Katha Ahura

මියදුනු අය සොයන් |32 කොටස| හොල්මන් කතා

5/5 - (2 votes)

මියදුන අය සොයන් episode 32

මම නිම්නාදිලාගේ ගෙදර යනකොට ගේ ඉස්සරහ දොර ඇරල තිබ්බේ නැතත් ගෙදර කට්ටිය ඇහරිලා හිටියා. එයාලට බොරුවක් කියල කලින් දවසේ රෑ දොර යටින් දාපු ලියුමයි යතුරයි අරන් ආයෙත් මම අර පාලු ගෙදරට ගියා.

වෙනදවස්වලනම් මට දවල්ට හොදට නින්ද ගියත් අර තැන ගැනම මනස වෙහෙසපු මට පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ. එදා දවසේ අදුර වැටෙනවාත් සමගම මම නිම්නාදිලාගේ ගෙවල් පැත්තට ගියේ අර තැන ගැනහෝඩුවාවක් දැනගන්න අරමුනෙන්.

” පවන් දන්නවද ,මේ ලගදි,,,,,, මෙහාට ගොඩාක්කිට්ටු වතුර පිරුණු තැනක් ලග කපල කොටලා මරල දාපු කෙනෙක් ගැන. විස්තරයක්.”

මෙච්කර වෙලා මනසෙ වද දුන්න ප්රශ්න ය මම ඇහුවේ අපි දෙන්න කැරම් ගහන වෙලාවේ.

” ඇයි ඒ වගෙ තැනකටත් යන්ඩද හොල්මනක් බලන්ඩ ”

පවන් කිව්වේ මුවට හිනාවක් නගාගෙන.

” විහිලු නෙමේ පවන් එහෙම තැනක් දන්නවනම් කියපන්කෝ, මට ඒ වගේ තැනක් ඉක්මනින්ම හොයාගන්ඩ ඕනා….”

” මේ ලගදි ඉතින් ඒ විදිහට කපල කොටල මරල දාල තිබ්බේ හේමාල් අයියා තමා. අර අපි කලින් දවසක කතා වුනේ එයා ගැන ,, මම හිතුවේ අයියා එයාගේ හොල්මන හම්බවෙන්ඩ මේ වෙද්දි දෝතැල්ලේ වැවට ගිහිල්ලත් ඇති කියලා…”

” ඒ කියන්නේ නර්මදා අර සල්ලි හංගල තියෙන්නෙ හේමාල් මරපු කිට්ටුවද ,, ඔව් එතන් වතුර තියෙන තැනකටත් ලගයි. දවල්ටත් ඒ පැත්ත අදුරුයි… මට ඇයි මේක මීට කලින් මතක් වුනේ නැත්තේ..,, ”

මම හිතුවා……

” හේමාල් කියද්දිමයි මට දෙයක් මතක් වුනේ ”

” මොකක්ද ඒ ”

” අද මමයි අම්මයි පන්සලට දානේ අරන් යද්දි පන්සලට නිම්සර අයියයි, ලසිකා අක්කයි ඇවිල්ලා හිටියා,, ලසිකා කියන එක්කෙනා ගැගැනනම් අයියා දන්නෙ නැතිව ඇති. එයා තමා හේමාල් අයියව බදින්ඩ හිටියේ ….. ඒ දෙන්න ඇවිල්ල හිටියේ , මැරුනු හේමාල් අයියට පින් පිනිස පන්සලේ නැති ඝණ්ඨාර කුළුනක් හදන්ඩ ,,හාමුදුරුවෝ එක්ක කතාකරගෙන යන්ඩ ”

පවන් කියපු ඒ කතාව ඇහුනට පස්සේ මට දැනුනේ කියාගන්ඩ බැරි තරම් සතුටක්. ඒ කියන්නේ නිම්සරලා මමයි ගිහන්සා යි කියපු දේ කරන්ඩයි යන්නේ…
***************************************

පුර එකොලොස්වක සද පායල තිබ්බ එදා රෑ මම ගනේගම මිනිපිටියට ගියේ වෙනදටත් වඩා කලියෙන්.

” අයියේ මම හොයා ගත්තා නර්මදා අර සල්ලි හංගලා තියෙන්නේ කොහෙද කියලා ,,එයා ඒ සල්ලි හංගලා තියෙන්නේ හේමාල් මරපු දොතැල්ලේ වැවේ අර ගස් බෙනේ ”

ගිහංසා මම දකිද්දීම ඒක කියාගෙන් මම ලගට ආවා…

” මාත් ඒ ගැනකියන්ඩමයි මෙච්චර ඉක්මනට හොයා ගෙන ආවේ . ඉක්මන්ට යමු දෝතැල්ලේ වැවට ,, නර්මදා ට ඉව වැටුනොත් ඔක්කොම ඉවරයි.”

ගිහන්සා ඒ ගැන දැන ගත්තේ කොහොමද කියලා වත් මට අහන්ඩ ඕනා කමක් තිබ්බේ නෑ ,, මට ඕන වුනේ ඉක්මනින් අර සල්ලි මගේ අතට ගන්ඩයි.

