Katha Ahura

මියදුනු අය සොයන් |33 කොටස| හොල්මන් කතා

4.7/5 - (32 votes)

මියදුන අය සොයන් last episode 33

මම දැක්කේ අර ගෑණු කෙනාට පොඩ්ඩක් ඈතින් බිම වැටිලා වේදනාවෙන් කෑ ගහන නර්මදාගේ රුව. අර ගෑණු කෙනත් ළමයත් වඩාගෙන සුසන්ත ගේ මිනීගොඩැල්ල ලග හිටගෙන බලන් හිටියේ වුනේ මොකක්ද කියල හිතාගන්ඩ බෑ වගේ.

“මොකද මෙතන වෙලා තියෙන්නේ ගිහන්සා, ඇයි අර නර්මදා අර විදිහට……ඉන්නේ”

කියපු අපි දෙන්නත් එතනට කිට්ටු කෙරුවා. එතකොටයි මම දැක්කේ නර්මදාගේ අත් දෙකම දරුනු විදිහට පිච්චිලා තියෙන විදිහ ,, නර්මදා කෑ ගහන්නේ ඒ වේදනව දරා ගන්ඩ බැරුවයි. මේ වෙද්දී මට දැනිලා තිබ්බා වෙනද වගේ දෝතැල්ලේ මිනීපිටියේ මට ඉන්ඩ බැරි තත්වයක්. මොකද මට අද මිනිපිටියේ ඉන්න් කොට දැනුනේ මගේ ඇග පිච්චෙනවා වගේ හැගිමක්.

” නර්මදා උබට මොකද වුනේ ,, ඇයි ඔය අත් දෙක පිච්විලා…. ”

කොච්චර තරහකාරයෙක් වුනත් ,,කරදරයක වැටිලා ඉන්නව බලාගෙන ඉන්න පුලුවන් කමක් මට තිබුනේ නෑ.

” මේක මම කරන්ඩ ගිය නපුරු වැඩේට දඩුවමක්,, ඉක්මනට උබල අර සල්ලි අර ගෑනු කෙනාට දීල මේ පිටියෙන් යමල්ලා ”

” මොකද නර්මදා වුනේ කියන්ඩකෝ….”

” මම හැදුවේ අර ගෑනු කෙනාව පිටිපස්සෙන් ගිහිල්ල උබල දෙන්න එන්ඩ කලියෙන් බෙල්ල මිරිකල මරලා දාන්ඩ ,, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව තිබුන තරහටත් එක්ක මම ඒ ගෑනු කෙනාගේ බෙල්ලට අත් දෙකින්ම අත තිබ්බා. එත් මට කිසිම දෙයක් කර ගන්ඩ බැරි වුනා. මට දැනුනේ මගේ අත් දෙකම රත් වෙච්ච තෙල් තාච්චියටක අත දැම්ම වගේ.”

” අයියේ ඉකමනින් අර සල්ලි දීල මේ ගෑනු කෙනා ලගින් යමු,, මටත් දැන්නම් මේ හරියේ ඉන්ඩ බෑ.. ගිනි ගොඩක් ලග ඉන්නව වගේ……”

ගිහන්සාට විතරක් නෙමේ ඒ හැගීම මටත් දැනිලා තිබ්බා.

” ඒ ගෑනු කෙනාගේ බෙල්ලේ ,,බුදු ගුණයෙන් පිරිත් කරපු පිරිත් නුලක් තියෙනවා ,, නර්මදාට අර වගේ දෙයක් වෙලා තියෙන්නේ ඒ හින්දා ,,අපි වගේ අයට ඒ දේවල් කැප නෑ……”

ගියන්සා ඒක කියද්දියි මට වෙලා තියෙන දේ වැටහුනේ. පුදුමෙන් අපි දිහා බලන් ඉන්න අර ගෑනු කෙනාගේ බෙල්ලේ බැදල තියෙන පිරිත් නූල මම දැක්කා.

මම ඇය ලගට අර සල්ලි උරෙත් අරන් ගියා. මට දැනුනේ ඇය ලගට ලන් වෙන්ඩ ලංවෙන්ඩ විශාල ගිනිගොඩකට ලංවෙනවා වගේ වේදානාවක්.

