Katha Ahura

මියදුනු අය සොයන් |23 කොටස| හොල්මන් කතා

5/5 - (2 votes)

මියදුන අය සොයන් Episode 23

“මොකක්ද දැන් ඔය ප්ලෑන් එක”

ගිහන්සා ඇහුවා. මම ඒක ගැන කිව්වා.

“ගිහන්සා ඒ දෙන්නව කොටු කර ගන්ඩ ඕනෙත් මේ දැන් අපි යන පාලු හරියෙදිමයි.මේ හරියේ ගෙවල් දොරවලුත් නෑ..මිනිස්සුත් මේ පාරෙව එච්චරම යන්නෙත් නෑ…”

“හෙටත් ඒ දෙන්න මේ පාරෙම එයිද ”

“අපි හිතමු එයි කියලා……..”
***************************************

ඊලග දවසෙ රෑ මට වෙනදට වඩා විශේශ රැයක් වුනේ ,නිම්සරයි ,ලසිකවයි කොටුකරගන්ඩ හදන රැය නිසා. පුර අටවක පෝය දවස නිසා අහසේ හද හරි අපූරුවට පායලා තිබ්බේ ලස්සන දසුනක් මවා පාමින්.

ඒ හද එලියෙන් රෑ නමය හමාරට විතර මම ගිහන්සාව හමුවෙන්ඩ ගනේගම මිනී පිටියට ගියා. මම ඊයේ කියපු විදිහටම ගිහන්සා වෙනඩ අදින සුදු ඇදුමටට සමුදීලා ලස්සන ම ලස්සන කහ හැට්ටයකුයි,,නිල් මල් වැටුන දිග සායකුයි ඇදන් හිටියේ මම එන මග බලාගෙන. ඒ ඇදුමට ඇයගේ මම වෙනද දැකල නැති සුන්දර බවකුත් ඉස්මතුවෙලා තිබ්බේ මගෙ පිරිමි සිතටත් අමුතු හැගීමක් එක්කරගෙන.

මම ඊයේ රෑ ගිහන්සට සුදු ඇදුම නැතිව පාට ඇදුමක් ඇදන් එන්ඩ කිව්වේ , නිම්සරලා ඉස්සරහට ඇය යද්දි එයාල ගිහන්සා ඇදන් ඉන්න සුදු ඇදුම දැකල හොල්මනක් කියල බය වෙයි කියල හිතලයි… වෙන මොකකටවත් නෙමේ.

මම ගිහන්සාව බයිසිකලේ තියන් ඊයේ අපි ගිය පාලු වත්ත ලගට ගියා.

“ගිහන්සා මෙතන තමා ,අපේ වැඩේ කරන්ඩ නිය ම තැන ”

ඒ හරියේ පාර ලග තිබ්බ විශාල නුග ගහක් ලග බයිසිකලේ නවත්තල මම කිව්වා.

“හරි ,,දැන් අපි කොහොමද අර දෙන්න මෙතනින් යන හරිම වෙලාව දැන ගන්නේ…..”

ගිහන්සා බයිසිකලෙන් බැහල එහෙම අහද්දි මම සාක්කුවට අත දාල ගත්තෙ phone එකක්.

“ගිහන්සා මේ phone අරන් මෙතන් ඉන්ඩ,,මම ටිකක් ඉස්සරහට යන්නම් ,අර දෙන්න එනකොටම මම,,,,,,, මම ලග තියෙනව තව phone එකක් ඒකෙන් මිස් call එකක් ඔයාට ගහන්නම්,, ඒක හරිගියෙ නැත්නම් මම කුරුල්ලෙක් වගේ කෑ ගහනවා….එතකොටම තියෙන්නේ ඔයාට මම කියපු දේ කරන්ඩ ,,හරිද”

“හරි ,,,මේ phone එකෙන් වෙන call එන්නෙ නැති වෙයි නේද”

“නෑ නෑ ඒ ගැන බය වෙන්ඩ එපා,, ඔය නම්බරෙ දන්නෙ මම විතරයි… වෙන කාගෙන්වත් එන්නේ නෑ…”

කියපු මම phone එකෙන් වෙලාව බැලුවා. වෙලාව හරියටම රෑ 10යි 49 විදිහට සටහන් වෙලා තිබ්බා.

“ගිහන්සා දැන් වෙලාව කිට්ටු වෙන්ඩ එන්නේ ,, එහෙනම් මම යනවා ,, මතකයිනේ මම කියපු දේවල්..”

