Katha Ahura

රණ හංසි | 05 කොටස | කොටස් වශයෙන් පළවන කතා

3.6/5 - (11 votes)

* * * * * * * * * * * * * * * * * *❤️❤️

05 කොටස

අනූවත් දාලා දුවන් ගිහින් මං ටක්ගාල පාර මැද්දට පැන්නෙ ඒ ආපු වාහනේ නවත්තන්න හිතන්

ඒත් එක්කම සද්දෙන් බ්‍රේක් පාරක් ගහල වාහනෙ නැවැත්තුවෙ මගෙ කකුල් දෙක ලග

“තොට අමු කැවිලද ගෑණියේ දුවන් ගිහින් අර වාහනේට පැන්නෙ”

ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරන් මගෙ ලගට දුවන් ඇවිත් ඇහැව්වෙ අනූ

මුකුත් නොකිය ඒ සැණින් මං අනූවත් ඇදගෙන දිව්වෙ වාහනේ ලගට

ඔය අතරෙ කෙශාන්ට යකා නැග්ගෙ කෙල්ල දුවන් ඇවිත් පිස්සෙක් වගෙ පාර මැද්දට පැනපු විදියට

“අනෙ අම්මපා මේකි කිසි බයක් නැතුව පාර මැද්දට පැනපු කැත”
???

“මේ පාර මෙකිගෙ කියල හිතන් ඉන්නවද දන්නෑ”

එහෙම හිත හිතම මේකිට හොද දෙකක් කියන්න කියන්න කියල හිතන් වාහනෙන් බහින්න හදද්දිම මාව ගල් වුනේ මේකි ඊළගට කරපු දේට
???

මේකි අනූ නංගිවත් ඇදන් ඇවිත් නැග්ගෙ නැතැයි මගෙ වාහනෙට

“යං යං”

“ඇ..හ්”

“ඇ..හ් නෙවෙයි ඉක්මණට යං අනේ පරක්කු වෙලා”

ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරන් බලන් ඉදපු විදියට මට හිනාවක් යන්න ආවත් මං කිව්වෙ ඒක ආයාසයෙන් යටපත් කරගෙන

කෙශාන් පියවි සිහියට ආවෙ කෙල්ලගෙ කටහඬට යකො මේකි බලපියකො හරියට නිකන් මේකි ඉන්නෙ මං මේකිගෙ වාහනෙට නැගල වගෙනෙ
??

“මේ හලෝ මේක මගෙ වාහනේ”

කෙශාන් කිව්වෙ කෙල්ල දිහා මාරාන්තික බැල්මක් හෙලල

“හරි හරි ඉතින් මං නැහැයි කිව්වෙ නෑනෙ”

“අනෙ ඉක්මණට යන්කෝ මං යන ගමන් ඔයාගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්කො”

මං කිව්වෙ අහින්සක හිනවක් දාල

හිරූ පොඩි එකෙක් වගෙ කෙශාන් ගෙ අතෙ එල්ලිලා අහින්සක හිනාවක් දාල කලබලෙන් වගෙ කියපු විදියට කෙශාන් ට දුක හිතුනත් ඒක පෙන්නන්න ගියෙ නැත්තෙ කෙශාන් ගෙ තිබ්බ ආඩම්බර කමට

කෙශාන් කෙල්ලට ඔරවගෙන නිහඬවම වාහනෙ දැම්මෙ පාරට

“මොලෙ හොද නැද්ද අයිසෙ පිස්සෙක් වගෙ දුවන් ඇවිත් මගෙ වාහනෙට පැන්නෙ?”

කෙශාන් ඩ්‍රයිව් කරන ගමන් කේන්තියෙන් අහැව්වෙ කෙල්ලගෙන්

“ඔයාගෙ වාහනේ කියල දන්න නිසානෙ අනෙ පැන්නෙ”

“ඔයාගෙ වාහනේ කියන්නෙ ඉතින් ඒක අපෙ වාහනේ වගෙ තමා”

“නැද්ද අනූ?”

