Katha Ahura

රණ හංසි | 10 කොටස | කොටස් වශයෙන් පළවන කතා

5/5 - (1 vote)

* * * * * * * * * * * * * * * * * *❤️❤️

10 කොටස

?????

“හිරූ ඉක්මණට උබලගෙ ගෙදර තියෙන අඹ ගහ ලගට වරෙන්”

මං හෙලො කියන්නත් කලින් මේකි කියන් ගියෙ ටිකක් කලබලෙන් වගෙ

“උබ මොනාද මෙච්චර උදෙන් අපෙ ගෙදර අඹ ගහ ලගට වෙලා කරන්නෙ?”

මං ඇහැව්වෙ ඒ වෙලාවෙ මට ඇති වෙච්ච සාදාරණ සැකේට

“කරන දේ බලාගන්න පුලුවන් උබට ආවහම”

“වරෙන්කො යකො ඉක්මණට කිව්වහම”

එහෙම කියල මේන් මේකි දඩස් ගාල තියපි ෆොන් එක

“යකූ ඉතින් මං ඇහැව්වෙ ඔච්චරටම කේන්ති ගන්න දෙයක්‍ යැ”
???

එහෙම හිතලා මාත් ෆෝන් එක කට් කරල ඉක්මණට ඇදුමක් දාන් දිව්වෙ අඹ ගහ ලගට

“කෝ මෙතන කව්රුත් නෑනේ.මේකි නින්දෙන් කියෙව්වවත්ද”

කියල හිතන ගමන් මන් වටපිට බැලුවෙ මගෙ මොලේ අවුල් වෙලා තියෙද්දි.ඒත් එක්කම උඩ ඉදන් වැටුන පාම්පිටිගොඩකින් මාව නැහැවිලා ගියේ මං මුකුත් හිතාගන්න බැරුව ගල්ගැහිල වගේ බලන් ඉද්දි

පාම්පිටි ප්‍රහාරේ ඉවර වුණ සැණින් එකපාරටම කෑ ගහගෙන මගෙ ඉස්සරහට පැන්නෙ අපේ අනූ යි සිතූ යි රිතූ යි

“ඇඈ…………………”

මං කෑ ගහගෙනම පිටිපස්සට පැන්නෙ බයවෙච්ච පාරට ඇස් දෙකයි කන් දෙකයිත් වහගන්න ගමන් යකො ඔහොමත් බයකරනවද තව ටිකෙන් මට හාර්ට් ඇටෑක් එකක් හැදෙනවා අම්මෝහ්??

ඒ සැණින් මට හතරවටෙන්ම බිත්තර ප්‍රහාර එල්ල වුනේ මං ඒ විදියටම ගල් හැහිල වගේ හිටගෙන ඉද්දි

“හැපි බර්ත්ඩේ සුදූ”

ටිකකින් මට ඇහුනෙ තාත්තගෙ කටහඬ

තතවය සාමකාමී කියල දැනුන නිසා මං ෂේප් එකෙ ඇස් දෙක ඇරියා.එතකොටම මං දැක්කෙ හිනා වෙවී මං ඉස්සරහ හිටන් ඉන්න කට්ටිය ආ මගෙ වෙන්න නෑනා තුෂාරි අක්කත් ඉන්නෙ අපොයි කෙශාන් අයියත් ඉන්නවා නේද

මං නිකන් හොල්මනක් වගේ.සේරටම වඩා හපන් මං තාමත් ඉන්නෙ අත් දෙකෙන් මගෙ කන් දෙකත් වහගෙන සැක් විලි ලැජ්ජාව ටැංකියෙන් එකයි
???

“හැපි බර්ත්ඩේ හංසියෝ”

කට්ටිය දිහාම බලාගෙන කල්පනාවෙ ඉදපු මං පියවි සිහියට ආවෙ අරුන් තුන්දෙනාගෙ සද්දෙට

“ඇහ් මොකක්ද යකූ ඒ කිව්වෙ එතකොට අද මගෙ හෙලුකොට්ටන් ඩේ එකද?”

ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරන් කට්ටිය දිහා මාරුවෙන් මාරුවට බල බල මං කල්පනා කලේ කොහොමද අප්පේ මේ වගේ ජාත්‍යන්තර දිනයක් මට අමතක වුනේ කියල

“සුදූ එහෙනම් නාගෙන එහෙම එන්නකෝ”

අම්මා හිනාවෙවී කියද්දී තමා මං ඉන්න විදිය මතක් වුනේ මගෙ කටේ ඉදන් පාම්පිටි සේරටම හපන් මගෙ ඔලුවෙ ඉදන් බිත්තර සාරු වැක්කෙරෙනවා ඊයා අප්පිරියාවෙ බෑ.අඩේ කට්ටියත් එක්ක සෙට් වෙලා මේ වෙද්දිත් තව මොන මොන බකට් සෙට් කරලද දන්නෑ දෙයියනේ මේ වෙලාවට තමා මරණ් බයක් දැනෙන්නේ ???

