Katha Ahura

රණ හංසි | 03 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (2 votes)

* * * * * * * * * * * * * * * * * *
❤️❤️

03 කොටස

අනේ එයගේ ඇස් දෙක අම්මෝ පිස්සු හැදෙනෝ ගානට ශේව් කරපු රැව්ල ඔහොම බලාන්නෙපා මෝඩයෝ අප්පේ මේකගෙ ලස්සන ඒ ඇස් දෙක දැක්කාම මගෙ සූටි හිත මෙව්ව වෙලා ගියා
???

“මේ හලො එක්ස්කියු ස් මී තමුසෙ මාව ස්කෑන් කරල ඉවරද?”

ඒකගෙ ටින්කිරි වොයිස් එකට තමා මං පියවි සිහියට ආවෙ ඇහ් එතකොට මං මෙච්චර වෙලා මේකා දිහා බලං ඉදලද සැක් වස නෝන්ඩිය මේකා මං ගැන මොන හිතුවද දන්නෑ බාල්දියෙන් එකයි ලැජ්ජාව

“මේ හලො මගෙ ඇග උඩින් නැගිටිනව අයිසේ”

මේං මේකා ඒ පාර ආපහු කෑ ගහනෝ

“අර්ර්ර් අප්පා මගෙ කන ටිකක් හිමින් කතකරනව බූරුවො”

මං කෑ ගහල කිව්වෙ ඒකාට ඔරවන ගමන්

ඇහ් මොකක්ද යකූ ඒ කිව්වෙ අප්පට සිරි මිල්ක් ෆාදර් ට ඩෝග් බාර්කිං කිව්වලු ඇත්තනෙ යකො මං මේ සැපට පතබෑවිල ඉන්නෙ මෙකගෙ ඇග උඩටනේ

ආපහු මේකාගෙ බෙලෙක්කට අරින්න කලින් දනිපනි ගාල මං නැගිට්ටෙ ඒකාගෙ ඇග උඩින්

“ඒ කෙශානයා උබට තුවාලද බන්?”

ඒත් එක්කම මගෙ අතින් වැටිච්ච ෆොන් එකත් ඇහිදගෙන හිනාවෙවී අපි ලගට දුවන් ආවෙ ලොකූ

“අප්පා එතකොට මේ ඒ ආඩම්බරකාරයද” හිතුව විතරයි කියන්න ගියෙ නෑ.

කෙශාන් හසංජය වික්‍රමසිංහ.අපෙ අයියගෙ බොක්ක මීට අවුරුදු හතරකට කලිං කෙශාන් අයියගෙ අම්මයි තාත්තයි නංගියි ඇක්සිඩන්ට් එකකින් නැතිවුන නිසා මෙහෙ හැමදේම දාලා ඕසී ගිහින් ලංකාවට ඇවිත් තියෙන්නෙ මීට සතියකට කලින්ලු

මං අහගෙන පෙරේදා රෑ අපෙ අම්මටයි තාත්තටයි අයියා කියනව මාත් ඉතින් රබර් කන දාන් හිටියා

“නෑ නෑ මචං අවුලක් නෑ”

මං පියවි සිහියට ආවෙ ඒ කටහඬට

“ඒ සොරි මචං ගණන් ගන්නෙපා ඇහ් උබ දන්නවනෙ මේකිට තියෙන කඩිකුලප්පුව ගැන”

“මෙහ් උබට ෂුවර් ද උබෙ බොඩි පාර්ට්ස් වලට කිසි අවුලක් නැහැයි කියල මේකි උබේ ඇග උඩට වැටුන විදියට”

“මේකි ඔය බටු ඇටේ වගෙ හිටියට පට්ට බරයි බන්” අපෙ අයියා හිනාවෙවී කිව්වෙ කෙශාන් අයියට

ඒ සැණින් මං ඔරවල බැලුවෙ අපෙ ලොකූ දිහා අර හෝතම්බුවත් හොදට හිනාවෙනව හිකි හිකි ගගා හහ් හරි හිනා ඕවට මං පලිගන්නවා ඕ යෑස්
??

“ඒ හිරූ ඉක්මණට වරෙන් මෙන්න සූර පප්පා යනෝ”

ඒ එක්කම අනූ බෙරිහන් දුන්නෙ ගේ ඇතුලෙ ඉදන්

ඒ සැණින් කියන්න හදපු දේත් ගිලගෙන මං අර ඩබලවත් පෙරලගෙන ගේ ඇතුලට දුවන් ආවෙ අපෙ අයියා තව මොනාදෝ කැ ගහල කියද්දී

?????

ටික වෙලාවකින් අර ජෝඩුවත් මොනවදෝ කියව කියව ඇවිත් ඉදගත්තෙ සාලෙන්

ටික වෙලවකින් අම්මා තේ හදාගෙන ඇවිත් කෙශාන් අයියා එක්ක ටික වෙලාවක් කතා කර කර ඉදල ඔලුවත් අතගාල ගියෙ කුස්සියට කොහොමත් අපෙ අම්මා අපි තුන්දෙනාටම වඩා කෙශාන් අයියට මාර ආදරෙයි

ටික වෙලාවකින් මං කෙශාන් අයියා දිහා බැලුවෙ එයා මං දිහා බලන් ඉන්නව වගේ ඇස් කොණින් දැක්ක නිසා

මං බලපු ගමන් මේකා මටත් ඔරවල තේ එක බොන්න ගත්තෙ නැතැයි

යකූ මං හිතල මේකාගෙ ඇග උඩ පතබෑවුනේ නෑනේ මාත් ඒකාට ගස්සල අහක බලාගත්තා අපි සැලෙයි ඕවට හහ්
??

