Katha Ahura

මියදුනු අය සොයන් |25 කොටස| හොල්මන් කතා

5/5 - (2 votes)

මියදුනඅයසොයන් episode 25

යනකොටම මම දැක්කේ ගහකට ශක්තිමල් වැල් වලින් බැදල හිර කරල හිටපු නිම්සරට ,හේමාල් තියුනු පොරවකින් ගෙල ඉලක්කකර කොටන්ඩ සැරසෙන දසුනක්.

මට සිතන්ඩ වෙලාවක් තිබ්බේ නෑ. හේමාල් ලගට පැන්න මම ඔහුව උපරිම ශක්තිය යොදව තල්ලු කෙරුවේ ,හොල්මනක් කියන එකත් අමතක කරමින්.

මට හිතාගන්ඩවත් බෑ ඊට පස්සේ වුන දේ. මගේ තල්ලුවට හොල්මන් හේමාල් විසි වෙලා අඩි විස්සක් විතර දුරකට ගිහිල්ල වැටුනේ එදා ,නිලන්තයි ,නර්මදායි තල්ලු කරද්දී වුන විදිහටමයි. කොහොම හරි මගේ මේ තල්ලු ව නිසා නිම්සරට කොටන්ඩ ගියා පොරෝ පාර වැරදී ඔහුගේ ජීවිතේ බේරුනා.

“උබලා…දෙන්නා….මම උබල දෙන්නට කිව්වා ,, මම කරන දේට බාදා කරන්ඩ එන්ඩ එපා කියලා ,,උබල දෙන්න ඒක අහල නෑ ,,, මම උබල දෙන්නටත් හොද පාඩමක් උගන්නනවා…”

හේමාල් වැටුන තැනින් නැගිට්ටේ වියරුවෙන් වගේ කෑ ගහමින්.

“අපි විතරද කියපු දේ අහල නැත්තේ ,,ඇයි උබ ,උබත් අහල නෑ අපි කියපු දේ ,,අපි කිව්වේ උබ නිම්සරටයි ,ලසිකටයි ඕන දෙයක් කරපන් ,හැබයි මරන්ඩ එපා කියලා, උබ ඒක ඇහුවද ”

“අනේ අපිව මෙයාගෙන් බේර ගන්ඩ,,,”

මම අර දේ හේමාල්ට කියල ඉවරවෙද්දිම ඇහුනේ නිම්සරගේ බැගෑපත් හඩ.

“උබලට ඒ වෙලාවේ මම එහෙම දෙයක් කිව්වනම් ,උබල දෙන්න කොහොමවත් මුන් දෙන්න දෝතැල්ලේ වැවට එක්ක ගෙන එන්නේ නෑ……..මම මුන් දෙන්නව මරලමයි පස්ස බලන්නේ……”

පොරව අමෝරාගෙන හෙමාල් නිම්සර හිටපු තැනට එනකොටම මම ආයේ පාරක් ඔහුව තල්ලු කෙරුවේ කලින් විදිහටමයි. මේ පාර හේමල් විසිවෙලා ගිහින් වැටුනේ ගහකත් වැදිලා…

“හේමාල් ,,ඔයාට නිම්සරලා කරල තියෙන්නේ නරක දෙයක් තමා…….ඔයා ඒකට වෛරෙන් පලි ගන්ඩ දැන් ඉන්නේ ,,,ඒත් එකක් මතක තියා ගන්ඩ වෛරෙන් වෛරය කවදාවත් සන්හිදෙන්නේ නෑ.. මම නෙමෙයි ඒක කිව්වේ ,,බුදු හාමුදුරුවෝ,,,,ඔයා අද නිම්සරවයි ,ලසිකවයි මැරුවොත් ඔයාගේ ආත්මෙට හොදක් වෙයි කියල හිතනවද,,,,නෑ… ඔයා තවත් පහත් තත්වෙකට වැටෙයි. අනික අද පුර අටවක පෝය දවස ,මේ වගේ පෝයවල් දවස්වලට කරන පාප කර්ම දරුණු විදිහට පලිසන් දෙන්නේ ,, ඔයා ඔය කරන මෝඩ වැඩේ නවත්වන්ඩ ,ඒ වෙනුවට අපි නිම්සරලගෙ න් වෙන මොනව හරි කරගමු. ඔයා අද නිම්සරවයි ,ලසිකවයි ,මැරුවොත් ඒ පවට අපි දෙන්නත් හවුල් වෙනවා..”

ගිහන්සා කියාගෙන කියාගෙන ගියේ හරියට බණක් දෙසනව වගේ. මම පුදුම වුනේ ඒකට මෙච්චර වෙලා වියරුවෙන් වගේ හැසිරුන හේමාල් ටිකක් මෙල්ල වුන නිසා.

