Katha Ahura

රණ හංසි | 02 කොටස | කොටස් වශයෙන් පළවන කතා

4.2/5 - (5 votes)

* * * * * * * * * * * * * * * * * *❤️❤️

02 කොටස

මේ.. ටිකක් මේ පැත්ත බලපන්කො මට ප්‍රශ්නයක් තියේ බන්”

“ඇයි මොකො උබෙ ටැංකිය පිරිලද?”

” ඈ…. බන් උබ කලින් පීරියඩ් එකෙත් ගියා නේද අර අනුවා එක්කල උබට සීනිද බන්? ”

මං එකි දිහා බලලා ඇහැව්වෙ පෑනත් පොත උඩට අතඅරින ගමන්

සැක් රැව්වෙ නැතැයි මේකි මට මං ශේප් එකේ ආපහු පොතට මූණ් ඔබා ගත්තෙ මේකිගෙ බෝක්කු කට අවුස්ස ගත්තොත් මට මෙතනම වලක් කපන් වැලලෙන්න හිතෙන නිසා

“එහෙම මගුලක් නෙවෙයි බන්”

“ආ එහෙනම් කියපන්කො බලන්න කොහොම මගුලක්ද කියල”

මං පොතටම මූණ ඔබාගෙන ගාණ හදන ගමන්ම ඒකිට කිව්වෙ මොකද ඕක අහැව්වෙ නැත්නම් මගෙ කන් වල ඇබ ගහගන්න වෙන නිසා

“මේ…. එකහමාරයි.ඇයි බන් තාම බෙල් එක ගැහැව්වෙ නැත්තෙ? ”

“අඩේ කරන්ට් එකවත් ගිහිල්ලද දන්නෑනේ”

අනේ අම්මපා මට ආපු කේන්තියට මං පොතෙන් මූණ උස්සල මේකි දිහා බැලුවෙ මේකිගෙ කොහේ ඉදන්ද අනුභව කරන්නෙ කියල හිතාගන්න බැරුව
???

“ඉදකින් විතරක්”

“මට මේ ගාණ හදාගන්න බැරුව මං මේ දගලනව.උබට දැන් මෙතන තියෙන එකම ප්‍රශ්නෙ ඒකද ගල් ඉබ්බියේඒඑ….?”

“ඇයි උබ හිතුවෙ මං වැඩ කරන්නෙ විදුලි බල මණ්ඩලේ කියලද?”

“තො..”

මං කියන්න ගියපු දේ ගිලගත්තෙ ඒත් එක්කම බෙල් එක ගහල ගාථා කියන්න පටන් ගත්ත නිසා.ගාථා කියල ඉවරවුණා විතරයි

“මං යනෝඕ…..”

මේං යකෝ මේකි දිව්වෙ නැතැයි මාවයි අනූවයිත් පෙරලගෙන හැබැයි ඉතිං පුදුම වෙන්න දේකුත් නෑ ඉස්කෝලෙ ඇඇරුනාම මුන් ඉන්නෙ අපෙ සෙකියුරිටි අන්කල්ලවත් කරේ තියන් යන සයිස් එකටනෙ ඒ තරම් තදියම

??????

අම්මෝ වෙලාවට අද හවස ක්ලාස් එහෙම නෑ.නැත්නම් ඉතිං මෙහෙම්මම ක්ලාස් ගිහින් ඒක ඉවර වෙලා ගෙදර යද්දි හොද ගණන්

මායි අනුයි ගෙදර ඇවිත් වොෂ් එකක් දාලා කාලා බීලා ටිකක් වෙලා කාගෙහරි කෝප්පයක් එහෙම හෝදල මං අවෙ මගෙ සිරියහන් ගැබට ටිකක් නිදාගන්න.අම්මෙ ඉතිං මට මතක මං ඇදට වැටෙනව විතරයි

?????

ඔහොම ඉතිං සුපුරුදු පරිදි එක එක වැඩත් එක්කල ඉක්මනින් සතියක කාලයක් ගෙවිල ගියෙ තවත් අලුත් දවසක් ආරම්භ කරමින්

“හිරූ මේ….දැං ටික වෙලේක ඉදන් අරූ උබ දිහා කන්න වගෙ බලන් ඉන්නෙ”

අපි ක්ලාස් එකෙ ඉද්දි අනූ හීන් හඩින් කෙදිරුවෙ මගෙ කණට

“ක්.. කෝ බන් කවුද?”

මං ශේප් එකෙ අනුවගෙ කනට කරල ඇහැව්වෙ

“අර එහා පැත්තෙ ඩෙස් එකෙ ඉන්නෙ බන් අර පැණියා”

“ඇහ් කාටද බන් අපෙ අනුවා එච්චර ලස්සන පෙට් නේම් එකක් දුන්නෙ?”