” ඔය තුන් දෙනා කවුද,, මේ රෑ මනුස්සයොනම් වෙන්ඩ බෑ……”

ඒ ගෑනු කෙනා එහෙම කිව්වත් ඒ හඩේ පොඩ්ඩක්වත් බයක් ගෑවිලාවත් තිබ්බෙ නෑ…

” අපි මනුස්සයො නෙමේ කියලා දැනගෙනත් ඔයාට පොඩ්ඩක්වත් බය හිතෙන්නෙ නැද්ද”

” මොකටද මම බය වෙන්නේ ,, මම එහෙම බයක් තියෙනවනම් මේ මහ රෑ මිනීපිටියකට එයිද ,, මගේ දැන් මැරෙන එක මිසක් මගේ ජීවිතේ වෙන කිසිම අරමුනක් නෑ…මම දැන් කිසි ම දේකට බය නෑ….”

” අපි දන්නව ඔයාගැන ඔක්කොම ,, ඔයාගේ ප්රශ්නය ගැනත් දන්නව,, ඔයයි ළමයයි මැරෙන්ඩ එපා , අපි මෙතනට ආවේ ඔයාට උදව් කරන්ඩ ,,මේක ගන්ඩ ,, ”

මම අර සල්ලි උරය ඇයගේ අතට දුන්නෙ මේ වෙද්දි ඉවසගෙන ඉන්ඩ බැරි වේදනාවත් දරගෙනයි.

” මොනවද මේ ”

” ඕකේ තියෙන්නේ සල්ලී ,ලක්ශ තුනක්ම තියෙනවා ,ඔය සල්ලි අරගෙන ගිහින් ඔයාගේ දරුවගේ ඔපරේශන් එක කර ගන්ඩ ”

මම ඒකට කිව්වට පස්සෙ අර උරය ඇය අරගෙන ඒකට අතදල ඒකෙ මුදල නෝට්ටු අතට අරගෙන ඒ දිහා බලන් හිටියේ නිධානයක් හම්බවුනා වගේ.

” දෙවියනේ මට මේක විශ්වාස කරන්ඩත් බෑ…ඒත් ඇයි ,මට මෙහෙම උදව්වක් කරන්නේ ”

ඇය පුදුමෙන් අහන් ඉන්නකොට මම මගේ කතාව ඇයට කිව්වා.

** ” එයාට එයාගේ අරමුන ඉටුකරගන්ඩ උදව් වෙන්ඩ ,,, ඔයා අර එදා කිව්ව විදිහට මැහි තෙල් බීලා මැරෙන්ඩ එපා ,, ඔයා දන්නේ නෑ එහෙම මැරුන කෙනෙක් ගේ ආත්මයක් විදවන දුක…,, ඒ ක තමා මම හිතන විදිහට මේ ලෝකේ කෙනෙක් කරගන්න ලොකුම මෝඩ වැඩේ”

ගිහංසා කිව්වා.

” නෑ මම මැරෙන්නේ නෑ,, මම එහෙම දෙයක් කරගන්ඩ හිතුවේ මගේ දරුවා සනීප කරගන්ඩ සල්ලි තිබුනේ නැති හින්දා ,,ඔයාලට පින්සිද්ද වෙන්ඩ මට දැන් සල්ලි තියෙනවා , ඒ හින්දා මට දැන් ඒ වගේ වැඩ ක් කර ගන්ඩ ඕනේ නෑ.”

නර්මදාත් අර තත්වේ යටතේ අපිට කරදර කරන්ඩ ආවේ නෑ.

*************************************
පුර දොළොස්වක් ,තෙලෙස්වක ,තුදුස්වක සදවල් රාත්රියට පායලා බැහල ගියා. ඒ හැම රෑ කම මම ගනේගම මිනීපිටියට ගිහිල්ලා ගිහන්සා එක්ක කතාකර කරහිටියා. ඇය නැත්නම් මට මගේ අරමුන කොහොමවත් ඉටු කර ගන්ඩ හම්බවෙන්නේ නෑ…

එදා නිකිණි පුර පසලොස්වක පෝය දවස. හද ලස්සනට පායලා තිබ්බ එදත් මම හිටපු ගෙයින් එලියට බැස්සේ ,ගිහන්සා ව හම්බවෙන්ඩ අරමුනෙන්.