මං ශේප් එකෙ අනූ දිහා බලලා ඇහැකුත් ගහල කෙශාන් අයියා දිහා බලල ගොන් හිනාවකුත් දාල කිව්වෙ
???

“අනෙ අම්ම..පා මේකිගෙ කට නම්…..මේකිව හම්බෙන්න ඉද්දි ඇන්ටි මොනාද දන්නෑ කෑවෙ”

කෙල්ලටත් ඔරව ඔරව කෙශාන් හිතුව විතරයි කියන්න ගියෙ නෑ
??

විනාඩි දහයකට පස්සෙ කෙශාන් වාහනේ නතර කලෙ ක්ලාස් එක ලග

“මේ මං තමුසෙට ආ..”

කෙශාන් කියන්න ගියපු දේත් ගිලගෙන හිනා වෙ වී බලන් හිටියෙ වහනෙ නවත්තපු ගමන් අනූ වත් ඇදගෙන ක්ලාස් එක පැත්තට දුවන කෙල්ල දිහා

“පිස්සි”

හිනා වෙවී බලන් ඉදපු කෙශාන්ගෙ කටින් පිටවුනෙ නිරායාසයෙන්මයි.
???

අපි ක්ලාස් එකට යද්දි සිතු යි රිතු යි ඉන්නව ඉතින් පුපුර පුපුර පිටිපස්සෙ ඩෙස් එකට වෙලා

උන් දෙන්නටත් ගොන් හිනාවක් දලා මං පටස් ගාල ඉදගත්තා.

අම්මෝ ඉතින් අද දවසම ක්ලාස් ඒ ලෙවල් වලට තියෙන්නෙ තව මාස හතරක් වගෙ නිසා එක දිගට ක්ලාස්

රිවිෂන් ක්ලාස් කියයි පෙපර් ක්ලාස් කියයි ඔය සෙරමති හරි පැය ගණන් ඉදන් ඉන්න ගියමනෙ අප්පා එපා වෙන්නෙ
???

?????

අපි ක්ලාස් එක ඉවර වෙලා එළියට එද්දි ලොකූ යි කෙශාන් අයිය යි රිතූගෙ අයිය යි ඉන්නව ටිකක් එහාට වෙලා කයියක් දාන් ඒ ත්‍රිබලත් අපි වගේම තම ගජ යාළුවො

“මෙයා මොකටද ඇවිත් ඉන්නෙ”
?

එහෙම හිත හිත මං කෙශාන් අයියා දිහා බලද්දි ඒත් එක්කම එයා මං දිහා බලලා හිනාවුණෙ ඇස් හීනි කරල

අම්මෝ ඒ හිනාව ඔහොමත් හිනාවෙනවද අප්පා කෙල්ලො එක්ක මං අහන්නෙ අපි අතරමං වෙනවනෙ
???

“අහ් හරි හරි ඔය කට දෙපැත්තෙන් පැණි බේරෙනවා පිහදා ගනින්”

මං පියවි සිහියට ආවෙ අනූගෙ ටිං බෙලෙක්කෙ මගෙ කන ලගින් හොල්ල්පු නිසා
සැක් වස නෝන්ඩිය
???

සිතු වත් රිතූ එක්කම යන නිසා අපි සෙට් එකම ගියෙ අයියල ඉන්න තැනට

ඒත් එකපාරටම මාව පිටිපස්සට ඇදිල ගියෙ කව්රුහරි මගෙ වැලමිටෙන් ඇදල ගත්ත නිසා

“ආ..ව්ව්හ්හ් මොන මගු…”

මගෙ අත ගලවන්න හදපු එකා කව්ද කියල බලන්න පිටිපස්ස හැරෙද්දි මූණත් රතු කරන් ඒ හිටන් හිටපු එකා දැකල මට හින් දාඩිය දැම්මෙ මං කියන්න ගියපු දේත් අමතකවෙලා
???

______________________________________________

ඒ කවුද ඒ ගෙස් කරන්න බලන්න ලමායී

11 thoughts on “රණ හංසි | 05 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.