Katha Ahura

මියදුනු අය සොයන් |28 කොටස| හොල්මන් කතා

5/5 - (2 votes)

මියදුන අය සොයන් episode 28

“මියැසි මීට අවුරුදු දෙකකට කලින් මැරුනා.”

” මොකක් ,මියැසි මැරිලා ,,කොහොමද එහෙම වෙන්නේ ”

නිම්නාදී ගේ අර විදිහෙ දෙයක් කියද්දි මගේ අතින් අර පොටෝ ඇල්බම් එකත් ගිලිහී වැටුනේ ඇහුන දේ අදහ ගන්ඩත් අමාරු වුන නිසා. මම කොහොමද විශ්වාස කරන්නේ මගේ හැම ප්රශ්නයකටම හෙවනැල්ලක් වගේ හිටපු ගිහන්සා ත් නර්මදා ,හේමාල් වගේ ම හොල්මනක් කියලා.

” පව් ඒ ගැනනම් කියන්ඩත් දුකයි මියැසි ජීවත් වෙලා ඉන්න කාලේ ගොඩක්ප්රශ්න වලින් බැට කාපු කෙල්ලක්. මියැසිගේ තාත්තා මැරුනේ මියැසි ලොකු ළමයෙක් වුන අලුත වගේ. ඔක්කොම වගේ කිව්වේ මියැසිගේ තාත්තා මැරුනේ මියැසිලොකු ළමයයෙක් වුන වෙලාවේ වැරද්දට කියලා.

මියැසිගේ තාත්තා මැරුනට පස්සේ මියැසිගේ අම්මා තවත් මනුස්සයෙක් කසාද බැන්දා ,ඒ මනුස්සයා මියැසිගේ අම්මට වැඩිය අවුරුදු දහයක් විතර බාලයි විතරක් නෙමේ මියැසිට වඩා වැඩිමල් වෙලා තිබිලා තියෙන්නෙත් අවුරුදු දහයකින් විතර. ගමේ මිනිස්සුගේ කට කතා පැතිලිලා තිබ්බා මියැසිගේ අම්මයි මියැසියි එක ම මනුස්සයෙක් කැන්දගෙන ඉන්නවා කියලා.

ඒත් මියැසිගේ එහෙම අදහසක් තුන් හිතකවත් තිබිලා නෑ. එත් අර මනිස්සයනම් ඉදල තියෙන්නේ මියැසිව හැම වෙලාවෙම කොටු කර ගන්ඩ බලාගෙන.

මට අද වාගේ මතකයි එදා ,මියැසි ඉස්කෝලෙට ආපු අවසාන දවස. මායි තව යාලුවෙකුයි එක්ක අඩ අඩා කිව්වා මේ දේවල්,,එදා මියැසි එහෙම දෙයක් කියනකම් අපි දැනන් හිටියේ නෑ ලස්සනට හිනාවෙලා හිටපු මියැසි මෙච්චරම ලොකුම ප්රශ්න ගොඩකට මුහුන දීල කියලා.

එදායින් පාස්සේ අයේ කවදාවත් මියැසි ඉස්කෝලේ ආවෙත් නෑ,අපිට පණ පිටින් දකින්ඩ හම්බවුනෙත් නෑ. එදාම හවස මැහිතෙල් කුප්පියක් බීලා මියැසි සදහටම අපෙන් වෙන්වෙලා ගිහින් තිබ්බා. මියැසි ලගේ ගේ පිටිපස්සේ තිබ්බ පාලු වත්තක වැටිල ඉදපු ගමේ කෙනෙක් එයා ව දකිද්දි එතන තිබිලා තියෙන්නේ මියැසිගේ මළකද, ආයේ ඔයාට මියැසි ව පන පිටින් දකින්ඩ හම්බවෙන්නේ නෑ අයියේ.”

නිම්නාදී සුසුමකුත් පිට කරලා ඒ කතාව කියල ඉවර කරද්දි මම දැක්කා නිම්නාදිගේ ඇසුත් එක්ක තෙත් වෙලා තියෙන හැටි.