” ඔහොම නවතින්ඩ ”

මම බයිසිකලේ අතට ගන්නකොටම මම අසලින් මතුවෙලා හිටියේ හිසෙන් රැස් වලල්ලක් විහිදෙන නිල් පාට ට හුරු උසට හරියන මහතක් තිබ්බ ලස්සන පුද්ගලයෙක්.

” කවුද ඔයා…….”

” මම තමා ඔබට අර අරමුන ඉටුකරගන්ඩ ශක්තිය දුන්න කෙනා…මම විෂ්ණු දෙවියන් යටතේ ඉන්න උන් වහන්සේට සේවය කරන දෙවිකෙනෙක් , උන් වහන්සේ තමා මට කිව්වේ ඔබට අර වගේ ශක්තියක් දෙන්න කියලා…. දැන් ඔබේ අරමුන ඉටුවෙලා ඉවරයි. ඔබට අදින් පස්සේ ආයෙත් මනුස්ස ජීවිතේකට යන්ඩ මාර්ගයක් හම්බවෙනවා. මම දැන් ඔබට දීල තියෙන ඔය ශක්තිය ආපහු ගන්නව ,, ඔබ ට එතකොට ඔය ශරීරය නෑ , පාවෙන ගන්දබ්බ ආත්මයක් විතරයි ඔබට ඉතිරි වෙන්නේ ,, මම ඔබව ඊට පස්සේ එක්ක ගෙන යනවා ද්රෝනියක් පමණ සරවඣ් ධාතුන් වහන්සේලා නිදන් කරල ඉදිකරවපු රුවන්වැලි මහා සෑය ලගට , ඔබට එතනින් මව් කුසකට ඇතුලු වෙන්ඩ පුලුවන්.”

මට විශ්වාස කරන්ඩත් බැරිවුනා අර පුද්ගලයා කියන දේවල්.

“එහෙමනම් අපි ඉක්මන් කරල යමු,, මට ඔබ වගේ තව කීප දෙනෙක් හම්බවෙන්ඩත් තියෙනවා”

” පොඩි වෙලාවක් මට දෙන්ඩ බැයිද ,මට මේ දේ ගිහන්සා ට කියන්ඩ ඕනා ,, එයා මම එනකම් බලන් ඉන්නව ඇති.”

” නෑ අපිට ඒකට වෙලාවක් දැන් නෑ,, මම මේ ගැන එයාට කියන්නම්, තව දෙයක් ගන්දබ්බ ආත්මයක් විදිහට ඔබ ඉන්නකොට මොකක් හරි ප්රශ්නයක් වුනොත් මට කතා කරන්න ,, මම ඔබ ලගට එන්නම්….”

” ඒත් මම කොහොමද ඔබට කතා කරන්නේ ”

” විෂ්ණු දෙවියන්ගේ රුව යි මාවයි මතක් කරගෙන මේ විෂ්ණු ගයත්රී මන්තරය කියන් න බොහෝ වෙලාවක් කියද්දි මට ඔබ කතා කරනව කියලා දැනෙනවා ,එතකොට මම ඔබ ලගට එන්නම්.”

” මොකද්ද ඒ මන්තරය. ”

” ඕම් නමෝ නමහ…….
ඕම් නාරායනායේ….. විද්මහේ……
වාසුදේවායේ…. ධීමහී…..
තණ්ණෝ විෂ්ණු ප්රචෝදයා….ත්

ඕක තමා ඒ විෂ්ණු ගයත්රී මන්තරය පුංචි මන්තරයක් වුනාට මේ මන්තරයේ බලවත් බව වචනෙන් විස්තර කරන්ඩ බෑ.. මම හිතෙනව ඔබට මේ මන්තරය අමතක වෙන්නෙ නැති වෙයි කියලා….”