** ” උබට කොහොමද එච්චර හයියක් ,මගේ තැනට ඇවිත් මාත් එක්ක හැප්පෙන්ඩ….”

” මට කොහෙත් එකයි….අතඇරපන් ඔය උරේ ,,, නැතිනම් උබට මම කරන දේ හිතාගන්ඩත් බැරි වෙයි. උබට කලිනුයි මම මැරුනේ ,,මගේ සපෝට් එකට ඉන්නව සෑහෙන්ඩ සෙට් එකක් ,, උබ මේ ඊයෙ පෙරේද මැරිලා මාත් එක්ක හැප්පෙන්ඩ එනවා….”

දෝතැල්ලෙ වැවේ හේමාල් මරපු තැන ලංවෙද්දී අපිට ආවේ ලොකුම ලොකු කාලගෝට්ටියක්. ඒ හඩවල් දෙකම මට අදුර ගන්ඩ අමාරු වුනේ නෑ. එකක් හේමාල්ගේ ,අනිත් හද නර්මදාගේ.

” ඉක්මන් කරමු ගිහංසා අපි පරක්කු වැඩිද මන්දා ,නර්මදා අපි දැනගත්ත දේවල් දැනගෙන වගේ.”

මම ගිහන්සා ත එක්ක කලබලෙන් ඒ පැත්තට යද්දි දැක්කේ නර්මදයි ,හේමාලුයි ,,අර අපි ලක්ශ තුන දාපු උරය අරගන්ඩ පොර කන හැටි.

” උබ එහෙනම් ඕක මට දෙන්න්ම නෑ නේ ”

” නෑ දෙන්නෙම නෑ ,,ඔය සල්ලි උබෙ නෙමේ ,ඔය සල්ලි අර දෙන්නගේ ,, ”

” ආ මට දැන්නෙ තේරුන් ,, උබත් එහෙමනම් උන් දෙන්නගේ පැත්තේ ,, ආ එහෙමනම් …..”

කියපු නර්මදා හේමාල්ට හයියෙන් පයින් පාරක් ගහද්දි ඔහු ඈතට විසිවෙලා ගිහිල්ලා වැටුනා. ඔහු අතින් සල්ලි උරය අත හැරෙද්දි නර්මදා හැදුවේ ඒකත් අරන් ඉක්මනින් එතනින් පැනල යන්ඩ.

එත් ඊට කලින් මම දුවගෙන ගිහින් නර්මදාගේ බෙල්ලෙන් අල්ලගත්තා.

” ගිහන්සා ඔය සල්ලි උරය අතට ගන්ඩ ”

මම කියන්ඩත් කලින් ගිහන්සා සල්ලි උරය අතට අරගෙනත් ඉවරයි.

” නර්මදා උබේ සෙල්ලම් දැන් ඔක්කොම ඉවරයි.ආයේ උඩ පනින්ඩ ලෑස්ති වෙන්ඩ එපා…..”

මම කිව්වේ නර්මදාව අතනොහැරමයි. මගෙන් ගැලවෙන්ඩ උත්සහ කෙරුවත් නර්මදාට ඒක කරගන්ඩ බැරි වුනා.

“ඔව් උබල දක්ශයි,,,මාව අත අරින්ඩ ,,, මම ආයේ උබලට කරදර කරන්නේ නෑ… අර සල්ලි අර ගෑනු කෙනාට දීල උබේ අරමුන ඉටුකරගනින්.”

මෙතෙක් දවසක් මාත් එක්ක ගේමටම කතා කරපු නර්මදා අර දේ අර විදිහට කියද්දි මට දැනුනේ පුදුමයක්. ඒ හඩේ තිබ්බේ ලෙන්ගතු පහත් හඩක්.

“උබ ඔය ඇත්තමද කියන්නේ ”

” ඔව් මම උබලට කර්පු දේ හොද නෑ ,මට ඒකට සමාව දීපල්ලා……”

” එයාව අතහරින්ඩ අයියේ ”

ගිහන්සාත් කිව්ව හින්දා මම නර්මදාව අතහැරියා.

” අයියෙ අපි දැන් සල්ලිත් හම්බවුන එකේ මෙතනින් යමු. අර ගෑනු කෙනා දොතැල්ලේ මිනිපිටියට එන්නේ මේ වෙලාවට එයා එන්ඩ කලින් යන්ඩ ඕනා. දැනටමත් පරක්කුයි වගේ.”

” හේමාල් උබත් එක්ක අපි පස්සෙ කතා කරන්ඩ එන්නම් , උබට කියන්ඩ සතුටු හිතෙන ආරංචියකුත් තියෙනවා….”

අපිලග හිතපු හිටපු හේමල්ට ඒක කියල අපි හැදුවේ එතනින් ඉක්මනින් යන්ඩ.

