Katha Ahura

මියදුන අය සොයන් | ?04 කොටස

කතාව කොහොමද?

මියදුන අය සොයන් ?04 කොටස

මම කොච්චර හයියෙන් තල්ලු කෙරුවද කිව්වොත් නිම්නාදී ඈතට තල්ලු වෙලා ගියා. ඒත් එයා වැටුනෙ නම් නෑ. සමබරතාවය රැකගෙන නොවැටී හිටියා.

“මොකද මෙතන වුනේ , ඇයි මේ පුතා අර විදිහට කෑගැහෙව්වේ ”

එහෙම කියන් එතනට දුවගෙන ආවේ ගේ ඇතුලට ගිය ගෑණු කෙනා.

“බලන්ඩ අම්මා , මම මේ අයියගේ අතේ අද පන්සලට ගිය වෙලාවේ හාමුරුව්න්ගෙන් ඉල්ලගෙන ආව පිරිත් නූලක් ගැටගහන්ඩයි හැදුවේ. ඒත් ඒක ගැටගහන්ඩ හැඩුව විතරයි මේ අයියා හයියෙන් කෑගහන් මාව තල්ලු කෙරුවා. හරියට එයාගේ අත උඩින් රත් වෙච්ච යකඩයක් තිබ්බා වගේ.”

නිම්නාදී කිව්වා.

“ඇත්තද පුතා මේ කියන්නේ , ඇයි ඒ විදිහට හැසිරුනේ , ”

මටත් හිතාගන්ඩ බැරිවුනා ඇයිමට එහෙම දෙයක් වුනේ කියලා. ඇයි පිරිත් නූල බදිද්දී මට එහෙම දෙයක් වුනේ. සමහර විට මගේ අරමුන හොල්මනක් දැකගන්ඩ තියෙන ආසාව , ඔය ?වගෙ පිරිත් නූලක් හින්දා ඒකට බාදාවක් වෙයි කියලා මගේ යටි හිතට දැනෙන්ඩ ඇති. පිරිත් නූල් වලට අමුනුශ්ශයන් බයයි කියලා මම දැනන් හිටියේ කුඩා කාලේ ඉදන්.

“අනේ නෑ ආන්ටි ,, මගේ මගේ අත ඔය විදිහට ගෑණු ළමයෙක් අල්ලල තිබ්බේ නෑ. මේ නංගී අර විදිහට මගේ අත අල්ලපුහාම මට මාවම පාලනය කර ගන්ඩ බැරි වුනා.”

මට ඒ වෙලාවේ කටට ආවේ ඒ බොරුව.

“ඔයා මාර මනුස්සයෙක්නේ අයියේ , ගෑණු ළමයෙක් ඔය විදිහට ඔයාගේ අතින් ඇල්ලුව කියලා ඔය විදිහට හැසිරෙනවද , අනික මම ඒ දේ කෙරුවේ පිරිත් නූලක් බදින්ඩනේ , නරක හිතකින්වැයි”

නිම්නාදී අප්රසාදයෙන් කිව්වා.

“මට සමාවෙන්ඩ නංගී ,මට ඒ දේ නොකර ඉන්ඩයි තිබ්බේ. ආන්ටි මාව එක්කරගෙන යනවද අර ගෙදරට”

මට ඕන වුනේ හැකි ඉක්මනින් මෙතනින් ගැලවිලා යන්ඩ.

“දෙන්ඩ සුදු දුව ඔය පිරිත් නූල, එහෙනම් මම වත් ගැට ගහන්ඩ ”

“එපා එපා ආන්ටි ,, මම ආස නෑ ඔය වගේ දේවල් ?අත්වල පටල වගෙන ඉන්ඩ , ආන්ටිලාට කියන්ඩ මම කුඩා කාලේ ඉදන් අතේ ඔරලෝසුවක්වත් බැදගෙන ඉදල නෑ, ”

ඒ ගෑණු කෙනා කරන්ඩ යන දේ දැකලා මම කිව්වා.

“හරි පුදුම ළමයෙක්නේ ”

“අපි යමුද ආන්ටි එහෙනම්,, මටනම් දැන් හොදටම නිදිමතයි, හිටගෙන නින්ද යයිද දන්නෙත් නෑ.”

ඊට පස්සේ කවුරුවත් මගේ අතේ පිරිත් නුලක් බදින්ඩ ආවේ නෑ. මමයි අර ගෑණු කෙනයි, නිම්නාදියි ගියා අර පාලු ගේ තියෙන ඉසව්ව බලා. අර පිරිමි ළමයා ගෙදර නතර වුනා.

