Katha Ahura

මියදුනු අය සොයන් |31 කොටස| හොල්මන් කතා

5/5 - (2 votes)

මියදුන අය සොයන් episode 31

පිටිපස්ස හැරිලා බලද්දී මම දැක්කේ සුදු පාට බැනියමකුයි සුදු පාටම සරමක් ඇදගෙන හිටපු වයස අවුරුදු හැත්තෑවක් විතර කිට්ටු කරපු පුද්ගලයෙක්. සුදු රැවුල පපුව ලගට වගේ දිගට තියෙද්දී කොන්ඩෙත් ඔහු පිටි පස්සට කර බැදලා තිබ්බේ ගෑනු කෙනෙක් වගේ. ඔහුගේ බය හිතෙන පෙනුම දකිද්දි පලමුව මටත් බයක් දැනුනත් ඔහුගේ කටින් ඊට පස්සේ පිට වුන දේ ඇහිලා ඒ බය ටිකෙන් ටික නැති වුනා…

” ආ මේ මියැසි කෙල්ලත් ඉන්නේ….මොකද හුග කාලෙකට පස්සේ මාව හොයන් ආවේ ”

ගිහන්සා දිහා බලාගෙන ඔහු ඒක කියද්දි අර කලින් තිබ්බ කෝපවත් හඩ තිබුනේ නැත්තටම නැති වෙලා…

” අත්තේ අපි දෙන්න ආවේ අත්තගෙන් ලොකුම ලොකු උදව්වක් හොයාගෙන ”

” මොකක්ද උදව්ව”

” අත්තට දැනෙනවද අපි මේ කතා වෙන දේවල් හොරෙන් වෙන කෙනෙක් අහන් ඉන්නවද කියලා”

” නෑ ,,කවුරුවත් කවුරුවත් හොරෙන් අහගෙන ඉන්නේ නෑ… මට දැනෙන්නේ නැතිව මෙ වත්ත උඩින් බස්සෙකුටවත් ඉගිල්ලිලා යන්ඩ බෑ…”

ඒක අර පුද්ගලයා යාගේ කටින් පිට වුනාට පස්සේ ගිහන්සා ,මම ගැන මගේ අරමුන , නර්මදා ගැන ඒ දේවල් ඔක්කොම කියා ගෙන ගියා.

” ඒ කියන්නේ උබල දෙන්නට ඕනා අරනර්මදා කියන ගෑනු කෙනා අර සල්ලි හංගලා තියෙන්නේ කොහෙද කියලා දැනගන්ඩද”

” අනේ ඔව් අත්තේ බැයිද අපිට ඒ සල්ලි හංගල තියෙන්නෙ කොහෙද කියලා හොයාගන්ඩ විදිහක්. ”

” හ්ම්ම්ම්ම්ම් ,බලමුකෝ ,,උබල හිටපල්ලා පොඩ්ඩක් මෙහෙමම”

ටික වෙලා වක් කල්පනා කර කර හිටිය අර පුද්ගලයා එතනින් යන්ඩ ගියේ අර පාලු ගේ දිහාට. ගේ ඇතුලට ගිය ඔහු මොහොතකින් මතුවුනේ අතේ පොතකුත් සමගයි. පාලු නිවසේ ඉස්තෝප්පුවේ ඉදන් ඔහු අපිට කටාකරද්දී අපි එතනට ගියා.

” මොකක්ද ගිහංසා මෙයා මේ කරන්ඩ යන්නේ පොතකුත් අරගෙන”

මම ඇහුවේ රහසින් වගේ.

” මේ අත්තා ජීවත් වෙලා ඉන්න කාලේ හොද ජෝතිශ්යවේදියෙක් , ඔය හදන්නේ එයා දන්න දැනුමෙන් අපිට උදව්වක් කරන්ඩ.”

බිම පේමන්ට් එකේ සද එලිය වැටෙන තැනක වාඩිවුන අර වයසක පුද්ගලයා අර පොත පෙරලලා එක පිටුව්කට ගියා. මම හිතපු විදිහටම් ඒ පොත කෙන්දර හදන අය ලග තියෙන ලිත් පොතක් .ඒ පිටුව දිහා බලාගෙන ඔහු සුදු කොලයක කෙන්දර සටහනක් ඇන්දා.