** “මොනවද උබ ඒකෙන් අදහස් කරන්නේ ”

“විසෙන් විස නසනව වගේ දෙයක් , ඔයාව මරල දාල නිම්සරයි ලසිකයි කෙරුවේ නරක දෙයක් ,,ඒ නරක දේ කැපෙන්ඩත් එක්ක ඒ දෙන්නගෙන් ඔයා වෙනුවෙන් හොද දෙයක් කරගමු,, ”

“මොකක්ද උන් ලවා කරවගන්ඩ හදන්නේ,මට තේරෙන්නේ නෑ”

“මම කිව්වේ,ඔයාගේ ඔය පහත් ආත්මෙන් මිදෙන්ඩත් එක්ක ඔයා වෙනුවෙන් පින් අතේ දෙයක්”

“ඒ කියන්නේ ,මම වෙනුවෙන් දානයක් වගේ දෙයක්ද”

“නෑ දානය නෙමේ ,,ඔයා වෙනුවෙන් දානයක් දුන්නොත් ඒ දානේ පින ලැබෙන්නේ එදාට විතරයි. මේ දේ කෙරුවොත් ඔයාට අවුරුදු ගානක් යනකම්ම ඔයාට පින ලැබේවී”

“මට උබ කියන දේ තේරෙන්නෙ නෑ……”

“මම තේරුම් කරල දෙන්නම් ,,අපි ගත්තොත් ,දුටුගැමුණු රජතුමා කරවපු රුවන්වැලි සෑය… ඒක හදන්න ඒ කාලේ මිනිස්සු කීයක්නම් ඔට්ටු වෙන්ඩ ඇත්ද??? ඒ අය මේ වෙද්දිත් ආත්ම ගානක් මැරි මැරී ඉපදිලා අදත් කොහේ හරි තැනක ඉපදිලා ඇති. මොන ආත්මෙක ඉපදුනත් රුවන්වැලි සෑයට මිනිස්සු ගිහිල්ලා වන්දනාමාන කරන්ඩ කරන්ඩ ,,ඒක හදන්න වෙහෙස වුන අය කොහේ මොන ආත්මෙක ඉපදිලා හිටියත් ,හැමදාම ඒ අයට ඒ පින ලැබෙනවා….ඒවාට තමා දිනපතා ලැබෙන පින් කියන්නේ ,,වතුර බොන්ඩ නැති මිනිස්සු වෙනුවෙන් ළිදක් කපලා ඒකෙන් වතුර ගන්ඩ විදිහක් හදල දුන්නොත් ඒ ළිදෙන වතුර ගන්ඩ ගන්ඩ ,ඒ ළිද හදපු කෙනාට දිනපතා ඒ පින් ලැබෙනවා…..මම කිව්වේ අන්න ඒ වගේ පිනක්, නිම්සරටයි ලසිකටයි කියන්ඩ ඔයා වෙනුවෙන් එහෙම හැමදාටම ලැබෙන පිනක් ඔයා වෙනුවෙන් කරන්ඩ,, ඔයාගේ ආත්මෙටත් ඒකෙන් සැනසීමක් ලැබිලා කොහේ හරි හොද තැනක ඉපදේවි. මේ දෙන්නව මරල දාන්ඩ හදන අදහස වෙනස් කරන්ඩ. ඒ වෙනුවට අර වගේ දෙයක් කරවගන්ඩ බලන්ඩ.”

“හේමාල් අපිට සමාව දෙන්ඩ ,,මම ලසිකත් එක්ක එකතු වෙලා මේ නංගි කියන විදිහට ඔයා වෙනුවෙන් එහෙම දෙයක් කරන්නම්…. මේ ගමේ පන්සලේ ඝණ්ඨාර කුලුනක් නෑනේ ,, හේමල්ට පින් පිනිස මමයි ලසිකයි දෙන්න තනියමම ඔයා වෙනුවෙන් ඒක හදල පන්සලට පූජා කරන්නම්,,අර නංගි කියපු විදිහටම ඒකෙන් ඔයාට දිනපතා පින් ලැබෙයි.අපිට සමාවෙන්න…..”

නිම්සර කිව්වේ ගොත ගහමින්. ඒ කිට්ටුවම ගහක බැදල හිටපු ලසිකාටනම් මේ වෙන කිසිම දෙයක් පෙනුනේ නැත්තේ ඇය සිහි නැතිව හිටිය නිසා.

“ඔව් හේමාල් මේ දෙන්නට සමාව දෙන්ඩ”

මමත් කිව්වා.

“මුන් දෙන්න ඉතින් ,,ඒ දේ මම වෙනුවෙන් ඒ දේ කරයිද ”

“අනිවාර්යෙන්ම කරනවා ,,මේ සතියෙම පටන් ගන්නවා,,”

නිම්සර කිව්වා.

“හැබයි උබ ,අපිව රවට්ටලා තිබ්බොත් ඊට පස්සේ උබලට වෙන දේ මීට වඩා දරුණු වෙයි.”

මම කිව්වේ තියුණු හඩින්.
***************************************

ලසිකවයි නිම්සරවයි,,,හේමාල් කරන්ඩ ගිය දෙයින් බේර ගන්ඩ එදා රෑ මටයි ගිහන්සටයි හැකිවුනා. අපි වැවෙන් පිටවෙන්ඩ කලින් හේමාල් එදා මගෙන් උදුර ගත්ත ලක්ශ තුනේ මුදලත් මගේ අතට දුන්නා. දැන් මට මේ සල්ලි දෝතැල්ලේ මිනීපිටියට එන ඒ අසරණ ගෑණු කෙනාට දෙන්ඩ පුලුවන්.