** අපි ගියේ පුංචි අඩිපාරක ,, අර ගෑණු කෙනා tourch එකක් පත්තු කරන් ඉස්සරහට ගියා. නිම්නාදි ඒ පස්සේ ගියා. බයිසිකලෙ තල්ලු කරන් මම ගියේ පිටිපස්සෙන්.

“ඔය පුතා බල කරපු හින්දමයි,මේ වගේ ගමනක යන්නේ , මේ වගේ තැනකට ඉතින් එන්ඩ ඕනේ දවල්”

“මටනම් ඉතින් ආන්ටි කොයිවෙලාවෙත් එකයි”

අර ගැණු කෙනා කියපු දේට මම කිව්වා.

අපි එහෙම අඩි පන්සීයක් විතර ගියා. එක පාරම විශල වවුලෙක් අපි ලගින් පියබන් ගියෙ මගේ ඇගේ ගෑවී නොගෑවී වගේ. ?

“ඔය ,, පොල්ගස්වල කුරුම්බ බොන වවුල්ලු පුතා, මාර විනාසයක් තමා අපිට කරන්නේ.”

අර ගෑණු කෙනා ඒක කියන්ඩ ඇත්තේ මම බය වෙන්ඩ ඇති කියලා හිතල වෙන්ඩ ඇති. මොහොතකින් අපි ගෙයක් ලගට ආවා. මම හිතන්නේ ඒකේ තම මට අද ඉන්ඩ වෙන්නෙ , අර හොල්මන් ගේ , ගේ වටේට මොනවගේද පෙනුනේ නෑ , මොකද එදා අඩුම ගානේ අහසේ හදවත් තිබ්බේ නෑ , හරිම අදුරුයි.

“පුතා මේක තමා ගේ ”

ගෑනු කෙනා ගේ ඉස්සරහ දොරට යතුර දාල දොර ඇරියා. දොර ඇරුනේ කිරි කිරි හඩක් නංවමින්. අපි ගෙට ඇතුල් වෙද්දිම තල වවුල්ලු රෑනක් ගෙයි ඉදලා පියඹල ගියේ අපූ ශබ්දයට වෙන්ඩ ඇති.

“තල වවුල්ලු ,, කවුරුවත් හුග කාලෙකින් මේ ගෙදර හිටපු නැති ඉන්දා උන් හොදටම බෝ වෙලා…”

“තල වවුල්ලුනේ ,, උන්ට මාර ඉවක් තමා තියෙන්නේ , ගෙයක් පාලුවෙනකොට ඒ ගේ ඇතුලට රිංග ගන්ඩ”

මම කිව්වා. අර ගෑනු කෙනා මට ඒ ගේ ඇතුලේ කාමර තියෙන බඩු මුට්ටු දේවල් tourch ?එලියෙන් පෙන්නුවා.

“දැන් ඕවා හරියට බලන්ඩ බෑ,, මම හෙට දවල් වෙලා එන්නම්කෝ , පුතා එහෙනම් නිදිය ගන්ඩ ”

එහෙම කියලා ඒ ගෑනු කෙනා හැඩුවේ නිම්නාදිත් එක්ක ආපහු යන්ඩ. මම ඊට කලින් ඇයට කතා කෙරුවා.

“එපා ආන්ටි දවල්ට එන්ඩ එපා, මම හෙට පාන්දරම ජොබ් එකට යනවා, ආයේ ඉතින් එන්නේ රෑට, කොහොමත් මට මේ ගෙදර ඉන්ඩ වෙන්නේ රෑට විතරයි.”

“ඒකත් එහෙම ද ,, එතකොට පුතා කෑම එහෙම ”

“ඒ ගැනවද වෙන්ඩ එපා ,, මම ඒ ගැන බලා ගන්නම්”

“පුතාගේ කැමත්තක් ,, එහෙනම් අපි යමු නේද සුදුදුව.”

ගෑනු කෙනා එහෙම කියද්දි නිම්නාදි මම දිහා බැලුවා. අදුරෙ තිබූ ඇයගේ ඉරියව් මට ඒ වෙලාවේ පෙනුනේ නෑ.

ඔවුන් යන්ඩ ගියා. මම පාලු ගෙදර තනි වුනා. දොර වහලා ඒ ගේ ඇතුලේ තිබ්බ ඇදේ මම වැතිරුනා. අඩුම ගානේ අර ගෑනු කෙනා ගෙනාව ලාම්පුවවත් මම පත්තු කෙරුවේ නෑ. මගේ එකම අරමුන හොල්මනක් දැකීම. එයාල බලවත් වෙන්නේ කරුවලේ , ඒකයි මම අඩුම ගානේ ?ලාම්පුවත් පත්තු කෙරුවේ නැත්තේ.