” නෑ මට අමතක වෙන්නේ නෑ ”

මම ඒ මන්තරේ කීපවරක් මුමුනලා කිව්වා.

* ඊට පස්සෙ මට ඔය විදිහටම හිටගෙන ඉන්ඩ කියපු අර පුද්ගලයා මොනවාද මන්දා මැතිරුවා.. මොහොතයි ගතවුනේ. මෙතෙක් වෙලා මනුස්සයෙකුගේ වගේ ශාරීරයක් තිබ්බ මගේ ශාරිරය කැඩී ඈතට විසිරිලා ගියේ වැලි කැට තරම් කුඩා අංශු විදිහටයි. ඒ වෙද්දි මම සුලගේ එහාට මෙහාට පාවෙන ආත්මයක් බවට පරිවර්තනය වෙලා තිබ්බා.

” එන්න මගේ පිටිපසෙන් ”

අර පුද්ගලයා එහෙම කියලා ඈතට පාවෙලා ගියා. ඔහු පිටුපසින් බොහෝවෙලාවාක් පාවෙලා ගිය මම නතර වුනේ , අනුරාධපුරේ රුවන් වැලි සෑය ලගයි. පුර පසලොස්වක පෝය දවසක් හින්දා සෑහෙන්ඩ ජනතාවක් වෙහෙර අබියස සිටිද්දි ඊටත් වඩා වැඩියෙන් ඒ පුදබිම අසල ගන්දබ්බ ආත්ම පාවෙනවා මම දැක්කා. ඒ අතරම මම දැක්කා රුවන්වැලිසෑය වන්දනාමාන කරන්ඩ ආපු දෙවි වරුන්ගේ දිදුලන ශරීරත්.

” යන්න ඔබට මෙතනින් ,,ඔබට ගැලපෙන මව්කුසකට යන්න පුලුවන්,, ඊට කලින් මේ ගාතාව කීප වරක් කියල රුවන්වැලි සෑය වන්දනාමාන කරන්ඩ. ඔබට හොද තැනක ඉපදෙන්ඩ පුලුවන් මව් කුසකට යන්ඩ පුලුවන්.”

අර පුද්ගලයා මාව රුවන්වැලිසෑයේ බටහිර පැත්තට වෙන්ඩ තිබ්බ රුවන්වැලිසෑය ට වදින ගාතව පෙන්වල කිව්වා.

“එහෙනම් මම යනවා ,, මොකක් හරි ප්රශ්නයක් වුනොත් මට කතා කරන්ඩ ,, මම ඔයාගේ අර මිනීපිටියේ ඉන්න යාලුවාට ඔයා දැන් ඉන්න තත්වෙ ගැනත් කියන්නම්,, ඒ පැත්ත ගැන හිතන්ඩ එපා…..”

ඔහු යන්ඩ ගියා,, මනුස්සයන් ,,ගන්දබ්බ ආත්ම ගොඩක් මැද මම තනිවුනා…..

“සයිස්සු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රාසච්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලිතී පතීතනාමං
වංදාමහං ථූපවරං මහග්ගං

ස්වර්ණමාලී යන නමින් ප්රසිද්ධ වුන මේ උතුම් දාගැබේ සර්වඣ් ධාතුන් වහන්සේලා නිදං වූ ,,,ඒ රශ්මියෙන් බබලන්නාවූ බුධ්ද ප්රතීමාවක් ඇත.මේ උතුම් දාගැබ් වහන්සේට මම වංදනාමාන කරමි”

රුවන්වැලිසෑය ට වදින ගාතාව එහි තේරුමත් මතකයේ නංවගෙන මම කීප වරක් කිව්වද මම දන්නේ නෑ. සෑහෙන්ඩ වාර ගනනක් කියන්ඩ ඇති.

ඒ හරියේ වාඩිවෙලා රුවන්වැලිසෑයට වංදනාමන කරන අය දකිද්දී මට එක පාරටම මතක් වුනේ ගිහංසාගේ රුව. ඒ එදා දෝතැල්ලේ වැවේදී ඇය හේමාල්ට කියපුදේවල් මට සිහිවෙලා.