” එකට වැඩි එකසිය අටට අඩු ඉලක්කමක් කියන්ඩ ”

වයසක පුද්ගලයා ඇහුවේ මම දිහා බලාගෙන

” තිස් පහ ”

මම ටික වෙලාවක් කල්පනා කරලා කිව්වා.

” තිස් පහ නේද”

කියපු ඔහු තිස් පහ අර කොලේ ලියල නමයෙන් බෙදුවා.

” ඉතිරි අටයි ඒ කියන්නේ වෘශ්චික ලග්නය. ශිර්ශෝද ලග්නයක් ආපු එකනම් උබේ පැත්තෙන් ටිකක් හොදයි. අපි බලමු ග්රහයෝ මොනවද කියන්නේ කියලා……”

** කියපු ඔහු අර පොත දිහා බලාගෙන අර ඇදපු කේන්දර සටහනේ ග්රහයන් එක එක නම දෙනාම දාගෙන ගියා.

” උදාවුන ලග්නය වෘශ්චික ජල රාශියක්,,, ලග්නාදිපති කුජ නීච වෙලා කටක රාශියේ , සදු ග්රහයාත් තමාගෙම රාශිය වන ඒ කටක රාශියෙම ඉන්නවා…කටක කියන්නෙත් ජල රාශියක්.. ඒ හින්ඩා ඔය කියන කෙනා සල්ලි හංගල තියෙන්නේ ජලය ගොඩක් සමීප වුන තැනක.

ලේ වලට අදිපති නීච දුර්වල කුජ ග්රහයා සදුත් එක්ක එකම තැන ඉදන් අපිට ලොකුම ලොකු හෝඩුවාවක් දෙනවා.”

” මොකක්ද ඒ හෝඩුවාව”

මම ඇහුවේ නොසන්සුන් වෙමින්.

“සල්ලි හංගල තියෙන තැන් මීට ගොඩාක් ලග කාලෙක ලෙයින් තෙත් වෙච්ච තැනක් ,, ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඒ තැන ලගදි දවසක කපල කොටලා මරල දාල තියෙනවා….”

” ඒ තැන මෙතන ඉදන් ගොඩක් දුරද ,වෙන මොකුත් හොයාගන්ඩ බැයිද”

මම ඒක කිව්වට පස්සෙ අර පුද්ගලයා ආයෙ අර කොලේ ගානක් හැදුවා.

” වෘශ්චික ලග්නේ ලග්නාදිපති කුජයි ,සදුයි අතර තියෙන්නේ අංශක තුනක පොඩි පරතරයක් විතරයි. ඒ කියන්නේ ඒ තැන තියෙන්නේ මෙතන් ඉදන් හැතැම්ම තුනක් විතර දුරකින්. ග්රහ පිහිටීම්වලට අනුව මේ තැන දවල්ටත් ටිකක් අදුරුයි. ගස්කොලන් වලින් වට වුන තැනක්. ඒ විතරක් නෙමේ ඔය සල්ලි හංගලා තියෙන්නේ පොලව මට්ටමේ ඉදන් ටිකක් උඩකට වෙන්ඩ. එච්චරයි මට තත්කාල ශාස්ත්රයෙන් කියන්ඩ පුලුවන්.”

” මේ වගේ තැනක් කොහොමද අපි දවස් 05 ඇතුලත් හොයාගන්නේ……වෙන මොකුත්ම හෝඩුවාවක්.”

” කියන්ඩ අමාරුයි……”

ඒ ටිකවත් දැනගෙන මමයි ගිහංසයි ඔහුට ස්තූති කරලා ආපහු එන්ඩ ආවා.

” ඒ කෙනා කිව්ව දේවල් පිලිගන්ඩ පුලුවන්ද ගිහන්සා ”

එන අතර මගදී මම ගිහන්සා ගෙන ඇහුවා.

” ඔව් ඒ අපේ තාත්තගේ තාත්තගේ අයියා කෙනක්. ජීවත් වෙලා ඉන්න කාලේ මේ පැත්තේ හොදම ජෝතිශය කරපු කෙනෙක්.”