*** නිම්නාදී ඊයේ කිව්ව කතාවේ හැටියටනම් මම දැන් ඉන්නේ ගෑණු දෙන්නෙකුයි , පිරිමි කෙනෙකුයි බෙල්ලේ වැල දාගෙන මැරුන කාමරයක. සාමන්ය මනුස්සයෙක්නම් ඒ වගේ දෙයක් දැනගෙන මේ වගේ කාමරයක ඉන්ඩ හීනෙන්වත් හිතන්නේ නැතිව ඇති.

නිම්නාදි කිව්ව විදිහටනම් ඒ ගෙදර හොල්මන් කරන කෙනා ඉස්සරවෙලාම කරන්නේ ජනෙල්වලට ගහනව වගේ දේවල්නේ. මට ඒ වගේ හඩක් ඇහෙනවද කියලා ඇදේ වැතිරිලා හිටියා. කොහොමත් මේ ලගක ඉදන් මට රෑට නින්ද යනවා අඩුයි.

මම එහෙම සෑහෙන්ඩ වෙලාවක් ඇදේ වැතිරිලා හිටියා. එකපාරටම මට ඇහුනා කවුරුහරි ගෙදර ජනේල් පියන්වලට තට්ටුකරන හඩක්. ඊට පස්සේ අඩි හඩක් එක්ක්ම ගෙයි උලු වහලට වැලි වැටෙන හඩකුත් ඇහුනා. මේවා වෙද්දී තිබ්බේ මැදියමත් කිට්ටු කරලා.

“කවුද………”

මම ඇදෙන් නැගිට්ටා නෙමේ නැගිට්ටුනා. හොල්මන් අද ඉදන්ම ක්රියාත්මක වෙලාද? ,ඔවු සමහර විට,, ?

මට ඒ දේවල් කරන්නේ කවුද කියල බලන්ඩ ආසවක් ආවා. මගේ හොල්මනක් දැකීමේ ආශාව ඉටුවෙන්ඩ යනවද ?එහෙම හිත හිතා මම ගෙයි ඉස්සරහ දොර ඇරියා………?????????????????????????????තවත් කොටසකින් හමුවෙමු.

කතාවට ප්රචිචාරනම් ගොඩක් අඩුයි යාළුවනේ. ගොඩක් වැඩ රාජකාරි මැද්දෙයි මම කතාව ටයිප් කරන්නේ,,,ප්රචිචාර ගොඩාක් අඩුවුනොත් මම කතාව ලියන්ඩ අදහස් කරන්නේ නෑ. එහෙම කෙරුව කියලා මාත් එක්ක තරහ වෙන්ඩ එපා.

ගොඩක් කට්ටිය කතා ගෲප් එකේ කතා දානව දැකලයි මටත් කතාවක් දාන්ඩ ආසාවක් හිතුවේ. ඒත් මගේ කතාවට කට්ටිය එච්චර ආස නෑ වගේ………..

8 thoughts on “මියදුන අය සොයන් | ?04 කොටස”

  1. Ane kathawa godak hodai.oya digatama danna please. Mechchara dawasak baluwa Holman kathawalata wada meka godak wenas.holman innawada balana akane meyage aramuna.matath balanna oni Holman innawada kiyala.suba pathanawa oyata digatama danna

  2. Chathu indeewaree

    ඔයා එක්ක අද වෙනකල් හිටිය, ඒ වගේම ඉදිරියටත් ඉන්න අපි වෙනුවෙන්වත් කතාව දාන්න බැරිද රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්… අපි කතා නොලිව්වට කතා කියවන්න ගොඩාක් ආසයි. මට කතා ලියන්න තරම් වෙලාවක් නෑ. ඒත් කතා කියවන්න කොහොම හරි වෙලාව හොයාගෙන ඔයාලා හැමෝම දාන කතා කියවලා රේට් කරනව. හැමදාම කමෙන්ට් නොකළත් පුළුවන් හැම වෙලාවකම කමෙන්ට් කරනවා. ඒ ඔයාලගෙ සතුට වෙනුවෙන්. ඉතින් කමෙන්ට්ස්, රේට්ස් අඩුයි කියලා කතාව දාන්නැතිව හිටියොත් ඒක අපිට කරන ලොකු අසාධාරණයක් රාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.. ඒ නිසා ආදරෙන් ඉල්ලනවා මේ කතාව නතර නොකර එපිසොඩ් සේරම දාන්න ඔයා ටාර්ගට් කරන් හිටිය විදියටම. ප්ලීස්. කතා අහුරේ ඔයාගේ කතාවලට ආදරේ කරන හැමෝම වෙනුවෙනුයි මම මේ දයාබර ඉල්ලීම කළේ….. බුදු සරණයි!!! සුන්දර රැයක් වේවා!!!!!!