“ඔයා දන්නවද ,, දුටුගැමුණු රජතුමා කරවපු රුවන්වැලි සෑය ,, ඒක හදවන්ඩ කොච්චර කට්ටිය එදා වෙහෙසෙන්ඩ ඇද්ද ,, අද ඒ එය මැරිලා ආයේ ඉපදිලා අදත් කොහේ හරි ඇති. එත් ඒ අය කොහෙ ඉපදුනත් රුවන්වැලි සෑයට කට්ටිය වදින්ඩ වදින්න අදටත් ඒ පින ඒ විදිහටම ඒ අයට ලැබෙනවා,,”

ගිහංසා කියපු දේවල් මට දැනෙන්නේ මගේ කන ලගින් ඇහෙනවා වගේ.

“මම මනුස්ස ආත්මයකට යයි,,, ඒත් ගිහංසා එයාට තව කල්පයක් යනකම් මනුස්ස ආත්මයකට යන්ඩ බැරි වෙයි. පව් එයා……එයා දුකින් ඉන්නව දැන දැන මට එයාව තනිකරලා යන්ඩ බෑ…..එයා මට උදව් කෙරුවේ නැත්නම් මම අරටත් වඩා පහත් තත්වෙකට වැටෙන්නේ….”

මව් කුසකට ඇතුල් වෙන්ඩ ඔන්න මෙන්න තියෙද්දි මට එක පාරටම ඒක සිහිවුනා. මම මගේ අදහස වෙන්ස් කෙරුවා. සුලගේ පාවෙලා පාවෙලා ගිය මම අවසානේ නැවතුනේ රුවන්වැලිසෑය තිබුන තැනින් ගොඩක් ඈතට වෙන්ඩ තැනක .

” ඕම් නමෝ නමහා……..
ඕම් නාරායනායේ…….. විද්මහේ……
වාසුදේවායේ…… ධීමහී…….
තණ්නෝ විෂ්ණු ප්රචෝදයා……ත්”

** විෂ්ණුදෙවියන්ගේ රුවත් ,මට ශක්තිය දුන්න පුද්ගලයා ගේ රුවත් මතකයේ නංවගෙන මම ඒ විෂ්ණු ගයත්රී මන්තරය සෑහෙන්ඩ වෙලාවක් කිව්වා. සෑහෙන්ඩ වෙලාවක් එහෙම කෙරුවට පස්සේ අර පුද්ගලයා මා අසලින් මතුවුනා.

” මොකක්ද ඔබේ ප්රශ්නය”

” මට මනුස්ස ආත්මයකට යන්ඩ ආස නෑ……”

“ඇයි ඔබ එහෙම කියන්නේ ”

” මට අර තරම් උදව් කරපු යාලුවාව දාල යන්ඩ බෑ..එයා දුකින් විදව විදව විදව ඉන්නකොට මම කොහොමද මට විතරක් සැනසීමක් හොයාගෙන යන්නේ……..”

“ඔබ ඉතින් මට මොකද කරන්ඩ කියන්නේ….”

” මට ආයේ අර කලින් තිබ්බ ශක්තිය ලබා දෙන්ඩ ,, අර රූපය ආයෙත් මට අරන් දෙන්ඩ,, අර දෝතැල්ලේ මිනීපිටියේ අඩ අඩා හිටපු ගෑනු කෙනා වගේ තවත් කාගෙන්වත් පිහිටක් නැති අසරණ වුන අය මේ ලෝකේ ඇති…..මට කැමතියි ඒ අයට උදව් කරන්ඩ,,, ඒ දේවල් කරද්දී ඔබටත් පින් ලැබිලා දේවාත්මයක් විදිහට තව සෑහෙන්ඩ කාලයක් ඉන්ඩ පුලුවන් වෙයි. මට ඒ ශක්තිය ආපහු දෙන්ඩ බැයිද”

” ඔබට ඒ ශක්තිය මට ආපහු දෙන්ඩ පුලුවන් ,, ඒත් ආයේ ඔබට ඒ ශක්තිය දුන්නොත් ඔබට ආයේ සෑහෙන්ඩ කාලයක් යනකම් මනුස්ස ආත්මයකට යන්ඩ බැරිවෙයි. ඔබ ඒකට කැමතිද????”