“මේ හංසියෝ මොනා වුනත් දැන් තමා බන් උබේ සැගවුනු ලස්සන එලියට ඇවිත් තියෙන්නෙ”

මං දිහා බලල කිණ්ඩියට හිනාවෙලා ඇස් දෙකත් නටව නටව කිව්වෙ සිතූ

“අම්මෝ ඒක නම් ඇත්ත නංගි ඈ..”

ඒ ගමන ලොකූ ත් කිව්වෙ කිණ්ඩියට හිනාවෙවී අ..ර්ර්ර් මෝඩ ලොකූ අහුවෙනවකෝ මට පලිගන්නවා ඕවට මං ඕ යෑස්

“හැබැයි ඉතින් ඔහොම නම් ඉදල බෑ.කෝ හොද පෝසස් ටිකක් දෙන්නකෝ මට ෆොටෝ ටිකක් එහෙම ගන්න”

ඒ පාර පටන් ගත්තෙ කෙශාන් අයියා මෝඩ රිලා මොටා

“අනෙහ් මෙහ් මං කියන්නෑ ඉතින්”

එහෙම කියල කට්ටියටම ගස්සල මූණත් හතරැස් කරන් එතනින් ඇවිත් වොෂ් රූම් එකට රින්ගගත්තෙ කට්ටියත් එක්කම සද්දෙට හිනාවෙනව ඇහෙද්දී
???

“අනේ මේ මල ජරාව යන්නෙන් නෑ අප්පා”

“සේරටම වඩා හපන් මේ පිළී ගද ශිට් අප්පියාවෙ බෑ අනේ”

“මෝඩ මී හරක් රැල”

“මං දැන් හතර සැරයක් විතර කොන්ඩෙ ෂැම්පු කලා අනේ තාමන් ගදයිද කොහෙද”

“අනේ තව නම් බෑ අප්පා නානවයි කියල ඔහොමත් නාන්න පුලුවනැයි”

මං නාන ගමනුත් කලේ කට්ටියටම කුටු කුටු ගගා බැනපු එක අම්මෝ සාන්ත ඊලගට සෙට් කරල තියෙන ටොපිය මොකක්ද දන්නෑ.
???

??????

මං වොෂ් දාන් කාමරේට ආපුවම අම්මා මට දීලා ගියේ ලස්සන ගව්මක් මං ඒකත් ඇදගෙන ඉනෙන් ටිකක් පල්ලෙහාට තියෙන මගෙ කොණ්ඩෙත් කඩාහැලෙන්න දාලා පහලට ගියේ මූණත් දෙක කරන් කොන්ඩෙත් ඉඹ ඉඹ ඇයි ඉතින් තාමත් ගද එනවද දන්නෑනෙ

මං සාලෙට යද්දී මුලු සාලෙම ලස්සනට සරසලා බිත්තියේ ලොකුවට ගහල තිබ්බෙ HAAPPY BIRTHDAY HANSI කියල ඒක දැක්කාම නම් මගෙ මුවේ ඇදුනෙ ලස්සන හිනාවක්

ටිකකින් මං කේක් කපල හැමෝටම කැව්වට පස්සෙ කෙශාන් අයිය යි අපේ ලොකූ යි මට ගෙනත් දුන්නෙ ලස්සනට රැපින් කරපු ලොකු බොක්ස් එකක් ඒක දීලා ඩබලම හිනාවෙවී ගිහින් හිටගත්තෙ ටිකක් ඈතින්

“අඩේ ඒ පාර බෝම්බයක්ද දන්නෑ පාර්සල් කරල ගෙනත් දුන්නෙ”

එහෙම හිත හිතම මං ඕපන් කලේ ඒ බොක්ස් එක

______________________________________________

ඇත්තටම බෝම්බයක් ද දන්නෑනේ????ඔයල හිතන්නෙ මොකක් කියලද යාළුවනේ

7 thoughts on “රණ හංසි | 10 කොටස | කොටස් වශයෙන් පළවන කතා”

  1. අම්මෝ කතාව නම් සුපිරි. ?? මරු බර්ත් ඩේ සප්රයිස් එක??? මොනාද දන්නේ නෑ අර දීපු පෙට්ටිය ඇතුලේ තියෙන්නේ ? මොනා උනත් හොඳ දෙයක් තියෙයි නේද ?

  2. රිතූ ?

    Happy happy 20th birthday සහන් අයියේ…????? may this year fill your heart with full of love and happiness❤ stay safe and happy 4ever ? God bless you

    1

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.