“පු..හ්හ්”

කෙශාන්ට නිරායාසයෙන්ම හිනාවක් ගියේ හිරූ ගස්සල අහක බලාගත්ත විදියට

ගෙදරට ඇවිල්ලා රෑ වෙලා නිදාගන්න කියල ඇදට ආපු කෙශාන්ට මතක් වුනෙ කෙල්ලව ඔය අතරෙ නිරායාසයෙන්ම සිහින් හිනාවක් කෙශාන්ගෙ මුවේ රැදුනෙ කෙල්ල පොඩි එකෙක් වගෙ දුවන් ගිහින් හිනාවෙවී කාටූන් බලපු විදියට

කොල්ල ලංකාවට ආවෙ හිරුගෙ අයිය යසස්ගෙයි මෙච්චර කල් තාත්ත්ගෙ කම්පැණි එක බලාගත්ත මාමාගෙයි බලකිරීමට මිසක් කැමත්තකින් නෙවෙයි.

ඔය හැමදේම ගැනම කල්පනා කරකර ඉදපු කොල්ලට නින්ද ලගා වුනෙ ටිකක් පරක්කු වෙලා

?????

“මේ බලපන් හිරූ දැන් වෙලාව කීයද කියල”

“උබට මං හැමදාම කියනව වේලාස්සන නැගිටපන් කියල”

“කොහෙද ඉතින් උබට සේරටම වඩා ඔයනින්ද ලොකුයිනෙ”

“බලපන් වේලාස්සනින් නැගිට්ටනම් කිසි කරදරයක් නැතුව ලොකූ එක්කම වාහනේ යන්න තිබ්බා”

“ශිහ් එහෙනම් මෙහෙම දාඩිය පෙරාගෙන බස් හෝල්ට් ගානෙ රස්තියාදු වෙවී ඉන්න ඕනි නෑනෙ යස අගේට ක්ලාස් එක ඉස්සරහින්ම බැහැගන්න තිබ්බා”

අප්පෙ ඉතින් ඔය මට බනින්නෙ අනූ.වෙන මොකටවත් නෙවෙයි ක්ලාස් යන්න පරක්කු වෙලා නිසා මොනා කරන්නද ගායිස් ඇත්තම කිව්වොත් උදෙන්ම නැගිටිනව කියන්නෙ අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්

“ඇයි දැන් බස් එකේ ගියාම උබ බහින්නෙ ක්ලාස් ඉස්සරහින් නැතුව වෙන කොහෙන් හරිද?”

මාත් කටවහන් ඉන්න බැරිම තැන ඒකිගෙන් ඇහැව්වෙ ඔය මොකේ ගියත් යන්නෙ එකම තැනටනෙ කියල හිතන ගමන්

සැක් ඒක ඇහුව විතරයි රැව්වෙ නැතැයි මේකි මට

“මෙච්චර පරක්කු වෙලා තියෙද්දී තොට දැන් ඒකද තියෙන ප්‍රශ්නෙ ගොනො”

ඒ පාර නම් මේකිට හොදටම මලපැනලද කොහෙද

“හරි හරි බන් ක්ලාස් පටන් ගන්න තව වෙලා තියෙයිනෙ බන්”

මං ඒක කිව්වෙ මේකිව ටිකක් ශේප් කරන්න හිතන්

“හ..හ් විනාඩි විස්සෙන් උබ ක්ලාස් එකට යන්න හිතන් ඉන්නෙ අර යන බක්කි කරත්තෙන් වෙන්නැති නෙහ්”

ඉදකින් විතරක් මේකි ඒක කියපු කැත මං ශේප් එකේ කට මගෙ කට වහගත්තෙ තත්වෙ ටිකක් භයානකයි කියල හිතුන නිසා
???

ඒ එක්කම මං දැක්කෙ පාරෙ ඈතින් එන හුරුපුරුදු වාහනයක්

“ඒයි හෝව් හෝව්”

“බ…..රාස්”

______________________________________________

මොකද ඒ උනේ ??කමෙන්ට් එකක් දාගෙන යන්නෝඕඕඕඕ

22 thoughts on “රණ හංසි | 03 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

      1. නෙත් FM ?

        අනේ සොරි වෙන්න ඕනී…පෙන්ඩින් කමෙන්ට් එකක් තිනෝ මං දැක්කේ පහු වෙලා….
        එනි වේ සුභ පැතුම් අරවින්දි…??????????????????????

      1. රිතූ ?

        අලුතින් එන ගොඩක් අයගේ එහෙමයි ? කමෙන්ට් පෙන්ඩින්…..
        අපේ සමහර අයටත් ඕක වෙනවා… දඟයට එයාගේ වෙනදා account එකෙන් එන්න බෑ….. ඉමාන් අරුන්දිත් account එකෙන් විතරයි එදා එන්න පුලුවන් වුණේ ???

  1. රිතූ ?

    Happy happy birthday නේහා නංගි ??????
    Stay safe and happy 4ever… luv u so much ?
    පාටියක් ඕනි ඈ ?
    Sorry for the late ?

  2. Happy birthday neha akki…❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    Mata mathaka na habai kauda e kiyala hariyatama..?

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.