“නිම්නාදි මම යනවා,,,අම්මට කියන්ඩ මම ගියා කියලා”

අමාරුවෙන් වචන ගොතා ගත්තු මම එතනින් එන්ඩ ආවේ හීනෙන් වගේ.ඒ තරමටම මම නිම්නාදි කියපු කතාවෙන් කැලබිලා තිබ්බා.

ගිහන්සා කතා කරද්දී කටින් එන මැහිතෙල් ගද, එයා එක්ක බයිසිකලේ යද්දි බල්ලන් එලවගෙන ආපු හැටි,,, ලසිකා එදා ගිහන්සා දකිද්දි සිහි නැතිවෙලා වැටුන හැටි,, මට මතක් කරල දුන්නේ නිම්නාදිගේ කතාව ඇත්තක්,,,,මම දැකපු ගිහන්සා හොල්මනක් කියලයි.

***************************************
හොල්මන් බලන්ඩ ආසාවින් හිටපු මට මේ වගේ අත්දැකීමකට ට මූන දෙන්ඩ වෙයි කියල මම හිතුවේ නැ.. මට හැම වෙලාවෙම මැවි මැවි පෙනුනේ අහිංසක විදිහට හිනාවෙච්චි ගමන් හිටපු ගිහන්සාගේ මූන. හීනෙන් වගේ ඇවිදගෙන ආපු මම පාලු නිවසේ ඇදකට වැටුනා.

“හිමකර ,,දැන උබ හොල්මන් දැක්කනේ,,,නර්මදා එදා නර්මදා එක්ක ආපු ,වත්සලා, නිලන්ත ,හේමාල් දැන් ගිහන්සා ත් ඒ ඔක්කොම හොල්මන් ,ඉතින් තව මොනවද බලන්නේ ,,,දැන් උබට මේ ගෙදර ඉන්ඩ ඕනේ නෑ,,ආපහු යමන්”

මගේ හිත මටම කිව්වා ඇදේ වැතිරිලා කල්පනා කරද්දී.

“ඔව් මට ආයේ මේ ගෙදර ඉන්ඩ ඕනේ නෑ,මම මෙහෙන් යනවා.”

මට අරන් යන්ඩ තිබ්බේ මම ගෙනාපු ඇදුම් විතරයි. ඒවත් හඩිසියේම මගේ පෙට්ටි බෑග් එකට දාගත්තු මම ගෙයි දොරත් වහලා එලියට බැස්සේ ආයේ මේ ගෙදරට එන්නේ නෑ හිතමින්.

“නර්මදා මම යනවා,,,අද ඉදන් උබේ ගෙදර උබ හිටපන්”

නර්මදා පේන්ඩ හිටියේ නැතත් මම ඒක කියල දැම්මා.

“නිම්නාදිගේ අම්මේ ,නිම්නාදි,පවන් ,මම මෙහෙන් යන්ඩ තීරනය කෙරුවා,,හදිසියේ ගත්ත තීරනයක්,නොකියා ගිය එක ගැන සමාවෙන්,,මම හිමකර”

සුදු කොලයක ඒක ලියපු මම , ගෙයි යතුරත් එක්කම නිම්නාදිලාගේ ගෙයි ඉස්සරහ දොර යටින් තිබ්බ කුඩා විවරයෙන් ඇතුල් කෙරුවා. රෑ එකොලහට විතර තිබ්බ මේ වෙලාවේ ගෙදර කට්ටිය හොදට නිදි ඇති.

පුර දසවක සද හරි අපූරුවට අහසේ පායලා තිබ්බා. ඒ හද එලිය මැද්දෙන් මම බයිසිකලේ ඔහේ පැදන් ගියේ නිශ්චිත තැනකට යන අරමුනකින් නෙමේ……

“මෙලහකට ගිහන්සා ගනේගම මිනීපිටියට වෙලා මම එනකම් බලන් ඇති…….”