” මම ඒකට කැමතී ,, මට ආපහු ඒ ශක්තිය දෙන්ඩ ”
“ඔබ නම් මහ පුදුම කෙනෙක් මට කවදාවත් ඔබ වගේ කෙනෙක් මීට කලින් හම්බවෙලා නෑ….අමාරුවෙන් හම්බවෙන්ඩ යන මනුස්ස ආත්මයකට යන්නේ නැතිව ආපහු ආපු එකම කෙනා ඔබ ”

කියපු ඔහු පෙර ලෙසම අතක් දික්කර මා දිහා බලාගෙම මොනවද මැතිරුවා….නිමේශයකින් යලින් පුංචි වැලි කැට වගේ අංශු ඇවිත් ඒව එකතුවෙලා මා වටා අර කලින් තිබ්බ හිමකරගේ රුව නිර්මානය වුනා.

” යන්න ඔබ කැමති දේ කරගන්ඩ ,, ඒත් ඔය ශක්තිය හොද දේවල් වලට විතරයි ,, නරක දේවල් වලට බෑ..එහෙම දේවල් කෙරුවොත් මට ඒක දැනෙනවා”

අර පුද්ගලයා මම අසලින් නොපෙනි ගියේ ඒ වගේ අනකුත් කරලා….
**************************************

රුවන්වැලිසෑය ට ඉහලින් පායපු සද වගේම යි. ගනේගම අහසේ සදත්. ඒ සද එලිය මැද්දෙන් මම ගනේගම මිනීපිටියට ගියේ මගේ පුරුදු බයිසිකලේම පැදගෙනයි.

“ගිහංසා ගිහංසා……….”

“හිමකර අයියේ ඔයා ,,, මට මේක විශ්වාස කරන්ඩත් බෑ ,, .”

මගේ හඩ ඇහිලා ගිහන්සා මම ලගට ආවේ එහෙම කියාගෙන ,, ඇය ඒ දේ කිව්වේ අඩ අඩා වගේ.

” ඒත් ඇයි ගිහන්සා ඔයා අඩ අඩා වගේ කතා කරන්නේ ”

” මම හිතුවේ නෑ අයියේ ආයේ ඔයා කවදාවත් මගේ ඉස්සරහට ඔය විදිහට එයි කියලා….මට අර දෙවිකෙනා ඇවිල්ලා කිව්වා ඔයා ව ගන්දබ්බ ආත්මයක් බවට පත්කරලා රුවන්වැලිසෑය ලග ට එක්කගෙන ගියා කියලා….. මම හිතුවේ මේ වෙද්දිත් ඔයා මව් කුසකට ඇතුලු වෙලා කියලා ,,, ඒත් ඇයි මෙහෙම……ආයෙමත්. ”

*** ” මට ඔයාව මතක් වුනා ගිහංසා,,, මට මෙච්චර උදව් කරපු ඔයාව තනිකරලා මට විතරක් මනුස්ස ආත්මයකට යන්ඩ හිත දුන්නේ නෑ…”

කියපු මම ආයේ මේ වගේ ශරීරයක් හම්බවුන හැටි,,, ඊට පස්සේ කරන්ඩ හිතන් ඉන්න දේවල් ඔක්කොම මම ගිහංසාට කිව්වා…..

” ගිහංසා ඔයා එනවද මගෙ තනියට මේ ලෝකේ අසරන වෙලා ඉන්න අය හොයන් ගිහින් ඒ අයට උදව් කරන්ඩ..”

” අනිවාර්යයෙන් ම මම එනවා ඔයාගේ තනියට අයියේ…..”

ගිහන්සා කැමති වුනේ එක පයින්මයි.

“අපි දෙන්න ඔප්පු කරලා පෙන්නමු මියදුන අයගේ ආත්ම අතර නපුරු අය විතරක් නෙමේ හොද ආත්මත් ඉන්නවා කියලා…..”