එහෙම හිත හිතම මට පිට පනින්න ගිය හිනාවත් නවත්තගෙන ඒ කියපු සැණින් මං බැලුවෙ සල්ලි දීලා ක්ලාස් එකට ඇවිත් පාඩම අහන් ඉන්නෙ නැතුව මාව ඇස් වලින් කන්න හදන හදන හැල කිඹුල කව්ද කියල බලන්න

අහ් ඒ වෙන කව්රුත් නෙවෙයි ලමායි මගෙ අත පතා එන මට ඇණයක් වෙලා ඉන්න ගෙබි කුමාරයා ෂෙනාල් සෙකන්ඩ් ෂයි ඒ ලෙවල් කරන කොල්ලෙක්.මට පේන විදියට මූට මේ පාරත් ගේ වටේට හිටවන්න ලයිට් කණු තුනක් ගෙදර ගෙනියන්න පුලුවන් වෙයි වගෙ

මං ඒකට ඔරවල ක්ෂණිකව ඉස්සරහ බලා ගත්තෙ මං ඔය පැත්ත බලන් ඉන්නව සර් දැක්කොත් මුළු පන්තියම ඉස්සරහ මගෙ රෙදි ගැලවෙන නිසා
???

මගෙ පස්සෙන් ආපු හැම කොල්ලෙක්ම වගේ දවසෙන දෙකෙන් සීන් එකෙන් අයින් වෙන්නෙ මං හැමතිස්සෙම උන්ව බයිට් එකට ගන්න නිසා ඒකට මේකා කොච්චර බයිට් කලත්,බැන්නත් පස්සෙන් එනවනෙ පැණි හල හල ඉදකින් උලලේනා
???

??????

අපි ඉතිං ක්ලාස් ඉවර වෙලා ඇවිත් ඕපයක් කියව කියව නැග්ගෙ බස් එකට බස් එකට නැගලත් මුන් හිනාවෙනව මුන්ට ඉතිං හිනාවෙන්න තැනක් නොතැනක් නෑනෙ.මළ ගෙදරක ගියත් හිනාවෙන එකනෙ කරන්නෙ පුලුවන් නම් මළමිණියත් නැගිට්ටල ඒකත් එක්කත් හිනා වෙයි කෝලං කර කර

ටික වෙලාවකින් රිතුවා අපි තුන්දෙනාට ඇස් දෙකෙන් පෙන්නුවෙ බස් එකට ඉස්සරහින් නැග්ග නදීකාවයි රුවංගිවයි.නදීකා කියන්නෙ ඉතිං ෂෙනාල්ගෙ නෑනා පොඩ්ඩ

“පු..හ්හ්”

මගෙ කටින් හිනාවක් පැන්නෙ මේකි මට ගස්සල අහක බලගෙන ෂීට් එකෙ ඉදගත්ත විදියට

“යක්..කෝ මේකිගේ පිප්පිල්ල”

“පුදුමයි ඒ ගස්සපු විදියට මේකිගේ ඇගේ කෑලි හැලුන්නෑ ” එහෙම කිව්වෙ අපෙ සිතුවා

ඕකි ඔය ඉතිං මට ගැස්සුවෙ ඕකිගෙ ඇවැස්ස මස්සිනා පොඩ්ඩ මට පැණි හලන නිසා නෑනා අයිති මස්සිනාට කියනවනෙ.අපි සැලෙනවද ඕවට ඉතිං නෑනෙ නෑනෙ නෑනේ

“ආ..හ් අම්මෝ”

හිතපු නැති වෙලාවක හයියෙන්ම ගහපු බ්‍රේක් පාර නිසා අනුවගෙ වැලමිටෙ වැදුන ඔලුගෙඩියත් අත ගගා කෑගැහව්වෙ වෙන කව්රුත් නෙවෙයි අපෙ සිතුවා

“ඔහොමත් බ්‍රේක් ගහනවද බං හැබෑට?”

“ගහන මගුලක් කියල ගහන්න බැරිද බන්?ස්..ස්ස් මගෙ ඔලුව”

“මේ අන්කල්ට ලයිසන් දුන්නෙ කව්ද දන්නෑනෙහ්?”

පව් අප්පා සිතුවා ඩ්‍රයිවර් අන්කල්ටත් බැන බැන ඔලුවත් අත ගගා කියන්නෙ

“ඇයි උබ ඒ මනුස්සයා හොයන් ගිහින් නඩු දාන්නද?”

මං පනින්න ආපු හිනාවත් ගිලගෙන ඇහැව්වෙ සිතුවගෙන්

“නැහ් අවොර්ඩ් එකක් දෙන්න”

සිතුව ඒක කිව්වෙ මටත් ඔරව ඔරව

“අඩේ අර බලපන්කෝ අතන තිබ්බ ෂීට් එක නෑ යකො”

අපෙ රිතුවගෙ ටිං බෙලෙක්කෙ සද්දෙට හැමෝම වගෙ බැලුවෙ ඒ පැත්ත මාත් ඒ සැණින් ඒ පැත්ත බැලුවෙ මේකිට අමු කැවිලද කියල කල්පනා කරන ගමන්

———————————–

අද කොටස කොහොමද ළමාායි???

13 thoughts on “රණ හංසි | 02 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

  1. රිතූ ?

    ඔන්න එහෙනම් වීර චරිතයක් කතාවට එන්ටර් වුණා ?? වෙන කවුද ඉතින් මම මිසක් ? මගේ සහයට සිතූ නංගත් ඉන්නවා ? ආහ් අනූ මචිත් ඉන්නවා ?

    1. ඇත්තට අක්කි කොහොමද ඒක මැදට පැන්නේ…කතාව කියවනකොට මාත් කන්ෆියුස් උනා…????

    2. රිතූ අක්කියි සිතූ අක්කියි අනූ අක්කියි ඉන්නවද කතාවේ????? අනේ මට කතාව කියවන්න විදිහක් නෑනෙ….???

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.