Katha Ahura

රණ හංසි | 06 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (2 votes)

* * * * * * * * * * * * * * * * * *❤️❤️

05 කොටස

?????

වෙන කව්රුත් නෙවෙයි ගායිස් ඒ හිටන් හිටියෙ ෂෙනාල්

“ආඩවනේ..මේ මොකක්ද යකෝ මේ ඒ ගමන මට කඩන් වැටුන කුණ්ඩවාලෙ”

කියල හිත හිතම මං යාන්තම් බෙල්ල හරවල බැලුවෙ ලොකූලා ඉදපු පැත්ත ඔව් මං හිතුව හරි ලොකූගෙ මූණ අබ ඇට දැම්මොත් පුපුරන සයිස් කෙශාන් අයියගෙ මූණත් වෙනසක් නෑ

“හිරූ මං මේ තමුසෙගෙන් හොදින් අහන්නෙ?”

“මොනාද ඕයි තමුසෙල ගිහින් අර වාත මගුලට කිව්වෙ?”

මං පියවි සිහියට ආවෙ මගෙ වැලමිට ලගින් තදකරල ඇගිල්ලත් උරුක් කරන් ෂෙනාල් මගෙන් සද්දෙට අහද්දී

“ඇහ් මොනාද යකො මූ මේ කියවන්නේ ?”

එහෙම හිත හිත මං තක්බීරි වෙලා මරුවෙන් මාරුවට බැලුවෙ ෂෙනාල් දිහා

“මොක..ක්?”

සිහි එලඹවා ගත් සැණින් මං ඇහැව්වෙ ෂෙනාල්ගෙන්

“තමුසෙ බබා වරෙන් හරහට අරන් නලවන්න”

ෂෙනාල් ඒක කියපු තාලෙට නම් මට යකානැග්ග
???

“තමුසෙට පිස්සුද ඕයි?”

“මුලින්ම මගෙ අත අතාරිනවා හලෝ”

මං කෑ ගහල කිව්වෙ මගෙ අත ඒකාගෙන් ගලවගන්න හදන ගමන්

“ඒයි මේ මේ ගනින් ඔය අත”

එහෙම කියාගෙන ෂෙනාල්ගෙ කොලර් එකෙන් ලොකූ ඇදල ගත්ත පාර මගෙ ගැලවුණා

“උබ කව්රු කියලද යකො හිතන් ඉන්නෙ ආ..හ්”

ඒත් එක්කම එහෙම කියාගෙන කෙශාන් අයියත් අල්ලගත්තෙ ශෙනාල්ගෙ බෙල්ලෙන්

“හා හා මචං මේ පැත්තකට වෙයන්”

“කෝ කෙශානයා උබත් අහකට වෙයන් මේක මහ පාර බන්”

“යකො තොපි ඔහොම පාරමැද්දෙ ගහමරාගත්තාම ලැජ්ජාව මේ කෙල්ලන්ටනෙ බන් ”

“කෝ අතඇරපන් ඔය කොල්ලව”

එහෙම කියල ලොකූවයි කෙශාන් අයියවයි පැත්තකට ඇදල ගත්තෙ රිතූගෙ අයියා

ඒක ඇහැව්වාම තමයි ලොකූයි කෙශාන් අයියා යි ටිකක් සන්සුන් වුණේ

“මෙහ් ශෙනාල් දැන් තමුසෙට මොනාද කියන්න තියෙන්නෙ?”

මං ශෙනාල්ගෙන් අහැව්වෙ මගෙ කේන්තිය ආයාසයෙන් යටපත් කරගෙන

“තමුසෙලා මොනාද ඕයි අර හුචක්කුවට ගිහින් කිව්වෙ?”

“ඒ මගුල දවල් ඉදලම මගෙ වටේ කැරකි කැරකි හරියට ගැරඬියෙක් වගේ මගෙ ඇගේ වෙලෙන්න එනවා ”

ඇස් දෙකත් රතු කරන් ෂෙනාල් ඒක මගෙන් අහපු විදියට මං ගැස්සුණත් ඒ බවක් නොපෙන්නා

“මොන මගුලක්ද ඕයි කියවන්නේ තමුසෙ ගුලි කාලද ඉන්නෙ?”

මාත් ෂෙනාල්ගෙන් ඇහැව්වෙ සද්දෙට

“හරි කෝ මං ඉන්ටවල් එකෙදි තමුසෙගෙ පොත ඇතුලට දාපු ලියුම?”

කේන්තියෙනම අත් දෙකෙන් තම හිසකෙස් පිටිපස්සට ඇදගන්න ගමන් ෂෙනාල් ඇහැව්වෙ ආයාසයෙන් කේන්තිය යටපත් කරගන්න ගමන්

ඇහ් මූ කොයිවෙලාවෙද යකො මට ලියුමක් දුන්නෙ මං අද ඉන්ටවල් එකේදී මූව දැක්කෙත් නෑනෙ දැන් නම් මගෙත් රතුකට්ට පැනල තියෙන්නෙ
???

“මොන මල ඉලව් ලියුමක් ගැනද අයිසේ අහන්නෙ? ”

“ඇත්තටම තමුසෙට පිස්සුද ආ..හ්?”

“අනික තමුසෙ කාගෙන් අහලද මගෙ පොත් අස්සට ලියුම් දාන්න ගියෙහ්?”

මං ෂෙනාල්ගෙන් ඇහැව්වෙ අඩියක් ඉස්සරහට තියල දත්කූරු සපමින්

“අනේ බන් හංසි අපි කලබල වෙන්නැතුව මේක හෙමීට කතාකරල විසදගමුකො බන්”

මං මෙතන මූට ගහයි කියල බයවුණ පාරටද කොහෙද අනූ අසරණ හඩින් කිව්වෙ මගෙ අතේ එල්ලිලා

“අනූහ් උබ පැත්තකට වෙයන්”

මං කේන්තියෙන්ම එහෙම කියාගෙන අනූගේ අත ගසල දැම්මෙ ඒකි බයවෙච්ච පාරට මගෙන් අහකට පනිද්දී

ඒත් එක්කම මං ඇස් කොණට දැක්කෙ මෙච්චර වෙලා මූණවල් රතු කරන් බලන් ඉදපු ලොකූලා ඇස් දෙකත් කටේ දාන් මං දිහා බලන් ඉන්න විදිය අනික් ජෝඩුවගෙ මූණු වලත් මහලොකු වෙනසක් නෑ.

“මේ මං තමුසෙට තේරේන සිංහලෙන් කියල තියෙන්……….. ”

මං කියාගෙන ගියපු දේත් නැවතිලා මගෙ ඇස් දෙකත් ජිල් බෝල සයිස් වෙලා මුවත් ඇරුණෙ ඒත් එක්කම සිද්දවුන දේට
???

“ආ….නේ ඩාර්ලිං ඔයා මෙතනද?”

“මං බලන් හිටියා ඔයා සැලෝන් එකට එයි කියල අප්පා”

_____________________________________________

කවුද ඒ ඩාර්ලිං කියන්න බලන්න ලමායි ???

7 thoughts on “රණ හංසි | 06 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

  1. රිතූ ?

    ???? මේ කොටස් දෙක නම් කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ ?????

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.