” හහ් හහ් හා…….උබ එහෙනම් හදන්නේ ඔය සල්ලි අර ගෑනිට දීල උබේ අරමුන ඉටුකරගන්ඩනේ ,, ඒකනම් ඉතින් මේ නර්මදා ඉන්නක්ම් උබට කර ගන්ඩ හම්බවෙන්නේ නෑ…උබට ඔය සල්ලි ගිහින් දෙන්ඩ කලින් මම ගිහින් ඒ ගෑනියි ළමයවයි මරලා දානවා… නිලන්තයි වත්සලයි මරපු මට උන් දෙන්න මරන එක එච්චර ලොකු දෙයක් නෙමේ ”

කැත් විදිහේ හිනාවක් නගාගෙන නර්මදා ඒක කියද්දි මම ගල් ගැහුනා වගේ හිට්ටවුනා. නර්මදා කලින් කරල තියෙන්නේ රගපෑමක් කියල තේරෙද්දි මට දැනුනේ වචනෙන් කියන්ඩ බැරි තරහක්.

” උබ මහ ජරා ගෑනියෙක්,, මම උබට කොහොමවත් ඒ දෙන්න මරන්ඩ දෙන්නෙ නෑ…”

” හරි බලමුකො… උබද දිනන්නේ මමද දිනන්නේ කියලා…..”

“උබට මම හොද පාඩමක් උගන්නනවා ”

මම නර්මදාගේ පැත්තට පැන්නේ ඇයව ආයේ පාරක් අල්ල ගන්ඩ හිතන්. ඒත් මෙ පාර මම පරක්කුයි. ඇය හයියෙන් උමතු හිනාහඩක් එක්ක වැව් කැලේ ගස් කොලන් අතරින් දුවගෙන නොපෙනී ගියා.

* හේමාල් ,ගිහංසා ,මම අපි ඔක්කොම ,නර්මදා අල්ලගන්ඩ ඇය ගිය පැත්තට දිව ගියත් , වැඩක් වුනේ නෑ. නර්මදා අතුරුදහන් වෙලා හිටියා.

“දැන් මේ වැව් කැලේ පීරලා හරියන්නේ නෑ…නර්මදා අර දෙන්න්ව මරන්ඩ කලින් අපි මොකක් හරි කරන්ඩ ඕනා,, අයියෙ අපි ඉක්මනට යමු දෝතැල්ලේ මිනීපිටියට ”

ගිහන්සා කලබලෙන් කිව්වට පස්සේ මම ඉක්මනින් ඇයත් එක්ක වෑකැන්දේ ගහක් ලග හිටවල තිබ්බ බයිසිලලේ ලගට දුවගෙන ගියා. ඒකට ගිහන්සා වත් නග්ගගත්තු මම දොතැල්ලේ මිනීපිටිය ලගට පැදගෙන ගියේ ඉගිල්ලිලා වගේ වේගෙන්. මිනීපිටිය ඇතුලට යද්දී මම දැක්කේ………………………අවසාන කොටසත් අරගෙන මම හෙට හවස ඔයාල හම්බවෙන්ඩ අවසාන වතාවට එන්නම්……………

මේ කතාව ගොඩක් ම වෙනස් කතාවක්.. කතාවේ කතා නායකයා ඇතුලු කතාවේ ප්රදාන චරිත ගොඩක්ම මියදුන අය ,,ඒ කියන්නේ හොල්මන්.

සමස්ත කතාවම එක කොටසේ ඉදන් අවසාන කොටස දක්වාම ගලාගෙන යන්නේ ඉර බැහල ගියාට පස්සේ. රාත්රී කාලයේදීයි. දවල් කාලේ කතාව ගලාගෙන යන්නේ නෑ…දවසින් දවස සදේ ගමනත් එක්ක කතා ව ගලාගෙන යන විදිහටයි ලිව්වේ.

ඒත් ඉතින් කතාවට ලැබුනේ ගොඩක් අඩු ප්රච්චිචාර…..මට හිතෙන හැටියට ඇප් එකේ අඩුම ප්රචිචාර ආවේ මගේ මේ කතාවට. ඒත් කතාව කියවපු පොඩ්ඩ දෙනා කතාව ආසාවෙන් කියවන්ඩ ඇති කියල මට හිතුන හින්දා අතර මග නතර කරන්නෙ නැතිව දිගටම ලියාගෙන ගියා……..☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

4 thoughts on “මියදුනු අය සොයන් |32 කොටස| හොල්මන් කතා”

  1. මම නම් ගොඩාක් ආසාවෙන් හැමදාම කතාව කියෙව්වා .
    වෙනස් විදිහෙ කතාවක් නිසා කියවද්දි ආස හිතෙනවා.
    ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ?????????

  2. මං නම් කතාව දිගටම කියවගෙන ගියා.ගොඩක් ආශාවෙන් කියෙව්වෙ.හැම කෙටසකම අවසානයේ ලොකු කුතුහලයක් තිබ්බෙ.අවසානය වෙනකම් අපි ඔයත් එක්ක ඉන්නවා.good job.best of luck.

  3. ඇයි ඔයා ප්‍රතිචාර ගැන ඔච්චර හිතන්නෙ ?ඔයාට විශ්වාස නම් ඔයාගෙ හැකියාව ගැන අනිත් අයගෙ comment බලාගෙන කතාව ලියන්න එපා.

    ඔයාගෙ කතාව ලස්සනයි . සුභ පැතුම් ?️?️?️?️?️?️?️???️?️?️?️?️?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.