සෑහෙන්ඩ දුරක් නිම්නාදිලාගේ ගෙදර ඉදන් ආපු මම ඒක හිතද්දි මම පහු කරගෙන බෙන්ස් වර්ගයේ කාරයක් මාව පහු කරගෙන ගියා.

“බ්රා………..ස්”

මාව පහු කරන් ගිය කාරය මොහොතකින් පාරේ පැත්තකට කර නැවතුත්වේ මීටර විස්සක් විතර දුරකට ගොස්.

“මේ රෑ ඇයි මේක මෙතන් නතර කෙරුවේ ”

හිත හිත ඒක පහු කරන් යන්ඩ හදන කොටම කාරයේ ඉස්සරහ දොර ඇරන් එලියට බැස්සේ මගේම වයසේ වගේ තරුණයෙක්. මට හිතා ගන්ඩත් බෑ මම ඉස්සරහ හිටියේ මගේ ඉස්කොලේ මගේ පන්තියේ හිටපු යාලුවෙක්.

“විදුර,,,,,,,උබ…….”

කියපු මම බයිසිකලේ හිටෙව්වා.

“අදුර ගත්ත නේද එහෙනම්,,,,,මම ඒත් හිතුව උබ හිමකරමමද කියල……”

“කොච්කර කාලෙකට පස්සෙද බන් ,,එදා ඒ ලෙවල් රිසල්ට බලන්ඩ ඉස්කෝලෙ ගියාට පස්සේ අපි ආයේ හම්බවුනේම නෑනේ ”

“හ්ම්ම්ම්ම්ම්ම්ම්, ඒක නෙමේ ,උබ කොහෙද මෙහෙ ,උබේ ගම මෙහෙ නෙමේනේ, අනික මේ රෑ”

“ආ මේ පැත්ත තමා අපේ අම්මලගේ ගම් පලාත, අපේ නැදෑ වෙන කෙනෙක්ගේ දානේ ගෙයක් තිබ්බා.. ඒක ඉවර වෙලා මම මේ යන ගමන් ”

විදුරට ඇත්ත කියන්ඩ බැරු හින්දා මම කිව්වේ බොරුවක්.

* ” පුට් සයිකලේක උබ මේ මහ රෑ යද්දි මම පොඩ්ඩ්ක් බයත් වුනා. උබ හොල්මනක්වත්ද කියලා ”

විදුර හිනාවෙලා ඒක කියද්දි මට ආවේ කියාගන්ඩ බැරි අමුතු හැගීමක්.

“ඇයි බන් උබ එහෙම කියන්නේ”

“නෑ බන් උබලගේ පැත්තෙ ඉදන් නේද අපේ පන්තියට ආපු තිසන්කයා හිටියේ ”

“ඔව්,,,,අපේ අල්ලපු ගමේ ”

“එක දවසක් ඌට මගේ නම්බරේ අපේ පන්තියෙම කොල්ලෙක්ගෙන් හොයාගෙන මට කතා කෙරුවා….ඌ එක්ක ටිකක් කතා කර කර යද්දි ඌ හරි හරි අමුතු කතාවක් කිව්වා උබ ගැන ,,ඒක මතක් වෙලයි මට අර විදිහට පොඩ්ඩක් බය වුනේ”

“මොනවද තිසංකයා මම ගැන කිව්වේ”

“ඌ කිව්ව උබ………………………………… තිසංක ,හිමකර ගැන විදුරට මොන වගේ දෙයක් කියන්ඩ ඇද්ද කියල අපි බලමු ඊලග කොටසින්.

ඔයාල හිතන්නේ ඒ මොන වගේ දෙයක් කියලද??????????????

2 thoughts on “මියදුනු අය සොයන් |28 කොටස| හොල්මන් කතා”

  1. Himakarath marila kiyanna athi.eyava hamotama penna aran thiyenne eyata itu karanna aramunak thiyana nisa venna athi.ammo dannam kathave inna okkoma holman vagei??
    Kathava superb.all the best

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.