මම ඒක කියද්දී ගිහන්සා මගේ අත හයියෙන් අල්ලගත්තේ ඒක අනුමත කරන්නයි. මෙතෙක් වෙලා වලාකුලකට වැහිලා තිබ්බ නිකිණි පුර පසලොස්වක සදත් වලාකුලින් මිදිලා අපි දිහාබලන් හිටියේ අපි කරන්ඩ යන වැඩේ ට කැමතියි කියන්ඩ වගේ…. මට හිතුනේ එහෙම…………කොටස් 33 ක් එක්ක මගේ මියදුන අය සොයන් කතව සමග රැදිලා හිටපු ඔයගොල්ලන්ට සමුදෙන්ඩ අවසරයි…………..

හොල්මන් කතාවක් වුනත් වෙනස් විදිහේ හොල්මන් කතාවක් ලියන්ඩයි මට ඕන වුනේ. හොල්මන් කතාවක් කිව්වට මේක කියවද්දි මම හිතන්නේ නෑ කට්ටියට එච්චර බයක් දැනෙන්ඩ ඇති කියලා….

ඉතින් අවසන් වතාවට කියන්ඩ තියෙන්නේ , මගේ කතාව කියවපු ,rate කරපු,, කමෙන්ට්ස් දාපු ඔක්කොටම ගොඩාක් ස්තූතියි. ඔයාල ඔක්කොටම

බුදුසරණයි!!!!!
ජේසු පිහිටයි!!!!!
සියලු දෙවිවරුන්ගේම පිහිටයි!!!!!
දුකක් කරදරයක් නැතිව හැමදාම සතුටින් ඉන්න!!!!!

11 thoughts on “මියදුනු අය සොයන් |33 කොටස| හොල්මන් කතා”

  1. කතාව නම් නියමයි.
    කතාව ඉවර වුනාට නම් දුකයි.
    තවත් මේ වගේ ලස්සන කතවක් අපිට ඕනා.
    මේ වගේ වෙනස් විදිහෙ කතා ගොඩාක් ලියන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    ?????????

    1
  2. Kathawa iwarada thawa aluth holman kathawak aran apahu enna oyage katha maarama lassanai. Good luck…. oyath dukak karadarayak nethuwa hamadama sathutin inna yaluwa..budu saranai.

  3. Aiyo mechchara davasak asaven,නොඉවසිල්ලෙන් kiyavapu kathava ivara una ekatanam godakma dukai??
    Ayeth ikmanata bayama baya hithena holman kathavak aragena enna oni onnaaa?????
    Kathava athule kuthuhalaya uparimayen thibuna.e nisa oyage kathava athisarthakai
    Idiriyath mevage katha liyanna oyata siyalu shakthiya ධෛර්යය mama prarthana karanava.???????

  4. Priyadarshani

    මාත් ගොඩක් ආසාවෙන් මේ කතාව කියෙව්වෙ …හොල්මන් කතාවක් උනාට මේකෙ තිබුනෙ වෙනමම රසවත්බවක් ..හොද ආදර්ශයක් දීලත් තියෙනව ඔයා…තව කතා අරගෙන එන්න..
    හැමදාම කමෙන්ට් කරන්න නම් බැරි වුනා ඒකට සොරි… ගුඩ් ලක්…??

    1
  5. Hashini Navanjana.

    හරිම ලස්සනයී.. ගොඩාක් ගොඩාක් හොඳ අවසානයක් දීලස් ඔයා.. හැමදාම කමෙන්ට් කරන්න බැරි උනත් වරද්දන්නෙ නැතිව එක්සලන්ට් රේට් දුන්නා. ඉක්මනින් තව කතාවක් අරන් එන්න… ?????

  6. Hashini Navanjana.

    ඇඩ්මින් අයියේ මං කෙටි කතාවක් සබ්මිට් කලා. දැන් දවස් දෙකකට කලින්.. ඒක ලැබුණද.??

  7. ගොඩක් ලස්සනයි ආශාවෙන් කියෙව්වෙ.ආයෙත් හොඳ නිර්මාණයක් අරන් එන්න.අපි බලාගෙන ඉන්නවා.best of luck.???????????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.