පහුවදා රෑ ඒ සල්ලිත් අරන් දෝතැල්ලේ මිනීපිටියට ගිහන්සා එක්ක ගියේ ඒ අරමුනෙන්. ඒ ගෑනු කෙනා එන මග බලමින් මිනීපිටියට හැරෙන අතුරු පාර ලග අපි දෙන්නා හිටියේ ගහකට මුවාවෙලා. පුර පසලොස්වක පෝය කිට්ටුයි කියමින් ,පුර නමවක හද අපි දිහා බලන් හිටියේ අතු අතරින් එබෙමින්.

“අද එයා එන්නෙ නැති වෙයිද ,,එදා කිව්ව විදිහට එයා අර වගේ මෝඩ දෙයක් කරගෙනවත්ද දන්නෙ නෑ…..”

* මම නොසන්සුන් වෙමින් හිටියේ සෑහෙන්ඩ වෙලාවක් ගියත් අද ඇය ආපු නැති නිසා.

“තව ටිකක් බලමු ,එදා අපි දෝතැල්ලේ මිනීඉටියට ආවේ මේ වෙලාවට නෙමේනේ,,අද අපි ගොඩක් කලින් ඇවිල්ලා තියෙන්නේ ”

මමයි ගිහන්සයි තවත් සෑහෙන්ඩ වෙලාවක් එතන හිටියා .කාලය ටිකෙන් ටික ගතවෙද්දියි මම දැක්කේ ඈතින් එන රුවක්.

“අන්න එයා එනවා………”

මගේ කටින් පිටවුනේ ,කලින් දවසේ වගේම සුදු සාරිය ඇදන් ළමයත් වඩන් එන අර ගෑනු කෙනා දකිද්දියි.

“ඔව් එයා තමා,,අපි ඉක්මන් කරලා ,මේ සල්ලි ටික එයා යන මිනී ගොඩැල්ල උඩින් තියමු”

ගිහන්සයි මමයි එතනට ගියා. සුනෙත් ගේ කියා පැවසෙන ඒ මිනිගොදඩැල්ල උඩින් අපි අර පොඩි උරයකට දාපු ලක්ශ තුනේ මුදල් මිටි තිබ්බා.

“කෝ අර අපි ලියපු කොලේ ”

“තව ටිකෙන් ඒක මට අමතක වෙනවා”

සාක්කුවට අත දාපු මම අතට ග්ත්තේ හතරට නමපු කොලයක්.

“ඔයයි දරුවයි මැහිතෙල් බීල මැරෙනවා වගේ මෝඩ වැඩ කරන්ඩ එපා…..මෙතන තියෙනව ලක්ශ තුනක්,, ඒ සල්ලි අරන් ගිහින් ,ඔයාගේ දරුවගේ ඔපරේශන් එක කරලා දරුවව සනීප කර ගන්ඩ.,,මේ සල්ලි මෙතනට ආවේ කොහොමද කියල ඒ ගැන හිතන්ඩ එපා………ඔයාගේ සුනෙත් දුන්න කියලා හිතන්ඩකෝ.

තෙරුවන් සරණයි”

එහෙම ලියල තිබ්බ කොලේ මම අර සල්ලි උරේ උඩින්ම තියලා පස් කැටයකුත් ඒක උඩින් තිබ්බේ සුලගට යයි කියලා. නමවක සද එලියට ඒ සුදු කඩදාසි කොලේ කැපිලා පෙනුනා.

“අයියේ අපි දැන් මෙතනින් යමු,මෙතන අපි දෙන්න ඉන්න ව එයාට දකින්ඩ දෙන්ඩ බෑ, අන්න අර ගහ ලගට ගිහින් හැංගිලා හොරෙන් බලන් ඉමු”

ගිහන්සා මගේ අතින් අල්ල ගෙන ගහකට මුවා වෙද්දිම සුනෙත්ගේ මිනීගොඩැල්ල පැත්තෙන් හඩක් ආවා. මම හිතුවේ ඒ අර ගෑණු කෙනා එතනට ඇවිල්ල කියලා…..

ඒත් මම කොච්චර වැරදිද, එතන හිටියේ ඒ ගෑනු කෙනා නෙමේ…… මමයි ගිහන්සයි තියපු සල්ලි උරය අරගෙන කැතම කැත හිනාවකුත් නගාගෙන එතන හිටියේ…………..කවුද කියල දැනගන්ඩත් එක්ක මම ඉක්මනටම තව කොටසක් අරන් එන්නම් ,කවුරු වෙන්ඩ පුලුවන්ද???????????????

නිම්සරටයි ලසිකටයි අර වගේ ලොකු දඩුවමක් දුන්න එකට කතාව කියවන අය මාත් එක්ක තරහ වෙන්න එපා ……

ලයික් එකක් දීල කමෙන්ට්ස් එකක් කරන් යන්ඩ ,,,පවක් වෙන්නේ නෑ.

4 thoughts on “මියදුනු අය සොයන් |25 කොටස| හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.