” ඒත් ඇයි එයා මැරිලා තවමත් ඔය වගේ තත්වෙක ඉන්නේ ”

” කේන්දර , ඒ වගේ ගුරුකම් වැඩ කරලා අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි හූරගෙන කාලා,, සමහර අයව රවට්ටලා, සල්ලි අරගෙන…එකේ විපාකේ තමා ඔය ගෙවන්නේ”

” ඉතින් ගිහංසා එයා අපිවත් රැවට්ටුව වෙන්ඩ බැයිද”

” දැන් මොකටද අයියේ එයාව අපිව රවට්ටන්නෙ ,, ඔය කොයි සෙල්ලම කරන්ඩ පුලුවන් ජීවත් වෙලා ඉන්න කාලේ විතරයි. අනික අපිව රැවට්ටුව කියල දැන් එයාට මොනව හම්බවෙන්ඩද ,සල්ලි හම්බවෙනව කියල වැයි. අනික ඒ අත්ත මට බොරු කියන්නේ නෑ…”

“එහෙනම් ඉතින් ඒ කිව්ව දේ ඇත්ත කියල පිලි අරන් අපිට අර වගේ තැනක් හොයාගන්ඩම වෙනවා. කිලෝමීටර් තුනක් ඇතුලේ වතුර පිරුනු තැනක් වෙන්ඩත් ඕනා ,, ලගදි දවසක කවුරු හරි එතන කපල කොටල මරල තියෙන්ඩත් ඕනා . සල්ලි හංගල තියෙන්නෙ උඩක. ඒ පැත්ත ගස් කොලන් වලින් වටවුනු තැනක්.”

” හිමින් කතා කරන්ඩ අයියේ හිමින්, අර නර්මදාට ඔය කියන දේවල් ඇහුනොත් අපි කරපු දේවල් ඔක්කොම වතුරේ , එයා ඒ සල්ලි වෙන තැනක හංගන්ඩ පුලුවන්”

* ඒත් ගිහන්සා ඒක කියද්දි අපි කොච්චර පරක්කුද ? ,මම මෝඩයෙක් වගේ කියපු අර දේවල් නර්මදා තැනක ඉදන් අහගෙන හිටිය බව අපිට ඒ වෙලාවේ දැනුනේ නෑ…

“ගිහංසා අපි දැන්ම ඒ තැන හොයන් යනවද ,,අපිට ඒ වගේ තැනක් ගැන දැන ගන්ඩවත් තැනක් නෑනේ…”

මම කිව්වේ ගිගංසට විතරක් ඇහෙන විදිහට.

” මේ වෙලාවෙනම් ඒ තැන හොයාගෙන යන්ඩ බෑ. තව පොඩ්ඩ වෙලාවකින් ඉර එලිය වැටෙනවා…අපිට දවල්ට ඔය වගේ දේවල් හොය හොයා යන්ඩ බෑනේ,,දවල්ට හොදට නිදාගෙන ඉදලා හෙට රෑ ඉදන්ම පටන් ගමු,, මම කල්පනා කරල බලන්නම් මේ වගේ තැනක් තියෙන්නේ කොහෙද කියලා… ඔයටත් අයියේ පවන්ලගෙන් ,නිම්නාදිලාගෙන් මේ ගැන අහන්ඩ පුලුවන්.”

ගිහන්සා ව ගනේගම මිනීපිටිය ලගින් බස්සපු මම ආයේ පාරක් ගියේ කවදාවත් ආයේ එන්නේ නෑ කියල හිතපු නිම්නාදිලාගේ ගෙවල් දිහාට. මේ යද්දිත් මම කල්පනා කර කර ගියේ කොහොමද අර වගේ තැනක් හොයාගන්නේ කියලා.තවත් කොටසක් අරන් මම හෙට හවසටත් ඔයාලව මුනගැහෙන්ඩ එන්නම්කෝ

කතාව කියවන ඔයාලට අනුමාන කරන්ඩ බැයිද නර්මදා සල්ලි හංගල තියෙන්නේ කොහෙද කියලා..

දැන්නම් කට්ටිය කතාව ඉවර කරන්නෙ නැති හින්දා මාව කන්ඩ තරම් තරහ ඇති නේ…ඒත් මාව කන්ඩනම් එපෝ…….තව කොටස් දෙකකින් අඅනිවාර්යයෙන් ම කතාව ඉවර කරනවා.

5 thoughts on “මියදුනු අය සොයන් |31 කොටස| හොල්මන් කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.