  3. මොනවා ද අනෙ ඔයා මෙ කියන්නේ මං කියවන පලමු හොල්මන් කතා ව ඔයා ඒක නතර කරලා දාන්න හදන්නේ.plz මල්ලියෙ එහෙම කරන්න එපා.
    කතාව ලස්සනයි නම් කියන්නෑ අනෙ හොල්මන් කොහොමද ලස්සන වෙන්නේ.කතාව හොදයි.ආශාවෙන් කියවන්නේ ඒත් බයයි . සල්ලි දෙනවා කිව්වා රැටනම් කියවන්නෑ. මොකද හැටි මෙක කියවලා නින්ද ගියාම මාමා රැ ඇහැරගෙන හූ තියලා මං නෑ ගහද්දි බවට ගෙදර ඉන්න අයට නිකම්ම හොල්මන් තමයි.???????
    අපි බලාගෙන ඉන්නවා කතාව දිගටම දාන්න.හොල්මන් කතා ලියලා අපිව හොල්මන් කරන ඔයාට බුදු සරණයි.best of luck.??????

  4. Ranmali subasinghe

    අනේ කතාව නවත්වන්න එපා… ????????? අපි හුගක්ම ආසාවෙන් කියවනවා… ප්ලීස් ප්ලීස්…

  5. Ranmali subasinghe

    මම මේ කතාව කියවන හැමෝටම කියන්නේ මේක මගේ පුන්චි ඉල්ලීමක් “”කතා ලියන හැම කතුවරයෙක් වෙනුවෙන්ම පොඩි හරි කමෙන්ට් එකක් දාගෙන යන්න… ?????????

    රේට් කරන්නත් අමතක කරන්න එපා.. ??????

    මොකද කතා ලියන අයට අපිට දෙන්න පුළුවන් එකම දේ රේට් එකයි කමෙන්ට් එකයි විතරයි… එයාලට අපි මේ දෙන දේ හුගක්ම හුගාක් වටිනවා… ?⭐️?⭐️?⭐️?⭐️?⭐️?⭐️?⭐️?⭐️

    මොකද එගොල්ලන් එයාලගෙ හුගක්ම වැඩ පාඩු කරගෙන අපි වෙනුවෙන්ම ඇප් එකට කතා ලියන්නේ.. ඉතින් ඒගොල්ලන්ට සාදාරනයක් ඉටු කිරීම අපේ යුතුකමක් නේද යාලුවනේ?? ???

    ප්ලීස් හැම කතාවක් වෙනුවෙන්ම කමෙන්ට් එකක් රේට් එකක් දෙන්න… පුන්චි හරි කමෙන්ට් එකක් දෙන්න… ????

    බුදුසරණයි !!!!

  6. Hashini Navanjana.

    Aneeee kathawa nm nawaththanna epa. Oyge holman katha kochchra asawenda kiyawanne api. Mn app ekta awa gmn kiywanne oyge kathawa. Oya kathawa nawaththuwoth asawen kiyawanne mokakda api.
    ???? digatama kathawa danna. Plzzzz…. ????? katha kiyawana anith yaluwoth rate karala comment ekak dagena yannko plzz.. ethakota apita digatama me kathawa kiyawanna puluwan nee.. me kathawa asawen kiyawana hamoma wenuwen karana illeemak me..

  7. Ai ane oya ohoma kiyanne hamadama oyage kathavak enakan balagena inna api kihipa dena venuven vath liyanne nadda.mama mechchara davasak kathavata reta kara comment kara.ithin oya kathava nathara karoth kauda ape kuthuhalaya nivanne.e nisa plzzzzz digatama kathava danna hodada

  8. යහළුවා කතාව ලියාගෙන යන්න මමත් කතාවක් ලගදීම දානවා. මට ටය්ප් කරන්න අමාරුයි.ඒකයි ප්‍රශ්නේ..? කාට හරි මාව contact කරන්න පුලුවන් නම් මගේ ජිවිතේ වුනු බයානක ඒවගේම ඇග හිරිවට්ටන්න පුලුවන් කතාවක් කියන්නම් ඒක ලස්සනට අකුරු කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.