කියපු මම ගිහන්සාව තනිකරලා බයිසිකලේ පැදන් ගල්වැවේ හන්දිය පැත්තට ගියා. ගිහන්සා හිටපු තැන ඉදලා හූවක් විතර දුරක් ගිය මම ඒ හරියේ තිබ්බ විශාල ගහක් ලග බයිසිකලේ නවත්තලා බලන් හිටියේ නිම්සරයි ,ලසිකයි එන තෙක්.

වෙලාව තප්පරෙන් තප්පරෙ ගියේ රෑ එකොලහ කිට්ටු කරමින්. මොහොතකින් මම දැක්කා එක ලග එන බයික් දෙකක්, ඒ දෙකෙන් ඉස්සර වෙලාම ආවේ ලසිකාගේ මල්ලි ඊයෙ පැදන් ආපු ස්කූටි වර්ගයේ බයික් එක කියල මට අදුන ගන්ඩ අමාරු වුනේ නෑ. ඒක අද එලවන් ආවේ ලසිකා.

පිටිපස්සෙ බයික් එකේ එන කෙනා අනිවාර්යෙන්ම නිම්සර වෙන්ඩ ඕන හිතපු මම ඉක්මනින්ම ගිහන්සාට කෝල් එකක් ගැහුවේ වැඩේට ලෑස්ති වෙන්ඩ කියලා. ප්ලෑන් එකේ ඊලග අදියර තියෙන්නේ ගිහන්සා අතේ…..

** බයික් දෙකම මම පසු කරන් ගියත් ,,ඒක එලවන් ගිය දෙන්නට මාව පෙනුනේ නැත්තෙ මම ගහකට මුවා වෙලා හිටපු නිසා.

පිටිපස්සේ ගිය ඩිස්කවරි වර්ගයේ බයික් එක එලවන් ගියේ නිම්සර කියලයි මගේ හිත කිව්වේ…..එහෙම උනොත් හොදා..

වෙනදේවල් හිත හිත ඉන්ඩ වෙලාවක් මට තිබ්බේ නෑ. බයිසිකලේ පාරට ගත්ත මම ඔවුන් පිටිපස්සේ වේගයෙන් බයිසිකලේ පැදන් අර නුග ගහ පැත්තට ගියේ ගිහන්සයි මමයි අටවපු උගුලට මේ දෙන්න අහුවෙයිදෝ සිත සිත.

“අපේ උගුලට අහු වෙයන් ,,එහෙම උනේ නැත්නම්……………… උගුල මොකක්ද ,,ඒකට අර දෙන්න අහුවෙයිද කියල බලන්ඩ එක්ක මම තව කොටසක් අරන් ඉක්මනට එන්නම්…

කතාවට ප්රචිචාරනම් දැන් සෑහෙන්ඩ අඩුවෙලා……………කන්දක් නාය ගිහින් වගේ….මොනා කරන්ඩද ,කියවන පොඩ්ඩ දෙනා ගැන හිතලා කතාව ඉස්සරහට කතාව ගෙනියනවා.

3 thoughts on “මියදුනු අය සොයන් |23 කොටස| හොල්මන් කතා”

  1. Hashini Navanjana.

    ඔයා දිගටම කතාව ලියන්න රාස්ස්ස්ස්ස්. . . . ප්‍රතිචාර අඩු උණා කියලා ඔයා සැලෙනවද.??? නෑනෙ නෑනේ.. ?? ආන්න ඒ නිසා මේ අපි ටික දෙනා වෙනුවෙන් හරි දිගටම ලියන්න. ?? අපි බලන් ඉන්නවනේ.. උගුල නම් මොකක්ද කියලා හිතාගන්න බෑ.. ?? උගුල මොකක්ද කියලා බලන්නත් එක්ක හෙට දිගම දිග කොටසක් අරන් එන්නකෝ… ??
    ?❤?❤?❤?❤

  2. කිරියෙන් පැණියෙන් ඉතිරෙන සිතුම් පැතුම් ඉටු වන සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්,මෙම ඇප් එකෙ ඇඩ්මින් අයියා ඇතුළු සියලු ම දෙනාට ම.
    අලුත් අවුරුද්දේ ඔන්න කතාව කියවලා comments කරා like දැන් මා හොදෙ.good luck dear.

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.