහොමද ඒ ක දන්නේ…..”

මම අරහෙම දෙයක් අහද්දී පවන් එහෙම ඇහුවේ කැරම් ගහන එකත් නවත්තලා මගේ මූන දිහා බලාගෙන.

“හේමාල් ගැන දැනගත්ත විදිහටම තමා ,,වෙන කොහොමද???????,,,ඒකත් ඇත්තනේ….”

ඒ ගැන එච්චරම හිතන්නෙ නැති බව අගවල මම කැරම් ඉත්තෙකුට ගැහුවා….

* ” ඔව් ඒකනම් ඇත්ත නිම්සර අයියටනම් මාර දක්ශ කමක් තියෙන්නේ ගායකයන්ගේ කටහඩ වල් අනුකරනය කරලා සින්දු කියන්ඩ…..පිස්සු හැදෙනවා ඒ සින්දු අහද්දී…….”

“එයත් මේ පැත්තෙමද ඉන්නේ……..”

“ඔව් අපේ ගමේ තමා දැන් නැවතිලා ඉන්නේ ”

“මේ ගමේ………..”

මට අදහගන්ඩත් බැරි වුනා පවන්ගේ කටින් එහෙම දෙයක් පිටවෙද්දි……ඒත් මට පුදුම ඇයි මේ දේ ගිහන්සා දන්නේ නැති එක ගැනයි.

“ඔව් ඉස්සරනම් හිටියේ සුලෝචනලාගේ ගෙදර ,,හේමාල් අයියා මැරුනට පස්සේ ,නිම්සර එහෙන් ආවා…. දැන් ඉන්නෙ ඒ ගෲප් එකේම ඉන්න කොල්ලෙකුගෙ ගෙදර,, මම හිතන්නේ නිම්සර අයියා ගේ ගම මේ පැත්තෙ නෙමේ ගොඩක් ඈත… ඒත් ඇයි අයියා නිම්සර ගැන ඔච්චර දේවල් අහන්නේ ”

“මම ලොකු දෙයක් ඇහුවා වැයි,, මම ඇහුවේ නිම්සර ඉන්නෙ කොහෙද කියල විතරනේ….අනික ඔය වගේ හැකියාවක් තියෙන කොල්ලෙක් අදුනගන්ඩත් ආසයි…නිම්සර දැන් එතකොට නැවතිලා ඉන්න ගේ තියෙන්නෙ කොහෙද”

“අයිය යනකොට දැකල ඇති දෝතැල්ලේ ග්රාමිය රෝහලට යනපාර කියලා බෝඩ් එකක් ,අන්න ඒ පාරෙ ගියාම හම්බවෙන් තුන්වෙනි ගේ…….ඔය ඉතින් නිම්සර හොයාගෙන යන්ඩමද ඕවා මගෙන් අහන්නේ ….”

“බලමුකෝ……පවන් මටබන් දැන් නිදි මතයි,,අදට ඔය ඇති…”

කියපු මම පුටුවෙන් නැගිට්ටේ ගසමින් හිටි කැරම් අත ඉවර වෙන්ඩත් කලින්.
***************************************

“ගිහන්සා ඔයා දන්නෙනැතිවුනාට නිම්සර ඉන්නෙත් මේ ගමේම තමා…… මම ඊයේ පවන්ගෙන් දැන ගත්තේ.”

එදා රෑ පුර සතවක සද එලිය මැදින් ,රෑ දහයට විතර ගනේගම මිනීපිටියේ ඉදන් ගල්වැවේ හන්දියට බයිසිකලේ යන වෙලාවෙයි මම ඒක ගිහන්සාට කිව්වේ. ගිහන්සා එකටමොකුත් කිව්වේ නෑ…….

“ගිහන්සා මම ,නිම්සර ඉන්න ගෙදරත් දැනගත්තා,,,ඊයේ ලසිකලාගේ ගෙදර ගියා වගෙ ,,අද රෑට අපි යමුද නිම්සර ඉන්න ගෙදර”

“බලමු,,ඊට කලින් අපි හරියටම බලාගන්ඩ ඕනා ,,ලසිකා ගාමන්ට් බස් එකෙන් බහින ගල්වැවේ හන්දියයි,,එයා ගෙදරට යන පාරයි. ඊට පස්සේ බලමු නිම්සරව හොයන් යන එක.”

ගිහන්සා ඒ වෙලාවේ එහෙම දෙයක් කිව්වත් ,නිම්සර හොයාගෙන ඒ ගෙදර අපිට යන්ඩ සිද්ද වුනේ නෑ….. මොකද ඊට කලින් නිම්සරව කොටුකරගන්ඩත් මගක් මටයි ගිහන්සටයි නොසිතූ විදිහට හම්බුන නිසා………………ඒ මොකක්ද කියලා දැනගන්ඩත් එක්ක තව කොටසක් අරන් මම ඉක්මනට එන්නම්…..

තව කොටස් 07කින් විතර කතාව ඉවරකරන්ඩයි මමහිතන් ඉන්නේ

3 thoughts on “මියදුනු අය සොයන් |21 කොටස| හොල්මන් කතා”

  1. Chathu indeewaree

    අදත් ලස්සනයි රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් කතාව.මටනම් හදිස්සිය තියෙන්නේ මේ හිමකර මොනවගේ කෙනෙක්ද, එයා කවුද කියලා දැනගන්නයි.. මොනා වුණත් ඉස්සරහටත් අපි ඔයා එක්ක ඉන්නවා රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් මේ හිටියා වගේම. සමහර දවස්වලට කමෙන්ට් දාන්න බැරි වෙනවා. ඒකට ඉටිම් සොරි හොඳේ…??? බුදු සරණයි !!

  2. ඉතින් මල්ලියෙ කතාව නම් ගොඩක් හොඳයි ආශාවෙන් කියවනවා.හොල්මනක් වෙලා හරි වැරදි කරුවන් ට දඩුවම් දෙනවා නම් ඒක හොදයි.මෙක හොල්මන් කතා වක් වුනත් බව දැනෙන් නැති වුනත් මෙ කතාවෙන් ලොකු ආදර්ශයක් වාගේ ම සමාජයේ තවත් පැත්තක් පෙන්නුම් කරනවා.ඔයාගෙ මෙම උත්සාහය ට මම සුභ පතනවා.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.